සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 8 October 2017

Two Lankans held over Taiwan bank hacking

තායිවානයේ බැංකුවක පරිඝණක මෙහෙයුම් පද්ධතියකට ඇතුල් වී හැක් කර- එම බැංකුවේ   ඇමෙරිකානු ඩොලර් මිලියන 60 කට අධික මුදලක් වංචා කර ලබා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා දායක වී ඇත්තේ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ගෞරව උපාධියක්‌ ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක සභාපතිවරයකු ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ය. ඔවුන් විසින් මෙලෙස තායිවාන් බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු හැක්‌ කර එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම ජාත්‍යන්තර ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවකු වන හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිළධාරීයාගේ පුත්‍රයා මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර තවත් ප්‍රධාන පෙළේ සැකකරුවකු වන මෙරට සමාගමක සභාපතිවරයා වංචා කළ මුදල්වලින් කොටසක්‌ ද රැගෙන පලාගොස්‌ ඇති බව සදහන්.

මෙලෙස තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඇමරිකානු ඩොලර් මිලියන 60 කට අධික මුදලක්‌ වංචා කර ලබාගත් සංවිධානාත්මක කල්ලියට ඉන්දියාවල වියට්‌නාමය ඇතුළු තවත් රටවල් කිහිපයක පුද්ගලයන් සම්බන්ධ වී සිටින බව විමර්ශනවලින් හෙළි තිබේ. එම සංවිධානාත්මක කල්ලියේ ශ්‍රී ලංකා සාමාජිකයන් වෙත ලැබී තිබුණේ ඩොලර් මිලියන 23 කට ආසන්න මුදලක්‌ බව ද සදහන්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 352කට ආසන්න මුදලක්.

මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදුවී ඇත්තේ පසුගිය 03 වැනිදා අලුයම 3.00 ත් 5.00 ත් අතර කාලසීමාවේදී බව විමර්ෂණ වලින් හෙළිව තිබෙන අතර තායිවානයේ පිහිටි ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුව වෙත සයිබර් ප්‍රහාරයක්‌ එල්ල කර එහි ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී රහස්‍ය දත්ත වෙනස්‌ කර අදාළ මුදල් එම සංවිධානාත්මක කල්ලියට අයත් සාමාජිකයන්ගේ බැංකු ගිණුම්වලට මාරු කරගෙන ඇත. තායිවාන් ඊස්‌ටන් බැංකුවේ සහෝදර බැංකුවක්‌ ඇමරිකාවේ පිහිටා ඇති අතර වංචාව සිදුවූ දිනයේම ඒ පිළිබඳව ඇමරිකානු බැංකුව විසින් අනාවරණය කරගෙන තිබේ. පසුව එම ඇමරිකානු බැංකුව ඒ පිළිබඳව තායිවානයේ ඊස්‌ටන් බැංකුව වෙත දැනුම් දී තිබෙන බව සදහන්.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පවත්වන ලෙස අන්තර්ජාතික පොලිසිය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමක්‌ කර තිබෙන අතර ඊට අමතරව තායිනාන් ඊස්‌ටන් බැංකුව මගින් ද මෙරට රාජ්‍ය බැංකුවක්‌ වෙත ඒ පිළිබඳව දැනුම් දී විමර්ශනයක්‌ පවත්වන ලෙස ඉල්ලීමක්‌ කර තිබිණි.

Source  :http://nethgossip.lk


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive