සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 28 September 2017

Dark-Web Drug Dealer Arrested After He Travelled US for World Beard Championships

Dark web එක කියන්නේ අන්තර්ජාලයේ අදුරු පැතිකඩක්. ලෝකයේ අන්තර්ජාලය භාවිතා කරන්නේන් 4%ක් නම් ඉතිරි 96%ම Dark web එකයි. එයින් ඔබට එහි විශාලත්වය සහ පැතිරීම සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් ගත හැකියි. Dark web එක වැඩි වශයෙන් භාවිතා වන්නේ මත්ද්‍රව්‍ය වෙළදාම, අවි ආයුධ වෙළදාම වැනි දේ සදහායි. ඊට අමතරව විශාල තවත් නොදන්නා ගණුදෙනු විශාල වශයෙන් සිදුවෙනවා.
ඉතින් සාමාන්‍ය වශයෙන් ගතහොත් මෙම ක්‍රියාවලිය කිසිදු රටක් අනුමත කරන්නේ නෑ.  ඒ නිසා Dark web යනු ලෝකයේ නීතියට පරිභාහිරව හොරෙන් ක්‍රියාත්මක වන ජාලයක්. එසේම මෙහි ක්‍රියාකාරීන් ගණනාවක්ම නීතිය මගින් අත්අඩංගුවට ගැනිම සදහා වරෙන්තු ලද පුද්ගලයන්.
Dark web හි මත්ද්‍රව්‍ය වෙලදාමේ රජු ලෙසින් සලකන්නේ 38 හැවිරිදි ප්‍රංශ ජාතික Gal Vallerius. ඔහු මත්ද්‍රව්‍ය වෙළදාමෙන් කෝටිපතියෙක් වී සිටින්නෙක්. අද උදෑසන ඔහුව ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුනා.
ඔහු ඇමෙරිකාවට පැමිණෙමින් තිබුණේ ලෝක රැවුල්කරුවන්ගේ තරගයකට සහභාගී වීමටයි. Drug Enforcement Administration (DEA) අනුව ඔහු විසින් Dark web හි වෙබ් අඩවි 45ක් පමණ පවත්වාගෙන යන අතර eBay-type marketplace එකක්ද මත්ද්‍රව්‍ය අලෙවිය සදහා පවත්වාගෙන යනවා. cocaine, LSD, methamphetamine, fentanyl සහ oxycodone ඔහුගේ ප්‍රධානතම අලෙවි ද්‍රවයයි.
දිනකට ඔහුගේ අලෙවිය $500,000 පමණ වන අතර (ආසන්න වශයෙන් දිනකට රුපියල් 76,560,010.00) ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රයද ලබාගෙන තිබෙන අතර එය වැඩිදුර පර්යේෂණ සදහා යවා තිබෙන බව වාර්ථා වෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive