සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Friday, 22 February 2013

Responsibilities of an Ethical Hacker

හැකර් කෙනෙක් වෙන්න හැමෝම සිහින දකිනවා. නමුත් හැකර් කෙනෙක් වෙන එක ඒ තරම් ලේසි නම් නෑ. බොහෝ දෙනක් හිතන්නේ අන්තර්ජාලයෙන් හොයාගන්න මොනවා හරි මෘදුකාංගයක් බාවිතා කරලා මෙහෙයුම් පද්දතියක හෝ පරිගණක් ජාලයක වෙනසක් කලාම තමන් මහාලොකු හැකර් කෙනෙක් කියලා. ඇත්තටම හැක් කිරීම හා හැකර් කෙනෙක් වීම කාලයක් මුලුල්ලේ පරිගනක සමග ඉදාලා ලබාගන්නා වූ අත්දැකීම් වලින් ලැබෙන දෙයක් කියන එකයි මාගේ අදහස.

කෙසේ වෙතත් හැකර් කෙනෙක් වීමට ඕනේ කරන මූලික කරුණු කීපයක් තියනවා


  • පරිගණක බාෂාවක් පිලිබද දැනුම 
  • පරිගණක මවු බාෂාව පිලිබද දැනුම 
  • පරිගණක ජාලකරණය පිලිබද දැනුම
  • මෙහෙයුම් පද්දති හා තෙවන පාර්ශවීය මෘදුකාංග ගැන පෘතුල දැනුමක්  
  • පරිගණක ආරක්ශාව පිලිබද ගැබුරු දැනුමක් 
  • දැනට බාවිතා වන ප්‍රදාන රවුටර් ෆයර්වෝල් හැසිරවීම පිලිබද ප්‍රයෝගික දැනුම 
  • ජාල සබදතා ගැන දැනුම්
  • යාවත්කාල වන දැනුම්  
  • නිර්මාණාත්මක සිතුවිලි 
  • පරිගණක් පිස්සුවක් 


ඉතින් මේ සියල්ල සහතිකපත් ඩිප්ලෝමා පාඨමාලාවකින් හෝ උපාධියකින් ලබාගත හැකි යැයි සිතන්න බෑ. කෙසේ නමුත් මෙයින් කීපයක් හෝ තමන් සන්තකයේ තිබෙනවා නම් හැකර් කෙනෙකු වීමට මූලික සුදුසුකම් තියෙනවා කියලා සෑහීමකට පත් වෙන්න පුලුවන්

මේ දැනුම ලබාගත් හැකර් කෙනෙක් තමන්ගේ දැනුම විනාශකාරී ලෙස බාවිතා කරනවා නම් ඔහු බ්ලැක් හැට් හැකර් කෙනෙක් ඒ වගේම සිය දැනුම පරිගණක ලෝකයේ උන්නතිය වෙනුවෙන් බාවිතා කරන කෙනෙක් නම් ඔහු වයිට් හැට් හැකර් කෙනෙක් ලෙසිනුයි හදුන්වන්නේ

හැකර් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන කෙනෙක් එහෙම නැතිනම් ethical hacker කෙනෙකුට සිය වෘත්තීය ජීවිතයේදී වගකීම කොටසක් තියනවා. ඒ කියන්නේ හැකර් කෙනෙක් උනත් සමාජගත වීමේදී හැසිරෙන්න ඕනේ විදියක් තියනවා.

1) ethical hacker කෙනෙක් එහෙම නැතිනම් වයිට් හැට් හැකර් කෙනෙක් අනිවාර්යයෙන්ම තම දැනුම හා අබවිතා කරන්නවූ මෙවලම් සියල්ල බාවිත කල යුත්තේ නීත්‍යානුකූල දේවල් වලට පමනයි ඒ වගේම සිය දැනුම පෞද්ගලික වාසි තකා යොදවන්නත් බෑ ඒ කියන්නේ ලෝකයට හොද මූණ එහෙම් නැත්නම් වයිට් හැට් හැකර් කෙනෙක් විදියට පෙන්නලා වෙනත් ආකාරයෙන් නරක වැඩ වලට සිය දැනුම බාවිතා කරන්න බෑ

2) ethical hacker කෙනෙක් යමක් හැක් කිරීමට උත්සාහ කරනවා නම් එය කරන්න යන පරිගණක පද්දතියේ ආරක්ශාවට තර්ජනයක් නොවන ආකාරයෙන් කරන්න ඕනේ. පැහැදිලි මදි නේද? ඒ කියන්නේ හැක් කිරීමකදී වහල තියන දොරවල් එහෙම නැතිනම් පරිගණක ජාලයේ වහල තියන පෝර්ට් ඇරගන්න වෙනවා. තමන් අරින්නේ මොන පෝර්ට් ද කියන එක ගැන අවබෝදයෙන් ඉදල හැකින් අවසාන උනාම ඒ අදාල පෝර්ට් වසා දැමීමක් කරන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක්

3) යම් ethical hacker කෙනෙක් සිය දැනුම් යෙදවිය යුත්තේ යම් ආයතනයක පරිගණක ජාලයේ ඇති තොරතුරු ගැන අවබෝධයෙන්. ඒ වගේම අදාල ආයතනයේ කළමණාකාරීත්වය සපයන පහසුමක් යටතේ අදාල හැක් කිරීම කරනවා හැර වෙනත් දේවල් කරන්න බෑ. ඒ කියන්නෙ අපි හිතමු යම් ආයතනයක් ගිණුම් වලට අදාල පරිගනකයක් හැක් වෙලා. වයිට් හැට් හැකර් කෙනෙකුගේ උදවු ඕනේ වෙනවා එය නිවැරදි කරගන්න. ඔහු ගිණුම් වලට අදාල සර්වරයට පිවිස දෝෂ නිරාකරණයි කරනවා හැර අදාල ආයතනයේ ඉන්ට්‍රානෙට් එකට හෝ මේල් සර්වරයට පිවිසීමට ඕනේ කරන්නේ නෑ.

4) ethical hacker කෙනෙක් යම් ජාලයකට එල්ල උන හැකින් ප්‍රහාරයකට විසදුම් සොයනවා නම් ඒ සෙවීමේදී අදාල ජාලයේ හමුවන අනාරක්ෂිත කවුලු ගැන අදාල පාර්ශවයන් දැනුවත් කරන්න තරම් කාරුණික වෙන්න ඕනේ. එහෙම නැතිව ඒ අනාරක්ෂිත තැන් වලින් පසුව ජාලයට රිංගීම වයිට් හැට් හැකර් කෙනෙකුගේ හොද වැඩක් වන්නෙ නේ. ඒ කියන්නේ අපි හිතමු බැංකුවක දත්ත ගබඩාවක් වෙත හැකින් ප්‍රහාරයක් එල්ල කරලා එහි දත්ත විනාශ කරලා නම් එය නිවැරදි කරන්න උත්සාහා කරන වයිට් හැට් හැකර් ට හැකියාව පවතින්න ඕනේ ඒ දත්ත රිකවර් කරලා පද්දතිය යතා තත්වයට පත් කරන්න. එසේම අදාල දත්ත වල බැකප් විම් සිදු වන්නෙ නැතිනම් බැකප් ගැන දැනුවත් කර ඒවා බාවිතයට ගන්නා ලෙස අදාල අංශ උනන්දු කරවන්න ඕනේ

5) ethical hacker කෙනෙක් නම් ඔහු සිය රාමුවේ සිට වැඩ කරන්න පුලුවන් වගකීමක් සහිත කෙනෙක් වෙන්න් ඕනේ. කිසිවෙකුගේ බලපෑමට සිය රාමුවෙන් පිට දේවල් කරන්න පෙලෙබෙන්න හොද නෑ.

ඉතින් අද වෙනෙකොට මේ Ethical hacking කියන දේ වයාපාරයක් බවට පත් වෙලා. මං දැක්කා  Ethical hacking ගැන සහතික පත් පාඨමාලාවක් විශාල මිලකට කරන බවට අන්තර්ජාල වෙබ් අඩවි වල ඇඩ් එකක් පවා දාලා තියනවා. හැක් උන දෙයක් බේරගන්න ආයතන හෝ පුද්ගලයින් තමන්ට හැකි හැමදේම කරනවා. ඒ තරමට හැකි ප්‍රහාර ත් වැඩි වෙලා. කොහොම උනත් හැකර් කෙනෙකු වෙන්න ලෙසි නැතුවා වගේම අලුත් වෙන තාක්ශණයත් එක්ක හැකින් කියන දේ ඉදිරි අනාගතයේදී පවතිද කියන එකත් සැක සහිතයි. නමුත් සමාජයේ හැකර් කෙනෙක් කියලා හදුන්වන කෙනාට උරුම නියමිත රැකියා තත්වය වන පද්දති ආරක්ෂක  ඉංජිනේරු (වෙනත් නමක් වෙන්නත් පුලුවන් කොහොම හරි නමේ අර්ථය පද්දතිය ආරක්ෂා කරනා යන එකයි) කියන පදවිය ඉදිරි කාලයේදී සෑම සෑම අයතනයකම වැදගත් රැකියා අවස්තාවක් වේවි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 20 February 2013

10 Computer Problems That New Computer Users Will Face

පරිගණකයක් මුලින්ම බාවිතා කරන්න ගන්න කෙනෙකුට මුහුණ දෙන්න සිදුවන ගැටලු... මේ වගේ දෙයක් ගැන ලියන්න් හිතුනේ ඉස් ඉස්සරලාම පරිගණකයක් බාවිතා කරන කෙනෙක්ට තිබුනු ප්‍රශ්ණ නිසා. ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති. අලුතින් පරිගණකයකට මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කරලා ඉවර උනාමත් මේ ගැටලුව මතු වෙනවා. ඉතින් මේ ලියන්නේ පරිගණක බාවිතය පිලිබද කෙළ පැමිණි අයට නම් නෙමෙයි. අද ඊයේ පරිගණක අතපත ගාන එයටයි.


පළමු ගැටලුව 
පරිගණකයේ කොටස් නිසි පරිදි සම්බන්ද කර ගැනීම 

කොටස් නිසි පරිදි සවි කරගන්න කලින් වියදම් කරන මුදලට වටිනා පරිගණක කොටස් ටිකක් ගන්න උත්සාහා කරන්න ඕනේ. ඉතින් පරිගණක් මවු පුවරුව එක්ක ලැබෙන අත් පොත බලාගෙන සරලව පරිගණකය එකලස් කරගන්න පුලුවන්. සමහර අයට තියන ගැටලුව තමයි හයි කලත් හරියටම හරිද කියන එක. අවදානමක් ගන්න වෙනවා අලුත් දෙයක් ඉගෙන ගන්න නම්. තමන්ට විශ්වාස නම් හරියට සියල්ල සම්බන්ද කළා කියලා ඊලගට තියෙන්නේ පවර් දෙන්න තමයි 

දෙවෙනි ගැටලුව 
හරියටම පරිගණකය Shut Down කරන ආකාරය 

පරිගණකය වැඩ අවසන් කලාම Shut Down කරන්න ඕනේ කියන එක හැමෝම දන්න දෙයක්. ඒ වගේම සමහර පරිගනක නම් එහෙම Shut Down කරන්නේ නෑ. සීප් මූඩ් එකේ තියන්නත් පුලුවන්. ඉතින් සමහරු මෙහෙයුම් පද්දතිය මගින්ම ලබාදෙන Shut Down පහසුමක බාවිත නොකර වෙන වෙන ආකාරයන් වලට පරිගනකය ක්‍රියා විරහිත කරන්න උත්සාහා දරනාවා දැකලා ඇති. උදාහරණයක් ලෙස ප්‍රදාන විදුලි සැපයුමේ ඇති ස්විචය ඕෆ් කිරීමෙන් සමහරු ක්‍රියාත්මක වෙමින් පවතින පරිගණකය අක්‍රීය කරනවා. ඇත්තෙන්ම මෙහෙම කරන්න හොදද? මොකද්ද Shut Down කරන හරි විදිය?

 අපි කලින් සදහන් කල ආකාරයට විදුලිය විසන්ධි කර පරිගණකය අක්‍රීය කරනවා නම් එය කෙලින්ම පරිගණකයේ පද්දති ගොනු වලට බලපානවා. ඒ කියන්නේ දෘඩ තැටිය හානි වෙන්න තියන ඉඩ කඩ වැඩි කියන එක. ඒ වගේම සුරක්ශිත නොකළ ගොනු පවා අහිමි වෙන්න පුලුවන්.

ඊලගට සමහරු පරිගණකයේ ඔන් බටන් එක ඔබාගෙන ඉදලා පරිගණකය අක්‍රීයි කරනවා. ඇත්තටම පරිගණකය ප්‍රතිචාර නොදක්වන අවස්ථා වලදී අපි මේ  ආකාරයෙන් ක්‍රියා කලත් එයත් විදුලිය විසන්දි කලා හා සමානයි.

ඉතින් මේ කරුණු අනුව වඩාත්ම හොදා හා ආරක්ශාකාරී වන්නේ මෙහෙයුම් පද්දතියෙන් ලබාදෙන Shut Down ක්‍රියාවලිය පිලිවෙලින් සිදුවීමට ඉඩ දීමයි.

තුන්වන ගැටලුව 
වින්ඩෝස් වලින් මතු කරන Problem Report කරන්න ඕනෑද එපාද කියන එක 

විවිධ මෘදුකාංග වලින් වැඩ කරන අවස්ථා වලදී එක් එක් දෝෂ පණිවිඩ ලැබුනාම මෙහෙයුම් පද්දතිය මගින් එය වාර්ථා කරන්න දැයි කියලා අහන සංවාද කොටු ඔයාලා දැකල ඇති. ඉතින් අලුතින් පරිගණකයක් බාවිතා කරන කෙනෙක් කලාතුරකින් තමයි මේ දෝෂ පණිවිඩ වාර්තා කරන්නේ. ඇත්තටම වේවා වාර්තා කරන්න ඕනේද නැද්ද?

මෙහෙයුම් පද්දතියක් ගත්තාම එය 100% සර්ව සම්පූර්ණ නෑ. ඒ වගේම එවැනි මෙහෙයුම් පද්දතියක් වෙනුවෙන් නිර්මාණය කරන තෙවන පාර්ශවීය මෘදුකාංගත් 100% සම්පූර්ණ නෑ. මෘදුකාංග හා මෙහෙයුම් පද්දති අතර ගැටුම් නිරන්තරයෙන් දැකගන්න ලැබෙනවා. මේවා පොදුවේ  bug ලෙසින් හදුන්වනවා. සමහර මෘදුකාංග මෙහෙයුම් පද්දතිය මගින් සම්පූර්ණයෙන්ම බාවිතය වර්ජනය කරනවා. ඒ වගේම සමහර දෘඩාංග බාවිතයේදීත් දෝෂ පණිවිඩ දක්වනවා. ඉතින් මෙවැනි අවස්තා වලදී ලබාදෙන දෝෂ පණිවිඩ මෙහෙයුම් පද්ධති නිර්මාණකරුවන්ට වාර්ථා කිරීමෙන් පහල දක්වලා තියන වාසි ලැබෙනව


  1. සර්ව සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්න දායකත්වය ලබා දෙන්න පුලුවන් 
  2. පවතින දෝෂය නිරාකරණය කර ගැනීමට සහය ලැබෙනව


ඉතින් වඩාත්ම හොද දේ වෙන්නෙ මෙහෙයුම් පද්දතියෙන් ලබාදෙන යම් දෝෂ පනිවිඩයක් වාර්තා කරන්න ඕනේ ද යැයි මෙහෙයුම් පද්දතිය මගින් විමසන අවස්තා වලදී එය වාර්තා කරන එකයි. එයින් ඔබට ඒ මෙහොතේ සහයක් වාසියක් නොලැබුනත් අදාල පනිවිඩය ගැන සලකා අවසානයේ එයට විසදුම් ලබාදීම මුලු ලෝකයේම මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නන්ට සහනයක් වේවි

හතර වන ගැටලුව 
Text කුඩා කරගැනීම් 

මුලින්ම පරිගනකය බාවිත කරන කෙනෙක්ට හිතෙන්න පුලුවන් අයිකන් ලොකු වැඩි කියලා. ඉතින් කොහොමද මේ text කුඩා කරගන්නේ? Control Panel වලදී Appearance and Personalization තෝරාගන්න. එතනදී Display Settings දැකගන්න පුලුවන්. Resolution අඩු වැඩි කරමින් ඕනේ තරමට හදාගන්න පුලුවන්.

පස්වන ගැටලුව
ගොනු හොයාගන්න බැරි වීම -  ගොනු නැති වීම

අලුතින් පරිගනකයක් බාවිතා කරනව කියන්නේ මෙහෙයුම් පද්දතියට අලුත් නම් එහි ගොනු තැම්පත් උන ස්තාන හදුනා ගැනීමේ අපහසුවක් දැනේවි. උදාහරනයක් ලෙස අවුට්ලුක් ගනිමු. එහි ඩේට ගොනුව තැම්පත් වෙන්නේ ඩොකියුමන්ට් ඇන්ඩ් සෙටිංග්ස් වල ඇතුලේ ඇති පෝල්ඩරයකයි

ඉතින් සරලවම මෙහෙයුම් පද්දතිය මගින් ලබාදෙන සෙවුම් පහසුකම බාවිතා කරලා හොයාගන්න බැරි ඕනේම ගොනුවක් සොයාගන්න පුලුවන්.

හයවන ගැටලුව 
අන්තර්ජාලයට සම්බන්ද වීම 

එක පරිගනකයක් අන්තර්ජාලයට සම්බන්ද කිරීම නම් පහසු දෙයක්. නමුත් පරිගණක කීපයක් අන්තර්ජාලයට සම්බන්ද කරනවා නම් එය ටිකක් කල්පනා කරලා කරන්න ඕනෙ දෙයක්. ඉතින් එක් පරිගණකයක් වෙනුවෙන් අපිට ඩොංගලයක් බාවිතා කරලා අන්තර්ජාල සබදතාවය ලබාගන්න පුලුවන්

එතනදි අදාල සේවා සපයන්නාගේ සැකසුම් නිසි ආකාරයෙන් සකසා ගන්න ඕනේ. විශේෂයෙන් APN සැකසුම් නිසි ආකාරයෙන් සකසා ගන්න ඕනේ. නැතිනම් අන්තර්ජාල පහසුමක් ලබාගන්න බැරි වෙනවා.

ඩොංගලයක් බාවිත නොකර කේබල් සබදතාවක් ලබාගන්නවා නම් අදාල සේවා සපයන ආයතනයි හරහාම සැකසුම් සකසගෙන බාවිතා කරන එක පහසුයි.

හත්වන වන ගැටලුව 
No Sound


විවිධ හේතු කාරණා නිසා පරිගනකයේ ශබ්දය එහෙම නැතිනම් sound නොලැබෙන්න පුලුවන්. මුලින්ම බලන්න් ඕනේ volume mute වෙලද් කියලා. පහල රූපය බලන්න. mute ආකාරය මේ විදියටයි දකින්න වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට ඩ්‍රයිවර්ස් නැති උනාමත් මෙහෙමෙ පෙන්නනවා. අලුතින් පරිගණකයක් එකලස් කලාම හොදම දේ මවු පුවරුවත් එක්ක ලැබෙන සිඩී එකෙන් අදාල ඩ්‍රයිවර්ස් ස්තාපිත කරගන්න එකයි.





අටවන ගැටලුව 
ප්‍රින්ට් කරන්න දුන්න ජොබ් එකක් කැන්සල් කිරීම 

ප්‍රින්ට් කරන්නට ලබාදුන් ගොනුවක් අනවශ්‍ය යැයි හැගුනහොත් ප්‍රින්ට් වෙමින් තිබෙන අතර තුර එය නවත්වන්නේ කෙසේද? බොහෝ දෙනා කරන්නේ එක්කෝ ප්‍රින්ටෙර් එක් ඕෆ් කරන එක. මං දැකලා තියනවා සමහර අය පිසී එකට ගහල තියන යූස්බී කේබල් එක ගලවනවා. ඉතින් මේ දේවල් වලින් ඇත්තටම ප්‍රින්ට් ජොබ් එකෙ කැන්සල් වෙනවද?

එහෙම වෙන්නෙ නෑ. සිදුවන්නේ පරිගණකය හා ප්‍රින්ටරය අතර සබදතාවය බිද වැටෙන එකයි. ආයේමත් සබදතාවය හෝ විදුලිය ලැබුන විට ප්‍රින්ට වීම ඇරබෙනවා. ඉතින් Printer Job Manager හරහා අනවශ්‍ය ප්‍රින්ට් ජොබ් නවත්වාගන්න පුලුවන්.

නව වන ගැටලුව 
මවුසට හෙමින් හෝ ඉතා වේගයෙන් ගමන් කිරීම 

බොහෝ දෙනෙකුට තියන ගැටලුවක් තමයි මේ මවුසය ඉතා හෙමින් හෝ ඉතා වේගයෙන් ක්‍රියා කිරීම. මෙයට බලපාන හේතු කීපයක්ම තියනවා. එකෙක් තමයි මවුසයේ සැකසුම් වල තියන දුර්වලතා. ඒ වගේම මවුසය තියලා තියන මතුපිටේ ස්වබාවයත් මෙයට බලපානවා. Control Panel වල Keyboard and Mice wizard  වලදී  mouse pointer moves කියන සැකසුම මගින් මේ දෝශයන් සකසා ගන්න පුලුවන්.

දසවන ගැටලුව 
උදවු ලබා ගැනීම 

මෙහෙයුම් පද්දතීයට පදම් වන තුරු එහෙම නැතිනම් මෙහෙයුම් පද්දතියට හුරු වන තුරු විවිද ආකාරයේ උපකාර උවමනා වෙනවා. මෙහෙයුම් පද්දතිය මගින්ම මේ උපකාර ලබාගැනීමේ අවස්තාව සලසා දෙනවා

ඕනේම මෘදුකාංගයකදී F1 යතුර එබීමෙන් සහය ලබාගන්න පුලුවන්.

ඉතින් අදුනාගන්න හැකි මූලික ගැටලු 10 ක් මේ ආකාරයෙන් දැක් වුවත් මීට අමතරව බොහෝ ගැටලු පවතින්න පුලුවන්. පරිගණක බාවිතයට පදම් උන කෙනෙකුට නම් මේ පෝස්ටුවත් වැඩකට නැති දෙයක් වෙයි. නමුත් අලුත් කෙනෙකුට නම් මේ හරහා යමක් ඉගෙන ගන්න පුලුවන් වේවි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday, 18 February 2013

Increase Speed of Hard Disk

පරිගණක භාවිතයේදී මද වේගවත් බාවය බොහෝ දෙනෙකුට තියන ගැටලුවක්. එයට ප්‍රදාන හේතුව වන්නේ දෘඩාංග වල පවතින අඩුපාඩු. එමෙන්ම යම් යම් මෘදුකාංග දේෂත් පරිගණකයේ වේගය අඩාල වීමට බලපානවා. ඉතින් අඩු දෘඩාංග පහසුකම් යටතේ උවත් වැඩි වේගවත් බාවයක් ලබා ගැනීමට මොනවද කරන්න පුලුවන්?


පරිගණකයක වේගයට දෘඩාංග කෙලින්ම බලාපාන බව කලින් සදහන් කලා. එයිනුත් ප්‍රදානම වන්නේ පරිගණකයේ සකසනය. ඉන් පසුව පරිගණකයේ මතකය. ඉන් අනතුරුව දෘඩ තැටියේ කාර්යක්ශමතාවයත් පරිගණකයේ වේගයට බලපානවා. අඩු කාර්යක්ශමතාවයක් සහිත දෘඩ තැටියක් බාවිතා කරන පරිගණකයක සකසනය වේගවත් උනත් අපි බලාපොරොත්තු වන වේගය ලබාගන්න හැකියාවක් නෑ. දෘඩ තැටියේ කාර්යක්ශමතාව අඩුවීම කියන්නේ එහි ලිවීමේ හා කියවීමේ වේගය මන්දගාමී වීමයි. ඉතින් අපිට හැකියාව තියනවා මේ ලිවීමේ හ කියවීමේ වේගය වැඩි කරගන්න.


පරිගණකයක දෘඩාංග සැකසුම් වල් මූලික දත්ත සුරක්ෂිත වන්නේ system.ini ගොනුවෙයි. මුලින්ම මේ Run වලදී sysedit ලෙසින් සටහන් කර System configuration editor වෙත යන්න. පහල රූපයේ ආකාරයෙන් එයි විවර වේවි. 

වින්ඩොස්  7 වලදී නම්   > Control Panel > System and Maintenance > Administrative Tools> System Configuration වලින් මෙතෙන්ට යන්න් පුලුවන්. ඒ වගේම system.ini කියලා සෙවුමක් දාලත් මේ අදාල ගොනුව වෙත යන්න පුලුවන්.  



මෙහි වින්ඩෝස් ගනනාවක් දැකගන්න පුලුවන්. එයින් system.ini කියන වින්ඩෝ එක තෝරගන්න. පහල රූපයේ ආකාරයෙන් 


රූපයේ ආකාරයෙන් 386enh ලෙසින් දක්වන ස්ථානයට පසුව irq14=4096 ලෙසින් සටහන් කර සේවු කරන්න. ඉන්පසුව් පරිගණකය රීස්ටාට් කරන්න. දෘඩ තැටිය පෙරට වඩා කාර්යක්ශමව ක්‍රියාත්මක වන ආකාරය දැකගන්න ලැබේවි. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Useful Windows tricks

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති කියන්නේ ජනප්‍රිය බාවිතාවට පහසු ඒ වගේම වැඩි දෙනෙක් බාවිතා කරන මෙහෙයුම් පද්දතියක් කියන එක හැමදෙනාම දන්න කරුණක්. ඉතින් මේ මෙහෙයුම් පද්දති සියල්ලටම වාගේ පොදුවේ බාවිතා කරන්නට පුලුවන් සැකසුම් තියනවා. ඒවා සමහර අවස්තා වලදී ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ඉතාමත් වටිනා නමුත් බාවිතා නොකරන සැකසුම් කීපයක් ගැනයි 

1. maximize කරන්න එපා. full screen බාවිතා කරන්න 
යම් වීඩියෝවක් හෝ පිංතූරයක් බලන විට එය විශාලව බලන්න ඕනේ නම් අපි කරන්නේ එය maximize කරන එක. ඇයි එහෙම කරන්නේ? වින්ඩෝස් වලින් අපිට ලබාදෙන full screen පහසුකම බාවිතා කලා නම් maximize වලදී ලැබෙනවාටත් වඩා හොදින් විඩියෝව හෝ පොටෝ එක බලාගන්න පුලුවන්. මේ පහසුමක  Windows Explorer වලදී වගේම  Windows Media Player වලදීත් ඉතාමත් හොදින් වැඩ කරනවා. 

කොහොමද මේක් කරන්නේ?  F11 යතුර බාවිතා කරලා මේක කරගන්න පුලුවන්. එතනදී වෙන්නේ title bar එක් හා  taskbar එක සැගවිලා යන එක. 



full-screen mode එකෙන් ඉවත් වෙන්න නම් පහසුවෙන්ම Esc (Escape) කී එකෙ ඔබන්න.

2. Navigation pane සැකසුම් සකස් කර ගන්න 

Windows Explorer  වල දකුණු පස කොටසින් එක් එක් වෙනස් කම් කරගන්න පුලුවන්. එතනදි මූලික වශයෙන්  folders සෙවීමක් කරන්න frequently used folders ඒ කියන්නේ ලගදීම බාවිතා කල පෝල්ඩර හොයාගන්න වගේ දේවල් පහසුවෙන් කරගන්න පුලුවන්. ඒ වගේම ඒ ඒ පෝල්ඩරයන් අතර දත්ත කොපි කිරීම වගේ දේවලුත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. 

navigation pane දකින්න නොමැති නම් Windows Explorer වලදී Organize වලදී Layout තෝරන්න. එහිදී Navigation pane දැකගන්න් ලැබේවි. වින්ඩෝස් 7 වලදී නම් Organize වලදී Folder and search තෝරන්න. Folder Options වල General ටැබ් එකට් යන්න. 

Show all folders මගින් මේ සකසුම ලබාගන්න පුලුවන්










3. Windows 7 taskbar එකට අවශ්‍ය මෘදුකාංගයන් පින් කර ගැනීම

නිතර ඕනේ කරන මෘදුකාංගයන් ටාක්ස්බාර් එකේ පින් කර එහෙම නැතිනම් සවි කර තබා ගත් විට් නිතර නිතර All Programme හරහා ඒවාට පිවිසීමට ගතවන් කාලය අඩු වෙනවා. පහල රූපයේ ආකාරයෙන් එය සරලව කරගන්න පුලුවන්. 



4. Quick Launch බාර් එකේ සැකසුම් 

වින්ඩෝස් XP වලදී Quick Launch බාර් එකෙ ඉතාමත් වටිනා යෙදුමක් ලෙසින් දක්වන්න පුලුවන්. 




5.ඩෙක්ස්ටොප් එක මත පවතින වින්ඩෝස් වල සැකසුම් 

+Left Arrow හෝ  Windows logo key +Right Arrow මගින් මේ පහසුකම සකසාගන්න පුලුවන්. 



එසේම වින්ඩෝ සියල්ල ගෘප් එකක් ලෙසින් දැක්වීමත් පහත රූපයේ ආකාරයෙන් කරගන්න පුලුවන් 



6. භාවිතා කරන ගොනු ගෘප් ලෙසින් දැක්වීම




Share:

Sunday, 10 February 2013

Automatically Send Birthday Wishes to FB Friend

උපන්දිනයකට සුභ පැතීම් ඉස්සර නම් ටිකක් අමාරු දෙයක්. දිනය මතක තියාගන්න, හරියටම දිනයට ලැබෙන්න කාඩ් එකක් යවන්න ලංකාව වගේ රටක ටිකක් අමාරු වැඩක් උනා ඉස්සර. නමුත් අද හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. අන්තර්ජාල පරිහරණය නිසා හැම දෙයක්ම වගේ ලේසි වෙලා තියනවා ඉතින් උපන්දිනයකට සුබ පතන්න අපිට අමතම උනත් එය ඉබේම අපි වෙනුවෙන් කරදෙන වෙබ් අඩවියක් තියනවා. එ තමයි birthdayfb. මේ වෙබ් අඩවිය මගින් ෆේස්බුක් ගිණුමේ තියන තොරතුරු ලබාගෙන අදාල දිනයට උපන්දින සුභපැතුම් පැතීමක් කරනවා. අපි බලමු කොහොමද එහි සැකසුම්  කරගන්නේ කියලා.


මුලින්ම birthdayfb නිල වෙබ් අඩවියට පිවිසෙන්න 




ඉහල රූපයේ ආකාරයෙන් වෙබ් අඩවිය විවෘත වේවි මෙහි අංක 1 යටතේ පවතින Connect with facebook වලට යන්න. එහිදී පහල රූපයේ ආකාරයෙන් ඔබගේ අනුමැතිය ඉල්ලාවි 


ඔබේ අනුමැතිය ලැබුන පසුව ඔබේ පේස්බුක් ගිණුමෙන් තොරතුරු ලබාගෙන පහල රූපයේ ආකාරයෙන් සැකසුම් සදහා සංවාද කොටුවක් ලබාදේවි 


මෙතනදී සුභ පතන්න ඕනේ කෙනාගේ නම තෝරලා මාතෘකාවක් තෝරන්න.

ඊලගට සුභ පැතුම එක් කරලා සේවු කරන්න. මේ ආකාරයට සුභ පතන්න ඕනේ සියලු දෙනාටම සුභ පැතුම් එක් කරලා සේවු කරන්න ඉතින් එක් වරක් මේ දේ කලාම ආයෙමත් කරන්න ඕනේ නෑ. ඊලග වසරේත් ඉබේම මේ වෙබ් අඩවිය සුභ පැතීම කරනවා. ඕන්නේ නම් සැකසුම් වෙනස් කරන්න වෙබ් අඩවිය මගින්ම පහසුමක් දෙනවා 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

CORELDRAW X6 Full


එක් එක් නිර්මාණ අලංකාර ලෙසින් කරගන්න බාවිතා කරන මෘදුකාංග අතරින් ඇඩෝබි පොටෝශොප් සේම කොරල් ඩ්‍රෝ කියන්නෙත් ජනප්‍රිය මෘදුකාංගයක්. ඉතින් එහි විවිධ සංස්කරණ ඉදිරිපත් වෙලා තියනව මේ වෙනකොට. වෘත්තීමය වශයෙන් graphic design වගේම website design කරන අයටත් වැදගත් වන මේ මෘදුකාංගය මුදල් දීලා ගන්න ඕනේ උනත් කී එකක් එක්ක සංස්කරණයක් ලැබුනා.



ඉතින් මේ ලබාදෙන CorelDRAW Graphics Suite X6 මෘදුකාංගයේ අලුත් දේවල් ගොඩක් තියනවා. 

- Superior vector illustration & page layout
- Versatile drawing and tracing tools
- Professional photo editing-capabilities
- Powerful website design software

The suite includes:
• CorelDRAW X6. Intuitive vector illustration and page-layout application
• Corel PHOTO-PAINT X6. Professional image-editing application
• Corel PowerTRACE X6. Accurate bitmap-to-vector tracing tool
• Corel Website Creator X6. Powerful do-it-yourself website design software
• Corel CAPTURE X6. Simple one-click screen capture utility
• Corel CONNECT X6. Instant content finder
• PhotoZoom Pro 2. Convenient PHOTO-PAINT plug-in to enlarge digital images
• ConceptShare. Interactive online collaboration tool

Functions of CorelDRAW Graphics Suite X6:
• Upgraded User Interface
• The ability to exchange ideas with colleagues and clients in real time
• Advanced and powerful solution for transforming raster images into vector graphics
• Maximize colors in Corel and Microsoft
• Matching colors in Corel and Adobe
• Improved integration with Windows Vista
• Changed dialog box "Create a template"
• 80 professionally designed templates
• New, editable material
• Accelerate layout and text editing
• Formatting text in real time
• Mirror paragraph text
• Support for RAW files
• Straighten images
• Information in the form of histograms
• Convert raster to vector
• Improved dialog "color curve"
• Finished page size

මේ මෘදුකාංගය ස්තාපිත කරන්නට නම් අවම වශයෙන් පහල තියන දේවල් වත් තියෙන්න ඕනේ.

Windows XP Last SP/ Vista/ 7 (32 and 64 bits)
1 GB of RAM
1.5 GB of free HDD space
1024 x 768 screen resolution

ඉතින් මේ මෘදුකාංගය  පහල ලිංකුවෙන්  බාගත කරගන්න පුලුවන් 

මේ මෘදුකාංගය වෙනුවෙන් බාවිත කරන්න් පුලුවන් කී එක පහල ලිංකුවෙන් බාගන්න පුලුවන් 
 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Thursday, 7 February 2013

The Jewel in the Crown අභීත දියණිය

අහෝ සුජාත දියනිය අදින් අවසන් වෙයි. මාස කීපයක් පුරාවටම ජාතික රූපවාහිනියෙන් විකාශය උන් මේ කත මාලාව නිර්මාණය වූයේ කොරියානු රජ පවුලක් හා සම්බන්ද සත්‍ය කථාවක් පදනම් කරගෙනය. ඉතින් මින් පසුව නැවතත්  කොරියානු නිර්මාණයක් වන The Jewel in the Crown අභීත දියණිය ලෙසින් විකාශය වීමට නියමිතයි.

සුජාත දියණිය කෙතරම් ජනප්‍රිය උනාද කියනව නම් චංගුමී නමින් බොජුන් හලක් පවා විවෘත උනා.
අභීත දියණිය, මෙහි සුජාත දියණිය ටෙලි වෘතාන්තයේ රගපෑ අයත් රංගනයෙන් දායක වෙනවා. මෙසේ හඩ කවමින් පිට රට නිර්මාණ අපේ රටේ ප්‍රදර්ශණය කලේ අද ඊයේ නෙමෙයි. ඉතින් මේ කතා මාලාව නරබන්න කැමති අයට පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 30 January 2013

Clear CMOS to Reset BIOS Settings

පරිගණකයේ මූලික සැකසුම් එහෙම නැතිනම් low-level settings ඒ කියන්නේ පරිගණකයේ වෙලාව, මුරපද වගේ දේවල් සුරක්ශිත වන්නේ CMOS තුලයි. මේ සැකසුම් මූලිකවම පාලනය වන්නේ  BIOS setup menu එක හරහායි. ඒ කියන්නේ BIOS හරහා CMOS සැකසුම් වෙනස් කරගන්න පුලුවන්.

CMOS සැකසුම් Clear කිරීම මගින් පරිගණකයේ BIOS සැකසුම් වල නිශ්පාදිත තත්වය, එහෙම නැතිනම්  factory default තත්වයට ගන්න පුලුවන්. බොහොමයක් දෘඩාංග දේෂ මේ factory default  තත්වය තුලදී විසදාගන්න පුලුවන්. අපි බලමු BIOS හරහා CMOS සැකසුම් Clear  කරගන්නා ආකාරය.

මේ තමයි CMOS සැකසුම් Clear කිරීමේ පහසුම ආකාරය. පරිගණකයේ BIOS වෙත පිවිසෙන්න. ඒ වෙනුවෙන් පරිගණකය ක්‍රියාත්මක කර මුල් තප්පර කීපයේදී පරිගණක තිරයේ මවුපුවරුවේ ලෝඩ් වීම සිදු වෙනවා. එහිදී තිරයේ යටින්  BIOS  වලට පිවිසීමට අහවල් යතුර ඔබන්න කියා පහල රූපයේ ආකාරයෙන් දක්වාවි. බොහෝ විට  Delete හෝ  F2 මගින් BIOS වෙත පිවිසෙන්න හැකී වේවි.

කුමන කී එකක් ඔබන්න් ඕනේද කියන එක දකින්න නොලැබුනොත් ඔබගේ මවුපුවරුවට දාල මැනුවල් එක බලලා ඒ ගැන තොරතුරක් ගන්න හැකි වේවි.



බයෝස් වලට පිවිසුන පසුව බොහෝ විට Reset to default, Load factory defaults, Clear BIOS settings, Load setup defaults හෝ මීට සමාන අදහසක් සහිතව සැකසුම් දකින්න ලැබේවි. පහල රූපයේ ආකාරයෙන් දක්නට ලැබේවි. arrow keys මගින් ඕනේ කරන දේ තෝරා Enter කී එක ඔබන්න. එතනදී මේක කරන්නද කියලා අහනවා. එය confirm කරන්න. දැන් මවුපුවරුවට අදාල BIOS සැකසුම් default settings තත්වයට පත් වෙනවා.



ඉහත ක්‍රමය හැරුනු විට මවුපුවරුව මත් පිහිටි CMOS ජම්පරය මගිනුත් මේ දේ කරගන්න පුලුවන්. මේ ක්‍රමය බාවිත කරන්න වන්නේ බොහෝ අවස්තා වලදි BIOS වලට මුරපදයක් යොදා ඇත්නම් පමනයි. එහිදී කෙලින්ම BIOS වෙත පිවිසීමේ හැකියාවක් නොමැති නිස මේ ක්‍රමය බාවිතා කරන්න් පුලුවන්.

බොහොමයක් මවුපුවරු වල CMOS සැකසුම් Clear කරන්නට ජම්පරයක් තිබෙනවා. පරිගනකයේ case එක ඉවත් කල පසුව මේ ජප්මරය සොයාගන්න පුලුවන්. එක් එක් මවුපුවරු නිශ්පාදකයාට අනුව එය පිහිටන තැන වෙනස් උනත් ඒ අසලින් කුඩාවට CLEAR CMOS, CLEAR, CLR CMOS, PASSWORD හෝ CLR PWD ලෙසින් දක්වලා තිබේවි.මවුපුවරුවට හානි නොවන ආකාරයෙන් ජම්පරය ගලවා ඉවත් කරගන්න. ඉවත් කල පසුව power on කර නැවත  off කරන්න. ඉන්පසුව ජම්පරය නිවැරදි ආකාරයෙන් නැවත පරිගණකය පණ ගන්වන්න. 



එසේ නොමැති නම් මවුපුවරුවට හානි නොවන ආකාරයෙන් CMOS battery එක ගලවා ඉවත් කරගන්නත් පුලුවන්. බැටරිය ගලවා ඉවත් කල පසුව power on කර නැවත  off කරන්න. ඉන්පසුව බැටරිය නිවැරදි ආකාරයෙන් නැවත පරිගණකය පණ ගන්වන්න. CMOS බැටරිය මගිනුයි BIOS සැකසුම් රදවා ගැනීමට බලය ලබාදෙන්නේ. එම බල සැපයුම බිද වැටුන විට  BIOS සැකසුම් ඉවත් වෙනවා. මේ ක්‍රියාකාරකම් කරන විට static electricity වලින් මවුපුවරුව බේරා ගැනීමට අදාල පියවරන අනුමගනය කරන්න



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

What is svchost.exe?


ක්‍රියාකාරී පරිගණකයක ආරම්භක අවස්තාවේ සිටම ක්‍රියාත්මක වන මෙහෙයුම් වලට අදාල පද්දති ගොනු සේවාවන් හැරුනු විට විවෘත කර ඇති මෘදුකාංග වල සේවාවන් හා පද්දති ගොනු ක්‍රියාත්මක වන බව අපිට ටාක්ස් මැනේජරය මගින් බලාගන්න පුලුවන්. එයිනුත් සමහර සේවාවන් හා .exe ගොනු හදුනා ගන්න හැකි උනත් සමහර සේවාවන් කුමක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවාද යන්න සොයා ගැනීම හා ඒ ක්‍රියාකාරම් තේරුම් ගැනීම ගැටලු සහගතයි. මේ හැම සේවාවකටම හා .exe ගොනුවක් ක්‍රියාත්මක වීමට් පරිගණක මතකයෙන් යම් කොටසක් වැය වන බව ටාක්ස් මැනේජරය මගින් බලාගන්න පුලුවන්. ඉතින් ටාක්ස් මැනේජරය තුලදී වැඩි වශයෙන් දකින්න් ලැබෙන svchost.exe ගොනුව යනු කුමද්ද එහි සේවාව කුමද්ද යන්න සොයා බලමු.

මයික්‍රොසොෆ්ට්  svchost.exe යනු "a generic host process name for services that run from dynamic-link libraries” ලෙසින් අර්ථ දක්වනවා. මයික්‍රොසොෆ්ට් කර්නලයේ ක්‍රියාකාරීත්වය ගැන වැටහීමක් ඇතොත් වින්ඩෝස් NT වල සිට වින්ඩෝස් XP වලට මාරු වීමේදී සියලුම අභ්‍යන්තර වින්ඩෝස් පද්දති සේවාවන් සියල්ලම පාහේ .dll ගොනු වල සිට .exe ආකාරයේ ගොනු බවට පත් කලා. එයට හේතු උනේ .dll වලට වඩා  .exe ගොනු විශ්වාසවන්ත වීමයි. ඒවගේම කිසිම දිනක .dll ගොනුවක් කෙලින්ම ක්‍රියාත්මක කරන්න executable (.exe) ගොනුවක් වගේ ක්‍රියාත්මක කරන්න නොහැකි වීම. අන්න ඒ නිසයි පොදුවේ සියලුම .dll ගොනු වෙනුවෙන් svchost.exe කියන .exe ගොනුව නිර්මාණය උනේ.

කෙසේ නමුත් ටාක්ස් මැනේජරය බැලූ විට svchost.exe එකකට වඩා වැඩි ගණනක් (නිසැකවම 5ක් 6ක්) ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනේවි. එයට හේතුව කුමද්ද? කලින් පැහැදිලි කලා ඇයි මේ ආකාරයේ svchost.exe  එකක් නිර්මාණය උනේ කියලා. .dll ආකාරයේ ගොනු, සේවාවන් සියල්ලම දැන් ක්‍රියාත්මක වන්නේ svchost.exe  හරහායි. ඉතින් සාම්ප්‍රදායික .dll ගොනු සියල්ලේම කාර්යයන් කිරීම වෙනුවෙන් එක් එක් svchost.exe  ගොනු ක්‍රියාත්මක වෙනවා. එසේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය මගින් සිය ක්‍රියාවලීන් වෙනුවෙන් එක් එක් සේවාවන් ක්‍රියාත්මක කරගන්නවා. ඒව අපිට control panel එකේ services වලදී බලාගන්න පුලුවන්. ඉතින් එකිනෙකට සමාන සේවාවන් ගෘපයක් වෙමින් එය එක් svchost.exe එකක් හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් එක් svchost.exe බිදවැටුනොත් අනිවාර්යයෙන්ම වින්ඩෝස් බිද වැටෙනවා. උදාහරණයක් ලෙස එක් svchost.exe එකක් මගින්  firewall එකට අදාල ඒවාවන් 3 ක්‍රියාත්මක කරවනවා. ඒ වෙනුවෙන් පරිගණක මතකයෙන් වැය වෙන කොටස වැඩි වෙන්න වැඩි වෙන්න පරිගණකය ස්ලෝ වෙනවා.

ඉතින් අදාල නොමැති සේවාවන් නවතා දැමීමෙන් අමතර svchost.exe ක්‍රියාත්මක වීම පාලනය කරගන්න පුලුවන්. කොහොම උනත් ලොකුම ප්‍රශ්ණය තමයි මොන සේවාවද නවත්වන්නේ කියන එක. ටාක්ස් වි විවෘත කරගෙන “Show processes from all users” යොදන්න. එවිට සියලුම සේවාවන් දැකගන්න ලැබේවි. දැන් බලන්න svchost.exe කීයක් තියනවාද කියලා.



මේ සියල්ල ඩොස් හරහා බලන්නේ කොහොමද? අපිට පුලුවන් ඒ වෙනුවෙන් tasklist විදානය සමග /SVC  උප විදාන කොටස බාවිතා කරන්න.පහල රූපය බලන්න

tasklist /SVC



මෙතනදී අපිට මොන සේවාවද බාවිත කරන්නේ කියන එක පැහැදිලිව දැකගන්න පුලුවන්. ඉතින් මොන සේවාවද svchost.exe මගින් බාවිතා කරන්නේ කියන එක සොයන්නේ කොහොමද කියලා බලමු.  මුලින්ම svchost.exe එකක් උඩ රයිට් ක්ලික් කරලා “Go to Service” වලට යන්න. පහල රූපයේ ආකාරයෙන්.



එතනදි ඔන්න අදාල සේවාවන් ටික හයිලයිට් වෙලා පෙන්නවා.



Description යටතේ අදාල සේවාව ගැන සියලුම විස්තර දැකගන්න පුලුවන් වේවි. ඉතින් ඒ අනුව අපිට තීරණය කරන්න පුලුවන් ඒ සේවාව ඕනේද නැද්ද කියලා. ඒ වගේම තෙවන පාර්ශවීය මෘදුකාංගයක් බාවිත කරමින් උනත් මේ දේ කරගන්න පුලුවන්. Process Explorer කියන්නේ ඒ ආකරයේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේදී ටාක්ස් මැනේජරය මගින් පෙන්වන දත්තයන්ට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. පහල රූපය බලන්න.



අදාල svchost.exe එක මත ඩබල් ක්ලික් කල විට විවෘත වන මෙනුවෙන් Services ටැබ් එක තෝරන්න. එතනදී අදාල සේවාව stop කිරීම වැනි දේවල් කරගන්න පුලුවන්.



සේවාවක් Disable කිරීම මගිනුත් මේ svchost.exe ක්‍රියාකාරකම් පාලනය කරගන්න පුලුවන්.Control Panel වලින් administrative tools වල service මගින් හෝ run වල services.msc ලෙසින් සටහන් කර එන්ටර් කිරීමෙන් හෝ service වලට යන්න. disable කිරීමට අදාල සේවාව සොයා ඒ මත ඩබල් ක්ලික් කිරිමෙන් හෝ රයිට් ක්ලික් කර Properties ගන්න.



Startup එකෙන් Disabled තෝරාගන්න. පහල රූපය බලන්න.



ඒ වගේම ඩොස් හරහාත් මේ දේ කරගන්න පුලුවන්. ඉහල උදාහරණයේ සේවාවේ නම වන්නේ  “trkwks” අපි බලමු මේ සේවාව ඩොස් හරහා නතර කරන්නේ කොහොමද කියලා.

sc config trkwks start= disabled

ඉහල විදානය බාවිතා කිරීමෙන් එය පහසුවෙන් කරගන්න පුලුවන්. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වන්නේ පරිගණකයේ ක්‍රියාත්මක වන svchost.exe ප්‍රමාණය අඩු වී පරිගණකය ස්ලෝ වීම අවම වීමයි.



 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers