සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 21 February 2017

YouTube is down for everyone

YouTube වෙබ් අඩවිය ලෝකයේ වැඩිම ජනප්‍රියත්වයක් ඇති වීඩියෝ හුවමාරු වන වෙබ් අඩවියි. ඊයේ රාත්‍රියේදී එම වෙබ් අඩවියේ පැවති දෝෂයක් හේතුවෙන් බිද වැටුනා. එහිදී පරිශීලකයන්ට 500 error දෝෂ පණිවිඩය දර්ශණය වූ අතර “500 Internal Server Error Sorry, something went wrong. A team of highly trained monkeys has been dispatched to deal with this situation” ලෙසින් දෝෂ පණිවිඩයේ විසතර දැක්වුණා.
DownDetector වෙබ් අඩවියට අනුව (DownDetector යනු ලෝකයේ ඕනෑම වෙබ් අඩවියක බිද වැටීම් වාර්ථා කරන ඉතාමත් වැදගත් වෙබ් සේවාවක්) ඊයේ රාත්‍රී 7ත් 8ත් අතර කාල සීමාව තුළදී අවස්ථා ගණනාවකදීම YouTube වෙබ් අඩවිය අක්‍රීය වී ඇති අතර මෙය හැකිං ප්‍රහාරයක් හේතුවෙන් සිදු වී ඇද්ද යන්න පිළිබදව තොරතුරු විමර්ෂණ මට්ටමේ පවතිනවා.
නැවතත් රාත්‍රී 9න් පමණ් පසුව වෙබ් අඩවිය යථා තත්වයට පත් වී තිබුණ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ගූගල් කිසිදු තොරතුරක් මේ වන තුරු මාධ්‍ය වෙත නිකුත් කර නොමැති බව පෙනී යනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers