ගෙවුණ පැය කීපය තුළදී Russia, Ukraine, Turkey, Germany සහ යුරෝපා රටවල් ගණනාවක නව රෑන්සම්වෙයාර් වෛරසයක් පැතිරෙමින් පවතිනවා.
එම රටවල් වල ආයතන 200ක් පමණ මේ වන විට මෙම වෛරස් ප්‍රහාරයට ලක් වී ඇති බවයි පෙනී යන්නේ.
Bad Rabbit ලෙසින් නම් කර ඇති මෙම රෑන්සම්වෙයාර් වෛරසය ආසාදනය වුවහොත් ඉන් මිදීම සදහා 0.05 bitcoin ($285) ආසන්න වශයෙන් රුපියල් 43835 එක් ගොනුවක් නිදහස් කර දීම සදහා ඔවුන් ඉල්ලා සිටිනවා.
මෙම වෛරසය පැතිරෙමින් පවතින්නේ fake Adobe Flash players installer එකක් හරහායි. Adobe සමාගමට අනුව ඔවුන් යාවත්කාල කිරීමක් මේ සතියේදී සිදුකර නොමැති අතර යම් හෙයකින් නව යාවත්කාල වීමක් ඇතැයි කියා පෙන්නුම් කරන්නේ නම් එය මෙම වෛරසය විය හැකි බවයි පැවසෙන්නේ.
මෙම වෛරසය Win32/Diskcoder.D ලෙසින් ප්‍රතිවෛරස් මෘදුකාංග හරහා හදුනාගැනෙන අතර මෙය මින් පෙර නිර්මාණය වූ Petya වෛරසයේ තවත් ප්‍රභේදයක්.
එසේම මෙම වෛරසයේ විශේෂත්වය වන්නේ සෑම පැය 40කට වරක්ම ලබාදිය යුතු මුදල වැඩිවීමයි.
කෙසේ නමුත් Adobe Flash player යාවත්කාල කිරීම් මේ දිනවල සිදු නොකරන ලෙසත් ක්‍රියාකරී ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කරන ලෙසත් ඔබව මෙසේ දැනුවත් කරනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
එම රටවල් වල ආයතන 200ක් පමණ මේ වන විට මෙම වෛරස් ප්‍රහාරයට ලක් වී ඇති බවයි පෙනී යන්නේ.
Bad Rabbit ලෙසින් නම් කර ඇති මෙම රෑන්සම්වෙයාර් වෛරසය ආසාදනය වුවහොත් ඉන් මිදීම සදහා 0.05 bitcoin ($285) ආසන්න වශයෙන් රුපියල් 43835 එක් ගොනුවක් නිදහස් කර දීම සදහා ඔවුන් ඉල්ලා සිටිනවා.
මෙම වෛරසය පැතිරෙමින් පවතින්නේ fake Adobe Flash players installer එකක් හරහායි. Adobe සමාගමට අනුව ඔවුන් යාවත්කාල කිරීමක් මේ සතියේදී සිදුකර නොමැති අතර යම් හෙයකින් නව යාවත්කාල වීමක් ඇතැයි කියා පෙන්නුම් කරන්නේ නම් එය මෙම වෛරසය විය හැකි බවයි පැවසෙන්නේ.
මෙම වෛරසය Win32/Diskcoder.D ලෙසින් ප්‍රතිවෛරස් මෘදුකාංග හරහා හදුනාගැනෙන අතර මෙය මින් පෙර නිර්මාණය වූ Petya වෛරසයේ තවත් ප්‍රභේදයක්.
එසේම මෙම වෛරසයේ විශේෂත්වය වන්නේ සෑම පැය 40කට වරක්ම ලබාදිය යුතු මුදල වැඩිවීමයි.
කෙසේ නමුත් Adobe Flash player යාවත්කාල කිරීම් මේ දිනවල සිදු නොකරන ලෙසත් ක්‍රියාකරී ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කරන ලෙසත් ඔබව මෙසේ දැනුවත් කරනවා.

About the author
Eranda Dayawansa
0 comments:
Post a Comment