සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 10 February 2013

Automatically Send Birthday Wishes to FB Friend

උපන්දිනයකට සුභ පැතීම් ඉස්සර නම් ටිකක් අමාරු දෙයක්. දිනය මතක තියාගන්න, හරියටම දිනයට ලැබෙන්න කාඩ් එකක් යවන්න ලංකාව වගේ රටක ටිකක් අමාරු වැඩක් උනා ඉස්සර. නමුත් අද හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. අන්තර්ජාල පරිහරණය නිසා හැම දෙයක්ම වගේ ලේසි වෙලා තියනවා ඉතින් උපන්දිනයකට සුබ පතන්න අපිට අමතම උනත් එය ඉබේම අපි වෙනුවෙන් කරදෙන වෙබ් අඩවියක් තියනවා. එ තමයි birthdayfb. මේ වෙබ් අඩවිය මගින් ෆේස්බුක් ගිණුමේ තියන තොරතුරු ලබාගෙන අදාල දිනයට උපන්දින සුභපැතුම් පැතීමක් කරනවා. අපි බලමු කොහොමද එහි සැකසුම්  කරගන්නේ කියලා.


මුලින්ම birthdayfb නිල වෙබ් අඩවියට පිවිසෙන්න 




ඉහල රූපයේ ආකාරයෙන් වෙබ් අඩවිය විවෘත වේවි මෙහි අංක 1 යටතේ පවතින Connect with facebook වලට යන්න. එහිදී පහල රූපයේ ආකාරයෙන් ඔබගේ අනුමැතිය ඉල්ලාවි 


ඔබේ අනුමැතිය ලැබුන පසුව ඔබේ පේස්බුක් ගිණුමෙන් තොරතුරු ලබාගෙන පහල රූපයේ ආකාරයෙන් සැකසුම් සදහා සංවාද කොටුවක් ලබාදේවි 


මෙතනදී සුභ පතන්න ඕනේ කෙනාගේ නම තෝරලා මාතෘකාවක් තෝරන්න.

ඊලගට සුභ පැතුම එක් කරලා සේවු කරන්න. මේ ආකාරයට සුභ පතන්න ඕනේ සියලු දෙනාටම සුභ පැතුම් එක් කරලා සේවු කරන්න ඉතින් එක් වරක් මේ දේ කලාම ආයෙමත් කරන්න ඕනේ නෑ. ඊලග වසරේත් ඉබේම මේ වෙබ් අඩවිය සුභ පැතීම කරනවා. ඕන්නේ නම් සැකසුම් වෙනස් කරන්න වෙබ් අඩවිය මගින්ම පහසුමක් දෙනවා 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive