සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 30 January 2017

Facebook Launches “Security Key” Feature to Protect User Accounts

ෆේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජනප්‍රියම වෙබ් අඩවියක්. ලෝකයේ වෙබ් අඩවි මිලියන ගණනක් පැවතුනත් ඒවායින් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඇත්තේ වෙබ් අඩවි කීපයක් පමණයි. 
වෙබ් අඩවියක් ජනප්‍රියි වීම පිටුපස සැගවුණ අනතුරක්ද පවතින බවයි පෙනී යන්නේ. ඒ වෙබ් අඩවියේ ආරක්ෂාවයි. ෆේස්බුක් වෙබ් අඩවියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතවුණ කාලයේදී විවිධ ක්‍රියාකාරකම් ගණනාවක්ම ෆේස්බුක් නිර්මාණකරුවන් විසින් භාවිතා කර තිබෙනවා. දිනපතාම පාහේ ෆේස්බුක් වෙබ් අඩවියේ පවතින දුර්වලතාවන් එසේ නැතිනම් වල්නරබිලිටීස් සොයාගැනීම සිදුවෙනවා.
එම වල්නරබිලිටීස් වලට විසදුම් සෙවීමට ද ලෝකයේ බොහෝ දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් ත්‍යාග පවා සේස්බුක් ආයතනය විසින් ලබාදුන් වාර අනන්තයි.
ෆේස්බුක් වෙනුවෙන් නවතම ආරක්ෂිත ක්‍රමවේදයක් එසේ නැතිනම් “Security Key” එකක් ලබාදීමේ ක්‍රමවේදයක් ඊයේ දිනයේදී හදුන්වාදෙනු ලැබුවා.
මෙය ෆේස්බුක් පරිශීලකයන් කාලයක පටන් බලාපොරොත්තුවෙන් සිටි කරුණක්. බොහොමයක් වෙබ් අඩවි වල “Security Key” ලබාදීම එසේ නැතිනම් two factor authentication ක්‍රමවේදය අනිවාර්‍යය අංශයක් ලෙසින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති.
දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වෙබ් බ්‍රවුසර් කීපයක පමණයි. ඉදිරියේදී සෑම වෙබ් බ්‍රවුසරයකදීම ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය වන අතර ෆේස්බුක් ගිණුමට සම්බන්ධ කළ ජංගම දුරකථනයට ලැබෙන “Security Key” එකක් හරහා මෙය ක්‍රියාත්මක වෙනවා.
දැනට Chrome සහ Opera බ්‍රවුසර් වල මෙය ක්‍රියාත්මකයි. එසේම mobile Facebook app භාවිතා කිරීමේදී NFC සහය දක්වන ජංගම දුරකථන වලට පමණක් දැනට මෙය සහය දක්වනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive