සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Monday, 9 October 2017

Hackers of Russia Stole NSA’s Secrets using Kaspersky antivirus

දත්ත සොරාගන්නේ කොහේදී කිනම් අවස්ථාවේදී දැයි කීමට නොදන්නා තරමටම පෞද්ගලික දත්ත පවා විශාල වශයෙන් මේ වන විට සොරා ගනු ලබනවා.
කවුරුන් විශ්වාස කළ හැකිද යන්න සයිබර් ලෝකයේදී සැක සහිත කරුණක් බවට පත් වෙලා.  එයට හේතුව වන්නේත් සෑම අවස්ථාවකදීම කිනම් හෝ හැකිං ප්‍රහාරයක් හරහා දත්ත සොරා ගැනීමයි.
කෙසේ නමුත් පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවා යැයි පවසමින් විවිධ සයිබර් අපරාධ සිදුකරන ආයතන හා පුද්ගලයන් හමුවූ අවස්ථාවන් විශාල වශයෙන් පැවතුනත් මේ කියන්න යන කරුණ නම් තරමක් සුවිශේෂී කරුණක්.
අද දිනයේදී රුසියානු නිෂ්පාදනයක් වන Kaspersky ප්‍රතිවෛරස් මෘදුකාංගය හරහා තමාගේ දත්ත රුසියාව විසින් සොරාගෙන තිබෙන බවට ඇමෙරිකාව චෝදනා කළා.
තමන් ස්වාධීන ආයතනයක් බවත් රුසියානු රජය හා සම්බන්ධයක් තමන්ට නොමැති බවත් Kaspersky සමාගමේ ප්‍රධානියෙක් එම චෝදනාවෙන් අනතුරුව අදහස් පළ කළත් ඇමෙරිකාව එකහෙළාම පවසන්නේ NSA හැකිං ප්‍රහාරය සදහා අවශ්‍ය දත්ත Kaspersky හරහා ලබාගෙන තිබෙන බවයි.
රුසියානු පරිඝනක ජාලයේ බොහොමයක් තැන් ජාත්‍යන්තර අන්තර්ජාලයට විවෘත නොවන අතර ඔවුන් විසින් ඔවුන්ගේම අන්තර්ජාලයක් නිර්මාණය කර සියළුම සර්වර් පරිගණක පවා රුසියාව තුළම තබාගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම කරුණ සංවාදයට විවෘත අතර ඇමෙරිකාව විසින් Kaspersky භාවිතය ඇමෙරිකාව තුළ තහනම් කිරීමේ අවධානමක් නිර්මාණය වෙමින් තිබෙන අවධියක මයික්‍රෝස්ෆ්ට් විසින් අනෙකුත් වෛරස් මෘදුකාංග සිය මෙහෙයුම් පද්ධතියෙන් ගලවා ඉවත් කිරීමේ වෑයම මේ අනුව සාර්ථක වේ යැයි සිතිය හැකියි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Are You in Control of Your Personal DATA

පෞද්ගලික දත්ත වල වටිනාකම දැනෙන්නේ  ඒවා අහිමි වූ පසුව හෝ සොරාගෙන සයිබර් අපරාධයකට යොදාගත් පසුව පසුවයි. ලෝකයේ පෞද්ගලික දත්ත විශාල වශයෙන් දිනපතා සොරා ගැනෙන අතර එයින් වාර්ථා වන්නේත් ඉතාමත් අල්ප ප්‍රමාණයයි. පුද්ගලික දත්ත වල ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සටහන වෙන් වේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 8 October 2017

Two Lankans held over Taiwan bank hacking

තායිවානයේ බැංකුවක පරිඝණක මෙහෙයුම් පද්ධතියකට ඇතුල් වී හැක් කර- එම බැංකුවේ   ඇමෙරිකානු ඩොලර් මිලියන 60 කට අධික මුදලක් වංචා කර ලබා ගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා දායක වී ඇත්තේ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ගෞරව උපාධියක්‌ ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක සභාපතිවරයකු ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ය. ඔවුන් විසින් මෙලෙස තායිවාන් බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු හැක්‌ කර එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙම ජාත්‍යන්තර ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවකු වන හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිළධාරීයාගේ පුත්‍රයා මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර තවත් ප්‍රධාන පෙළේ සැකකරුවකු වන මෙරට සමාගමක සභාපතිවරයා වංචා කළ මුදල්වලින් කොටසක්‌ ද රැගෙන පලාගොස්‌ ඇති බව සදහන්.

මෙලෙස තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඇමරිකානු ඩොලර් මිලියන 60 කට අධික මුදලක්‌ වංචා කර ලබාගත් සංවිධානාත්මක කල්ලියට ඉන්දියාවල වියට්‌නාමය ඇතුළු තවත් රටවල් කිහිපයක පුද්ගලයන් සම්බන්ධ වී සිටින බව විමර්ශනවලින් හෙළි තිබේ. එම සංවිධානාත්මක කල්ලියේ ශ්‍රී ලංකා සාමාජිකයන් වෙත ලැබී තිබුණේ ඩොලර් මිලියන 23 කට ආසන්න මුදලක්‌ බව ද සදහන්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 352කට ආසන්න මුදලක්.

මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදුවී ඇත්තේ පසුගිය 03 වැනිදා අලුයම 3.00 ත් 5.00 ත් අතර කාලසීමාවේදී බව විමර්ෂණ වලින් හෙළිව තිබෙන අතර තායිවානයේ පිහිටි ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුව වෙත සයිබර් ප්‍රහාරයක්‌ එල්ල කර එහි ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී රහස්‍ය දත්ත වෙනස්‌ කර අදාළ මුදල් එම සංවිධානාත්මක කල්ලියට අයත් සාමාජිකයන්ගේ බැංකු ගිණුම්වලට මාරු කරගෙන ඇත. තායිවාන් ඊස්‌ටන් බැංකුවේ සහෝදර බැංකුවක්‌ ඇමරිකාවේ පිහිටා ඇති අතර වංචාව සිදුවූ දිනයේම ඒ පිළිබඳව ඇමරිකානු බැංකුව විසින් අනාවරණය කරගෙන තිබේ. පසුව එම ඇමරිකානු බැංකුව ඒ පිළිබඳව තායිවානයේ ඊස්‌ටන් බැංකුව වෙත දැනුම් දී තිබෙන බව සදහන්.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පවත්වන ලෙස අන්තර්ජාතික පොලිසිය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමක්‌ කර තිබෙන අතර ඊට අමතරව තායිනාන් ඊස්‌ටන් බැංකුව මගින් ද මෙරට රාජ්‍ය බැංකුවක්‌ වෙත ඒ පිළිබඳව දැනුම් දී විමර්ශනයක්‌ පවත්වන ලෙස ඉල්ලීමක්‌ කර තිබිණි.

Source  :http://nethgossip.lk


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 1 October 2017

Millions of Up-to-Date Apple Macs Remain Vulnerable to EFI Firmware Hacks

නිරතුරුවම මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග යාවත්කාල කරන්නැයි (update) කියන්නේ ආරක්ෂාවටය. නමුත් වැරදි යාවත්කාල වීමක් හරහා මෙහෙයුම් පද්ධතියේ දුර්වලතාවන් ඇතිවුවහොත්?
Apple Mac මෙහෙයුම්පද්ධතිය යාවත්කාල කිරීමෙන් අනතුරුව එහි firmware හි දෝෂ පවතින බවට ඊයේ දිනයේදී සොයාගැනුනා.
මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කිරීමෙන් අනතුරුර්ව EFI Firmware හි දුර්වලතාවන් ගණනාවක්ම සොයාගත් අතර ඒ අනුව ලෝකයේ භාවිතා කරන ඇපල් උපාංග මිලියන ගණනක් මේ වන විට අනතුරේ පවතින බව පෙනී යනවා.
බොහොමයක් අවස්ථාවන් වල ආරක්ෂිත යාවත්කාල කිරීම් වශයෙන් Firmware updates ලබාදෙනවා. ගණනය කර ඇති පරිදි පරිගණක මිලියනයක් පමණ ඇපල් හි නවතම යාවත්කාල වීම ලබාගෙන තිබෙන අතර මින් පෙර ද මෙවන් සිදුවීමකින් පසුව මහාපරිමාණ හැකිං ප්‍රහාරයක් එල්ල වුණා.
එම හැකිං ප්‍රහාරය Thunderstrike ලෙසින් හැදින් වූ අතර ඊයේ දිනයේදී සිදුවූ මෙම සිදුවීමෙන් අනතුරුව ද අද හෝ හෙට මෙයට විසදුමක් ලබා නොදුනහොත් හැකිං ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් පවතිනවා.
මින් මාස ගණනාවකට පෙර සිදුවූ Vault 7 ලෙසින් හැදුන්වූ හැකිං ප්‍රහාරයද සිදුවූයේ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ Firmware මෘදුකාංගයක තිබූ දුර්වලතාවක් හරහායි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Thursday, 28 September 2017

Dark-Web Drug Dealer Arrested After He Travelled US for World Beard Championships

Dark web එක කියන්නේ අන්තර්ජාලයේ අදුරු පැතිකඩක්. ලෝකයේ අන්තර්ජාලය භාවිතා කරන්නේන් 4%ක් නම් ඉතිරි 96%ම Dark web එකයි. එයින් ඔබට එහි විශාලත්වය සහ පැතිරීම සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් ගත හැකියි. Dark web එක වැඩි වශයෙන් භාවිතා වන්නේ මත්ද්‍රව්‍ය වෙළදාම, අවි ආයුධ වෙළදාම වැනි දේ සදහායි. ඊට අමතරව විශාල තවත් නොදන්නා ගණුදෙනු විශාල වශයෙන් සිදුවෙනවා.
ඉතින් සාමාන්‍ය වශයෙන් ගතහොත් මෙම ක්‍රියාවලිය කිසිදු රටක් අනුමත කරන්නේ නෑ.  ඒ නිසා Dark web යනු ලෝකයේ නීතියට පරිභාහිරව හොරෙන් ක්‍රියාත්මක වන ජාලයක්. එසේම මෙහි ක්‍රියාකාරීන් ගණනාවක්ම නීතිය මගින් අත්අඩංගුවට ගැනිම සදහා වරෙන්තු ලද පුද්ගලයන්.
Dark web හි මත්ද්‍රව්‍ය වෙලදාමේ රජු ලෙසින් සලකන්නේ 38 හැවිරිදි ප්‍රංශ ජාතික Gal Vallerius. ඔහු මත්ද්‍රව්‍ය වෙළදාමෙන් කෝටිපතියෙක් වී සිටින්නෙක්. අද උදෑසන ඔහුව ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුනා.
ඔහු ඇමෙරිකාවට පැමිණෙමින් තිබුණේ ලෝක රැවුල්කරුවන්ගේ තරගයකට සහභාගී වීමටයි. Drug Enforcement Administration (DEA) අනුව ඔහු විසින් Dark web හි වෙබ් අඩවි 45ක් පමණ පවත්වාගෙන යන අතර eBay-type marketplace එකක්ද මත්ද්‍රව්‍ය අලෙවිය සදහා පවත්වාගෙන යනවා. cocaine, LSD, methamphetamine, fentanyl සහ oxycodone ඔහුගේ ප්‍රධානතම අලෙවි ද්‍රවයයි.
දිනකට ඔහුගේ අලෙවිය $500,000 පමණ වන අතර (ආසන්න වශයෙන් දිනකට රුපියල් 76,560,010.00) ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රයද ලබාගෙන තිබෙන අතර එය වැඩිදුර පර්යේෂණ සදහා යවා තිබෙන බව වාර්ථා වෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 27 September 2017

Cardiac Scan Authentication — Your Heart As Your Password

මුරපදයක් ආරක්ෂිත යැයි හිතුවේ 2000 මුල් කාලයේදීය. ඉන් පසුව මුරපදයක් භාවිතා කිරීම වෙනුවෙන් ඇගිලි සලකුණු යෙදීම වඩාත් යෝග්‍ය යැයි සිතා බොහොමයක් උපාංග වලට ඇගිලි සලකුණු භාවිතා කිරීම ආරම්භ විය. ඉන් අනතුරුව ඇසේ සුදු ඉංගිරියාව මුරපදයක් ලෙස කිරීම මෙන්ම සම්පූර්ණ මුහුණම මුරපදයක් ලෙසින් භාවිතා කිරීම වැනි නවීන තාක්ෂණයන් එළිදැක්වුණා.
කෙසේ නමුත් මේ සෑම තාක්ෂණයකම කුමක් හෝ රිංගායා හැකි දුර්වලතාවක් පැවතුනා. මුරපද බිද දැමිය හැකි ක්‍රමවේදයන් නිර්මාණය වුණා සේම ඇගිළි සලකුණු අනුමානය කළ හැකි තාක්ෂණයන්ද හැකර්වරුන් විසින් සොයාගනු ලැබුවා.
Apple ආයතනය විසින් සිය iPhone හි ආරක්ෂාව සදහා මෙම තාක්ෂණයන්ගෙන් බැහැර වී නවතම තාක්ෂණයක් භාවිතාවට ගන්නා බවට තොරතුරු ඊයේ දිනයේදී ප්‍රසිද්ධ කළා.
Apple හි පර්යේෂකයන් පිරිසක් විසින් මෙම තාක්ෂණය Cardiac Scan ලෙසින් කර තිබෙන අතර මුරපදයක් ලෙසින් ක්‍රියාත්මක වන්නේ අපගේ හෘද ස්පන්දනයයි. කලින්ම Cardiac Scan තාක්ෂණය හරහා උපාංගය ආයත් පුද්ගලයාගේ හෘද ස්පන්දන රටාවන් හදුනාගත් පසුව Apple ජංගම දුරකථනය අතට ගත් සැනින් ඔහු එහි අයිතිකරු නම් උපාංගය සක්‍රීය වේ.
හෘද ස්පන්දනය ග්‍රහණය කරගත හැකි අදාළ සංවේදන සහිතව මීළග Apple ජංගම දුරකථනය සහ අනෙකුත් උපාංගයන් එළිදැක්වෙනු ඇත.
තාක්ෂණය දියුණු වන වේගය මෙතෙකැයි කිව නොහැකි බැවින් ඉදිරියේදී තවත් කුමන ආකාරයේ තාක්ෂණයන් මුරපදයේ ස්ථානය ගනීදැයි සැක සහිතය. එසේම එම තාක්ෂණයන් බිදිය හැකි ක්‍රමවේදයන්ද කල් ගොස් හෝ හැකර්වරුන් සොයාගනු ඇත.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 24 September 2017

New Ransomware demands nude photos as Payment

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ලෝකයට ඇත්තේ ඉතාමත් අමිහිරි අත්දැකීම් ගණනාවක්. ගෙවුණ මාස ගණනාවක සිට විවිධ හැකිං කණ්ඩායම් විසින් විවිධ වර්ගයේ රෑන්සම්වෙයාර් නිර්මාණය කර ඒ හරහා මිලියන ගනනින් මුදල් ඉපයුවා.
රෑන්සම්වෙයාර් වල මූලික ලක්ෂණය වූයේ මුදල් ඉල්ලීම වුවත් මින් මතුවට එය වලංගු නොවන තැනට කටයුතු සිදුවී හමාරයි. ඒ නවීනතම රෑන්සම්වෙයාර් වෛරසය හරහා මුදල් වෙනුවට අදාළ තැනැත්තාගේ නිරුවත් ජායාරූපයක් ඉල්ලා සිටීම නිසායි.
ලෝක ඉතිහාසයේ මෙවැනි ලිංගික අල්ලස් ගැනීම් ඕනෑ තරම් තිබුණත් ප්‍රසිදධියේම එවැන්නක් පරිගණක වෛරසයක් හරහා සිදු කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර nRansomware ලෙසින් හදුන්වාගත් මෙම රෑන්සම්වෙයාර් කාණ්ඩය හරහා පරිගණකය නැවත භාවිතයට ගතහැකි තත්වයට ගැනීමට නම් නිරුවත් ජායාරූප ලබාදීමක් සිදුකළ යුතු බව පැවසෙනවා.
මෙම වෛරස් ප්‍රහාරයේදී පහත සටහන සමගින් පරිගණකය අක්‍රීය වේ.

“Your computer has been locked. You can only unlock it with the special unlock code, go to protonmail.com and create an account. Send an email to 1_kill_yourself_1@protonmail.com. We will not respond immediatly. After we reply, you must send at least 10 nude pictures of you. After that we will have to verify that the nudes belong to you. Once you are verified, we will give you your unlock code and sell your nudes on the deep web”

ඊයේ රාත්‍රීයේ සිට මෙය පැතිරීම ආරම්භ වී ඇති මෙම වෛරසය ඉදිරියේදී විශේෂයෙන් යුරෝපා රටවල් වල පැතිරීමට ඉඩ ඇති බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන MalwareHunterTeam පවසනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Monday, 11 September 2017

Facebook slapped with $1.43 million fine for violating users' privacy in Spain

පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් යම් වෙබ් අඩවියක් තමාට හැකි උපරිමයෙන් ක්‍රියා කළ යුතු බව සමාන්‍ය සමාජ දැනීමයි.  එසේ හෙයින් බොහොමයක් ප්‍රසිද්ධ වෙබ් අඩවි සියල්ලම පාහේ පෞද්ගලික දත්ත සුරැකීමට විශේෂිත ක්‍රමවේදයන් අනුගමනය කරනවා.
ෆේස්බුක් යනු ලෝකයේ විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය වනවා සේම එහි අති පුද්ගලික දත්ත ප්‍රමාණයද අති විශාලයි.
විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අතිශයින් පෞද්ගලික දත්ත චායාරූප වැනි දේ ෆේස්බුක් හරහා මේ මොහොතේදීත් හුවමාරු වෙනවා.
කෙසේ නමුත් පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් යොදා තිබෙන ආරක්ෂිත ක්‍රමවේදයන් වල දුර්වලතා පවතින බව හදුනාගත් රටවල් ගණනාවක්ම ඊයේ දිනයේදී ෆේස්බුක් වාර්ථාගත දඩ මුදලක් ගෙවීමට මුහුණ දුන්නා.
මෙම වාර්ථාගත දඩ මුදල ඩොලර් බිලියන 2.7ක්. විශේෂයෙන් මෙම දඩ මුදල් පැනවීම සදහා ස්පාඤ්ඤ නීතිඥවරුන් පිරිසක් මූලික වුණා.
ඔවුන් සදහන් කළා සාමාන්‍ය පරිශීලකයාට නොපෙනුනත් පෞද්ගලික දත්ත විශාල වශයෙන් ෆේස්බුක් හරහා තෙවන පාර්ශවීය කණ්ඩායම වෙත මුදල් මත ලබාදෙන බවයි.
එසේම ෆේස්බුක් "Like" හරහා ෆේස්බුක් විසීන් විශාල වශයෙන් ආදායම් ලබන බවටද ඔවුන් චෝදන කළා.
ඉදිරියේදී "Like" වලින් කෙරෙන වෙළදාම් වලටද මේ අනුව වැට බැදෙනු ඇති.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 6 September 2017

European Companies Must Tell Employees If Their Work Emails Are Being Monitored

සාමාන්‍යයෙන් භාවිතා වන ලිපි වලට තිත තබමින් නවීන තාක්ෂණයේ පිහිටෙන් ඊමේල් නිර්මාණය වූයේ අන්තර්ජාලය නිර්මාණය වූ මුල් අවධියේදීමයි. ඉන් අනතුරුව එහි සීඝ්‍ර දියුණුවක් දැකගත හැකි වූ අතර වර්ථමානය වන විට ඊමේල් ලෝකයේ ප්‍රමුඛතම සංනිවේදන මාධ්‍යයක් වී හමාරය. 
ඊමේල් හරහා විවිධ සයිබර් අපරාධ සිදුවීමේ ප්‍රවණතාව වැඩිවූයේ ගෙවුණ වසර කීපයේ සිටයි. විශේෂයෙන් ෆිෂින් වැනි සයිබර් ප්‍රහාරයන් එල්ල කිරීමේදී මූලිකව භාවිතා කරන්නේ ඊමේල් මාධ්‍යයයි.
එසේම වඩාත් වැදගත් වූ මෙම සේවාව අවභාවිතය හරහා ආයතනික මෙන්ම රාජ්‍ය රහස් වැනි දේ වෙනත් ප්‍රාර්ශවයන් වෙත යැවීමට භාවිතා කිරීම හරහා ඊමේල් යනු සයිබර් අපරාධ වලට සහය දක්වන මාධ්‍යයක් බවට පත්වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුරෝපා රටවල් ගණනාවක් තම ඊමේල් පරිශීලකයන්ගේ ඊමේල් සියල්ලම ඊයේ දිනයේ සිට විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආයතන හෝ රාජ්‍ය අංශය විසින් යවනු ලබන සියළුම ඊමේල් වල අන්තර්ගතය European Court of Human Rightහි අධීක්ෂණය යටතේ විශ්ලේෂණය කෙරෙනු ඇත.
එවැනි නීතියක් ශ්‍රී ලංකාව වැනි රටකට අදාළ කළහොත් කුමක් සිදුවේද?




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 5 September 2017

WikiLeaks website has been hacked!

රහස්‍ය තොරතුරු සොයා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ලෝකයේ අංක 1 WikiLeaks බවට නොරහසක්. ලොකයේ ප්‍රසිද්ධ ආයතන පුද්ගලයන් මෙන්ම රාජ්‍ය රහස්ද WikiLeaks විසින් විටින් විට හෙළි කරනවා. මෙම දත්ත බොහෝ දුරට හැකිං ප්‍රහාරයන් හරහා මෙන්ම ෆිෂින් වැනි ක්‍රමවේදයන් භාවිතයෙන් WikiLeaks විසින් සොරාගනු ලබනවා.
අද උදෑසන WikiLeaks වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. අනුන්ගේ දත්ත සොරාගන්නා සොරුන්ගේම දත්ත වෙනත් පිරිසක් විසින් සොරාගැනීම සරදමක් බදුයි.
මෙම හැක් කිරීමේ වගකීම OurMine නම් හැකිං කණ්ඩායම විසින් භාරගෙන් තිබෙන අතර WikiLeaks වෙබ් අඩවියේ පළමු පිටුවේ ජායාරූපයක් ඵල කරමින් ඔවුන් ඒ බව සදහන් කර තිබෙනවා.
නමුත් WikiLeaksවෙබ් අඩවියෙන් දත්ත සොරාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තවම වාර්ථා වී නැහැ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers