සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday, 23 January 2013

System Configuration Utility

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල එක් එක් සැකසුම් සකස් කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම ලබදෙන යෙදවුම් තියනවා. උදාහරණයක් ලෙසින් වින්ඩෝස් රෙජිස්ට්‍රිය දක්වන්න පුලුවන්. ඒ හරහා සමස්ත පරිගණක පද්දතියේම විවිදාකාර වෙනස්කම් කරගන්න පුලුවන්. ඉතින් එවැනිම වටිනාකමකින් යුතු යෙදුමක් තමයි System Configuration Utility කියන්නේ. පරිගණක මෙහෙයුම් පද්දතියේ අතිශයින් වටිනා සැකසුම් සියල්ලම මේ හරහා සිදුකරගන්න පුලුවන්.
msconfig විදානය හරහා ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකින් මේ System Configuration Utility උපයෝගීතාවය ලබාගන්න පුලුවන්. පරිගණකය ආරම්බ කරන මුල් අවස්තාවේදී එහෙම නැතිනම් startup අවස්තාවේදී සිදුවිය යුතු විශේෂ ක්‍රියාකාරකම් එකතු කිරීම හෝ දැනට බාවිතා වන දේවල් ඉවත් කිරීම මේ මගින් පහසුවෙන් කරගන්න පුලුවන්. ඇත්තෙන්ම මෙහි වෙනස් කම් කිරීමෙන් පරිගණක මෙහෙයුම් පද්දතියේ යම් යම් වෙනස්කම් සිදුවන බැවින් අවබෝදයෙන් වෙනස්කම් කල යුතුයි.සරලවම කියනවා නම් මේ System Configuration Utility වල සිදු කරන වැරදි සකසුමකින් ඔබේ මෙහෙයුම් පද්දතියට හානි සිදු වන්න පුලුවන්.

System Configuration Utility ප්‍රදාන වශයෙන් පහල පද්දති ගොනු හා සේවාවන් සමග කෙලින්ම සම්බන්ද වෙනවා. ඒ වගේම ඒ පද්දති ගොනු වල වෙනස්කම් මේ හරහා කෙලින්ම කරන්න පුලුවන්. 

  • System.ini
  • Win.ini
  • Boot.ini
  • Services
  • Startup
System Configuration Utility වෙත යන්න "Start" > "Run" වලදී  "msconfig" ලෙසින් ටයිප් කර එන්ටර් කරන්න.



පහල රූපයේ ආකාරයෙන් System Configuration Utility සංවාද කොටුව විවෘත වේවි. මෙහි පවතින එක් එක් විශේෂතා ගැන අවධානය යොමු කරමු.

I. "GENERAL"



 "Normal Startup" මෙහෙයුම් පද්දතියෙන් ලබාදෙන නිවැරදි සකසුම් ටික තමයි මේ මගින් ලබාගන්න පුලුවන්. මෙතනදී වින්ඩෝස් මගින් දැනට ස්තාපිත කරලා තියන සියලුම drivers සහ දැනට පවතින සියලුම services බාවිතා කරනවා.

 "Diagnostic Startup" වින්ඩෝස්ම් ක්‍රියාත්මක වීමට ඕනේ කරන මූලිකම drivers සහ services ටික පමණක් බාවිතා කරමින් පරිගණකය ක්‍රියාත්මක කරනවා. බොහොමයක් සේවාවන් මෙහිදී අක්‍රීයවයි පවතින්නේ. උදාහරනය ලෙස Networking, Plug and Play, Error Reporting සේවාවන් දක්වන්න පුලුවන්. 

"Selective Startup" මේ මගින් අප යෝජන කරන සැකසුම් යටතේ මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක කරවනවා.


II. "SYSTEM.INI", "WIN.INI", සහ "BOOT.INI"

"system.ini", "win.ini", සහ  "boot.ini" කියන්නේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වීමට ඕනේම කරන පද්දති ගොනු 3ක්. මේවා තුල පරිගණකය බූට් වීමට ඕනේ කරන මූලික සැකසුම් ඇතුලත් වෙනවා. මේවා කුඩා .ini ගොනු ලෙසින් ප්‍රදාන පද්දති පෝල්ඩරයේ හෝ c: කොටසේ සැගවී පවතිනවා. system.ini ගොනුව නෝට්පෑඩ් හරහා විවෘත කල විට පහල රූපයේ ආකාරයෙන් දකින්න පුලුවන්. 



















III. "Services"

පරිගණකයේ ක්‍රියාත්මක වන සියලුම සේවාවන් මෙහිදී දැකගන්න පුලුවන්. ඒවා ඕනේ නම් disable/enable කිරීමේ හැකියාවත් මෙහිදී පවතිනවා. 




IV. "Startup"
වින්ඩෝස් ආරම්බ වීමේදී ක්‍රියාත්මක විය යුතු සේවාවන් මෙහිදී දැකගන්න පුලුවන්. ඒ සේවාවන් වල ක්‍රියාත්මක වන ඔආත් එක පවා දැකගන්න් පුලුවන්. මෙය ඉතාමත් වැදගත් වන්නේ වයිරස් ක්‍රියාකාරීත්වයන් අදුනා ගැනීමේදී. වයිරසය ක්‍රියාත්මක වන ගොනුව  කුමද්ද යන්න නිසි ආකාරයෙන් අදුනාගන්න පුලුවන්. ඕනේම සේවාවක් disable/enable කිරීමේ හැකියාවත් පවතිනවා. 


ඉතින් වින්ඩෝස් 8 වලදී නම් මෙහි අතුරු මුහුණතේ පොඩි වෙන්සක් දකින්න ලැබෙනවා. 






















පහල රූපය බලන්න. දැනට ක්‍රියාත්මක මෙහෙයුම් පද්දතිය පෙන්නුම් කරනවා. එය වැදගත් ඩුවෙල් බූට් ආකාරයේ පද්දති වල සැකසුම් සකස් කරන්නට. ඒ වගේමෙ Safe Boot මගින් පද්දතිය බූට් වෙන්න ඕනේ මොන ආකාරයෙන්ද කියන එක සකසන්න පුලුවන්. 























ඉතින් ඉතාමත් කල්පනාකාරීව මේ සැකසුම් සකස් කරන්න ඕනේ. නිසි අවබෝදයක් නැතිනම් හොදම දේ මේ දේවල් වල වෙනස් කමක් නොකර ඉන්න එකයි. සුබ දවසක්...! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday, 21 January 2013

Get Back Windows 8 Start Menu

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය නවීකරණයි වෙමින් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය අලුත් දේවල් ගොඩක් ලබා දුන්නා. ඇත්තටම ලබාදුන්නා වගේම ඉවත් කලා. ටයිල් මෙනු එක ලබාදෙමින් සාම්ප්‍රදායික වින්ඩෝස් ස්ටාර්ට් මෙනුව ඉවත් කිරීම එහෙම නැත්නම් ස්ටාර්ට් මෙනුවක් නැති කිරීම (මයික්‍රොසොෆ්ට් මෙහෙම කරන්න හේතුව තවම පැහැදිලි නෑ. බොහෝ විට පරණ වින්ඩෝස් අතුරු මුහුණත වෙන්ස කරන්න නම් අනිවාර්යයෙන් ස්ටාර්ට් මෙනුව ඉවත් කරන්න ඕනේ කියලා හිතන්න ඇති)   වින්ඩෝස් 8 වලදී දකින්න ලැබෙන මුලික වෙනස් කමක්.
මේ මූලික වෙනසට අනුගත වෙන්න අකමැති ඒ වගේම ඒ වෙනුවෙන් අවලාද නගන අයට සැනසීමට කරුණක් තියනවා. ඒ වින්ඩෝස් 8 වලදී නැවතත් ස්ටාර්ට් මෙනුව ලබා ගැනීමට හැකි ලෙසින් තෙවෙනි පාර්ශවීය මෘදුකාංගයක් නිර්මාණය වීමයි. බොහෝ දෙනෙක් වින්ඩෝස් 8 වලට කැමති උනත් ස්ටාර්ට් මෙනුව නැති කම බොහෝ දෙනාට හරිම ගැටලුවක් බවයි හැගෙන්නේ. ඉතින් මෙ මෘදුකාංගය හරහා අපි බලමු ස්ටාර්ට් මෙනුව ආපසු ලබාගන්නා ආකාරය. මුලින්ම මේ මෘදුකාංගයේ පිටපතක් පහල ලින්කුවෙන් බාගත කරගන්න. 


මේ මෘදුකාංගයේ මූලික අරමුණ වන්නේ ස්ටාර්ට් මෙනු එක නැවත ලබාදීමයි. ඒ නිසා මේ මෘදුකාංගය බාවිතා කිරීමෙන් වින්ඩෝස් ස්ලෝ වීමක් සිදු වන්නේ නෑ. ඇත්තටම සිදු වන්නේ වින්ඩෝස් 7 වලදී මෙන් අදාල මෘදුකාංග කෙටි මං වශයෙන් ලබාදෙමින් මෙනුවක් නිර්මාණය කිරීමයි පහල රූපය බලන්න 


මේ මෘදුකාංගය ස්තාපිත කිරීමෙන් පසුව ලැබෙන වින්ඩෝස් ස්ටාර්ට් මෙනුවෙන් පහල දේවල් කරගන්න පුලුවන්.

  • Added drag and drop support (including rearranging items in All Programs)
  • Added support for renaming items in All Programs
  • Added support for displaying pinned folder items via jumplists
  • Added support for custom locations (like linking to Dropbox)
  • Added option to open Winkey+X menu instead of classic or Modern start menus
  • Added additional start button images
  • Additional UI language support(ar, cs, de, fr, ja, pl, pt-br, tr, zh - see lang\en.lng)

ඒ වගේම වින්ඩෝස් වලින් අලුතෙන් ලබාදෙන Windows Store, apps වැනි දේවල් වලට කෙලින්ම පිවිසීමේ කෙටි මංද මේ ස්ටාර්ට් මෙනු එකට ලැබෙනවා. ඉතින් වින්ඩෝස් පැරණි ස්ටාර්ට් මෙනුව හා මේ මෘදුකාංගය හරහා ලබාගත් ස්ටාර්ට් මෙනුවේ කිසිදු වෙන්සක් දකින්න න ලැබෙන්නේ නෑ. 

මේ ලැබෙන ස්ටාර්ට් මෙනුව මත right-click කලාම Configure Start8 කියන මෙනුව ලැබෙනවා. පහල රූපය බලන්න. ඒ මගිනුත් අපිට හැකියාව තියනවා විවිද වෙනස්කම් කරගන්න. මේ හරහා ස්ටාර්ට් මෙනුවේ එක් එක් styles ලබාගන්න පුලුවන්.default style එක ලෙසින් පවතින්නේ Windows 7 වල ස්ටාර්ට් මෙනුවයි.



ඉතින් ඉදිරියේදී මයික්‍රොසොෆ්ට් මගින්ම මේ මෙනුව නැවතත්  හදුන්වා දීමට ඉඩ තියනවා. එහෙම නොවෙන්නත් පුලුවන්. ගැටලුවක් නෑ. මේ මෘදුකාංගය හරහා එය පහසුවෙන්ම ලබාගන්න පුලුවන්. ඒ වගේම කලින් ස්ටාර්ට් මෙනුව් පැවති තැන රයිට් ක්ලික් කල විටත් පහල රූපයේ ආකාරයෙන් උප මෙනුවක් දකින්න ලැබෙනවා. එයිනුත් යම් උපකාරයක් ගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday, 20 January 2013

Bypass Software Trial Period Manually

මෘදුකාංග සල්ලි දීලම අරගෙන බාවිතා කරන්නේ කීයෙන් කී දෙනාද? සල්ලි දීලා මෘදුකාංග ගන්න බැරි අපි කරන්නේ එක්කෝ මෘදුකාංගයේ කී එකක් අන්තර්ජාලයෙන් සොයාගන්නවා. එහෙම නැත්නම් මෘදුකාංගයේ .exe එක ක්‍රැක් කරපු එකක් හොයාගන්නවා. ඉතින් බොහොමයක් මෘදුකාංග ක්‍රැක් තියෙන්නේ වයිරස් සමග කියලා ඒවා බාවිතා කරපු අය දන්නවා ඇති. සල්ලි වලට නොගෙන මෘදුකාංග බාවිතා කිරීමෙන් නොදැනුවත්වම වයිරස් පරිගණකයට ආසාදනය වෙනවා කියන එකත් මතක තියාගන්න.
ඉතින් මේ ලගදී වටිනා මෘදුකාංගයක් කාලය ඉකුත් වෙනවා කියලා මගේ මිතුරෙක් කිවුවා පුලුවන් නම් මොකක් හරි කරලා දෙන්නා කියලා. ක්‍රැක් එකක් දැම්මත් ඒකේ වයිරස් කියලා ඇල්ලුවා. ඉතින් අවසානයේ වෙනත් විසදුමකට යන්න උනා. එතනදී පහලින් දක්වලා තියන සැකසුම් සකස් කිරීමෙන් අදාල මෘදුකාංගයේ කාලය ඉකුත් වීම නැවතාගන්න හැකි උනා. 

නමුත් මේ ක්‍රමය සියලු මෘදුකාංග වෙනුවෙන් සාර්තක නොවෙන්න පුලුවන්. නමුත් මෙතෙක් බාවිතා කල සියලු Trial මෘදුකාංග වල කාලය ඉකුත් වීම නවතා ගන්න හැකි උනා. මෙතනදී වෙන්නේ මෘදුකාංගයේ කාලය ඉකුත් වීමට අදාල දත්ත පරිගණකයෙන් ඉවත් කර නැවත මෘදුකාංගයේ අලුත් ස්තාපිත කිරීමක් සිදු කිරීමයි. 

මුලින්ම පරිගනකයේ රෙජිස්ට්‍රියට යන්න Start > Run > Regedit ලෙසින් සටහන් කර. ඊලගට පහල මාර්ගයේ යන්න. HK Local Machine > Software >  ඉන්පසුව Trial ඔබේ මෘදුකාංගයේ නම තෝරාගන්න. 


ඉන්පසුව අදාල කී ටික මකලා දාන්න. ඒ වගේම HK Current user කියන එකෙත් Software > වලදි කී මකන්න ඕනේ. 

ඉන්පසුව Start > Run > වලදී “%temp%” ලෙසින් සටහන් කර එන්ටර් කරන්න. එවිට වින්ඩෝස් ටෙම්පරි පෝල්ඩරය විවෘත වේවි. එතනදී දකින්න ලැබෙන සියලුම පෝල්ඩර් ගොනු මකා දමන්න. 


ඉන්පසුව C:// Users > Username > App-data වලට යන්න. මෙතනදී දකින්න් ලෙබෙනවා අපි බාවිත කරන ප්‍රොෆයිල් ආකාරයන්. ඒ කියන්නේ “Local”, “LocalLow”, “Roaming” කියන ඒවා.  App-data ෆෝල්ඩරය හිඩ්න් වෙලයි තියෙන්නේ. ඊලගට අදාල මෘදුකාංගයේ පෝල්ඩරය මකා දමන්න. 


ඉන්පසුව පරිගණකය රීස්ටාට් කර මෘදුකාංගය නැවත ස්තාපිත කරන්න. එයින් පසුව නැවත්ත අදාල Trial  කාල සීමාව නැවත බාවිතා කරන්න් පුලුවන්. කල් ඉකුත් වන හැම අවස්තාවකදීම මේ ක්‍රියාවලිය මගින් නැවත නැවත මෘදුකාංගය බාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Face Recognition

තාක්ශණය දිනෙන් දින දියුණු වෙන් බව හැමදෙනාම දන්නා කාරණයක්. ඉතින්  මෙහෙයුම් පද්දති වලත් අලුත් අලුත් පහසුකම් වගේම නවීන තාක්ශණික යෙදවුම් බාවිතාව එන්න වැඩි වෙමින් පවතිනව. ඉතින් මේ කියන්න යන්නේ වින්ඩෝස් ලොගින් එක වෙනුවට සාම්ප්‍රදායිම මුරපදය ලබාදීම වෙනුවට තමන්ගේ මුහුනේ චායාරූපය ලාබාදීම ගැනයි. සරලවම කියනවා නම් මුර පදය ලෙසින් මුහුණ බාවිතා කරන්නේ කොහොමද කියන එක. 


අපි බලමු කොහොමද Face Recognition  තාක්ශණය ක්‍රියාත්මක වන්නේ කියලා. 



මුලින්ම මෘදුකාංගය මගින් මුහුනේ එක් එක් තැන් වල සලකුනු ලබාගන්නවා. ඉහල රූපයේ ආකාරයෙන්. ඊලගට එය මෘදුකාංගය මගින් දත්ත ගබඩාවක් බවට පත් කරගන්නවා. ඊලගට අපි මුරපදය ලෙස මුහුණ ලබාදීමේදී නැවතත් මුහුණේ තැන් තැන් වල ලබාගන්නා සලකුනු පෙර් ලබාගත් සලකුණු සහිත දත්ත ගබඩාවේ කිසියම් දත්ත කොටසක් සමග ගැලපෙනවාද කියලා බලනවා. බැලපෙනවා නම් පරිගණකයට බාවිතා කිරීමට අවසර ලැබෙනවා. හරියට මුරපදය හරි නම් ලොග් වෙන්න දෙනවා වගේ.

මුහුණ බාවිතා කිරීම වගේම ඇගිලි සලකුණු බාවිතා කිරීමත් කාලයත් එක්ක දියුණු උන තාක්ශනයක්. ඉතින් අපි බලමු කොහොමද මේ මුහුණු බාවිතා කිරීම කරන්නේ කියලා. මේ වෙනුවෙන් අනිවාර්යයෙන් වෙබ් කැමරාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ වෙනුවෙන් බාවිත කල හැකි මෘදුකාංගයක් තියෙන්නත් ඕනේ. මොකද දැනට වින්ඩෝස් වෙනි මෙහෙයුම් පද්දති වලදී කෙලින්ම මුහුණ හදුනා ගැනීමේ පහසුමක ලබා නොදීමයි. ඉතින් ඒ වෙනුවෙන් තෙවන පාර්ශවීය මෘදුකාංගයක සහය පතන්න වෙනවා. Blink කියන්නේ මෙවැනි වින්ඩෝස් මෙහෙයුම් පද්දති වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් අනර්ග Face Recognition  මෘදුකාංගයක්. advanced face recognition තාක්ෂණය සහිත මේ මෘදුකාංගය පහල ලින්කුවෙන බාගත කරගන්න පුලුවන්. 

ඉතින් මේ මෘදුකාංගය හරහා අපිට හැකියාව තියනවා අපේ මුහුණ මුරුපදයක් ලෙසින් බාවිතා කරන්න. 










මෘදුකාංගය පරිගණකයට ස්තාපිත කරගන්න.පහල රූප වල ආකාරයෙන් එය ස්තාපිත කරගන්න. 



I Agree ක්ලික් කරන්න. 



OK ක්ලික් කරන්න. 



Install Luxand Blink! ක්ලික් කරන්න.



පහල රූපයේ ආකාරයෙන් ස්තාපනව ආරම්භ වෙනවා. 



වෙබ් කැම් එක මේ වෙනකට සම්බන්ද කරලා තියෙන්න ඕනේ. වෙබ් කැම් එකකට අමතරව වෙනත් කැම් තියනවා නම් පහල රූපයේ ආකාරයෙන් එක් එක් ටික් ලෙසින් ඒවා පෙන්වාවි. මෙතනදී webcam කියන එක තෝරලා Apply කරන්න.
 


ඉතින් අවසානයේ අපිට මේ මෘදුකාංගයේ සැකසුම් සකස් කල හැකි කොටසට පිවිසෙන්න පුලුවන්. පහල රූපය බලන්න. එයින් අපේ මුහුණ Remember මගින් ලබාදෙන්න පුලුවන්.



ඉතින් ඊලගට වින්ඩෝස් ලොග් වෙන විට කැමරාව ක්‍රියාත්මක වී අපේ මුහුණ මුරපදය ලෙසින් ලබාදෙන්න හැකි වේවි. උත්සාහ කරලා බලන්න. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday, 15 January 2013

Linux Operating System Free Full Download all version


විවෘත කේත මෘදුකාංග අතරින් කවුරුත් වැඩි වශයෙන් බාවිතා කරන්නේ ලිනක්ස් හ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති බව සැකයක් නෑ. වින්ඩොස් වලදී දකින්න ලැබෙන අතුරු මුහුණත් වලින් අංග සම්පූර්ණව පැමිනෙන මේ ලිනක්ස් හා ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති සියල්ලම වගේ ඉතාමක් කෙටි කාලයකින් ජනප්‍රිය උනා. උදාහරණයක් ලෙසින්  උබන්ටු වැනි මෙහෙයුම් පද්දති දක්වන්න පුලුවන්. ඉතින් වින්ඩෝස් වලින් මිදී ලිනක්ස් බාවිතයට ගන්න සිතාගෙන ඉන්න ඒ වගේම් ලිනක්ස් ගැන උනන්දු වන සියලු දෙනා වෙනුවෙන්ම ලිනක් මෙහෙයුම් පද්ද්ති සියල්ල එකම තැනකදී බාගත කරගන්න අවස්තාව තියනවා.
කලින් කතා කල උබන්ටු කියන්නේ සම්පූර්ණයෙන්ම් ලිනක්ස් මෙහෙයුම් පද්දතියක්. එහි කර්ණලයේ සිට අතුරු මුහුණත දක්වා සියලුම කේතයන් ලිනක්ස් පාදක වෙලයි තියෙන්නේ. දැනට ලෝකයේ පරිගණක 100 ගත්තොත් ඒවායින් 80ක්ම වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලින් සමන්විත බව පැවසෙනවා. ඉතිරි 20 ලිනක්ස් හා ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති බාවිතා කරනවා.  නමුත් ඉතාමත් වේගයෙන් මේ 80 කියන කොටස අඩු වෙමින් ලිනක්ස් බාවිතා කරන්නන් වැඩි වෙමින් පවතින බවයි පෙනෙන්නේ. 

මේ කරුණට ප්‍රදාන හේතුවක් වන්නේ වින්ඩෝස් මිලදී ගතයුතු වීම හා ලිනක්ස් නොමිලේ ලබාදීමයි. බොහොමයක් රටවල්  වින්ඩෝස් ඉවත් කර ලිනක්ස්කරණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම වින්ඩෝස් කේත සගවා තිබුනත් ලිනක්ස් කේතයන් විවෘත බැවින් ඕනේම කෙනෙකුට මෙය සංස්කරණය කරමින් බාවිත කිරීමේ හැකියාව පවතිනවා. එසේ සංස්කරණය කර අලුත් මෙහෙයුම් පද්දති නිර්මාණය කිරීමට කිසිම බලපෑමක් ලිනක්ස් අයිතිකරුවන් විසින් දක්වන්නේ නෑ. ඒ ආකාරයෙන් නිර්මාණය උන මෙහෙයුම් පද්දති ගණනාවක්ම දැනට බාවිතයේ පවතිනවා. උදාහරණයක් ලෙසින් ලංකාවේ නිර්මාණයක් වන හන්තාන ලිනක්ස් දක්වන්න පුලුවන්. ඒ වගේම උබන්ටු හොදම නිර්මාණයක්. "Ubuntu" කියන්නේ පුරාණ අප්‍රිකාණු වචනයක්. එහි තේරුම වන්නේ "humanity to others" කියන එකයි. 

Mandriva Linux (Mandrakelinux)

ඉතාමත් පහසුවෙන් ඒ වගේම සරලව බාවිතා කරන්න පුලුවන් මෙහෙයුම් පද්දතියක් තමයි Mandrakelinux කියන්නේ. දැනට බාවිතයේ පවතින බොහොමයක් භාෂාවන් වලට මෙය සහය දක්වනවා. බාවිතයට ඕනේ කරන්නේ අවම මෘදුකාංග සංයෝජනයක්. ලිනක්ස් බාවිතය ආරම්බ කරන්නන් ඒ කියන්නේ මින් පෙර ලිනක්ස් බාවිතා නොකල අයට ඉතාමත් පහසුවෙන් බාවිතා කල අහෙකි ලෙසින් මෙය නිර්මාණය වී තිබෙනවා.








Linux for Advanced User

ඉහල පහසුකම් යටතේ ලිනක්ස් බාවිතා කරන්නට උත්සාහා කරන අය වෙනුවෙන් නිර්මාණය උන මෙහෙයුම් පද්දති මේ ගනයට වැටෙනවා. උදාහරණයක් ලෙස server මෙහෙයුම් පද්දතියක් හදුන්වන්න පුලුවන්.බොහොමයක් දෙනා ඒ වෙනුවෙන් Red Hat බාවිතා කරනවා. මේ වෙනකොට Red Hat Linux 9 සංස්කරණය බාවිතා කරන්න පුලුවන්. 














SUSE Linux

වින්ඩෝස් බාවිතා කිරීමට කැමති කෙනෙක් ඒ පසුබිමින් මිදෙන්න අකමැති නම් ඒ වෙනුවෙන් පහසුවෙන් බාවිත කල් හැකි ලිනක්ස් මෙහෙයුම් පද්දතිය වන්නේ SUSE Linux මෙහෙයුම් පද්දතියයි.Novell සමාගමේ වියාපෘතියක් ලෙසින් මේ මෙහෙයුම් පද්ද්තිය දියුණු කිරීම සිදු වෙනවා.







Live linux 

මෙහෙයුම් පද්දතිය සිය දෘඩ තැටිය මත ස්තාපනය නොකරගනිමින් බාවිතා කිරීමට කැමැත්තක් දක්වන පරිශීලකයින් වෙනුවෙන් නිර්මණය උන මෙහයුම් පද්දතියක් LIVE Linux. එය ලබාදෙන CD එක මත සිටම බූට් වීම ආරම්බ වෙනවා වගේම ඉතාමත් අඩු දෘඩාංග ධාරිතාවකින් බාවිතා කරන්න පුලුවන්. බාවිතයේ පවතින ඉතාමත් හොද Live linux  CD එකක් වන්නෙ Knoppix. 







MEPIS Linux 





MINI

මේකත් LIVE CD ආකාරයේ මෙහෙයුම් පද්දතියක්





Feather Linux 

CD එකක වගේම USB pendrive එකක් ඉදාලා බාවිතා කරන්න පුලුවන් 115Mb ඉඩක් ගන්නා අපූරු මෙහෙයුම් පද්දතියක්. 






SERVER CentOS








Ubuntu Server

 


ඉතින් වින්ඩෝස් වලින් වෙනසක් බලාපොරොත්තු වන අය වෙනුවෙන් මේ ලිනක්ස් මෙහෙයුම් පද්දති නොමිලේම ලබාගන්න පුලුවන්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers