සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 4 May 2014

Microsoft Licensing Programe

ඕනෑම් මෘදුකාංගයක් හෝ නිර්මාණයක් භාවිතා කිරීම වෙනුවෙන් අදාළ නිර්මාතෘන් වෙතින් ඒ වෙනුවෙන් අනුමැතිය ලබාගත යුතු බව හැමෝම දන්නා දෙයක්. ඉතින් මෙහෙයුම් පද්ධතියකටත් මේ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. සරළවම කියනවා නම් ඔයාලා බාවිතා කරන ඕඑස් එකට අදාළව අපි ලයිසන් ලබාගත යුතුයි. නමුත් බොහොමයක් දෙනා මේ ලයිසන් ලබාගැනීම නොකරනවා වගේම බුද්ධිමය දේපල අනිසි ලෙස පරිහරණය කරනවා දැකගන්න් පුලුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළ යුතුයි කියලා හිතුන නිසා ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ඇවිත් ලියන්න හිතුනා.

අපි දන්නවා මේ වෙන කොට මෘදුකාංග ලෝකය කොටස් දෙකකට බෙදිලා කියලා. එකක් අපි සල්ලි දීලා ගන්න ඕනෑ. අනික නිකම්ම හම්බෙනවා. මේ කොටස් දෙකෙන් සල්ලි දීලා ගන්නවා කියන්නේ මෙන්න මෙ කියන්න යන ලයිසන් කතාව තමයි.

ලයිසන් එකක් ඇයි අපි ගන්න ඕනෑ? යම් මෘදුකාංගයක් දියුණු කරන්න යම් පුද්ගලයෙකුගේ දැනුම කාලය ශ්‍රමය වියදම් වෙනවා. ඒ වෙනුවෙන් යම් මිලක් තිරණය කළොත් ඒ තමයි අදාළ ලයිසන් එකේ මිල වෙන්නේ. ඉතින් අතිශයින් සංකීර්ණ මෙහෙයුම් පහ්ධතියක් වැනි දෙයක් නිර්මාණය කරලා එය බාවිතා කිරීමට නම් ලයිසන් ලබාගත යුතුයි කියන පදනම එන්නේ ඔන්න ඔතනදී. මානුෂීය වශයෙනුත් එහි වරදක් නම් මමත් දකින්නේ නෑ. මොකද ගොඩක් මහන්සි වෙලා නිර්මාණය කරන දෙයකට සාධාරණ මිලක් නියම උනාට ගැටලුවක් නැ. ඉතින් අපි බලමු කොහොමද මයික්‍රොසොෆ්ට් සමාගමට අදාළව මෙහෙයුම් පද්ධති සදහා ලයිසන් ලබාගන්නේ කියලා.

ලයිසන් ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදෙනවා. ඒ තමයි

1. Operating systems මෙහෙයුම් පද්ධති
2. Client Applications පරිශීලක යෙදවුම්
3. Server Applications සර්වර් පද්ධති
4. Users or devices accessing the server software (CAL-Client Access License or EC - External Connector License) දෘඩාංග පරිශීලක ලයිසන් 

කියන ඒවා. ඉතින් මේ විදියට කොටස් වෙන ලයිසන් අපි බලමු කොහොමද මිලදී ගන්න පුලුවන් කියලා. ඒ මිලදී ගැනීමේ ආකාරත් කොටස් කීපයකට බෙදාගන්න පුලුවන්.
  1. Full Packaged Product (FPP) 
  2. OEM 
  3. Volume Licensing
  4. Online Services
ඉතින් මෙතනදි Full Packaged Product ලෙසින් මිලදී ගන්නා ලයිසන් බොහෝ විට නැවත විකිණීමක් සදහා මිලදී ගන්නා වූ ලයිසන් වෙනවා. OEM එහෙම නැතිනම් original equipment manufacturer ආකාරයේ ලයිසන් බොහෝ විට දැකගන්න ලැබෙන්නේ එක් එක් නිෂ්පාදනයක් වෙනුවෙන් එකක් ලෙසින් ලබාදීමකුයි. උදාහරණයක් විදියට HP ලැප්ටොප් පරිගණකයක් සමග Windows 8 OEM ලයිසන් එකක් ලබාදීම සදහන් කරන්න පුළුවන්. Volume Licensing  වලදී සිදුවන්නේ විශාල ප්‍රමාණයක මෘදුකාංග හෝ දෘඩාංගයක් එක් ලයිසන් එකකින් ආවරණය කිරීම. උදාහරණයක් ලෙසින් ඔබේ ආයතනයේ පරිගණක 100 කට Windows 8  ස්ථාපිත කරනවා නම් ඒ වෙනුවෙන් අපිට Volume Licensing  යටතේ එක් ලයිසන් එකක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. Online Services කියන්නේ මේ කියන ලයිසන් කතාවේ අලුත්ම කොටස. ඒ කියන්නේ ඉදිරියට එන ක්ලවුඩ් ඕස් වෙනුවෙන් ලබාදෙන ලයිසන් ආකාරයක්. ඉතින් මෙතනදී සාමාන්‍ය භාවිතයේදී අපිට  OEM සහ Volume Licensing කියන ආකාර දෙකින් ලයිසන් ලබාගන්න පුළුවන්.

මයික්‍රොසොෆ්ට් සමාගම සමග ලයිසන් වෙනුවෙන් යම් එකගතාවයකට එනවා නම් ඔවුන් පහතින් දක්වලා තියෙන දේවල් ගැන විශේෂ අවධානය යොමු කරනවා.

Organization Size සමාගමේ ප්‍රමාණය 
 Number of PCs and users භාවිතා කරන පරිගණක ගණන සහ පරිශීලකයන් ගණන
 Initial orders and price levels දැනට මිලදී ගන්නා ප්‍රමාණය  සහ මිල ගණන්

Agreement length ගිවිසුම් කාලය 
 2 years වසර 2
 3 years වසර 3
* ගිවිසුම් කාලය අදාළ ගිවිසුම් කාලය අවසන් වන විට නැවතත් යාවත්කාල කළ යුතුයි

Payment options ගෙවීම් කරන ආකාරය 
 Upfront
 Annually

Agreement structure ගිවිසුම් ආකාරය 
 All PCs
 Cloud Services
 Perpetual vs. non-perpetual licenses

ඉතින් මේ කොටස් අතරින් තම ආයතනයට වඩා වාසිදායක වන සැලසුම අනුගමනය කළ යුතුයි. ඉතින් විශාල මුදලක් දීලා ලයිසන් ගන්න එකේ තේරුමක් තියනවද කියලත් හිතෙන්න පුලුවන්. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු.

1. ලයිසන් එකක් ලබාදීම සහ ලබා ගැනීම කියන්නේ අදාළ දෙපාර්ශවය අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් එකගතාවයක් ඇති වීම. උදාහරණයක් ලෙසින් windows 8 වෙනුවෙන් ලයිසන් 100 ගන්නවා නම් අදාළ ලයිසන් 100 වෙනුවෙන් අත්සන් කළ කාලය තුළ සම්පුර්ණ වගකීම මයික්‍රොසොෆ්ට් සතුයි. ඒ කියන්නේ අදාළ ලයිසන් 100 වෙනුවෙන් windows 8 වල සිදුකරන සියලුම යාවත්කාලකිරීම් නොමිලේ ලබාදීම වෛරස් ආසාදන වැනි කරුණු වලදී ඒ වෙනුවෙන් ක්‍රියාත්මක (මේ සම්බන්ධයෙන් මට පෞද්ගලික අත්දැකීමක් තියනවා. එක් මෙහෙයුම් පද්ධතියක් වෙනුවෙන් වෛරස් ආසාදනයකදී යම් ප්‍රතිවෛරස් මෘදුකාංග සමාගමක් සමග එක්වී ඊට අදාළ වන ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත් කාලකර එම පැච් ගොනුව මෙහෙයුම් පද්ධතියට අප්ඩේට් එකක් ලෙසින් එක් කිරීමේ හැකියාව ලැබුණා. ඒ කියන්නේ අපි එකතු කළ පැච් එක ඊළග අප්ඩේට් එකේදී ලෝකයේ සියලුම ලයිසන් සහිත පරිගණක වලට ස්ථාපිත වුණා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුනේ ලයිසන් නිසයි)

2. e-learning ගැන හැමදෙනාම දන්නවනේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ තිබෙන එක් එක් පාඨමාලාවන් වෙනුවෙන් ලයිසන් ලබාගෙන තිබෙන ආයතන වෙත විශේෂ වරප්‍රසාද ලබාදීමක් සහ වවුචර් ලබාදීමක් සිදුකරනවා. උදාහරණයක් ලෙසින් MCTS වෙනුවෙන 20% විභාග ගාස්තු අඩුකිරීමක් සහිත වවුචර් ලබාදීමක් දැක්විය හැකියි

3 24x7 එහෙම නැතිනම් නිරන්තර සේවා සැපයීමේ ගිවිසුමක් ලයිසන් සමගම අත්සන් කරනවා. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් සම්බන්ධයෙන් මොනවා හරි අවුලක් උනොත් ඕනෑම වෙලාවක ඔන්ලයින් සහයක් ලබාගන්න පුලුවන්.

4. ලයිසන් වලින් විශාල මුදලක් අරන් මයික්‍රොසොෆ්ට් අපිව අතහැරලා දාන්නේ නෑ. අපි ලබාගත් ලයිසන් නිසි ආකාරයෙන් බාවිතා කරන හැටි ගැන් නිරන්තරයෙන් උපදෙස් ලබාදෙනවා. ලංකාවේ නම් මේ තත්ත්වය දැකගන්න අඩු උනත් වෙනත් රටවල් වල ලයිසන් ගත්ත ආයතනය එක්ක නිරන්තර ගනුදෙනුවක් අදාළ මයික්‍රොසොෆ්ට් නියෝජිතයා විසින් සිදුකරනවා.

5. අලුත් වන තාක්ෂණයන් ගැන ඔවුන් විස්තර ලබාදෙනවා. ලයිසන් එක තියෙන්නේ  windows XP වලට නම් windows 7 වල ඇති නව ගතිගුණ ගැන ඔවුන් විස්තර කරනවා. ඒ තුළින් windows 7 මිලදී ගැනීමට පෙළබවීමක් ඇති කරනවා වගේම අලුත් තාක්ෂණය ගැන අවබෝදෙකුත් ලබාදෙනවා. මේක නම් ටිකක් මාර්කටිං ප්ලෑන් එකක් වගේ...

ඉතින් මේ හැමදේම කරන්නේ හොද කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බවයි ඔවුන් පවසන්නේ.
 

About the author | Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

Unknown said...

වටිනා ලිපියක්.


ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

නිහඬ සිතිවිලි (Indrachapa) said...

දැනුවත් කලාට ස්තුතියි :)

anbuajithkumar said...

thanks for the awareness
වටිනා පුවතක් ස්තුතියි
தகவலுக்கு நன்றி

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers