සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 14 December 2016

Microsoft releases 12 Security Updates; Including 6 Critical Patches

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ දුර්වලතාවන් පවතින බව අප සැවොම දන්නා කරුණක්. යම් යම් කාල වලදී විවිධ පුද්ගලයන් විසින් ඒවා සොයා ගන්නා අතර පසුව මයික්‍රොසොෆ්ට් විසින් ඒවාට patch ලබාදීමක් සිදු කරනවා.
මෙය සාමාන්‍ය සරළ සිදුවීමක් ලෙසින් හදුන්වන්න පුළුවන්. එයට හේතුව සෑම මාසයකදීම කුමක් හෝ දෝෂයක් වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් විසින් patch ලබාදීම සිදු කෙරෙනවා.
අද දිනයේදීත් එවැනි Patch 12ක් අන්තර්ජාලය හරහා භාගත කිරීමට ලබා දුන්නා. මෙම දුර්වලතාවන් වලින් කීපයක් critical කාණ්ඩයට අයත් වන අතර එම critical කාණ්ඩයේ දුර්වලතාවන් භාවිතා කරමින් හැකිං ප්‍රහාර එල්ල කීරීමේ හැකියාවක් පවතින බව කිව යුතුයි.
මෙම critical ආකාරයේ දුර්වලතාවන් පවතින්නේ  Internet Explorer වෙබ් බ්‍රවුසරයේයි. එසේම අනෙකුත් යාවත්කාල්වීම් Windows මෙහෙයුම් පද්ධතියේ සහ Office පැකේජයේ මෙන්ම Edge බ්‍රවුසරයේද පවතින දුර්වලතාවන් වේ.
මෙම යාවත්කාල කිරීම් සියල්ල පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සාමාන්‍ය වින්ඩෝස් යාවත්කාල්වීමකින්ද මේවා ලබාගත හැකි වේ.

https://technet.microsoft.com/library/security/ms16-dec



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers