සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 17 January 2017

Beware! This Is The Smartest Gmail Phishing Attack You’ll Ever Encounter


Phishing කියන්නේ ඔබව නොමග යවලා ඔබගේ වටිනා මුරපද වැනි දේ සොරාගන්නා ක්‍රමවේදයක්.එයිනුත් Gmail phishing කියන්නේ වැඩිම දෙනෙක් හැක් කිරීම සදහා භාවිතා කරන එසේම වැඩි සාර්ථකත්වයක් සහිත ක්‍රමවේදයක්.
ලෝකයේ බොහෝ දෙනෙක් සතුව අවම වශයෙන් එක් Gmail ගිණුමක් හෝ පවතිනවා. මෙයින් බොහොමයක් දෙනා phishing යන්න කුමක්ද පවා නොදන්නා පුද්ගලයන්. එවැනි පිරිස් ඉලක්ක කර ගනිමින් ලෝකයේ සාර්ථක හැකිං ප්‍රහාරයන් ගණනාවක්ම Gmail හරහා සිදුවී ඇති බව පෙනී යනවා.
Gmail phishing ක්‍රමවේදයේදී මුලින්ම සිදුවන්නේ කවුරුන් හෝ එක් පුද්ගලයෙකුගේ Gmail ගිණුම හැක් කර ගැනීමයි. අනතුරුව එම ගිණුම හා බැදී ඇති contact list එක භාවිතා කර එහි ඇති ඊමේල් ලිපිනයන් වෙත fake emails යැවීමක් සිදු කරනවා.
දැන් මේ fake emails ලැබෙන්නේ ඔබ දන්නා කෙනෙකුගෙන්. ඔහු දන්නා හදුනන බැවින් ඔබ දෙවරක් නොසිතාම එම ඊමේල් එක විවෘත කරනවා. බොහෝ විට එම ඊමේල් එක සමග වෙනත් PDF ගොනුවක් ඇමිණුමක් ලෙසින් ද තිබිය හැක. එම ගොනුවේ රෑන්සම්වෙයා වැනි පරිගණක වෛරසයක් වුවද තිබිය හැකියි.
දැන් ඔබ අනතුරු දෙකකට මුහුණ පා ඇති බව ඔබට වැටහෙනවාද?
මේ වන විට ඔබගේ ගිණුම හැක් වී අවසන්. එසේම අදාළ පරිගණකයද රෑන්සම්වෙයාර් ප්‍රහාරයකට ලක් වී අවසන්.
ඔබ Gmail ගිණුමකට ලොග් වන්නේ නම් එම වෙබ් අඩවිය හරිම Gmail වෙබ් අඩවියද යන්න තෝරාගත යුතුයි. විශේෂයෙන් https:// ලෙසින් ආරම්භ වන වෙබ් අඩවි ආරක්ෂිත වන අතර අවධානයකින් තොරව වෙබ් අඩවි ලින්ක් වලට පිවිසීමෙන් ඔබ නොදැනීම ඔබව හැක් වේවි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive