සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 18 May 2014

Windows 8 Recovery Environment

පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය යම් යම් හේතු නිසා අක්‍රීය තත්වයන් වලට මුහුණ දුන් විට වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ එන  Recovery නම් වූ යෙදවුම හරහා පරිගණක මෙහෙයුම් පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. පෙර ඉදිරිපත් වූ මෙහෙයුම් පද්ධති වලද මේ ආකාරයෙන් Recovery පහසුකම් පැවතියද වින්ඩෝස් 8 වලදී එම පහසුකම දියුණු කර තිබෙන බව දක්නට ලැබෙනවා. 

වින්ඩෝස් 8 පරිගණකයකදී පරිගණකය ක්‍රියාත්මක වීම ආරම්භ වන හෝ පරිගණකය රීස්ටාට් වෙන අවස්ථාවේ දී යතුරු පුවරුවේ Shift යතුර දිගටම ඔබාගෙන ඉදීමෙන් හෝ පරිගණකයේ PC Settings හරහා ගොස් General option යටතේ ඇති "Restart now under Advanced Setup" හරහා පරිගණකය රීස්ටාට් කරගැනීමෙන්  Recovery වෙත පිවිසිය හැකියි. 

එසේම ඩොස් වලදී shutdown /r /o යන විධානය ලබාදීමෙන් පසුව පරිගණකය රිස්ටාට් වන්නේ Recovery ආකාරයෙනි. 

එහිදී පහල රූපයේ ආකාරයෙ තෝරාගැනීම් 3ක් දක්නට ලැබේ. එතනදී අපට වැදගත් වන්නේ Troubleshoot යන කොටසයි.



එතනදී අපට හැකියාව ලැබෙනවා පහත රූපයේ ආකාරයෙන් Refresh your PC, Reset your PC, හෝ Access Advanced options යන ඒවාට පිවිසීමට හැකිවෙනවා. 

  1. Refresh your PC මෙහෙදී මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපිත වීමක් සිදුවෙනවා. නමුත් විශේෂත්වය වන්නේ දෘඩ තැටිය පෝමැට් වීමක් සිදු නොවීමයි. එනම් පරිශීලකයාගේ කිසිදු ගොනුවකට හෝ කළින් ක්‍රියාත්මක වූ කිසිදු මෘදුකාංගයකට බලපෑමක් සිදු නොවී මෙහෙයුම් පද්ධතියට අදාළ ගොනු පමණක් ස්ථාපිත වීම සිදුවෙනවා. 
  2. Reset your PC මෙහිදී පරිගණකය සම්පූර්ණයෙන්ම අලුත් ආකාරයෙන් එසේ නැත්නම් දෘඩ තැටිය පෝමැට් වී මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත වෙනවා. 
  3. Access Advanced options 



Advanced options මෙනුව යටතේ පහත රූපයේ ආකාරයේ විවිධ වු Recovery ආකාරයන් දැකගන්න පුළුවන්.


මෙහිදි පහත ආකාරයෙන් Recovery අවස්ථාවන් ලබාදෙනවා
  1. System Restore  පරිගණකය පැරණි දිනයකට පසු පසට ගෙනගොස් ක්‍රියාත්මක කරවනවා 
  2. System Image Recovery මෙහෙයුම් පද්ධතියට අදාළ ඉමේජයක් හරහා පරිගණකය නැවත ක්‍රියාත්මක කරවනවා 
  3. Automatic Repair මෙහෙදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විසින්ම ස්වයං ක්‍රියාකාරීත්වයක් හරහා තම පද්ධතියේ ඇති දෝෂ සමනය කරගෙන නැවත පරිගණකය ක්‍රියාත්මක කරවනවා 
  4. Command Prompt ඩොස් මෙහෙයුම් පද්ධතියට අදාළ කමාන්ඩ් ප්‍රොම්ට් එක විවෘත කරනවා 
  5. Startup Settings පරිගණකය බූට් වන සැකසුම් සියල්ල යළිත් යථා තත්ත්වයට පත් කර නැවත පරිගණකය ක්‍රියාත්මක කරවනවා 
Startup Setting  වලදී පහත රුපයේ දැක්වෙන ආකාරයේ වෙනස්කම් පරිගණකයේ සිදු කරනවා. 



මෙම මෙනුවේ දැක්වෙන ක්‍රියාකාරකම් වලට පරිගණකය බූට් වෙන අවස්ථා වලදී F1-F9 අතර කී එකක් එබීමෙන්ද පිවිසිය හැකි. 



මේ ආකාරයෙන් පරිගණකයක මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව පවතින දෝෂ සමනය කරගන්න මේ කියන Recovery Environment කොටස බෙහෙවින් උපකාර වෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers