සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Sunday, 4 May 2014

Microsoft Licensing Programe

ඕනෑම් මෘදුකාංගයක් හෝ නිර්මාණයක් භාවිතා කිරීම වෙනුවෙන් අදාළ නිර්මාතෘන් වෙතින් ඒ වෙනුවෙන් අනුමැතිය ලබාගත යුතු බව හැමෝම දන්නා දෙයක්. ඉතින් මෙහෙයුම් පද්ධතියකටත් මේ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. සරළවම කියනවා නම් ඔයාලා බාවිතා කරන ඕඑස් එකට අදාළව අපි ලයිසන් ලබාගත යුතුයි. නමුත් බොහොමයක් දෙනා මේ ලයිසන් ලබාගැනීම නොකරනවා වගේම බුද්ධිමය දේපල අනිසි ලෙස පරිහරණය කරනවා දැකගන්න් පුලුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළ යුතුයි කියලා හිතුන නිසා ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ඇවිත් ලියන්න හිතුනා.

අපි දන්නවා මේ වෙන කොට මෘදුකාංග ලෝකය කොටස් දෙකකට බෙදිලා කියලා. එකක් අපි සල්ලි දීලා ගන්න ඕනෑ. අනික නිකම්ම හම්බෙනවා. මේ කොටස් දෙකෙන් සල්ලි දීලා ගන්නවා කියන්නේ මෙන්න මෙ කියන්න යන ලයිසන් කතාව තමයි.

ලයිසන් එකක් ඇයි අපි ගන්න ඕනෑ? යම් මෘදුකාංගයක් දියුණු කරන්න යම් පුද්ගලයෙකුගේ දැනුම කාලය ශ්‍රමය වියදම් වෙනවා. ඒ වෙනුවෙන් යම් මිලක් තිරණය කළොත් ඒ තමයි අදාළ ලයිසන් එකේ මිල වෙන්නේ. ඉතින් අතිශයින් සංකීර්ණ මෙහෙයුම් පහ්ධතියක් වැනි දෙයක් නිර්මාණය කරලා එය බාවිතා කිරීමට නම් ලයිසන් ලබාගත යුතුයි කියන පදනම එන්නේ ඔන්න ඔතනදී. මානුෂීය වශයෙනුත් එහි වරදක් නම් මමත් දකින්නේ නෑ. මොකද ගොඩක් මහන්සි වෙලා නිර්මාණය කරන දෙයකට සාධාරණ මිලක් නියම උනාට ගැටලුවක් නැ. ඉතින් අපි බලමු කොහොමද මයික්‍රොසොෆ්ට් සමාගමට අදාළව මෙහෙයුම් පද්ධති සදහා ලයිසන් ලබාගන්නේ කියලා.

ලයිසන් ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදෙනවා. ඒ තමයි

1. Operating systems මෙහෙයුම් පද්ධති
2. Client Applications පරිශීලක යෙදවුම්
3. Server Applications සර්වර් පද්ධති
4. Users or devices accessing the server software (CAL-Client Access License or EC - External Connector License) දෘඩාංග පරිශීලක ලයිසන් 

කියන ඒවා. ඉතින් මේ විදියට කොටස් වෙන ලයිසන් අපි බලමු කොහොමද මිලදී ගන්න පුලුවන් කියලා. ඒ මිලදී ගැනීමේ ආකාරත් කොටස් කීපයකට බෙදාගන්න පුලුවන්.
  1. Full Packaged Product (FPP) 
  2. OEM 
  3. Volume Licensing
  4. Online Services
ඉතින් මෙතනදි Full Packaged Product ලෙසින් මිලදී ගන්නා ලයිසන් බොහෝ විට නැවත විකිණීමක් සදහා මිලදී ගන්නා වූ ලයිසන් වෙනවා. OEM එහෙම නැතිනම් original equipment manufacturer ආකාරයේ ලයිසන් බොහෝ විට දැකගන්න ලැබෙන්නේ එක් එක් නිෂ්පාදනයක් වෙනුවෙන් එකක් ලෙසින් ලබාදීමකුයි. උදාහරණයක් විදියට HP ලැප්ටොප් පරිගණකයක් සමග Windows 8 OEM ලයිසන් එකක් ලබාදීම සදහන් කරන්න පුළුවන්. Volume Licensing  වලදී සිදුවන්නේ විශාල ප්‍රමාණයක මෘදුකාංග හෝ දෘඩාංගයක් එක් ලයිසන් එකකින් ආවරණය කිරීම. උදාහරණයක් ලෙසින් ඔබේ ආයතනයේ පරිගණක 100 කට Windows 8  ස්ථාපිත කරනවා නම් ඒ වෙනුවෙන් අපිට Volume Licensing  යටතේ එක් ලයිසන් එකක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. Online Services කියන්නේ මේ කියන ලයිසන් කතාවේ අලුත්ම කොටස. ඒ කියන්නේ ඉදිරියට එන ක්ලවුඩ් ඕස් වෙනුවෙන් ලබාදෙන ලයිසන් ආකාරයක්. ඉතින් මෙතනදී සාමාන්‍ය භාවිතයේදී අපිට  OEM සහ Volume Licensing කියන ආකාර දෙකින් ලයිසන් ලබාගන්න පුළුවන්.

මයික්‍රොසොෆ්ට් සමාගම සමග ලයිසන් වෙනුවෙන් යම් එකගතාවයකට එනවා නම් ඔවුන් පහතින් දක්වලා තියෙන දේවල් ගැන විශේෂ අවධානය යොමු කරනවා.

Organization Size සමාගමේ ප්‍රමාණය 
 Number of PCs and users භාවිතා කරන පරිගණක ගණන සහ පරිශීලකයන් ගණන
 Initial orders and price levels දැනට මිලදී ගන්නා ප්‍රමාණය  සහ මිල ගණන්

Agreement length ගිවිසුම් කාලය 
 2 years වසර 2
 3 years වසර 3
* ගිවිසුම් කාලය අදාළ ගිවිසුම් කාලය අවසන් වන විට නැවතත් යාවත්කාල කළ යුතුයි

Payment options ගෙවීම් කරන ආකාරය 
 Upfront
 Annually

Agreement structure ගිවිසුම් ආකාරය 
 All PCs
 Cloud Services
 Perpetual vs. non-perpetual licenses

ඉතින් මේ කොටස් අතරින් තම ආයතනයට වඩා වාසිදායක වන සැලසුම අනුගමනය කළ යුතුයි. ඉතින් විශාල මුදලක් දීලා ලයිසන් ගන්න එකේ තේරුමක් තියනවද කියලත් හිතෙන්න පුලුවන්. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු.

1. ලයිසන් එකක් ලබාදීම සහ ලබා ගැනීම කියන්නේ අදාළ දෙපාර්ශවය අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් එකගතාවයක් ඇති වීම. උදාහරණයක් ලෙසින් windows 8 වෙනුවෙන් ලයිසන් 100 ගන්නවා නම් අදාළ ලයිසන් 100 වෙනුවෙන් අත්සන් කළ කාලය තුළ සම්පුර්ණ වගකීම මයික්‍රොසොෆ්ට් සතුයි. ඒ කියන්නේ අදාළ ලයිසන් 100 වෙනුවෙන් windows 8 වල සිදුකරන සියලුම යාවත්කාලකිරීම් නොමිලේ ලබාදීම වෛරස් ආසාදන වැනි කරුණු වලදී ඒ වෙනුවෙන් ක්‍රියාත්මක (මේ සම්බන්ධයෙන් මට පෞද්ගලික අත්දැකීමක් තියනවා. එක් මෙහෙයුම් පද්ධතියක් වෙනුවෙන් වෛරස් ආසාදනයකදී යම් ප්‍රතිවෛරස් මෘදුකාංග සමාගමක් සමග එක්වී ඊට අදාළ වන ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත් කාලකර එම පැච් ගොනුව මෙහෙයුම් පද්ධතියට අප්ඩේට් එකක් ලෙසින් එක් කිරීමේ හැකියාව ලැබුණා. ඒ කියන්නේ අපි එකතු කළ පැච් එක ඊළග අප්ඩේට් එකේදී ලෝකයේ සියලුම ලයිසන් සහිත පරිගණක වලට ස්ථාපිත වුණා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුනේ ලයිසන් නිසයි)

2. e-learning ගැන හැමදෙනාම දන්නවනේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ තිබෙන එක් එක් පාඨමාලාවන් වෙනුවෙන් ලයිසන් ලබාගෙන තිබෙන ආයතන වෙත විශේෂ වරප්‍රසාද ලබාදීමක් සහ වවුචර් ලබාදීමක් සිදුකරනවා. උදාහරණයක් ලෙසින් MCTS වෙනුවෙන 20% විභාග ගාස්තු අඩුකිරීමක් සහිත වවුචර් ලබාදීමක් දැක්විය හැකියි

3 24x7 එහෙම නැතිනම් නිරන්තර සේවා සැපයීමේ ගිවිසුමක් ලයිසන් සමගම අත්සන් කරනවා. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් සම්බන්ධයෙන් මොනවා හරි අවුලක් උනොත් ඕනෑම වෙලාවක ඔන්ලයින් සහයක් ලබාගන්න පුලුවන්.

4. ලයිසන් වලින් විශාල මුදලක් අරන් මයික්‍රොසොෆ්ට් අපිව අතහැරලා දාන්නේ නෑ. අපි ලබාගත් ලයිසන් නිසි ආකාරයෙන් බාවිතා කරන හැටි ගැන් නිරන්තරයෙන් උපදෙස් ලබාදෙනවා. ලංකාවේ නම් මේ තත්ත්වය දැකගන්න අඩු උනත් වෙනත් රටවල් වල ලයිසන් ගත්ත ආයතනය එක්ක නිරන්තර ගනුදෙනුවක් අදාළ මයික්‍රොසොෆ්ට් නියෝජිතයා විසින් සිදුකරනවා.

5. අලුත් වන තාක්ෂණයන් ගැන ඔවුන් විස්තර ලබාදෙනවා. ලයිසන් එක තියෙන්නේ  windows XP වලට නම් windows 7 වල ඇති නව ගතිගුණ ගැන ඔවුන් විස්තර කරනවා. ඒ තුළින් windows 7 මිලදී ගැනීමට පෙළබවීමක් ඇති කරනවා වගේම අලුත් තාක්ෂණය ගැන අවබෝදෙකුත් ලබාදෙනවා. මේක නම් ටිකක් මාර්කටිං ප්ලෑන් එකක් වගේ...

ඉතින් මේ හැමදේම කරන්නේ හොද කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බවයි ඔවුන් පවසන්නේ.
 

About the author | Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Saturday, 22 February 2014

Ban Facebook???

ඔයාලා දන්නවා ෆේස්බුක් මහා භයානක වචනයක් වෙන ගානට වැටිලා දැන් ලංකාවේ සිද්දවෙන දේවල් නිසා. ලෝකයේ සමාජීය ජාල වෙබ් අඩවි වලින් ඉතාමත් ජනප්‍රිය ෆේස්බුක් නිසා වලින් අනිසි ප්‍රයෝජන ගැනීම නිසා නිරපරාදේ ජීවිත ගණනාවක් අහිමි වුණා. කෙසේ නමුත් මගේ මේ පෝස්ටුව වෙන් වෙන්න්නේ ෆේස්බුක් වල ප්‍රයෝජන ගැන් කතා කරන්න නම් නෙමෙයි. ඒ ගැන් මං කලින් පෝස්ට් ගණනාවකම දාලා තියෙනවා. මේ කතා කරන්න යන්නේ හදිස්සියේවත් මේ තියන තත්ත්වය අනුව ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්...? මොකද කරන්නේ?

විශේෂ තාක්ෂණික ප්‍රයෝග භාවිතා කරමින් ෆේස්බුක් වලට පිවිසීම අවහිර කරන්න හැකියාව තියෙනවා කියන එක නිවැරදි කරුණක්. නමුත් ලෝකයෙන්ම විරෝධතාවක් ආවොත් මිස කිසිම හේතුවක් මත ෆේස්බුක් නතර වීමක් සිදුවීයැයි සිතන්න බැහැ. ඉතින් කෙසේ වෙතත් හදිසියේවත් ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ තහනම් කළහොත්?

තහනම් කළ වෙබ් අඩවි වලට පිවිසීම සදහා භාවිතා වන් ප්‍රොක්සි ආකාරයේ වෙබ් සේවාවන් බොහොමයක් තිබුණත් ඒවාත් නිසි තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කළහොත් ශ්‍රී ලංකාව තුලදී භාවිතය නතර කළ හැකියි. ඒ නිසා ෆේස්බුක් තහනම් කළහොත් ප්‍රොක්සි අඩවි වලින් ලබාගත හැකි සේවාව අවම වෙන්න පුළුවන්.  ඒ නිසා වෙනත් ක්‍රමයක් සොයන්නම වෙනවා. අන්තර්ජාලයේ සෙවීමකදී දැනට සාර්ථකවම ක්‍රියාතමක වන tor ජාලය භාවිතා කිරීම මේ සදහා ඉතාමත් සාර්ථක ක්‍රමයක් බව දැනගන්නට ලැබුණා.

මුලින්ම පහල ලිංකුවෙන් tor වෙබ් අඩවියට පිවිසෙන්න

https://www.torproject.org/



අපි මුලින්ම බලමු Tor ජාලය යනු කුමක්ද සහ එහි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කොහොමද කියලා? Tor ජාලය කියන්නේ ලෝකයේ දැනට සාර්ථකවම භාවිතා වන පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. https://www.torproject.org/ වලට පිවිස එහිදී ලබාදෙන Tor සේවාව පරිගණකයට ස්ථාපිත කරගැනීම සරළව කරගන්න පුළුවන්. Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.

ඉතින් කෙලින්ම ෆේස්බුක් නොයා වටෙන් යන නිසා මදක් මංදගාමී වෙන්න්න පුළුවන්. ඒ කෙසේ වෙතත් රජය විසින් ෆේස්බුක් තහනම් කළත් ඔන්න දැන් මංදගාමීව හරි ෆේස්බුක් යන්න ස්ථිර ක්‍රමයක් තියෙනවා. ඊළග ප්‍රශ්ණය වෙන්නේ රජයට මේ කියන Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද? ඇත්තටම Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.

ඉතින් මෙ කියන Tor අඩවිය හරහා පහළින් දක්වලා තියෙන සේවාවනුත් ලබාගැනීමේ හැකියාව පවතිනවා.




 About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Friday, 6 December 2013

Happy Retirement XP

2001 ඔක්තෝම්බර මස 1 දින සාමාන්‍ය පරිශීලකයන්ගේ භාවිතයට ඉදිරිපත් කළ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය අද වන විටත් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය වී ඇත්තේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පරිශීලකයාට සුහදශීලී සේවාවක් සැපයීම නිසා බව නොරහසක්.  ඒ කෙසේ වෙතත් වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියට සපයන තාක්ෂණික සහය පවා නවතා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වන බව පසුකාලයේ දැනගන්නට ලැබුනා. 
එයට හේතු සාධක ගණනාවක් තිබුණත් ප්‍රධානම සාධකය වුණේ නවීකරණය වන අනෙකුත් විරුත කේත මෙහෙයුම් පද්ධති සමග තරග කිරීමට හැකි සහ නිර්මාණය වන නව දෘඩාංගයන් වලට ගැලපෙන ආකාරයෙන් තම මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කිරීමට සිදුවීමයි. 

ඒ කෙසේ නමුත් වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියෙන් හිස්වන ස්ථානය ලබාදීමට සූදානම් වන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියටයි. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සාර්ථක මෙහෙයුම් පද්ධතියක් ලෙසින් ඉදිරියට යන ආකාරයක් දැකගන්න ලැබෙන බව ලෝක මට්ටමේ සංගණනවලින් දැකගන්න පුලුවන්. 

ඒ අතරින් සංඛ්‍යාත්මක ලෙසින් ගත් කළ 
  • මිලියන 100 ක බලපත්‍ර ප්‍රමාණයක් මේ වන විට අලෙවි කර තිබීම 
  • වින්ඩෝස් 8 හරහා ලබාදෙන Sky Drive සේවාව මේ වන විට මිලියන 250 දෙනා භාවිතයට ගැනීම 
  • පසුගිය මාස 6 තුළ වින්ඩෝස් ඇප් ස්ටෝර් මගින් මිලියන 250 ඇප්ස් භාගත කරගෙන තිබීම 

වැනි දේ දක්වන්න පුළුවන්. පහතින් දැක්වෙන්නේ අන්තර්ජාලයේ සැරිසරද්දි ඒ සම්බන්ධයෙන් දක්නට ලැබුණු ඉමේජයක්. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 4 December 2013

Windows 8.1 Update Key

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන වින්ඩෝස් 8 හි යාවත්කාල වීමක් මේ දිනවල ලබාදීලා තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. වින්ඩෝස් 8 ස්ථාපිත කරලා තියෙන පරිගණක වලදී මේ ආකාරයෙන් යාවත්කාල වීමක් ඇති බවත් එය භාගත කරගන්නා ලෙසත් දැක්වෙන පණ්විඩ දකින්න ලැබෙනවා. ඉතින් මේ යාවත්කාල වීම වින්ඩෝස් 8.1 ලෙසින් සදහන් කර ඇති අතර එයට වින්ඩෝස් බ්ලූ ලෙසින් කේත නාමයක් ලබාදී තිබෙනවා.

එසේම වින්ඩෝස් 8 ස්ථාපිත කර ඇති පරිගණකයකදී වින්ඩෝස් 8.1 ස්ථාපිත කිරීම සදහා කී එකක් අවශ්‍ය වන්නේ නෑ, එහිදී සිදුවන්නේ වින්ඩෝස් අප්ඩේට් වීමක් පමණයි. අවශ්‍ය නම් පරිගණකයේ ඇති පෞද්ගලික ගොනු සියල්ලම ඒ ආකාරයෙන්ම තබාගෙන වුනත් මේ අප්ඩේට් කිරීම සිදුකරගන්න පුලුවන්.



නමුත් අලුතින්ම වින්ඩෝස් ස්ථාපිත කරන්නේ නම් වින්ඩෝස් 8.1 වලට අදාළ කී එකක් භාවිතා කරන්න වෙනවා. මයික්‍රොස්ප්ට් මගින්ම ඒ සදහා වූ කී දෙකක් හදුන්ව දී තිබෙනවා.

Windows 8 (core): 334NH-RXG76-64THK-C7CKG-D3VPT
Windows 8 PRO: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB

ඉතින් මේ කී දෙක භාවිතා කර වින්ඩෝස් 8.1 අප්ඩේට් එක හෝ 8.1 නව ස්ථාපිත කිරීම සම්පූර්ණ කරගන්න පුලුවන්. පහත රූපවලින් අදාළ පියවරයන් දක්වා තිබෙනවා.







වින්ඩෝස් වලදී කී එක පහත පියවර අනුව සරලව වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම PC Setting වලට යන්න.  Change product Key තෝරන්න. ඉන්පසුව ඉහතින් ලබාදුන් කී වලින් අදාළ කී එක ලබාදෙන්න.









About the author
Eranda Dayawansa Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Torch Web Browser

වීඩියෝ බාගත කරගැනීම් සිදුකරගැනීමට බොහෝදෙනා භාවිතා කරන්නේ IDM මෘදුකාංගයි. ඒ හරහා ටොරන්ට් ෆයිල් භාගත කරගැනීමත් කරගන්න පුලුවන්. එසේම එක් එක් වෙබ් බ්‍රව්සරයන් හරහා වීඩියෝ හා ටොරන්ට් ෆයිල් භාගත කරගන්න ෆ්ලගින්ස් ලබාදීමක් සිදු කරනවා. නමුත් මේ සියල්ල එක් කළ වෙබ් බ්‍රව්සරයක් නිර්මාණය කර තිබෙනවා. ඒ Torch වෙබ් බ්‍රව්සරයයි. එය පහත ලිංකුවෙන් බාගත කරගන්න පුලුවන්.



http://www.torchbrowser.com/


ඒ හරහා බාගත කරගන්න ගොනුව සරල පියවර කීපයකින් පරිගණකයට ස්ථාපිත කරගන්න පුලුවන්.


එසේම ඔබ ටොරන්ට් මෘදුකාංගයක් බාවිතා කරනවා නම්, ඒ කියන්නේ Bit-torrent  වගේ මෘදුකාංගයක් ස්ථාපිත කරල තියෙනවා නම් ඒ මෘදුකාංගයේ සහයක් නොලබාම වෙබ් බ්‍රව්සරය හරහා අදාළ ටොරන්ට් භාගත කරගැනීමට නම් පහත රූපයේ දක්වා ඇති ආකාරයෙන් සැකසුම් සකස් කරගන්න.


අවසානයේ පහත රූපයේ ආකාරයෙන් Torch වෙබ් අඩවිය විවෘත වෙනවා. වෙබ් අඩවියෙන් අදාල සේවාවන් බොහොමයක් නිවෙස් පිටුවෙන්ම සලසන බව පහල රූපයෙන්ම දැකගන්න පුළුවන්.


ඉන්පසුව යම් වෙබ් අඩවියකට පිවිසුනු පසුව එහි වීඩියෝඔ ගොනුවක් ඇති නම් බ්‍රව්සරයේ ඉහළ කෙලවර දක්නට ඇති අයිකනයන් මගින් අදාළ බාගත කරගැනීම් කරගන්න් පුලුවන්.


ඉතින් ටොරන්ට් ගොනුවක් වේවා ඕනෑම පෝමැට් එකක වීඩියෝවක් වේවා වෙනත් මෘදුකාංගයක් නොමැතිව සරළවම පරිගණකයට භාගත කරගැනීමේ හැකියාව මේ බ්‍රව්සරයෙන් පවතිනවා.
 

ඒ වගේම මෙම වෙබ් බ්‍රව්සරය පාදක කරගෙන තියෙන්නේ Google Chrome වෙබ් බ්‍රව්සරයේ කේත සටහන් නිසා Chrome වල පවතින සැකසුම් සේම Chrome වලදී ලැබෙන වේගයට වඩා වැඩි වේගයක් මේ මගින් ලබාගන්න පුලුවන්.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Friday, 20 September 2013

Recovery Console

දත්ත කියන්නේ ආයතනමය වශයෙනුත් පුද්ගලමය වශයෙනුත් මේ ලෝකේ තියෙන වටිනාම දෙයක් කියලයි මට හිතෙන්නේ. දත්ත නැතිවීමේ අත්දැකීම් ඔයාලටත් ඇති. ඒකට විවිධ හේතු බලපාන්න ඇති. පෙන් එකක දත්ත වෛරස් නිසා නැතිවෙන්න ඇති. අමතක වෙලා මකල දාන්නා ඇති. මේ වගේ හේතු ගණනාවක් නිසා වටිනා දත්ත නැතිවීම කියන්නේ හරිම කරදර දෙයක්. ඉතින් මේ දත්ත සුරක්ෂිත කිරීම අරබයා එක් එක් ආකාරයේ ක්‍රමෝපායන් අද දැකගන්න පුලුවන් වගේම ඒ නැතිවුණ දත්ත නැවත ලබාගැනීමේ ක්‍රමෝපායන්ද දැකගන්න පුල්වන්. ඒ සියල්ල පොදුවේ වැටෙන්නේ Disaster Recovery කියන ගණයටයි. 

එක් එක් පරිගණක පද්ධති වලදී එක් එක් ආකාරයේ Disaster Recovery ක්‍රියාවලීන් දැකගන්න පුලුවන්. නමුත් ආයතනිකමය වශයෙන් Disaster Recovery වලදී අපි භාවිතා කරන්නේ DR Site එකක්. එහිදී සිදුවන්නේ මූලික දත්ත ඇති ස්ථානයේ පරිගණක වල තොරතුරු සියල්ල ඒ හා සමාන පරිගණක වලදී වෙනත් ස්ථානයක තැම්පත් කිරීමයි. හරියටම මේක පයිල් එකක කොපියක් තියාගන්නවා වගේ.  

ඉතින් අපි බලමු වින්ඩෝස් ස්ර්වර් මෙහෙයුම් පද්ධතියක් හරහා මේ ආකාරයේ Disaster Recovery ක්‍රියාවලියකට යන්නේ කියලා. මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත වන මුල් අවස්ථාවේදී මේ හා සම්බන්ධ සැකසුම් ස්ථාපිත වීමක් සිදුවන්නේ නෑ. ඒ නිසා ක්‍රියාත්මක වන සර්වර් මෙහෙයුම් පද්ධතියකදී අපිට පුළුවන් මෙහෙයුම් පද්ධතියට අදාළ වන CD එක් හරහා මෙම Disaster Recovery පහසුකම සක්‍රීය කරගන්න. 

එහිදී අපිට හැකියාව තිබෙනවා පහල විධානය DOS වලදී භාවිතා කරන්න.

 e:\i386\winnt32 /cmdcons 



ඉන්පසුව එම විධානය ක්‍රියාත්මක වී Disaster Recovery  පහසුමක ස්ක්‍රීය කරන්නද කියලා අහනවා. එයට Yes ලෙසින් ලබාදුන් පසු පහල රූපයේ ආකාරයෙන් ස්තාපිතවීම ඇරබෙනවා. 

 
මෙසේ ස්ථාප්තවීම අවසන් වූ පසුව අපිට හැකියාව් තියෙනවා අදාළ Recovery Console එක වෙත න්1 පරිගණකය බූට්වෙන මුල් අවස්ථාවේදීම පහල රූපයේ ආකාරයෙන් Recovery Console එක වෙත පිවිසීමේ හැකියාව ලබාදෙන මෙනුවක් දකින්න ලැබේවි. 


ඉන්පසුව අපිට Recovery Console එක හරහා විදාන භාවිතා කරමින් Recovery කිරීමක් සිදුකරන්න පුලුවන්


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 18 September 2013

Software Update Services (SUS)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන් හට වැදගත් වෙන යෙදුමක් ලෙසින් Software Update Services (SUS) සේවාව හදුන්වන්න පුළුවන්. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක වෙන මෘදුකාංග වෙනුවෙන් යාවත්කාල කිරීම ලබාදීම මේ හරහා සිදු වෙනවා. මෙම Software Update සේවාව ක්‍රියාත්මක වන පරිඝණකය අදාළ පරිගණක ජාලයේ  Update Server එකක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා වගේම එයින් අනෙක් පරිඝණක වලට අදාළ යාවත්කාල වීම් ලබාගැනීමෙ හැකියාව පවතිනවා.

අදාළ යාවත්කාලවීම් ඉබේම Update Server එක වෙත භාගත වී ඉන් පසුව අනෙක් පරිඝණක වෙත බෙදා හැරීමක් සිදු වෙනවා. ඒ වගේම Update Server එක ලෙසින් භාවිතා කරන පරිඝණකයේ යාවත්කාලවීම් ස්ථාපිත කිරීම හෝ නොකර ඉවත් කිරීමේ හැකියාව අදාළ පරිඝණකයේ administrator හට ලැබෙනවා. සරළවම කියනවා නම් මෘදුකාංග යාවත්කාල වීම ලබාගැනීම හෝ නොගැනිම පරිඝණකයේ ඇඩිමින් හට තීරණය කරන්න පුලුවන්. 

Software Update Services (SUS) සේවාව බොහොමයක් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලදී සහය දක්වනවා. පහතින් දක්වලා තියෙන්නේ එම මෙහෙයුම් පද්ධති හා සහය දැක්වීමේ ප්‍රවණතාවයයි.



Software Update Services (SUS) සේවාවක් ක්‍රියත්මක නොවන පරිගණක ජාලයකදී නම් අදාළ යාවත්කාලවීම් එක් එක් පරිශීලකයා විසින් තනි තනිව භාගත කරගන්න ඕනේ. ඒක සමහර අවස්ථාවලදී පරිගණක ජාලයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරන්න පුලුවන්. අපි බලමු කොහොමද මේ Software Update Services (SUS) පරිගණකයකට ස්ථාපිත කරගන්නේ කියලා. 

මුලින්ම මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ Software Update Services (SUS) බාගත කිරීම් වලට අදාළ කොටසට පිවිසෙන්න. 





ඉන්පසුව බාගත වන ගොනුව පරිගණකයට ස්ථාපිත කරගන්න. 


සරළ පියවර කීපයකින් මෙය ස්ථාපිත කරගන්න පුලුවන්. අතරමගදී Custom ලෙසින් තෝරා ගන්න. 


එතනදී අපිට ඕනේ කරන්නේ අදාළ මෘදුකාංග යාවත්කාල වීම භාගත වෙන්න ඕනේ කොහෙටද කියන එක තෝරාගන්නයි. 


ඉන් පසුව භාගත කරගැනීමට ඕනේ කරන භාෂාව තොරාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව එක් එක් මෘදුකාංග වල යාවත්කාලවීම් එක් එක් භාෂාවන් වෙනුවෙන් එළිදක්වන අවස්ථාද තිබෙන නිසයි.


ඉන් පසුව අපිට Next ක්ලික් කිරීමෙන් ඉදිරි පියවර වලට යොමු වෙන්න පුලුවන්. 


ඊළග පියවරේදී අපිට හැකියාව ලැබෙනවා අපි භාගත කරගන්නා වූ යාවත්කාල වීම් තෝරාගැනීමට. ඒ සදහා ඉහත රූපයේ ආකාරයෙන් "I will Manually approve... "  යන සැකසුම තෝරාගන්න. 


අවසානයේ Install ක්ලික් කිරීම මගින් මෙම සේවාව පරිගණකයට ස්ථාපිත කරගන්න පුලුවන්. මීළගට අපි බලමු කොහොමද මෙම සේවාවේ ඉතිරි සැකසුම් සකස් කරගන්නේ කියලා 

පරිගණකයේ IIS සැකසුම් සකසා තියෙනවා නම් අපිට පුලුවන් internet explore වල http://localhost/susadmin/ ලෙසින් සටහන් කර පහත රූපයේ ආකාරයෙන් සැකසුම් පිටුව වෙත පිවිසෙන්න. 





Set Option යටතේ ප්‍රොක්සි සර්වර් එකක් බාවිතා වෙනවා නම් ඊට අදාළ වන සැකසුම් සකස් කිරීම මෙහිදී සිදුකරගන්න පුළුවන්. 


Synchronize server යටතේදී ප්‍රධාන සර්වරය හා දත්ත හුවමාරු කරගන්නා ආකාර දෙකක් ලබාදී තිබෙනවා. එය මේ මොහොතේම සිදු කරගන්නට හෝ පසුව සිදුකරගන්නට පුළුවන්. 

  
Synchronize Now තේරුවොත් ඒ මොහොතෙම දත්ත බාගතවීම ආරම්භ වෙනවා ඉහළ රූපයේ ආකාරයෙන්. අවසානයේ පහත රූපයේ ආකාරයෙන් අප සැකසුම් සකස් කළ පරිගණකය වින්ඩෝස් අප්ඩේට් සර්වරයත් සමග සමාන ආකාරයෙන්ම යාවත්කාල වී ඇති බව දන්වමින් මෙම පණිවිඩය ලබා දෙනවා. 


ඉතින් අපිට් ඊලගට බලන්න පුලුවන් මොනවද අපිට අලුතින් ලැබිලා තියෙන් යාවත්කාල වීම් කියලා. ඒකට අපිට පුළුවන් Approve Update කියන ලින්කුවෙන් විස්තර බලාගන්න. 


ඉතින් මේ බාගත කිරීම් ඕනේම එකක් ඉන් පසුව පරිගණක ජාලයේ ඇති ඕනෑම පරිගණකයකට ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම පරිගණකයේ ඇඩ්මින්ට ඒව පාලනය කිරීමේ හැකියාව පවතිනවා 




About the author
Eranda Dayawansa -MBCS
is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday, 10 September 2013

GPS - Global Positioning System

GPS එහෙම නැතිනම් Global Positioning System කියන එක මේ වෙනකොට මිනිසුන්ට ඉතාමත් වැදගත් දෙයක් වෙලා තියෙනවා. අද එනකොට GPS නැති ජංගම දුරකථනයක් TAB එකක් හොයාගන්නත් අපහසු තත්ත්වයට මේ GPS කියන දේ පැතිරිලා ගිහින්. ඉතින් මටත් උවමනාවක් වෙලා GPS  බාවිතා කරන්න ගත්තාම නිකමට වගේ හිතුනා ඒ ගැන විස්තර ටිකක් හොයන්න. අපි ඉතාමත් පහසුවෙන් GPS  භාවිතා කළත් එහි ක්‍රියාකාරීත්වය නම් භාවිතාවේ පහසුව තරම් සරළ වන්නේ නෑ

සියලුම GPS උපකරණ ක්‍රියාත්මක වන්නේ space-based satellite navigation පද්ධතියක් හරහායි. එහෙම නැතිනම් සරලවම කියනවා නම් ඉහලින් රදවලා තියෙන සැටලයිට් කීපයක් හරහායි මේ GPS ක්‍රියාත්මක වෙන්නේ. මුලින්ම මෙහෙම් පද්ධතියක් නිර්මාණය කරන්න ඕනේ කියලා හිතලා ඒ ගැන අධ්‍යයනය කරන්න පටන් අරන් තියෙන්නේ 1973 දී තරම් ඈත කාලෙදි. නමුත් 2005 දී තමයි පළමු GPS සැටලයිට් එක යවන්න පුලුවන් වුණේ. ඉතින් 2005 න් පස්සේ මේ තාක්ෂණය වේගයෙන් දියුණු වුණා. මේ ආකාරයේ ජාලයක් නිර්මාණය වන බව ශේෂ්ඨ විද්‍යා ගවේශකයෙක් වූ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහත්තයත් GPS හැදෙන්න කාලෙකට ඉස්සර කිවුවා එකිනෙකට සමාන දුරකින් පිහිටි චන්ද්‍රිකා 3 ක් හරහා වෘත්තාකාර වූ මුලු පෘතුවියම ආවරණය වන ජාලයක් නිර්මාණය කිරීම තමයි GPS වල මුලික අරමුණ වුණේ

ඉතින් අපි බලමු කොහොමද මේ GPS වැඩකරන්නේ කියලා 



කැරකෙන පෘතුවිය වටා නිශ්චිත දුරකින් ස්ථානගත කරලා තියෙන චන්ද්‍රිකා ගණනාවක් (මුලින්ම 27 තිබුණා. නමුත් දැන් වැඩ කරන්නේ 24යි) නිරන්තරයෙන්ම පෘතුවිය වටා බ්‍රමණය වෙමින් පවතිනවා. කිසියම් ලක්ෂයක් ගත්විට පෘතුවියේ අනාතියත් සමග ඉහළ රූපයේ දැක්වෙන ආකාරයෙන් සෑම මොහොතකදීම දැනට ස්ථාපිත කර ඇති චන්ද්‍රිකා වලින් අවම වශයෙන් 5 ක සන්නිවේදනයන් ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් GPS තාක්ෂණයේදී කිසිම වේලාවක සබදතා බිදවැටීමක් දක්නට නොලැබෙන්නේ මේ නිසයි. 

අවසානයේදී වෙන්නේ අපි තෝරගත් ලක්ෂයක අක්සාංශ සහ දේශාංස ඉතාමත් නිවැරදිව අදාළ චන්ද්‍රිකාවේ සුරක්ෂිත වීමයි. ඉන්පසුව අන්තර්ජාලය හරහා හෝ වෙනත් උපකරණයක් හරහා හෝ GPS මගින් අදාල ස්ථානය ගැන විස්තර ගවේශණයේදී ලබාදෙන්නේ අර චන්දිකා වල සුරක්ෂිත වුණ දත්තයන් 

ඉතින් දැන් මෙහි වටිනාකම ඔයාලට පේනවා ඇති. අපි නොදන්නා වූ ඕනේම තැනක් අපිට බලාගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මාර්ග වල සිතියම් බලාගැනීමේදී, ස්ථාන දෙකක් අතර දුර බලාගැනීමේදී වැනි දේවල් වලට මේ GPS සමග එම මැප් එක බාවිතා වෙනවා.  මැප් එක බාවිතා කරන එක වඩාත් ජනප්‍රිය වුණේ Google Earth කරළියට ආවට පස්සෙයි ඒහිදිත් මූලිකවම භාවිතා කලේ මෙම GPS තාක්ෂණයයි 

ඉන් පසුව ඒ තාක්ෂණය Navigation පද්ධති සදහා බාවිතා කරන්න වුණා. ඒ හරහා තමන් ඉන්නා තැන කොතැනද යන්න නිවැරදිව හදුනාගැනීමේ හැකියාව හා ආසන්නව පවතින අක්සාංශ හා දේශාංශ 40 ක දත්ත ඉතාමත් නිවැරදිව කියවීමේ හැකියාව පැවතිණා. 

මේ ආකාරයෙන් අදවන විට විශාල පරාසයක විහිදුන දත්ත සමුදායකින් යුතු GPS පද්ධතිය දැනට ලෝකයේ පවතින විශාලතම දත්ත එකතු වලින් එකක් ලෙසිනුයි සලකන්නේ, ලෝකයේ ඕනෑම රටක මාර්ගයක් විශේෂ ස්ථානයක් භූ පිහිටීමක් මේ මගින් ඉතාමත් සාර්ථක සොයාගැනීමේ හැකියාව පවතිනවා. 

ඉතින් මුල් කාලීනව තිබුණ හැමදේම දියුණු වෙලා අද වෙනකොට GPS සේවාවන් ජංගම දුරකථන වෙත ලබාදෙන ලෝකයේ ප්‍රමුක අන්තර්ජාල සේවාවන් පවතිනවා. එයිනුත් පහතින් දක්වලා තිබෙන GPS සර්වර් වල සැකසුම් ඔබගේ ජංගම දුරකතනයෙන් භාවිතා කිරීමෙන් වඩා වේගවත් හා නිවැරදි වූ දත්ත ලබාගැනීමේ හැකියාව පවතිනවා

Google Server
ServerIP =74.125.77.192
ServerURL = supl.google.com හෝ = mobile-agps.l.google.com

Nokia Server
ServerIP = 83.150.75.211
ServerURL = Supl.Nokia.com හෝ = default.nokia.supl.geodns.fi

Sony Ericsson Server
ServerIP = 212.209.45.84
ServerURL = Supl.sonyericsson.com

HTC Server
ServerIP = 194.51.71.14
ServerURL = geoloc2.sfr.fr 

ඉතින් මේ වගේ සැකසුම් යොදා ගැනීමේන් සාර්ථක GPS බාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා සේම හොද අත්දැකීමක් ලබාගන්නත් පුලුවන් වෙනවා. සුභ දවසක්....! 


About the author
Eranda Dayawansa -MBCS
is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers