සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 18 February 2013

Useful Windows tricks

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති කියන්නේ ජනප්‍රිය බාවිතාවට පහසු ඒ වගේම වැඩි දෙනෙක් බාවිතා කරන මෙහෙයුම් පද්දතියක් කියන එක හැමදෙනාම දන්න කරුණක්. ඉතින් මේ මෙහෙයුම් පද්දති සියල්ලටම වාගේ පොදුවේ බාවිතා කරන්නට පුලුවන් සැකසුම් තියනවා. ඒවා සමහර අවස්තා වලදී ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ඉතාමත් වටිනා නමුත් බාවිතා නොකරන සැකසුම් කීපයක් ගැනයි 

1. maximize කරන්න එපා. full screen බාවිතා කරන්න 
යම් වීඩියෝවක් හෝ පිංතූරයක් බලන විට එය විශාලව බලන්න ඕනේ නම් අපි කරන්නේ එය maximize කරන එක. ඇයි එහෙම කරන්නේ? වින්ඩෝස් වලින් අපිට ලබාදෙන full screen පහසුකම බාවිතා කලා නම් maximize වලදී ලැබෙනවාටත් වඩා හොදින් විඩියෝව හෝ පොටෝ එක බලාගන්න පුලුවන්. මේ පහසුමක  Windows Explorer වලදී වගේම  Windows Media Player වලදීත් ඉතාමත් හොදින් වැඩ කරනවා. 

කොහොමද මේක් කරන්නේ?  F11 යතුර බාවිතා කරලා මේක කරගන්න පුලුවන්. එතනදී වෙන්නේ title bar එක් හා  taskbar එක සැගවිලා යන එක. 



full-screen mode එකෙන් ඉවත් වෙන්න නම් පහසුවෙන්ම Esc (Escape) කී එකෙ ඔබන්න.

2. Navigation pane සැකසුම් සකස් කර ගන්න 

Windows Explorer  වල දකුණු පස කොටසින් එක් එක් වෙනස් කම් කරගන්න පුලුවන්. එතනදි මූලික වශයෙන්  folders සෙවීමක් කරන්න frequently used folders ඒ කියන්නේ ලගදීම බාවිතා කල පෝල්ඩර හොයාගන්න වගේ දේවල් පහසුවෙන් කරගන්න පුලුවන්. ඒ වගේම ඒ ඒ පෝල්ඩරයන් අතර දත්ත කොපි කිරීම වගේ දේවලුත් පහසුවෙන්ම කරගන්න පුලුවන්. 

navigation pane දකින්න නොමැති නම් Windows Explorer වලදී Organize වලදී Layout තෝරන්න. එහිදී Navigation pane දැකගන්න් ලැබේවි. වින්ඩෝස් 7 වලදී නම් Organize වලදී Folder and search තෝරන්න. Folder Options වල General ටැබ් එකට් යන්න. 

Show all folders මගින් මේ සකසුම ලබාගන්න පුලුවන්










3. Windows 7 taskbar එකට අවශ්‍ය මෘදුකාංගයන් පින් කර ගැනීම

නිතර ඕනේ කරන මෘදුකාංගයන් ටාක්ස්බාර් එකේ පින් කර එහෙම නැතිනම් සවි කර තබා ගත් විට් නිතර නිතර All Programme හරහා ඒවාට පිවිසීමට ගතවන් කාලය අඩු වෙනවා. පහල රූපයේ ආකාරයෙන් එය සරලව කරගන්න පුලුවන්. 



4. Quick Launch බාර් එකේ සැකසුම් 

වින්ඩෝස් XP වලදී Quick Launch බාර් එකෙ ඉතාමත් වටිනා යෙදුමක් ලෙසින් දක්වන්න පුලුවන්. 




5.ඩෙක්ස්ටොප් එක මත පවතින වින්ඩෝස් වල සැකසුම් 

+Left Arrow හෝ  Windows logo key +Right Arrow මගින් මේ පහසුකම සකසාගන්න පුලුවන්. 



එසේම වින්ඩෝ සියල්ල ගෘප් එකක් ලෙසින් දැක්වීමත් පහත රූපයේ ආකාරයෙන් කරගන්න පුලුවන් 



6. භාවිතා කරන ගොනු ගෘප් ලෙසින් දැක්වීම




Share:

3 comments:

Nishan de siva said...

ඔක්කොම දන්න ට්‍රික්ස්.බැරිද වැඩිය ප්‍රසිද්ද නැති මුත් අවශ්‍ය කරන ඒවා ටිකක් හොයලා දාන්න?.

Nishan de siva said...
This comment has been removed by the author.
දුශාන් නිමෙෂණ said...

hoda wadak.best of luck!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive