සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 27 September 2017

Cardiac Scan Authentication — Your Heart As Your Password

මුරපදයක් ආරක්ෂිත යැයි හිතුවේ 2000 මුල් කාලයේදීය. ඉන් පසුව මුරපදයක් භාවිතා කිරීම වෙනුවෙන් ඇගිලි සලකුණු යෙදීම වඩාත් යෝග්‍ය යැයි සිතා බොහොමයක් උපාංග වලට ඇගිලි සලකුණු භාවිතා කිරීම ආරම්භ විය. ඉන් අනතුරුව ඇසේ සුදු ඉංගිරියාව මුරපදයක් ලෙස කිරීම මෙන්ම සම්පූර්ණ මුහුණම මුරපදයක් ලෙසින් භාවිතා කිරීම වැනි නවීන තාක්ෂණයන් එළිදැක්වුණා.
කෙසේ නමුත් මේ සෑම තාක්ෂණයකම කුමක් හෝ රිංගායා හැකි දුර්වලතාවක් පැවතුනා. මුරපද බිද දැමිය හැකි ක්‍රමවේදයන් නිර්මාණය වුණා සේම ඇගිළි සලකුණු අනුමානය කළ හැකි තාක්ෂණයන්ද හැකර්වරුන් විසින් සොයාගනු ලැබුවා.
Apple ආයතනය විසින් සිය iPhone හි ආරක්ෂාව සදහා මෙම තාක්ෂණයන්ගෙන් බැහැර වී නවතම තාක්ෂණයක් භාවිතාවට ගන්නා බවට තොරතුරු ඊයේ දිනයේදී ප්‍රසිද්ධ කළා.
Apple හි පර්යේෂකයන් පිරිසක් විසින් මෙම තාක්ෂණය Cardiac Scan ලෙසින් කර තිබෙන අතර මුරපදයක් ලෙසින් ක්‍රියාත්මක වන්නේ අපගේ හෘද ස්පන්දනයයි. කලින්ම Cardiac Scan තාක්ෂණය හරහා උපාංගය ආයත් පුද්ගලයාගේ හෘද ස්පන්දන රටාවන් හදුනාගත් පසුව Apple ජංගම දුරකථනය අතට ගත් සැනින් ඔහු එහි අයිතිකරු නම් උපාංගය සක්‍රීය වේ.
හෘද ස්පන්දනය ග්‍රහණය කරගත හැකි අදාළ සංවේදන සහිතව මීළග Apple ජංගම දුරකථනය සහ අනෙකුත් උපාංගයන් එළිදැක්වෙනු ඇත.
තාක්ෂණය දියුණු වන වේගය මෙතෙකැයි කිව නොහැකි බැවින් ඉදිරියේදී තවත් කුමන ආකාරයේ තාක්ෂණයන් මුරපදයේ ස්ථානය ගනීදැයි සැක සහිතය. එසේම එම තාක්ෂණයන් බිදිය හැකි ක්‍රමවේදයන්ද කල් ගොස් හෝ හැකර්වරුන් සොයාගනු ඇත.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive