සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Monday, 30 January 2017

Facebook Launches “Security Key” Feature to Protect User Accounts

ෆේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජනප්‍රියම වෙබ් අඩවියක්. ලෝකයේ වෙබ් අඩවි මිලියන ගණනක් පැවතුනත් ඒවායින් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඇත්තේ වෙබ් අඩවි කීපයක් පමණයි. 
වෙබ් අඩවියක් ජනප්‍රියි වීම පිටුපස සැගවුණ අනතුරක්ද පවතින බවයි පෙනී යන්නේ. ඒ වෙබ් අඩවියේ ආරක්ෂාවයි. ෆේස්බුක් වෙබ් අඩවියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතවුණ කාලයේදී විවිධ ක්‍රියාකාරකම් ගණනාවක්ම ෆේස්බුක් නිර්මාණකරුවන් විසින් භාවිතා කර තිබෙනවා. දිනපතාම පාහේ ෆේස්බුක් වෙබ් අඩවියේ පවතින දුර්වලතාවන් එසේ නැතිනම් වල්නරබිලිටීස් සොයාගැනීම සිදුවෙනවා.
එම වල්නරබිලිටීස් වලට විසදුම් සෙවීමට ද ලෝකයේ බොහෝ දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් ත්‍යාග පවා සේස්බුක් ආයතනය විසින් ලබාදුන් වාර අනන්තයි.
ෆේස්බුක් වෙනුවෙන් නවතම ආරක්ෂිත ක්‍රමවේදයක් එසේ නැතිනම් “Security Key” එකක් ලබාදීමේ ක්‍රමවේදයක් ඊයේ දිනයේදී හදුන්වාදෙනු ලැබුවා.
මෙය ෆේස්බුක් පරිශීලකයන් කාලයක පටන් බලාපොරොත්තුවෙන් සිටි කරුණක්. බොහොමයක් වෙබ් අඩවි වල “Security Key” ලබාදීම එසේ නැතිනම් two factor authentication ක්‍රමවේදය අනිවාර්‍යය අංශයක් ලෙසින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති.
දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වෙබ් බ්‍රවුසර් කීපයක පමණයි. ඉදිරියේදී සෑම වෙබ් බ්‍රවුසරයකදීම ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය වන අතර ෆේස්බුක් ගිණුමට සම්බන්ධ කළ ජංගම දුරකථනයට ලැබෙන “Security Key” එකක් හරහා මෙය ක්‍රියාත්මක වෙනවා.
දැනට Chrome සහ Opera බ්‍රවුසර් වල මෙය ක්‍රියාත්මකයි. එසේම mobile Facebook app භාවිතා කිරීමේදී NFC සහය දක්වන ජංගම දුරකථන වලට පමණක් දැනට මෙය සහය දක්වනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 24 January 2017

US Makes HTTPS Mandatory for All Websites

වෙබ් අඩවියක් තාක්ෂණික අතින් ආරක්ෂිත වීමට නම් එය HTTPS ආකාරයෙන් පැවතිය යුතු බව ඔබ සැම දන්නා කරුණක්.නමුත් ලෝකයේ පරිශීලනය කරන වෙබ් අඩවි වලින් 60%ක් මෙම් මූලික අවශ්‍යතාව සපුරා නොමැති බවයි සංගණන වාර්ථාවන් පෙන්නුම් කරන්නේ.
විවිධ රටවල් සිය රට නියෝජනය කරන වෙබ් අඩවි වලට HTTPS ආරක්ෂිත උපක්‍රම භාවිතා කිරීම අනිවර්‍යය කිරීමට උත්සාහ කළත් එය එතරම් සාර්ථක නොවූයේ විවිධ පුද්ගලික ආයතන සහ පුද්ගලයන් වෙබ් අඩවි නිර්මාණයේදී භාවිතා කරන විවිධාකාර වූ එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් හේතුවෙන්.
කෙසේ නමුත් ඇමරිකානු රජය විසින් HTTPS භාවිතය අනිවාර්‍ය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පෙර පැවති ඔබාමා පාලන සමයේදී ගත් තීරණයක් මත සියළුම රාජ්‍ය වෙබ් අඩවි HTTPS ආරක්ෂිත ක්‍රමවේදය වෙත මාරු කිරීම සදහා මේ වසරේ ජනවාරි 1 වෙනිදා දක්වා කාලය ලබාදී තිබුණා.
නමුත් එය එතරම් සාර්ථක ක්‍රියාවලියක් බවට පත් වුණේ නෑ. නමුත් ට්‍රම්ස්ගේ නව රජය බලයට පත්වීමත් සමග ඔහු විසින් හැකර්වරුන් 100000ක් නිර්මාණය කිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු ගණනාවක් ක්‍රියාවට නැංවූ අතර ඊයේ දිනයේදී HTTPS භාවිතා කිරීම අනිවාර්‍යය කරනු ලැබුවා.
මේ අනුව ඇමරිකානු රජයේ සහ පෞද්ගලික අංශයේදී වෙනත් රටවල් වලින් ඇමෙරිකානු සර්වර් පරිගණක වල රදවා ඇති වෙබ් අඩවි වලට පවා මෙසේ HTTPS ආරක්ෂිත සැකසුම් යෙදීම අනිවාර්‍යය වෙනවා.


කෙසේ නමුත් මෙවැනි ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කිරීම තාක්ෂණික අතින් එතරම් අපහසු කරුණක් නොවේ. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකික වෙබ් අඩවි වලටද HTTPS අනිවාර්‍ය කිරීම වැනි තීරණයක් ගැනීමට ඩිජිටල් සහ යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමාගේ අවධානය යොමුවන්නේ නම් මින් පෙර සිදුවූ රාජ්‍ය වෙබ් අඩවි හැක් වීම වැනි දේ ඉදිරියට සිදුවීම වලක්වාගත හැකි වනු ඇත.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 22 January 2017

Popular Horse Racing Website in India Hacked with Dharma Ransomware

රෑන්සම්වෙයා ලෝකයට බලවත් තර්ජනයක් එල්ල කරමින් තිබෙන බව පෙනී යන්නේ ඔවුන් විසින් එල්ල කරනු ලබන ඉලක්කගත ප්‍රහාරයන් වලදී සිදුවන හානිය ඉතාමත් අධික වීම හේතුවෙනුයි.
ගෙවුණ වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේම වඩාත් ප්‍රභල රෑන්සම්වෙයා ගණනාවක්ම සොයා ගැනුනා. ඊයේ දිනයේදී තවත් සුවිශේෂී රෑන්සම්වෙයා ප්‍රහාරයක් අපගේ අසල්වැසි රටින් වාර්ථා වෙනවා.
මෙවර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අශ්ව රේස් සිදු කරන සමාගමක්. Racingpulse මෙම සමාගම ඉන්දියාවේ සියළුම අශ්ව රේස් කටයුතු වල ක්‍රියාකාරමක් පාලනය කරන ඒකාධිකාරයක් ලෙසිනුයි පවතින්නේ.
එම ආයතනයට එල්ල කළ රෑන්සම්වෙයා ප්‍රහාරයට යොදා ගත් වෛරසය නම් කර ඇත්තේ ධර්ම (Dharma)නමිනුයි. ඔවුන් විසින් මෙය භාවිතා කර අදාළ වෙබ් අඩවි සියල්ලේම දත්ත encrypt කර තිබෙනවා.

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 18 January 2017

Super Cell got hacked!! 1.1 Million accounts stolen!! Clash of clans isn’t safe anymore


අපි කවුරුත් පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා වලට එක ඒ ඇළුම් කරනවා. එයට බාල මහළු බේදයක් නැහැ. පළමු පරිගණක ක්‍රීඩාව නිර්මාණය වන්නේ 1980 තරම් ඈත කාලයේදී වන අතර එය එතරම් ප්‍රියමනාප මට්ටමක නොතිබූ සරළ පරිගණක ක්‍රීඩාවක්.
තාක්ෂණය දියුණු වීමත් සමග විවිධ අංග සංවර්ධන වීමෙන් වඩාත් තාත්වික චලනයන් සහිත පරිගණක ක්‍රීඩාවන් දැකගත හැකි වෙනවා.
ෆේස්බුක් හරහා ක්‍රීඩා කළ හැකි ආකාරයෙන් මෙම ක්‍රීඩාවන් දියුණු වන්නේ 2005න් පමණ පසුවයි. තනිව හෝ කණ්ඩායම් වශයෙන් එක්වී ක්‍රීඩා කළ හැකි මෙම ෆේස්බුක් ක්‍රීඩාවන් අද වන විට විශාල ප්‍රමාණයක් දැකගත හැකියි.
ෆේස්බුක් හරහා වැවීම කාලයක් ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් වුණා. Barn Buddy වැනි ක්‍රීඩාවන් බිහිවන්නේ මේ වැවීමෙ උම්මාදය හේතුවෙන්. නමුත් මෑතකදී එම උම්මාදය වැවීමෙන් ඈත් වී ජනපද පිහිටුවීම සහ සාමූහික සටන් වැනි දේට යොමු වුණ.
විශේෂයෙන් රාජධානි ගොඩ නැංවීම වැනි දේ ප්‍රමුඛ වුණ අතර Clash of clans නම් වූ ක්‍රීඩාව මේ හරහා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ජනප්‍රිය වුණා.
Clash of clans මීට සුළු මොහොතකට පෙර හැක් කර එය භාවිතා කරන පරිශීලකයන් ආසන්න වශයෙන් මිලියන 1.1කගේ පමණ දත්ත සොරාගෙන තිබෙනවා.
එම ක්‍රීඩාව් සදහා පිවිසීමට භාවිතා වන්නේද ඔබගේ ෆේස්බුක් ගිණුමේ මුරපදයම වන බැවින් මේ වන විට ඔබත් Clash of clans ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ඔබගේ ෆේස්බුක් ගිණුම ඇත්තේ අනතුරක.
ඒ නිසා හැකි ඉක්මණින් ඔබගේ ෆේස්බුක් ගිණුමේ මුරපද මාරු කරගන්නා ලෙස මෙසේ ඔබව දැනුවත් කරනවා.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 17 January 2017

Beware! This Is The Smartest Gmail Phishing Attack You’ll Ever Encounter


Phishing කියන්නේ ඔබව නොමග යවලා ඔබගේ වටිනා මුරපද වැනි දේ සොරාගන්නා ක්‍රමවේදයක්.එයිනුත් Gmail phishing කියන්නේ වැඩිම දෙනෙක් හැක් කිරීම සදහා භාවිතා කරන එසේම වැඩි සාර්ථකත්වයක් සහිත ක්‍රමවේදයක්.
ලෝකයේ බොහෝ දෙනෙක් සතුව අවම වශයෙන් එක් Gmail ගිණුමක් හෝ පවතිනවා. මෙයින් බොහොමයක් දෙනා phishing යන්න කුමක්ද පවා නොදන්නා පුද්ගලයන්. එවැනි පිරිස් ඉලක්ක කර ගනිමින් ලෝකයේ සාර්ථක හැකිං ප්‍රහාරයන් ගණනාවක්ම Gmail හරහා සිදුවී ඇති බව පෙනී යනවා.
Gmail phishing ක්‍රමවේදයේදී මුලින්ම සිදුවන්නේ කවුරුන් හෝ එක් පුද්ගලයෙකුගේ Gmail ගිණුම හැක් කර ගැනීමයි. අනතුරුව එම ගිණුම හා බැදී ඇති contact list එක භාවිතා කර එහි ඇති ඊමේල් ලිපිනයන් වෙත fake emails යැවීමක් සිදු කරනවා.
දැන් මේ fake emails ලැබෙන්නේ ඔබ දන්නා කෙනෙකුගෙන්. ඔහු දන්නා හදුනන බැවින් ඔබ දෙවරක් නොසිතාම එම ඊමේල් එක විවෘත කරනවා. බොහෝ විට එම ඊමේල් එක සමග වෙනත් PDF ගොනුවක් ඇමිණුමක් ලෙසින් ද තිබිය හැක. එම ගොනුවේ රෑන්සම්වෙයා වැනි පරිගණක වෛරසයක් වුවද තිබිය හැකියි.
දැන් ඔබ අනතුරු දෙකකට මුහුණ පා ඇති බව ඔබට වැටහෙනවාද?
මේ වන විට ඔබගේ ගිණුම හැක් වී අවසන්. එසේම අදාළ පරිගණකයද රෑන්සම්වෙයාර් ප්‍රහාරයකට ලක් වී අවසන්.
ඔබ Gmail ගිණුමකට ලොග් වන්නේ නම් එම වෙබ් අඩවිය හරිම Gmail වෙබ් අඩවියද යන්න තෝරාගත යුතුයි. විශේෂයෙන් https:// ලෙසින් ආරම්භ වන වෙබ් අඩවි ආරක්ෂිත වන අතර අවධානයකින් තොරව වෙබ් අඩවි ලින්ක් වලට පිවිසීමෙන් ඔබ නොදැනීම ඔබව හැක් වේවි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 4 January 2017

This is probably the biggest Windows Blue Screen of Death ever seen

නිල් තිර දෝෂ පණිවිඩ එහෙම නැතිනම් Blue Screen Error වලට මුහුණ දුන් අය ඇති කටුක බව හා විසදා ගැනීමේදී දැරිය යුතු වෙහෙස පිලිබද හොදින් දන්නවා.
නිල් එහෙම නැතිනම් “Blue” කියන්නේ බොහෝ දෙනා ආසා කරන ලස්සන පාටක්. නමුත් පරිගණක දෘඩාංග සම්බ්න්ද වැඩ කරන අයට නම් නිල් කියන්නේ එපා කරපු පාටක්. මොකද “blue screen error” එහෙම නැතිනම් “blue screen of death (BSOD)” ස්ක්‍රීනය එන්නෙම නිල් පාටින්.
බොහොමයක් නිල් තිර දෝෂ පණිවිඩ වලදී පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීමක් දකින්න ලැබෙනවා. ඉතින් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම නවතාලන්න සැකසුම් සකස් කල හැකියි.  මුලින්ම “computer” හෝ  “my computer” රයිට් ක්ලික් කර “properties” ගන්න. ඉන්පසුව “advanced system settings” තෝරන්න. සමහර විටදී මෙයට ඇතුලු වෙන්න අවසර ඉල්ලයි. “yes” දෙන්න. ඉන්පසුව “advanced” වලදී “settings” තෝරන්න. එහිදී  “startup and recovery option” කියන එක විවෘත කර “automatically restart” කියන එක් ටික් වෙලා තියනවා නම් එය ඉවත් කරන්න. ඊලගට  OK කරන්න. මේ ක්‍රියාකාරකමෙන් පසුව නිල් තිර දෝෂ පණිවිඩ  ලැබීම සිදු උවත් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම් නවතිනවා.
ඒ කිවුවේ BSOD වලින් බේරෙන හැටි. මේ කියන්න යන්නේ ලෝකයේ විශාලතම BSOD දෝෂ පණිවිඩය ගැන කියන්නයි.
තායිලන්තයේ පතායා ප්‍රදේශයේ තිබූ වීඩියෝ වෝල් එකකට භාවිතා කර තිබුණේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියයි. එහි USB දෘඩාංග වල පැවති දෝෂයක් හේතුවෙන් නිල් තිර දෝෂ පණිවිඩයක් දර්ශනය  වුණා.මෙම වීඩියෝ වෝල් එක අඩි 50ක් පමණ උස බැවින් ලෝකයේ මෙතක් වාර්ථා වූ විශාලතම නිල් තිර දෝෂ පණිවිඩය මෙය බව නිසැකයි.
එසේම මෙතෙක් කළක් පැවති නිල් පැහැය ඉවත් කර එයට කොළ පැහැයක් එක් කරමින් Green Screen of Death වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරණය සදහා එක් කර ඇති බවද ඔබට සදහන් කළ යුතුයි. ඉතින් මින් මතුවට නිල් තිර දෝෂ පණිවිඩ නැති බවත් ඇත්තේ කොළ තිර දෝෂ පණිවිඩ බවත් සදහන් කළ යුතුයි.

එරන්ද කීර්ති දයාවංශ
Information Security Researcher and Technical Writer


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Monday, 2 January 2017

Bitcoin Price Jumps Above $1000 For First Time In last 3-Years

ඔබ භාවිතා කරන්නේ සමස්ථ අන්තර්ජාල වෙබ් අඩවි ප්‍රමාණයෙන් 4%ක් පමණක් බව ඔබ දන්නවාද? බොහොමයක් දෙනා මේබව දන්නේ නැහැ. ගූගල්, යාහූ, ෆේස්බුක් වැනි වෙබ් අඩවි අන්තර්ජාලයයි යැයි සිතා සිටිනා බොහෝ පිරිසක් මට මාගේ වෘත්තීය ජීවිතයේදී මුණ ගැහිලා තියෙනවා. 
කෙසේ නමුත් අන්තර්ජාලයෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය භාවිතයේ නොමැති බව කිව යුතුයි. එම සාමාන්‍ය භාවිතයේ නොමැති 96%ක් පමණ වූ ප්‍රමාණය භාවිතා කිරීම සදහා විශේෂයෙන් සැකසූ බ්‍රවුසරයින් අවශ්‍ය වන අතර TOR වැනි බ්‍රවුසරයන් ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකියි.
ඉතින් මේ සටහන තබන්නට හේතුවුණේ මේ 96%ක් වූ වෙබ් අඩවි හරහා සිදු කරන ගණුදෙනු වලදී භාවිතයට ගන්නා Bitcoin මුදල් ඒකය සම්බන්ධයෙන් විශේෂ කරුණක් සදහන් කිරීමටයි.
ශ්‍රී ලංකා රුපියල් මෙන් අන්තර්ජාලයේ අදුරු කොටසේදී භාවිතා වන ප්‍රසිද්ධම මුදල් ඒකය වන්නේ Bitcoin නම් වන මුදල් ඒකකයයි. මෙම විශේෂ කරුණ වන්නේ 2013 නොවැම්බර් මාසයෙන් පසුව මෙම Bitcoin මුදල් ඒකකය 2017 නව වසර උදාවත් සමගම ඇමෙරිකානු ඩොලර් 1000 සීමාව ඉක්මවා යාමයි.
එනම් Bitcoin 1ක් මිළදී ගැනීම සදහා ඔබ ඇමෙරිකානු ඩොලර් 1000ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවිය යුතුයි යන්නයි.
එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 149714 (එක්ලක්ෂ පනස් දහස්ක් පමණ) වෙනවා. ඉතින් මෙම ප්‍රවණතාවය ඉදිරියේදී ලෝක ආර්ථිකයට මහත් බලපෑමක් සිදු කරන ඇති බවයි මගේ විශ්වාසය. ඊට හේතුව ඔබ පිළිගත්තා හෝ නොගත්තා ලෝකයේ සිදුවන නීත්‍යානුකූල නොවන ගනුදෙනු වලිනි 75%ක්ම සිදුවන්නා අන්තර්ජාලයේ අදුරු කොටස භාවිතා කිරීමෙනුයි. එනම් ගනුදෙනු සිදුවන්නේ Bitcoin මුදල් ඒකකය හරහායි.
බොහොමයක් මෙවැනි ගනුදෙනු සිදුවන්නේ චීනය සහ පාකිස්ථානය වැනි රටවල් මුල් කරගෙන වන අතර මෙම සටහන තබන මොහොත වන විට ආසන්න වශයෙන් Bitcoin මිලියන 5ක් පමණ හුවමාරු වී ඇති බවයි පෙනී යන්නේ. (ආසන්න වශයෙන් රුපියල් 748574713 ක් - මිලියන 74ක්) ඒ අද දවස තුළ වාර්ථාගත දත්ත අනුවයි. වාර්ථා ගත නොවන දත්ත තව් කෙතරම් ඇතිද?
මෙසේ බලන කළ Bitcoin යනු ඉදිරියේදී ලෝකයේ වෙනස් කළ හැකි මාතෘකාවක් වනවාට නිසැකයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 20 December 2016

'MethBot' Ad Fraud Operators Making $5 Million Revenue Every Day

රැවටීම් වංචාකාරී සිදුවීම් පරිගණක ලෝකයට අළුත් දේවල් නොවේ. එය සිදුවන්නේ කෙසේද යන්න පමණයි අළුත් වන්නේ. එයට හේතුව එක් එක් සිදුවීමට වෙනස් වෙනස් ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමයි.
මෙසේ සටහනක් තබන්නට හේතු වූයේ මෑත ඉතිහාසයේ සොයාගත් විශාළතම අන්තර්ජාල වංචාව හෙළිකර ගැනීම නිසයි.
මෙතෙක් හදුනානොගත් හැකර්වරුන් කණ්ඩායමක් විසින් අන්තර්ජාල වෙබ් අඩවි වලට වංචාකාරී වෙළදදැන්වීම් යොමු කර ඒ හරහා මුදල් ඉපයීම මෙම වංචාවයි. ඇමෙරිකාව පාදක කරගනිමින් ක්‍රියාත්මක කර ඇති මෙය හදුන්වන්නේ Methbot නමිනුයි.
මෙම ක්‍රියාවලිය හරහා ඔවුන් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3ත් 5ත් අතර ප්‍රමාණයක ආදායමක් උපයා ඇති බව සොයා ගැනුනා.
දිනකට ඩොලර් මිලියන 3ත් 5ත් අතර.....!!!!!
මෙය සොයා ගැනුනේ  Online fraud-prevention වෙනුවෙන් ක්‍රියාත්මක වන  White Ops ආයතනය කාලාන්තරයක් තිස්සේ සිදු කළ පර්යේෂණයක ප්‍රථිඵලයක් ලෙසයි.
කෙසේ නමුත් මෙම හැකර් කණ්ඩයාම විසින් නිර්මාණය කරගත් මෘදුකාංගයක් හරහා දිනකට මිලියන 300ක් පමණ වූ වීඩියෝ ලෝකයේ සෑම වෙබ් අඩවියකටම, ඊමේල් ගිණුමකටම යොමු කර ඇති අතර එම වීඩියෝ අතර අසභ්‍ය විඩියෝ විශාල සංඛ්‍යවක්ද සංසරණය වී ඇති බවයි සදහන් wවන්නේ.
මෙහිදී සිදුවන ක්‍රියාවලිය සරළව පැහැදිලි කරතොත් ඔබ යම් වෙබ් අඩවියක ඇති වීඩියෝ ආකාරයෙන් දැක්වෙන වෙළද දැන්වීමක් නැරබීම ගනිමු. එහිදී එම වෙළද දැන්වීම ලෝකයේ ප්‍රසිද්ධ ආයතනයකින් පළ කර ඇති ආකාරයට පෙන්නුම් කරන අතර ඔබ රැවටී ඒ මත ක්ලික් කරනවා. අපි හිතමු  අන්තර්ජාලය හරහා භාණ්ඩ අළෙවි කරන mydeal වෙබ් අඩවියේ අඩු මිලට දෙන යම් උපාංගයක් සම්බන්ධයෙන් ඇති වෙළද දැන්වීමක් කියා.
දැන් එම වෙළදැන්වීම හරහා ඔබව mydeal වෙබ් අඩවියට ගෙනියනවා සේ ගෙනියන්නේ ඒ හා සමානවම තැනූ වෙනත් වෙබ් අඩවියකට. දැන් ඔබ සිතන්නේ ඔබ ඉන්නේ mydeal වෙබ් අඩවියේ කියායි.දැන් ඔබ පැකිලීමකින් තොරව අදාළ මිළදීගැනීම් සිදු කරනවා.
නමුත් සත්‍ය වශයෙන්ම ඇත්තේ ව්‍යාජ වෙබ් අඩවියක්. ඔබගේ ණයපත් තොරතුරු යන්නේ එම වෙබ් අඩවියට. ඔබගේ මුදල් ගෙවීම් සිදුවන්නේ එම වෙබ් අඩවියේ ගිණුමකට .
රැවටීමේ තරම ඔබ තේරුම නොගන්නවා වගේ අහම්බෙන් හෝ ඔබ තේරුම් ගතහොත් එහෙත් ප්‍රමාද වැඩියි.
මෙම හැකිං ක්‍රමවේදය ලෝකයේ වෙබ් අඩවි 250267ක් පමණ ක්‍රියාතමක වෙමින් පවතින අතර ESPN, Vogue, CBS Sports, Fox News වැනි ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පවා මේ ව්‍යාජ වීඩියෝ සංසරණය වී පවතිනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Saturday, 17 December 2016

1-Billion Yahoo Users' Database Reportedly Sold For $300,000 On Dark Web

බිලියන එකක් පමණ වූ Yahoo! ඊමේල් ගිණුම් හැක් කරන ලද්දේ ගෙවුණ සතියේය. ඉන් අනතුරුව තමන්ට තම ගිණුමට Log වීමට හැකි නම් එය මකා දමන්නැයි Yahoo! ඉල්ලීමක් ද කළා.
අද උදෑසන එසේ සොරාගත් සියළුම ගිණුම් වල තොරතුරු මුරපද සහිතව Darkweb එක හරහා විකිණීමට යොමුකොට තිබුණා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක්..
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක්....! ආසන වශයෙන් රුපියල් 44708989ක්....!
ඔබට මෙයින් හැගී යන්නේ  කුමක්ද? මහන්සි වී හෝ එක් හැකිං ප්‍රහාරයක් සාර්ථක කරගතහොත් පවුල් පිටින්ම ගොඩ කියාද? සැබැවින්ම කවුරුන් හෝ විසින් මෙය මිලදී ගනීවි. එසේ නැතිනම්   Yahoo! විසින්ම මෙම මුදල ගෙවා මෙම මුරපද සහිත තොරතුරු මිළදී ගැනීමටද පුළුවන.
කෙසේ නමුත් පසුගිය කාලවකවානුවේ සිදු කළ බොහොමයක් හැකිං ප්‍රහාර පිටුපස සිටි පුද්ගලයන් කාලයක් ගොස් හෝ අත් අඩංගුවට ගත් බව නම් පැවසිය යුතුමයි.
Yahoo! විසින් මෙම දත්ත නිවැරදි බවට තවම සනාථ කර නොමැති අතර අද හෝ හෙට ඔවුන් විසින් Darkweb එකේ ඇති සාම්පල් පරීක්ෂා කර එය තහවුරු කරනු ඇත.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 14 December 2016

Microsoft releases 12 Security Updates; Including 6 Critical Patches

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ දුර්වලතාවන් පවතින බව අප සැවොම දන්නා කරුණක්. යම් යම් කාල වලදී විවිධ පුද්ගලයන් විසින් ඒවා සොයා ගන්නා අතර පසුව මයික්‍රොසොෆ්ට් විසින් ඒවාට patch ලබාදීමක් සිදු කරනවා.
මෙය සාමාන්‍ය සරළ සිදුවීමක් ලෙසින් හදුන්වන්න පුළුවන්. එයට හේතුව සෑම මාසයකදීම කුමක් හෝ දෝෂයක් වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් විසින් patch ලබාදීම සිදු කෙරෙනවා.
අද දිනයේදීත් එවැනි Patch 12ක් අන්තර්ජාලය හරහා භාගත කිරීමට ලබා දුන්නා. මෙම දුර්වලතාවන් වලින් කීපයක් critical කාණ්ඩයට අයත් වන අතර එම critical කාණ්ඩයේ දුර්වලතාවන් භාවිතා කරමින් හැකිං ප්‍රහාර එල්ල කීරීමේ හැකියාවක් පවතින බව කිව යුතුයි.
මෙම critical ආකාරයේ දුර්වලතාවන් පවතින්නේ  Internet Explorer වෙබ් බ්‍රවුසරයේයි. එසේම අනෙකුත් යාවත්කාල්වීම් Windows මෙහෙයුම් පද්ධතියේ සහ Office පැකේජයේ මෙන්ම Edge බ්‍රවුසරයේද පවතින දුර්වලතාවන් වේ.
මෙම යාවත්කාල කිරීම් සියල්ල පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සාමාන්‍ය වින්ඩෝස් යාවත්කාල්වීමකින්ද මේවා ලබාගත හැකි වේ.

https://technet.microsoft.com/library/security/ms16-dec



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers