සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 10 October 2017

LITRO Gas chairman Shalila Moonesinghe arrested over hacked funds of Taiwan bank

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් උපක්‍රමයකින් පිවිස ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් වංචා කිරීමේ සිද්ධියේ මහමොළකරු ලෙස සැකකරන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති
ශලීල මුණසිංහ  ඊයේ පස්වරුවේ රහස් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.
මින් ඉහත මෙම සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජාලිය නම්මුනිගේ පුත්‍රයා වන එම්.සී. නම්මුනි  අත්අඩංගුවේ පසුවන අතර ඔහුගෙන් ලැබුන තොරතුරු අනුව ශලීල මුණසිංහ සොයමින් පොලිසිය
විමර්ශනයක් සිදු කරමින් පැවතිණි.
මෙම මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් මුලින්ම කරුණු අනාවරණය වූයේ ඇමරිකාවේ සිටි බැංකුව ලංකා බැංකුව වෙත එවූ පණිවිඩයකිනි. තායිවාන බැංකුවෙන්ද මේ ගැන ලංකාවට ඊමේල් පණිවිඩ එවා තිබුණි.
මුදල් ලංකා බැංකුවට බැරවූ පසු නම්මුනි නමැත්තා දෙවරක් බැංකුව වෙත පැමිණ ඒවා රැගෙන යන්නට ආ අතර කොහෙන් ලැබුණ ඒවාදැයි විමසීමේදී ඔහු මුලින් කියා ඇත්තේ ව්‍යාපාර වැඩකට ලැබුණ බැංකු අණකර බවයි.
දෙවැනි අවස්ථාව වනවිට මෙම මුදල් වංචාවකින් ලැබුණ ඒවා බවට බැංකුවට කරුණු සැලවීම නිසා නම්මුනි අත්අඩංගුවට පත් විය.
වීඩියෝ සාක්ෂි අනුව කිසියම් පුද්ගලයකු ලංකා බැංකුවෙන් මුදල් විශාල ප්‍රමාණයක් ගෝනිවල බහාගෙන රැගෙන ගිය බවත් ඒවා මොහුට ලබාදෙන්නට ගෙනගිය බවත් හෙළිව ඇත.
ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් තායිවානයේ පෞද්ගලික බැංකුවට ස්ලිප් ට්‍රාන්ස්ෆර් ක්‍රමයෙන් ලබාගෙන ඒවා ශ්‍රී ලංකාවේ ‘ලංකා බැංකුව‘ වෙත යොමු කරන සයිබර් අපරාධය සිදුකර ඇත්තේ ඉන්දියානු හැකර් වරුන් පිරිසකි.
ශලිලත් නම්මුනිත් එම කාර්යය සැලසුම් කර මුදල් නැවත ලබාගැනීමේ කටයුත්තට සම්බන්ධවී ඇති අය බව පරීක්ෂණ වලින් හෙළිව තිබේ.
ඒ අනුව හැකරුන්ට සියයට 50 ක්ද නම්මුනිට සියයට 30 ක්ද ශලිලට සියයට 20 ක් ද ලෙස වංචාසහගත මුදල් බෙදාගැනීමට තීන්දු කර තිබෙන අතර වංචා කරන ලද මුදල් මින් දින කිහිපයකට පෙර කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ
හෝටලයකදී බෙදා ගෙන ඇති බවද පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.
 ඒ වෙනුවෙන් ඉන්දියන් ජාතිකයින්ද මෙරටට පැමිණ ඇත. තායිවාන බැංකුව වෙත සිදුකළ මෙම හැකර් ප්‍රහාරය මගින් වංචා කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 60 පමණ වන බවත් ඒවා ලංකාවේ පමණක් නොව තවත් රටවල්
කිහිපයක විවිධ පුද්ගලයින් වෙත ලැබෙන ආකාරයට සැලසුම් කර තිබුණ බවත් කරුණු අනාවරණයවී තිබේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive