අපිට බයෝස් වලට ගිහින්ම මේක වෙනස් කරගන්නත් පුලුවන්. ඒ වගේම ඩොස් මෙහෙයුම් පද්දතිය හරහා ලබාදෙන පහසුකමක් උපයෝගී කරගෙනත් මෙය කරන්න පුලුවන්. ඇත්තටම බයෝස් වැඩසටහන අඩංගු වන්නේ කුඩා චිප් එකක. මේ චිප් එකේ තිබෙන මෘදුකාංගයේ වෙනස් කම් කිරීම මගින් අපිට හැකියාව තියනවා බයෝස් මුරපදය වෙනස් කරන්න. මේ ක්‍රියාවලියට පොදුවේ කියන්නේ micro-controller programming කියලයි. ඉතින් අපි බලමු ඩොස් මෙහෙයුම් පද්දතිය හරහා බායෝස් චිපය ආයේමත් programme කරන්න.
(අවවාදයයි....! අපි මේ කරන්න හදන්නේ බයෝස් චිප් එක ප්‍රොගෑම් කරන්න. මේක හරියට කරගන්න බැරි උනොත් හරි විදානයන් වැරදුනොත් හරි බයෝස් චිප් එකට හානි වෙන්න පුලුවන්. පරිගණකය ආයේමත් වැඩ නොකරන්නත් පුලුවන්. ඉතින් මේක කරනවා නම් දෘඩාංග ගැන දැනීමක් තියෙන්න ඕනේ. ඒ සම්බන්දයෙන් ආධුනිකයින් මේ දේ කරන්න යොමු වෙන්න එපා)
මුලින්ම ඩොස් වලට යන්න. අපි මේක කරන්න ඕනේ c:\> ලෙසින් ඉදගෙනයි. ඒ නිසා එහෙම නැත්නම් cd\ විදානයෙන් c:\> වලට යන්න. ඊලගට debug ලෙසින් ටයිප් කරන්න. එතනදී අපිට debug කිරීමට හැකි ආකාරයෙන් ඩොස් මෙහෙයුම් පද්දතිය සැකසෙනවා. ඊලගට ඉතාමත් නිවැරදිව මෙ පහල විදානයන් ටයිප් කරන්න.
- A කී එක ගහලා Enter කරන්න
- MOV AX,0 Enter කරන්න
- MOV AX,CX Enter කරන්න
- OUT 70,AL Enter කරන්න
- MOV AX,0 Enter කරන්න
- OUT 71,AL Enter කරන්න
- INC CX Enter කරන්න
- CMP CX,100 Enter කරන්න
- JB 103 Enter කරන්න
- INT 20 Enter කරන්න
- Enter කරන්න
- G Enter කරන්න
- Q Enter කරන්න
ඉතින් මීලගට පරිගනකය රීස්ටාට් කලාම බයෝස් මුරපද වෙනස් කරගන්න පුලුවන්. ඊලගට අපි බලමු බයෝස් මුරපද සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඩොස් වලට යන්න. ඊලගට debug ලෙසින් ටයිප් කරන්න. ඉන්පසුව පහල විදානයන් නිවැරදිව ටයිප් කරන්න
- o 70 2e press enter
- o 71 ff press enter
- q press enter
ඉතින් මේ පියවර ටික හරියට කරගත්තාම බයෝස් මුරපද කඩල හරි නැතුවම හරි පරිගණකයේ බයෝස් වලට පිවිසිලා අපිට ඕනේ දේවල් කරගන්න පුලුවන්. උත්සාහ කරලා බලන්න.
2 comments:
Godak hoda post ekak.thanks kiyala dunnata...
ayya. win7 wala cmd eken debug command eka recognize karanne nahane. ekata mokada karanne?
Post a Comment