මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසයන් විනාශකාරී වෛරස් කාණ්ඩයක් ලෙසින් ප්‍රසිද්ධයි විශේෂයෙන් මෙහෙයුම් පද්ධතියට අදාළ පද්ධති ගොනු විනාශ කිරීම හරහා පරිගණක පද්ධති වශයෙන් අඩපන කිරීමේ හැකියාව මෙම මැල්වෙයාර් සතු වෙනවා කෙසේ නමුත් ඕනෑම වෛරස් කාණ්ඩයක එය විනාශ කිරීමේ හැකියාව ඇත්තේ කෙසේද යන්න සදහන් කේත කොටසක් සොයා ගැනීම එතරම් අපහසු වන්නේ නෑ ඒ හරහායි ප්‍රතිවෛරස් මෘදුකාංග නිර්මාණය වන්නේ මෙම යාන්ත්‍රණය හේතුවෙන් වෛරසය අඩපණ වීම සිදු වන අතර පසුව ප්‍රතිවෛරස් මෘදුකාංගයෙන් එය ඉවත් කිරීම සිදු වෙයි මේ හේතුවෙන් වෛරස් නිර්මාණකරුවන්ට සිය ඉලක්කයන් සපුරා ගැනීම සදහා මහත් වෙහෙසක් දැරීමට සිදුවන අතර ගෙවුණ සතියේදී නව සොයා ගැනීමක් සිදු වුණා ඒ තමා විසින්ම තමාගේ දුර්වල කේත සටහන් නිවැරදි කරගැනීමට තරම් බුද්ධිමත් මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසයක් සොයා ගැනීමයි මෙය Self-Healing ලෙසින් හදුන්වනු ලබන අතර මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන පළමු වෛරස් කාණ්ඩය බවට මෙම මැල්වෙයාර් වෛරසය පත් වෙනවා මෙම නිර්මාණය කළ හැකර්වරුන් විසින් මේ වන විට මාර්ගගත විකුණුම් වෙබ් අඩවි වලට මෙම මැල්වෙයාර් කාණ්ඩයේ වෛරසය ඇතුළත් කරමින් සිටින බවට වාර්ථා වෙනවා.

About the author
Eranda Dayawansa
0 comments:
Post a Comment