සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 18 January 2017

Super Cell got hacked!! 1.1 Million accounts stolen!! Clash of clans isn’t safe anymore


අපි කවුරුත් පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා වලට එක ඒ ඇළුම් කරනවා. එයට බාල මහළු බේදයක් නැහැ. පළමු පරිගණක ක්‍රීඩාව නිර්මාණය වන්නේ 1980 තරම් ඈත කාලයේදී වන අතර එය එතරම් ප්‍රියමනාප මට්ටමක නොතිබූ සරළ පරිගණක ක්‍රීඩාවක්.
තාක්ෂණය දියුණු වීමත් සමග විවිධ අංග සංවර්ධන වීමෙන් වඩාත් තාත්වික චලනයන් සහිත පරිගණක ක්‍රීඩාවන් දැකගත හැකි වෙනවා.
ෆේස්බුක් හරහා ක්‍රීඩා කළ හැකි ආකාරයෙන් මෙම ක්‍රීඩාවන් දියුණු වන්නේ 2005න් පමණ පසුවයි. තනිව හෝ කණ්ඩායම් වශයෙන් එක්වී ක්‍රීඩා කළ හැකි මෙම ෆේස්බුක් ක්‍රීඩාවන් අද වන විට විශාල ප්‍රමාණයක් දැකගත හැකියි.
ෆේස්බුක් හරහා වැවීම කාලයක් ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් වුණා. Barn Buddy වැනි ක්‍රීඩාවන් බිහිවන්නේ මේ වැවීමෙ උම්මාදය හේතුවෙන්. නමුත් මෑතකදී එම උම්මාදය වැවීමෙන් ඈත් වී ජනපද පිහිටුවීම සහ සාමූහික සටන් වැනි දේට යොමු වුණ.
විශේෂයෙන් රාජධානි ගොඩ නැංවීම වැනි දේ ප්‍රමුඛ වුණ අතර Clash of clans නම් වූ ක්‍රීඩාව මේ හරහා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ජනප්‍රිය වුණා.
Clash of clans මීට සුළු මොහොතකට පෙර හැක් කර එය භාවිතා කරන පරිශීලකයන් ආසන්න වශයෙන් මිලියන 1.1කගේ පමණ දත්ත සොරාගෙන තිබෙනවා.
එම ක්‍රීඩාව් සදහා පිවිසීමට භාවිතා වන්නේද ඔබගේ ෆේස්බුක් ගිණුමේ මුරපදයම වන බැවින් මේ වන විට ඔබත් Clash of clans ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ඔබගේ ෆේස්බුක් ගිණුම ඇත්තේ අනතුරක.
ඒ නිසා හැකි ඉක්මණින් ඔබගේ ෆේස්බුක් ගිණුමේ මුරපද මාරු කරගන්නා ලෙස මෙසේ ඔබව දැනුවත් කරනවා.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive