සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 20 February 2013

10 Computer Problems That New Computer Users Will Face

පරිගණකයක් මුලින්ම බාවිතා කරන්න ගන්න කෙනෙකුට මුහුණ දෙන්න සිදුවන ගැටලු... මේ වගේ දෙයක් ගැන ලියන්න් හිතුනේ ඉස් ඉස්සරලාම පරිගණකයක් බාවිතා කරන කෙනෙක්ට තිබුනු ප්‍රශ්ණ නිසා. ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති. අලුතින් පරිගණකයකට මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කරලා ඉවර උනාමත් මේ ගැටලුව මතු වෙනවා. ඉතින් මේ ලියන්නේ පරිගණක බාවිතය පිලිබද කෙළ පැමිණි අයට නම් නෙමෙයි. අද ඊයේ පරිගණක අතපත ගාන එයටයි.


පළමු ගැටලුව 
පරිගණකයේ කොටස් නිසි පරිදි සම්බන්ද කර ගැනීම 

කොටස් නිසි පරිදි සවි කරගන්න කලින් වියදම් කරන මුදලට වටිනා පරිගණක කොටස් ටිකක් ගන්න උත්සාහා කරන්න ඕනේ. ඉතින් පරිගණක් මවු පුවරුව එක්ක ලැබෙන අත් පොත බලාගෙන සරලව පරිගණකය එකලස් කරගන්න පුලුවන්. සමහර අයට තියන ගැටලුව තමයි හයි කලත් හරියටම හරිද කියන එක. අවදානමක් ගන්න වෙනවා අලුත් දෙයක් ඉගෙන ගන්න නම්. තමන්ට විශ්වාස නම් හරියට සියල්ල සම්බන්ද කළා කියලා ඊලගට තියෙන්නේ පවර් දෙන්න තමයි 

දෙවෙනි ගැටලුව 
හරියටම පරිගණකය Shut Down කරන ආකාරය 

පරිගණකය වැඩ අවසන් කලාම Shut Down කරන්න ඕනේ කියන එක හැමෝම දන්න දෙයක්. ඒ වගේම සමහර පරිගනක නම් එහෙම Shut Down කරන්නේ නෑ. සීප් මූඩ් එකේ තියන්නත් පුලුවන්. ඉතින් සමහරු මෙහෙයුම් පද්දතිය මගින්ම ලබාදෙන Shut Down පහසුමක බාවිත නොකර වෙන වෙන ආකාරයන් වලට පරිගනකය ක්‍රියා විරහිත කරන්න උත්සාහා දරනාවා දැකලා ඇති. උදාහරණයක් ලෙස ප්‍රදාන විදුලි සැපයුමේ ඇති ස්විචය ඕෆ් කිරීමෙන් සමහරු ක්‍රියාත්මක වෙමින් පවතින පරිගණකය අක්‍රීය කරනවා. ඇත්තෙන්ම මෙහෙම කරන්න හොදද? මොකද්ද Shut Down කරන හරි විදිය?

 අපි කලින් සදහන් කල ආකාරයට විදුලිය විසන්ධි කර පරිගණකය අක්‍රීය කරනවා නම් එය කෙලින්ම පරිගණකයේ පද්දති ගොනු වලට බලපානවා. ඒ කියන්නේ දෘඩ තැටිය හානි වෙන්න තියන ඉඩ කඩ වැඩි කියන එක. ඒ වගේම සුරක්ශිත නොකළ ගොනු පවා අහිමි වෙන්න පුලුවන්.

ඊලගට සමහරු පරිගණකයේ ඔන් බටන් එක ඔබාගෙන ඉදලා පරිගණකය අක්‍රීයි කරනවා. ඇත්තටම පරිගණකය ප්‍රතිචාර නොදක්වන අවස්ථා වලදී අපි මේ  ආකාරයෙන් ක්‍රියා කලත් එයත් විදුලිය විසන්දි කලා හා සමානයි.

ඉතින් මේ කරුණු අනුව වඩාත්ම හොදා හා ආරක්ශාකාරී වන්නේ මෙහෙයුම් පද්දතියෙන් ලබාදෙන Shut Down ක්‍රියාවලිය පිලිවෙලින් සිදුවීමට ඉඩ දීමයි.

තුන්වන ගැටලුව 
වින්ඩෝස් වලින් මතු කරන Problem Report කරන්න ඕනෑද එපාද කියන එක 

විවිධ මෘදුකාංග වලින් වැඩ කරන අවස්ථා වලදී එක් එක් දෝෂ පණිවිඩ ලැබුනාම මෙහෙයුම් පද්දතිය මගින් එය වාර්ථා කරන්න දැයි කියලා අහන සංවාද කොටු ඔයාලා දැකල ඇති. ඉතින් අලුතින් පරිගණකයක් බාවිතා කරන කෙනෙක් කලාතුරකින් තමයි මේ දෝෂ පණිවිඩ වාර්තා කරන්නේ. ඇත්තටම වේවා වාර්තා කරන්න ඕනේද නැද්ද?

මෙහෙයුම් පද්දතියක් ගත්තාම එය 100% සර්ව සම්පූර්ණ නෑ. ඒ වගේම එවැනි මෙහෙයුම් පද්දතියක් වෙනුවෙන් නිර්මාණය කරන තෙවන පාර්ශවීය මෘදුකාංගත් 100% සම්පූර්ණ නෑ. මෘදුකාංග හා මෙහෙයුම් පද්දති අතර ගැටුම් නිරන්තරයෙන් දැකගන්න ලැබෙනවා. මේවා පොදුවේ  bug ලෙසින් හදුන්වනවා. සමහර මෘදුකාංග මෙහෙයුම් පද්දතිය මගින් සම්පූර්ණයෙන්ම බාවිතය වර්ජනය කරනවා. ඒ වගේම සමහර දෘඩාංග බාවිතයේදීත් දෝෂ පණිවිඩ දක්වනවා. ඉතින් මෙවැනි අවස්තා වලදී ලබාදෙන දෝෂ පණිවිඩ මෙහෙයුම් පද්ධති නිර්මාණකරුවන්ට වාර්ථා කිරීමෙන් පහල දක්වලා තියන වාසි ලැබෙනව


  1. සර්ව සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්න දායකත්වය ලබා දෙන්න පුලුවන් 
  2. පවතින දෝෂය නිරාකරණය කර ගැනීමට සහය ලැබෙනව


ඉතින් වඩාත්ම හොද දේ වෙන්නෙ මෙහෙයුම් පද්දතියෙන් ලබාදෙන යම් දෝෂ පනිවිඩයක් වාර්තා කරන්න ඕනේ ද යැයි මෙහෙයුම් පද්දතිය මගින් විමසන අවස්තා වලදී එය වාර්තා කරන එකයි. එයින් ඔබට ඒ මෙහොතේ සහයක් වාසියක් නොලැබුනත් අදාල පනිවිඩය ගැන සලකා අවසානයේ එයට විසදුම් ලබාදීම මුලු ලෝකයේම මෙහෙයුම් පද්දතිය බාවිතා කරන්නන්ට සහනයක් වේවි

හතර වන ගැටලුව 
Text කුඩා කරගැනීම් 

මුලින්ම පරිගනකය බාවිත කරන කෙනෙක්ට හිතෙන්න පුලුවන් අයිකන් ලොකු වැඩි කියලා. ඉතින් කොහොමද මේ text කුඩා කරගන්නේ? Control Panel වලදී Appearance and Personalization තෝරාගන්න. එතනදී Display Settings දැකගන්න පුලුවන්. Resolution අඩු වැඩි කරමින් ඕනේ තරමට හදාගන්න පුලුවන්.

පස්වන ගැටලුව
ගොනු හොයාගන්න බැරි වීම -  ගොනු නැති වීම

අලුතින් පරිගනකයක් බාවිතා කරනව කියන්නේ මෙහෙයුම් පද්දතියට අලුත් නම් එහි ගොනු තැම්පත් උන ස්තාන හදුනා ගැනීමේ අපහසුවක් දැනේවි. උදාහරනයක් ලෙස අවුට්ලුක් ගනිමු. එහි ඩේට ගොනුව තැම්පත් වෙන්නේ ඩොකියුමන්ට් ඇන්ඩ් සෙටිංග්ස් වල ඇතුලේ ඇති පෝල්ඩරයකයි

ඉතින් සරලවම මෙහෙයුම් පද්දතිය මගින් ලබාදෙන සෙවුම් පහසුකම බාවිතා කරලා හොයාගන්න බැරි ඕනේම ගොනුවක් සොයාගන්න පුලුවන්.

හයවන ගැටලුව 
අන්තර්ජාලයට සම්බන්ද වීම 

එක පරිගනකයක් අන්තර්ජාලයට සම්බන්ද කිරීම නම් පහසු දෙයක්. නමුත් පරිගණක කීපයක් අන්තර්ජාලයට සම්බන්ද කරනවා නම් එය ටිකක් කල්පනා කරලා කරන්න ඕනෙ දෙයක්. ඉතින් එක් පරිගණකයක් වෙනුවෙන් අපිට ඩොංගලයක් බාවිතා කරලා අන්තර්ජාල සබදතාවය ලබාගන්න පුලුවන්

එතනදි අදාල සේවා සපයන්නාගේ සැකසුම් නිසි ආකාරයෙන් සකසා ගන්න ඕනේ. විශේෂයෙන් APN සැකසුම් නිසි ආකාරයෙන් සකසා ගන්න ඕනේ. නැතිනම් අන්තර්ජාල පහසුමක් ලබාගන්න බැරි වෙනවා.

ඩොංගලයක් බාවිත නොකර කේබල් සබදතාවක් ලබාගන්නවා නම් අදාල සේවා සපයන ආයතනයි හරහාම සැකසුම් සකසගෙන බාවිතා කරන එක පහසුයි.

හත්වන වන ගැටලුව 
No Sound


විවිධ හේතු කාරණා නිසා පරිගනකයේ ශබ්දය එහෙම නැතිනම් sound නොලැබෙන්න පුලුවන්. මුලින්ම බලන්න් ඕනේ volume mute වෙලද් කියලා. පහල රූපය බලන්න. mute ආකාරය මේ විදියටයි දකින්න වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට ඩ්‍රයිවර්ස් නැති උනාමත් මෙහෙමෙ පෙන්නනවා. අලුතින් පරිගණකයක් එකලස් කලාම හොදම දේ මවු පුවරුවත් එක්ක ලැබෙන සිඩී එකෙන් අදාල ඩ්‍රයිවර්ස් ස්තාපිත කරගන්න එකයි.





අටවන ගැටලුව 
ප්‍රින්ට් කරන්න දුන්න ජොබ් එකක් කැන්සල් කිරීම 

ප්‍රින්ට් කරන්නට ලබාදුන් ගොනුවක් අනවශ්‍ය යැයි හැගුනහොත් ප්‍රින්ට් වෙමින් තිබෙන අතර තුර එය නවත්වන්නේ කෙසේද? බොහෝ දෙනා කරන්නේ එක්කෝ ප්‍රින්ටෙර් එක් ඕෆ් කරන එක. මං දැකලා තියනවා සමහර අය පිසී එකට ගහල තියන යූස්බී කේබල් එක ගලවනවා. ඉතින් මේ දේවල් වලින් ඇත්තටම ප්‍රින්ට් ජොබ් එකෙ කැන්සල් වෙනවද?

එහෙම වෙන්නෙ නෑ. සිදුවන්නේ පරිගණකය හා ප්‍රින්ටරය අතර සබදතාවය බිද වැටෙන එකයි. ආයේමත් සබදතාවය හෝ විදුලිය ලැබුන විට ප්‍රින්ට වීම ඇරබෙනවා. ඉතින් Printer Job Manager හරහා අනවශ්‍ය ප්‍රින්ට් ජොබ් නවත්වාගන්න පුලුවන්.

නව වන ගැටලුව 
මවුසට හෙමින් හෝ ඉතා වේගයෙන් ගමන් කිරීම 

බොහෝ දෙනෙකුට තියන ගැටලුවක් තමයි මේ මවුසය ඉතා හෙමින් හෝ ඉතා වේගයෙන් ක්‍රියා කිරීම. මෙයට බලපාන හේතු කීපයක්ම තියනවා. එකෙක් තමයි මවුසයේ සැකසුම් වල තියන දුර්වලතා. ඒ වගේම මවුසය තියලා තියන මතුපිටේ ස්වබාවයත් මෙයට බලපානවා. Control Panel වල Keyboard and Mice wizard  වලදී  mouse pointer moves කියන සැකසුම මගින් මේ දෝශයන් සකසා ගන්න පුලුවන්.

දසවන ගැටලුව 
උදවු ලබා ගැනීම 

මෙහෙයුම් පද්දතීයට පදම් වන තුරු එහෙම නැතිනම් මෙහෙයුම් පද්දතියට හුරු වන තුරු විවිද ආකාරයේ උපකාර උවමනා වෙනවා. මෙහෙයුම් පද්දතිය මගින්ම මේ උපකාර ලබාගැනීමේ අවස්තාව සලසා දෙනවා

ඕනේම මෘදුකාංගයකදී F1 යතුර එබීමෙන් සහය ලබාගන්න පුලුවන්.

ඉතින් අදුනාගන්න හැකි මූලික ගැටලු 10 ක් මේ ආකාරයෙන් දැක් වුවත් මීට අමතරව බොහෝ ගැටලු පවතින්න පුලුවන්. පරිගණක බාවිතයට පදම් උන කෙනෙකුට නම් මේ පෝස්ටුවත් වැඩකට නැති දෙයක් වෙයි. නමුත් අලුත් කෙනෙකුට නම් මේ හරහා යමක් ඉගෙන ගන්න පුලුවන් වේවි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive