සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 24 September 2017

New Ransomware demands nude photos as Payment

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ලෝකයට ඇත්තේ ඉතාමත් අමිහිරි අත්දැකීම් ගණනාවක්. ගෙවුණ මාස ගණනාවක සිට විවිධ හැකිං කණ්ඩායම් විසින් විවිධ වර්ගයේ රෑන්සම්වෙයාර් නිර්මාණය කර ඒ හරහා මිලියන ගනනින් මුදල් ඉපයුවා.
රෑන්සම්වෙයාර් වල මූලික ලක්ෂණය වූයේ මුදල් ඉල්ලීම වුවත් මින් මතුවට එය වලංගු නොවන තැනට කටයුතු සිදුවී හමාරයි. ඒ නවීනතම රෑන්සම්වෙයාර් වෛරසය හරහා මුදල් වෙනුවට අදාළ තැනැත්තාගේ නිරුවත් ජායාරූපයක් ඉල්ලා සිටීම නිසායි.
ලෝක ඉතිහාසයේ මෙවැනි ලිංගික අල්ලස් ගැනීම් ඕනෑ තරම් තිබුණත් ප්‍රසිදධියේම එවැන්නක් පරිගණක වෛරසයක් හරහා සිදු කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර nRansomware ලෙසින් හදුන්වාගත් මෙම රෑන්සම්වෙයාර් කාණ්ඩය හරහා පරිගණකය නැවත භාවිතයට ගතහැකි තත්වයට ගැනීමට නම් නිරුවත් ජායාරූප ලබාදීමක් සිදුකළ යුතු බව පැවසෙනවා.
මෙම වෛරස් ප්‍රහාරයේදී පහත සටහන සමගින් පරිගණකය අක්‍රීය වේ.

“Your computer has been locked. You can only unlock it with the special unlock code, go to protonmail.com and create an account. Send an email to 1_kill_yourself_1@protonmail.com. We will not respond immediatly. After we reply, you must send at least 10 nude pictures of you. After that we will have to verify that the nudes belong to you. Once you are verified, we will give you your unlock code and sell your nudes on the deep web”

ඊයේ රාත්‍රීයේ සිට මෙය පැතිරීම ආරම්භ වී ඇති මෙම වෛරසය ඉදිරියේදී විශේෂයෙන් යුරෝපා රටවල් වල පැතිරීමට ඉඩ ඇති බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන MalwareHunterTeam පවසනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive