සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday, 6 September 2017

European Companies Must Tell Employees If Their Work Emails Are Being Monitored

සාමාන්‍යයෙන් භාවිතා වන ලිපි වලට තිත තබමින් නවීන තාක්ෂණයේ පිහිටෙන් ඊමේල් නිර්මාණය වූයේ අන්තර්ජාලය නිර්මාණය වූ මුල් අවධියේදීමයි. ඉන් අනතුරුව එහි සීඝ්‍ර දියුණුවක් දැකගත හැකි වූ අතර වර්ථමානය වන විට ඊමේල් ලෝකයේ ප්‍රමුඛතම සංනිවේදන මාධ්‍යයක් වී හමාරය. 
ඊමේල් හරහා විවිධ සයිබර් අපරාධ සිදුවීමේ ප්‍රවණතාව වැඩිවූයේ ගෙවුණ වසර කීපයේ සිටයි. විශේෂයෙන් ෆිෂින් වැනි සයිබර් ප්‍රහාරයන් එල්ල කිරීමේදී මූලිකව භාවිතා කරන්නේ ඊමේල් මාධ්‍යයයි.
එසේම වඩාත් වැදගත් වූ මෙම සේවාව අවභාවිතය හරහා ආයතනික මෙන්ම රාජ්‍ය රහස් වැනි දේ වෙනත් ප්‍රාර්ශවයන් වෙත යැවීමට භාවිතා කිරීම හරහා ඊමේල් යනු සයිබර් අපරාධ වලට සහය දක්වන මාධ්‍යයක් බවට පත්වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුරෝපා රටවල් ගණනාවක් තම ඊමේල් පරිශීලකයන්ගේ ඊමේල් සියල්ලම ඊයේ දිනයේ සිට විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ආයතන හෝ රාජ්‍ය අංශය විසින් යවනු ලබන සියළුම ඊමේල් වල අන්තර්ගතය European Court of Human Rightහි අධීක්ෂණය යටතේ විශ්ලේෂණය කෙරෙනු ඇත.
එවැනි නීතියක් ශ්‍රී ලංකාව වැනි රටකට අදාළ කළහොත් කුමක් සිදුවේද?

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 5 September 2017

WikiLeaks website has been hacked!

රහස්‍ය තොරතුරු සොයා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ලෝකයේ අංක 1 WikiLeaks බවට නොරහසක්. ලොකයේ ප්‍රසිද්ධ ආයතන පුද්ගලයන් මෙන්ම රාජ්‍ය රහස්ද WikiLeaks විසින් විටින් විට හෙළි කරනවා. මෙම දත්ත බොහෝ දුරට හැකිං ප්‍රහාරයන් හරහා මෙන්ම ෆිෂින් වැනි ක්‍රමවේදයන් භාවිතයෙන් WikiLeaks විසින් සොරාගනු ලබනවා.
අද උදෑසන WikiLeaks වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. අනුන්ගේ දත්ත සොරාගන්නා සොරුන්ගේම දත්ත වෙනත් පිරිසක් විසින් සොරාගැනීම සරදමක් බදුයි.
මෙම හැක් කිරීමේ වගකීම OurMine නම් හැකිං කණ්ඩායම විසින් භාරගෙන් තිබෙන අතර WikiLeaks වෙබ් අඩවියේ පළමු පිටුවේ ජායාරූපයක් ඵල කරමින් ඔවුන් ඒ බව සදහන් කර තිබෙනවා.
නමුත් WikiLeaksවෙබ් අඩවියෙන් දත්ත සොරාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තවම වාර්ථා වී නැහැ.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Time Warner Cable got Hacked Millions of customer records got exposed

මහාපරිමාණ හැකිං ප්‍රහාරයන් වල නැවත පිබිදීමක් මේ සතියේදී දැකගත හැකි බව පෙනී යනවා. සතිය ආරම්භයේදීම Instagram සහ WikiLeaks වෙබ් අඩවි වලට මහාපරිමාණ සයිබර් ප්‍රහාරයන් එල්ල වූ අතර මින් සුළු මොහොතකට පෙර Time Warner Cable (TWC) ආයතනය හැක් කළා. 
Time Warner Cable (TWC) යනු ඔබ ආසාවෙන් නරබන රෙස්ලිං Wrestling තරග සජීවීව ප්‍රදර්ශනය කරන කේබල් රූපවාහිනී සේවාවයි. 
ඔවුන්ගේ දත්ත ගබඩාව හැක් කර 600GB ප්‍රමාණයක දත්ත සොරාගෙන තිබෙන බව වාර්ථා වෙනවා.
එසේම එම රූපවාහිනී සේවාව පරිශීලනය කරන මිලියන 4ක පමණ පරිශීලකයන්ගේ දත්තද සොරාගෙන තිබෙන බව ද වාර්ථා වෙනවා.
මෙතරම් දත්ත ප්‍රමාණයක් සොරාගෙනීම හරහා Time Warner Cable (TWC) ආයතනයේ පරිගණක ජාලයට සිදුවී ඇති හානිය ගණනය කිරීම ආරම්භ කර ඇති අතර 2010 වසරේද ඔවුන් මෙවැනිම සයිබර් ප්‍රහාරයකට මුහුණ දුන්නා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Taringa: Over 28 Million Users' Data Exposed in Massive Data Breach

ෆේස්බුක් ලෝකයට වැදගත් සමාජ ජාල වෙබ් අඩවියක් වුවත් එක් එක් රටවල් වලින් නිර්මාණය කරගත් සමාජ ජාල වෙබ් අඩවි ඕනෑ තරම් පවතිනවා. ලතින් ඇමෙරිකානු  Taringa, also  එසේ නැතිනම්  "The Latin American Reddit," ලෙසින් හදුන්වන සමාජ ජාල වෙබ් අඩවියත් එවැනිම වෙබ් සේවාවක්.
අද හවස් යාමයේදී  Taringa සමාජ ජාල වෙබ් අඩවියට මහා පරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් එහි සාමාජිකයන් මිලියන 28කගේ පෞද්ගලික දත්ත චායාරූප වැනි සියළුම දේ සොරාගෙන තිබෙනවා.
මිලියන 28ක පුද්ගලික දත්ත !!!!
මෙවැනි දත්ත සොරාගැනීම් සම්බන්ධ තොරතුරු වාර්ථා කරන LeakBase වෙබ් අඩවියට අනුව ගිණුම් 28,722,877 ක දත්ත සොරාගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ දත්ත ගබඩාවේ මුරපද සුරක්ෂිත කර තිබුණේ plain text ආකාරයෙනුයි. ඒ නිසා මෙම හැකිං ප්‍රහාරයෙන් ලබාගත් ගිණුම් මිලියන 28 ම මුරපදද ඉතාමත් පහසුවෙන් හැකර්වරුන් විසින් ලබාගෙන තිබෙනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 30 August 2017

How to protect your computer against the Ransomware attack

රෑන්සම්වෙයාර් වලින් ආරක්ෂා වන ආකාරය සරළව

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 29 August 2017

WireX DDoS Botnet: An Army of Thousands of Hacked Android SmartPhones

පරිගණක දහස් ගණනක් එකට එක් කොට යම් සයිබර් අපරාධයක් සදහා එම පරිගණක ජාලය යොදාගන්නේ එවනි පරිගණක ජාලයක් BOT එකක් ලෙසින් හැදින්වේ.
ඔබ උවද මෙවැනි පරිගණක ජාලයක සාමාජිකයෙක් විය හැකිය. නමුත් ඒ නොදැනුවත්වමයි. විශේෂයෙන් ඔබගේ පරිගණකයේ හැසිරීමෙන් හෝ ඔබ එවැනි BOT එකක් සාමාජිකයෙක් වී දැයි සොයාගත නොහැකියි. ඔබ BOT එකක සාමාජිකයෙකු වන්නේ නොදැනුවත්වම එන වෛරසයන් හරහායි. එම වෛරසයන් වලින් ඔබේ පරිගණකය BOT එක හා සම්බන්ධ කරන අතර ඈතක සිට අදාළ BOT එක හසුරවන්නා විසින් ඔබගේ පරිගණකයද ඔවුන්ගේ සයිබර් අපරාධ සදහා දායක කරගනී.
මේ සටහන තැබීමේ අරමුණ වූයේ BOT එක ගැන විස්තර කිරීමට නොවේ. අද දිනයේදී හදුනාගත් විශේෂ BOT ජාලයක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමටයි.
malware ආකාරයේ වෛරසයක් හරහා නිර්මාණය වූ මෙම BOT ජාලය ආක්‍රමණය කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. මෙය WireX නමින් නම් කර ඇති අතර මේ වන විට හදුනාගෙන ඇති පරිදි ආසන්න වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් උපාංග බිලියනක් පමණ මෙම ජාලය හා සම්බන්ධ වී තිබෙනවා.
උපාංග මිලියනයකින් පමණ සමන්විත ජාලයකින් යම් වෙබ් අඩවියක් ඉල්ලක් කර DDOS ආකාරයේ සයිබර් ප්‍රහාරයක් එල්ල කළහොත් අනිවාර්‍යයෙන් එම වෙබ් අඩවිය බිද වැටෙනවා.
ඒ අනුව බලන කළ මෙය ඉතාමත් අනාරක්ෂිත තත්වයක් වන අතර සාමාන්‍ය ආකාරයේ DDOS ප්‍රහාරයක් ඔවුන් මෙම BOT ජාලයේ හිමිකරුවන් විසින් මින් මාස කීපයකට පෙර එල්ල කළ අතර ඉතාමත් නුදුරු දිනකදී මේ හරහා මහාපරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානම පවතිනවා.
අද සවස් වන විට ගූගල් විසින් WireX ආසාධිත මෘදුකාංග 300ක් App store වලින් ඉවත් කළා. තවත් 500ක් පමණ අද රාත්‍රීය ගෙවෙන්නට ප්‍රථම ඉවත් කෙරෙනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Thursday, 24 August 2017

Facebook appears to be down for many users in the UK and beyond.

ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ගණනවකට මේ වන විට Facebook සමාජ ජාල වෙබ් අඩවිය බාවිතා කිරීමට නොහැකි ලෙස එහි සේවාවන් අඩපණ වී තිබෙනවා.  ඇමෙරිකාවේ Facebook පරිශීලකයන් ගෙන් සියයට 53ක් කට පමණ ගැටළුව මතුවී ඇති අතර ඔවුන්ට කිසිදු මාධ්‍යක් හරහා (Facebook ඇප් එකින් හෝ බ්‍රවුසරයෙන්) Facebook ලොග් වීමේ හැකියාව නොමැති බවට තොරතුරු ලැබෙනවා.
Facebook මේ වන තුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නොමැති අතර ජාත්‍යන්තර වේලාවෙන් 10:00am BST (05:00 EST) පමණ මෙම සිද්ධිය වාර්ථා වී තිබෙන බව ප්‍රසිද්ධ වෙබ් අඩවි විශ්ලේෂක සේවාවක් වන Down Detector පවසනවා.
ඔවුන්ට අනුව Facebook වෙබ් අඩවියේ ගණනය කළ හැකි දුර්වලතාවන් 900ක් පමණ මේ වන විට වාර්ථා වී ඇති බව පවසනවා.  ඇමෙරිකානු පරිශිලකයන්ගෙන් සියයට 37කට පමණ ජංගම දුරකථනය හරහා Facebook ලොග් වීමේ අපහසුතා ඇතිවී තිබෙන බවත් තවත් සියයට 8ක් පමණ පිරිසකට ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ 'Incognito mode' හරහා පමණක් Facebook ලොග් වීමේ හැකියාව හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් ආසියාතික රටවල් වලට හෝ මධ්‍යම කලාපයේ රටවල් වලට මේ බලපෑමක් නොමැති අතර මෙය හැකිං ප්‍රහාරයක් නිසා වූ අඩපන වීමක්ද එසේ නැතිනම් Facebook අධිවේගී සර්වර් පරිගණක වල දෝෂ තත්වයක්ද යන්න පිළිබදව තොරතුරු  ලැබී නොමැත.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 22 August 2017

Android 8.0 Oreo Released – 11 New Features That Make Android Even Better

ඔබට මතකද Donut, Eclair, Froyo, Gingerbread, Honeycomb, Ice Cream Sandwich, Jelly Bean, KitKat, Lollipop, Marshmallow සහ  Nougat?
දැන් Oreo... ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියේ නවතම සංස්කරණය Android 8.0 Oreo ලෙසින් ඊයේ දිනයේදී නිව්යෝක් නගරයේදී එළිදක්වනු ලැබුවා. ගූගල් විසින් සදහන් කරන පරිදි ඇන්ඩ්‍රොයිඩ් සදහා නම් තබන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට බවත් ඊළගට ඇත්තේ "O" අකුර බැවින් එය Oreo ලෙසින් නම් කරන බවත් ය.
මෙම නව මෙහෙයුම් පද්ධති යාවත්කාල වීම හරහා වෙනස්කම් සහ නව තාක්ෂණික යෙදවුම් 11ක් හදුන්වා දී තිබෙනවා.

1. No More 'Install From Unknown Sources' Setting - මින් මතුවට ඇන්ඩ්‍රොයිඩ් විසින් හදුනා නොගන්නා කිසිදු වෙබ් අඩවියකින් හෝ මාධ්‍යයකින් මෘදුකාංග එයට එක් කිරීමේ හැකියාව නවතා දමා  තිබෙනවා.මෙය ඉතාමත් වැදගත් ආරක්ෂිත උපක්‍රමයක්. මින් පෙර ඕනෑම ප්‍රභවයකින් මෘදුකාංග ස්ථාපිත කිරීමේ හැකියාව පැවතුනා.
2. Autofill API Framework
3. Picture-in-Picture
4. Google Play Protect - ගූගල් විසින්ම නිර්මාණය කළ නවතම ආරක්ෂණ උපක්‍රමයක්
5. Wi-Fi Aware (Neighborhood Aware Networking — NAN)
6. Android Instant Apps - භාගත කිරීමකින් තොරව භාවිතා කළ හැකි විශාල මෘදුකාංග ප්‍රමාණයක්
7. Battery-Saving Background Limits
8. AI-based Smart Text Selection
9. Notification Dots (Limit notifications)
10. Find my Device - නැතිවූ උපාංග සෙවීම පහසු කිරීමට නව යෙදවුමක්
11. New Emoji and Downloadable Fonts - ඔබට අවශය ෆොන්ට් එක දැන් ඇන්ඩ්‍රොයිඩ් හරහා භාවිතා කළ හැකියි.

නවතම Emoji 60ක් මෙම නව සංස්කරණය හරහා ලබාදී තිබෙනවා. නව අත්දැකීම් සමග නව ආරක්ෂක ක්‍රමවේදයන් ඇතුළත් මෙම නව මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sony PlayStation Social Media Accounts Hacked; Claims PSN Database Breach

HBO ආයතනය  හැක් කර Game of Thrones කථා මාලාව සොරාගෙන ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ ගෙවුණ සතියේදී  OurMine නම් හැකර් කණ්ඩායම විසිනුයි.  මෙම හැක් කිරීම් වලින් අනතුරුව HBO ආයතනයේ Twitter සහ Facebook ගිනුම් දෙකද හැක් කළේ ඔවුන් විසිනුයි.
OurMine යනු සවුදි අරාබිය කේන්ද්‍ර කරගත් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්  ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර ඔවුන් විසින් "white hat" ආකාරයේ හැකිං ප්‍රහාරයන් ගණනාවක් මේ වන විට එල්ල කර තිබෙනවා.
ඉන්  අනතුරුව අද උදෑසන ඔවුන් විසින් Sony PlayStation ආයතනය හැක් කරනු ලැබුවා. මින් පෙරද PlayStation ආයතනය හැක් කරනු ලැබුවා.  සිය ටිවිටර් ගිණුම හරහා ඔවුන් ඒ බව සදහන් කළ අතර සිදුවී ඇති දත්ත සොරාගැනීම සම්බන්ධයෙන් නිළ තොරතුරු වාර්ථා වී නැහැ.

"PlayStation Network Databases leaked #OurMine,"

ඉහත සදහන් තොරතුරු මිලියන 37ක් පමණ පරිශීලකයන් සහිත PlayStation නිල ෆේස්බුක් පිටුවේද දැක්වීමට OurMine කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් Sony PlayStation හි ෆේස්බුක් ගිණුමද හැක් කර ඇති බවයි.
නමුත් කෙටි වේලාවකින් මෙම තොරතුරු දෙකම මකා දැමීමට හැකර්වරුන් තීරණය කර ඇති අතර මින් පෙර අවස්ථා ගණනාවකදීම OurMine විසින් Facebook CEO Mark Zuckerberg, Twitter CEO Jack Dorsey, සහ Google CEO Sundar Picha වැනි පුද්ගලයන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම් පවා හැක් කළා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 20 August 2017

The Supplier of US Voting Machines has leaked the Data of 1.8 Million Voters

දත්ත සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ දෙනා විශේෂ අවධානය යොමු කරන්නේ ගෙවුණ වකවාණුවේ සිදුවුණ මහාපරිමාණ දත්ත සොරාගැනීම් නිසයි.
විවිධ සමාගම් ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන නමුත් තෙවන පාර්ශවයන්ගෙන් ලබාගන්නා සේවාවන් හරහා විවිධ ආයතන වල දත්ත පිටතට කාන්දු වූ අවස්ථාවන් විශාල සංඛ්‍යාවක් දැකගත හැකියි.
ඊයේ දිනයේදීද විශේෂ දත්ත ගබඩාවකින් දත්ත මිලියන ගණනක් එසේ කාන්දුව් වී තිබෙනවා.
ඇමෙරිකානු මැතිවරණය පවත්වන්නේ පරිගණක ජාලයක් හරහායි. එහි ජන්දය ලබාදීමට නියමිත සියල්ලෝම සාමාජිකත්වය ලබා ගතයුතු අතර ඒ අනුව මිලියන ගණනක වැදගත් දත්ත වාර්ථාවන් එහි එක් රැස් වෙනවා.
ඒ අනුව චිකාගෝ නගරයේ මිලියන 1.8ක් පමණ වූ පිරිසකගේ names, addresses, dates of birth, incomplete Social Security numbers, සහ party connections වැනි වැදගත් දත්ත කාන්දු වී තිබෙනවා.
මෙය දත්ත සොරාගැනීමක්ද නැතිනම් නොදැනුවත්කමින් දත්ත කාන්දු වීමක්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලෙමින් පවතිනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author

Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers