සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 24 January 2017

US Makes HTTPS Mandatory for All Websites

වෙබ් අඩවියක් තාක්ෂණික අතින් ආරක්ෂිත වීමට නම් එය HTTPS ආකාරයෙන් පැවතිය යුතු බව ඔබ සැම දන්නා කරුණක්.නමුත් ලෝකයේ පරිශීලනය කරන වෙබ් අඩවි වලින් 60%ක් මෙම් මූලික අවශ්‍යතාව සපුරා නොමැති බවයි සංගණන වාර්ථාවන් පෙන්නුම් කරන්නේ.
විවිධ රටවල් සිය රට නියෝජනය කරන වෙබ් අඩවි වලට HTTPS ආරක්ෂිත උපක්‍රම භාවිතා කිරීම අනිවර්‍යය කිරීමට උත්සාහ කළත් එය එතරම් සාර්ථක නොවූයේ විවිධ පුද්ගලික ආයතන සහ පුද්ගලයන් වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා කරන විවිධාකාර වූ එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් හේතුවෙන්.
කෙසේ නමුත් ඇමරිකානු රජය විසින් HTTPS භාවිතය අනිවාර්‍ය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පෙර පැවති ඔබාමා පාලන සමයේදී ගත් තීරණයක් මත සියළුම රාජ්‍ය වෙබ් අඩවි HTTPS ආරක්ෂිත ක්‍රමවේදය වෙත මාරු කිරීම සදහා මේ වසරේ ජනවාරි 1 වෙනිදා දක්වා කාලය ලබාදී තිබුණා.
නමුත් එය එතරම් සාර්ථක ක්‍රියාවලියක් බවට පත් වුණේ නෑ. නමුත් ට්‍රම්ස්ගේ නව රජය බලයට පත්වීමත් සමග ඔහු විසින් හැකර්වරුන් 100000ක් නිර්මාණය කිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු ගණනාවක් ක්‍රියාවට නැංවූ අතර ඊයේ දිනයේදී HTTPS භාවිතා කිරීම අනිවාර්‍යය කරනු ලැබුවා.
මේ අනුව ඇමරිකානු රජයේ සහ පෞද්ගලික අංශයේදී වෙනත් රටවල් වලින් ඇමෙරිකානු සර්වර් පරිගණක වල රදවා ඇති වෙබ් අඩවි වලට පවා මෙසේ HTTPS ආරක්ෂිත සැකසුම් යෙදීම අනිවාර්‍යය වෙනවා.


කෙසේ නමුත් මෙවැනි ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කිරීම තාක්ෂණික අතින් එතරම් අපහසු කරුණක් නොවේ. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකික වෙබ් අඩවි වලටද HTTPS අනිවාර්‍ය කිරීම වැනි තීරණයක් ගැනීමට ඩිජිටල් සහ යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමාගේ අවධානය යොමුවන්නේ නම් මින් පෙර සිදුවූ රාජ්‍ය වෙබ් අඩවි හැක් වීම වැනි දේ ඉදිරියට සිදුවීම වලක්වාගත හැකි වනු ඇත.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive