සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 9 October 2017

Hackers of Russia Stole NSA’s Secrets using Kaspersky antivirus

දත්ත සොරාගන්නේ කොහේදී කිනම් අවස්ථාවේදී දැයි කීමට නොදන්නා තරමටම පෞද්ගලික දත්ත පවා විශාල වශයෙන් මේ වන විට සොරා ගනු ලබනවා.
කවුරුන් විශ්වාස කළ හැකිද යන්න සයිබර් ලෝකයේදී සැක සහිත කරුණක් බවට පත් වෙලා.  එයට හේතුව වන්නේත් සෑම අවස්ථාවකදීම කිනම් හෝ හැකිං ප්‍රහාරයක් හරහා දත්ත සොරා ගැනීමයි.
කෙසේ නමුත් පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවා යැයි පවසමින් විවිධ සයිබර් අපරාධ සිදුකරන ආයතන හා පුද්ගලයන් හමුවූ අවස්ථාවන් විශාල වශයෙන් පැවතුනත් මේ කියන්න යන කරුණ නම් තරමක් සුවිශේෂී කරුණක්.
අද දිනයේදී රුසියානු නිෂ්පාදනයක් වන Kaspersky ප්‍රතිවෛරස් මෘදුකාංගය හරහා තමාගේ දත්ත රුසියාව විසින් සොරාගෙන තිබෙන බවට ඇමෙරිකාව චෝදනා කළා.
තමන් ස්වාධීන ආයතනයක් බවත් රුසියානු රජය හා සම්බන්ධයක් තමන්ට නොමැති බවත් Kaspersky සමාගමේ ප්‍රධානියෙක් එම චෝදනාවෙන් අනතුරුව අදහස් පළ කළත් ඇමෙරිකාව එකහෙළාම පවසන්නේ NSA හැකිං ප්‍රහාරය සදහා අවශ්‍ය දත්ත Kaspersky හරහා ලබාගෙන තිබෙන බවයි.
රුසියානු පරිඝනක ජාලයේ බොහොමයක් තැන් ජාත්‍යන්තර අන්තර්ජාලයට විවෘත නොවන අතර ඔවුන් විසින් ඔවුන්ගේම අන්තර්ජාලයක් නිර්මාණය කර සියළුම සර්වර් පරිගණක පවා රුසියාව තුළම තබාගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම කරුණ සංවාදයට විවෘත අතර ඇමෙරිකාව විසින් Kaspersky භාවිතය ඇමෙරිකාව තුළ තහනම් කිරීමේ අවධානමක් නිර්මාණය වෙමින් තිබෙන අවධියක මයික්‍රෝස්ෆ්ට් විසින් අනෙකුත් වෛරස් මෘදුකාංග සිය මෙහෙයුම් පද්ධතියෙන් ගලවා ඉවත් කිරීමේ වෑයම මේ අනුව සාර්ථක වේ යැයි සිතිය හැකියි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

2 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive