සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 29 July 2012

USB Block කරමුද?

හායි යාලුවනේ, අද මම කියන්න යන්නේ කොහොමද USB Block කරන්නේ කියල. ඉතින් සමහරු අහයි ඇයි මේ අපූරුවට තියන USB Block කරගන්නේ කියලා. මේ පොස්ට් එක් ගොඩක් වටින්නේ  Network Administrator ලට System Admin ලට. මොකද ඔෆිස් එකේ තියන පරිගනක වල USB Block කරන්න කියල මැනේජ්මන්ට් එකෙන් කිවුවොත් ඉතින් කරන්න වෙනවනේ.  

හරි, USB Block කරන්න ක්‍රම නම් ගොඩක් තියනව. Regedit එකෙන් බ්ලොක් කලොත් USB  මොනවත්ම ගන්නේ නෑ. ඉතින් සමහර වෙලාවට අපිට Printer එකක් වගෙ ගහගන්න ඕනේ උනොත් Regedit එකෙන් මේ වැඩේ කරගන්න බෑ.

ඉතින් මේකට පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් සෙට් උනා. මෙකෙන් පුලුවන් ඕනේ ඕනේ විදියට USB බ්ලොක් කරන්න.


මුලින්ම පරිගනකයට ඇඩ්මින් විදියට ලොග් වෙන්න
දැන් ඉහත ලින්කුවෙන් බාගත්ත  .exe එක සෙටප් කරගන්න 
ඊටපස්සේ පහත ආකරයට පාස්වාර්ඩ් එකක් දාලම වැඩේ පටන්


ඉතින් මේක සෙටෆ් කරගෙන ඉවර උනාම අපිට පුලුවන් මොනවද බ්ලොක් කරන්න ඕනේ මොනවද එපා කියල තීරනය කරන්න. අමතක කරන්න එපා run with windows කියන ටික් එක දාන්නත්.

මේක තමයි ප්‍රදාන වින්ඩෝ එක. මෙතනදි අපිට පුලුවන් බ්ලොක් කරන ඒවා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ    පරිගනකය බාවිතා කරන්නාව User කෙනෙක් විදියට තියන්නත් අමතක කරන්න්  එපා. අවුලක් නෑ බාවිතා කරන්නා Admin උනත්. මොකද පාස්වඩ් එක දන්නේ ඔයා විතරක් නිසා.. 
ඉතින් හොදනම් මේකත් භාවිතා කරල් බලන්න.. සුබ දවසක්..! 
Share:

1 comments:

Anonymous said...

thnx good post

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive