සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Saturday 17 May 2014

Windows To Go - Step By Step Guide

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති වල නව යෙදවුම් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතින බව අපි හැමදෙනාම දන්නා කරුණක්.  මෙහෙයුම් පද්ධතිය මගින් ලබාදෙන සේවාවන් වඩා නම්‍යශීලීව  ලබාදීමේ අරමුණින් අතිරේක යෙදවුම් ඉදිරිපත් කළත් බොහොමයක් යෙදවුම් වල ප්‍රායෝගික භාවිතය නම් අඩු බවකුයි දැකගන්න ලැබෙන්නේ. ඒ නමුත් ප්‍රායෝගිකව ඉතාමත් වාසිදායක ලෙසින් බාවිතා කළ හැකි යෙදවුමක් ලෙසින් වින්ඩෝස් 8 සමග ඉදිරිපත් කළ  Windows To Go යෙදවුම දක්වන්න පුළුවන්.

Windows To Go කියන්නේ මොකද්ද? අපි හැමදෙනාම දන්නවා මෙහෙයුම් පද්ධතියක් වෙනවා නම් එය පරිගණකයක් ඇසුරින් දෘඩ තැටියක ස්ථීපිත කරන්න ඕනෑ කියන එක. නමුත් තාක්ෂණික දියුණුවත් එක්කම දෘඩ තැටිය මත ස්ථාපිත නොකර ඩීවීඩී එකක් මත හෝ පෙන් ඩ්‍රයිව් එකක් මත සිට ක්‍රියාත්මක් කළ හැකි ආකාරයේ මෙහෙයුම් පද්ධති නිර්මාණය වුණා. මේ ආකාරයෙන් නිර්මාණය වුණ මෙහෙයුම් පද්ධති එක්කෝ ඩීවීඩී එකක ඇතුළත් වුණා. නමුත් මේ කියන්න යන Windows To Go තාක්ෂණය හරහා අපි බාවිතා කරමින් තිබෙන පරිගණකයක වුවද ඉමේජයක් පෙන් ඩ්‍රයිව් එකක තැම්පත් කර ගනිමින් වෙනත් පරිගණකයකදී පහසුවෙන්ම භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. Windows To Go තාක්ෂණය පරීක්ෂණ මට්ටමින් බාවිතා කිරීමේ හැකියාව කලින් ලබාදී තිබුණත් අද වන විට මෙහෙයුම් පද්ධතියකම කොටසක් ලෙසින් වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 8.1 වලදී දැකගන්න පුලුවන්.


Windows To Go තාක්ෂණයේදී එක් එක් පරිගණක සදහා මෘදුකාංග ස්ථාපිත කර ගැනීම ඉබේම සිදුවෙනවා. ඒ නිසා එක් එක් මවුපුවරු වලදී පැනනගින ඩ්‍රයිවර්ස් දෝෂ මෙහිදී ඇති වෙන්නෙ නෑ. උදාහරණයක් ලෙසින් ඔබගේ නිවසේ පරිගණකයේ ඉමේජයක් Windows To Go හරහා ලබාගෙන කාර්යාලයේ භාවිතා කිරීමේදී ගැටලුවක් පැන නොනගින අතර එයම නැවතත් නිවසේදී භාවිතා කරන්න පුලුවන්.

අපි බලමු කොහොමද Windows To Go පහසුකම ක්‍රියාත්මක කරවා ගන්නේ කියලා. මුලින්ම වින්ඩෝස් 8 පරිගණකයකදී “windows to go" ලෙසින් සෙවුමක් කරන්න. එහිදී Settings යටතේ අපට Windows To Go ක්‍රියාත්මක කරවීම ආරම්භ කරගන්න පුලුවන්.



ඉන් පසුව ඔබ භාවිත කිරීමට සූදානම් වන පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්න. විශේෂයෙන් මතක තියාගන්න ඕනැ දෙ තමයි එහි ධාරිතාවය. එය 32GB වගේ වෙනව නම් වඩා හොදයි. එහෙම නැතිනම් USB වලින් සම්බන්ධ කළ් හැකි හාර්ඩ් ඩිස්කයක් වුණත් සුදුසුයි.



ඊළගට අපිට සිදුවෙනවා වින්ඩෝස් 8 ඉමේජයක් ලබාදෙන්න. එය පරිගණකයේ තැම්පත් කර ඇති ස්ථානය තෝරා දෙන්න.



එතනදී වින්ඩෝස් 8 වලදී අදුන්වා දුන් තවත් යෙදවුමක් ක්‍රියාත්මක කරන්න් වෙනවා. ඒ තමයි Bitlocker යෙදවුම. එහිදී අපට හැකියාව ලැබෙනවා අපි මේ නිර්මාණය කරගන්නට යන Windows To Go ඩ්‍රයිව් එක සදහා මුරපදයක් ලබාදෙන්න.



ඉන් පසුව අප සම්බන්ධ් කළ USB ඩ්‍රයිව් එක Windows To Go වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එහිදී එය බූටබල් ආකාරයෙන් සැකසෙනවා වගේම අපි කලින් ලබාදුන් ඉමේජය එයට පිටපත් වීමකුත් සිදුවෙනවා. මේ සදහා විනාඩි 15 වැනි කාලයක් ගත වෙනවා වගේම එය ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාව මත තීරණය වෙනවා.



පෙන් එක බූටබල් ආකාරයෙන් නිර්මාණය වී අවසන් වූ පසුව එසැනින් බූට් කරන්න ද කියා විමසනවා. එයට No, ලෙසින් ලබාදී Save and Close ක්ලික් කරන්න.



අනතුරුව Windows To Go වෙනුවෙන් අදාළ පෙන් ඩ්‍රයිව් එක භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. පසුව මෙම පෙන් ඩ්‍රයිව් එක වෙනත් ඕනෑම පරිගණකයකදී බාවිතා කිරීමෙන් ඔබේ පළමු පරිගණකය මෙන් අදාළ පරිගණකය භාවිතා කිරීමේ හැකියාව ලැබෙනෙවා. එතනදී අදාළ පරිගණකයේ USB වලින් බූට් කිරීමේ හැකියාව පමණක් තිබීම ප්‍රමාණවත්.



image - http://social.technet.microsoft.com/


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers