සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Thursday, 13 December 2012

1GB to 10 MB - KGB Archive

ප්‍රමාණයෙන් වැඩි දත්ත සහිත ගොනු හැකිලීම වෙනුවෙන් බාවිත කරන වටිනා මෘදුකාංගයක් තමයි KGB Archive  කියන්නේ. මේ විවෘත කේත මෘදුකාංගය හරහා ඉහල ප්‍රමාණයේ දත්ත ගොනුවක් ඉතාමත් කුඩා ප්‍රමාණයේ ගොනුවක් බවට පත් කරගන්න පුලුවන්.


අපි මුලින්ම් මේ මෘදුකාංගය බාගත කරගම්මු. ඒ වෙනුවෙන් වෙබ් අඩවි ගනනාවක් අපිට හොයාගන්න පුලුවන්. පහලින් දක්වලා තියෙන්නේ විශ්වාසවන්ත වෙබ් ලින්කු කීපයක්. 




මේ මෘදුකාංගය බාවිතා කිරීමට අවම වශයෙන පහල දක්වලා තියන පද්දති පහසුකම් තියෙන්න ඕනේ. 
  • 256 MB RAM
  • 1.5 GHz Processor
බාගත කරගත්ත පසුව ලැබෙන .exe ගොනුව ඩබල් ක්ලික් කරගන්න. මෙ උදාහරණයේ මං බාවිතා කරන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය නිසා දකින්න ලැබෙන ඉමේජ් වල වෙනස්කම් ඔබේ මෙහෙයුම් පද්දතියත් එක්ක නොගැලපෙන්න නම් පුලුවන්. නමුත් මූලික පියවර එක සමානයි Microsoft Windows Installer කියන කුඩා සහයක මෘදුකාංගයත් පරිගණකයට ස්තාපිත කරලා තියනවා නම් මේ මෘදුකාංගය කරදරයකින් තොරව ස්තාපිත කරගන්න පුලුවන්. 






KGB Archiver ස්තප්ත වී අවසන් උන පසුව මෘදුකාංගය විවෘත කරගන්න. පහල රූපයේ ආකාරයෙන් විවෘත එයි. මේ මෘදුකාංගයේ නිර්මාපකයින් දක්වන ආකාරයටෙ 1 GB ප්‍රමාණයේ දත්ත 10 MB ප්‍රමාණයට හැකිලවීමේ හැකියාව මෙයට පවතිනවා. ඇත්තටම එය විශ්වාස කල නොහැකි දෙයක් නේද? ඒ වෙනුවෙන් ඔවුන් බාවිතා කරන්නේ PAQ6 කියන ඇල්ගෝරිදමය හා AES-256 කියන එන්ක්‍රිප්ශන් ආකාරයයි.

kgb archiver Compress 1 GB File to 10 MB with KGB Archiverඉතින් බාවිතා කරලම බලන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday, 9 December 2012

Configure Proxy Server

අන්තර්ජාල පහසුකම් ආයතනයකට, ඉන්ටර්නෙට් කැෆේ එකකට ලබා දීමේදී යම් යම් සීමාවන් පැනවීම කරන්න සිදු වන අවස්තාවන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් එවැනි අවස්තා වලදී ජාල කළමණාකරුවන් වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් අනගි යෙදුමක් තමයි Proxy Server කියන්නේ. Proxy Server එකක් මගින් මූලිකව සිදු වන්නේ යම් යම් වෙබ් අඩවි වලට පිවිසීමේ බාධාවන් ඇති කිරිමයි. එසේම බාගත කිරීම සිදු කිරීමේ සිමාවන පැනවීමයි. එය පරිශීලකයාගෙන පරිශීලකයාට වෙනස් වෙනස් ආකාරයේ රූල් ලෙසින් හෝ පොදුවේ සියල්ලටම එකම රූල් එක ලෙසින් හෝ ලබාදීමේ අවස්තාව මේ Proxy Server මගින් ලබා දෙනවා.



ඉතින් helpITLanka පාඨක මිතුරෙකුගෙන් ඉල්ලීමක් තිබුණා Proey Server එකක් ස්තාපිත කරගන්නා ආකාරය ගැන් සටහනක් කරන්න කියලා. ඉතින් ඒ ඉල්ලීමට එකග වෙමින් අන්තර්ජාල පරිහරණයේදී බාවිතා කල හැකි Proxy Server ස්තාපිත කරගන්නා ආකාරය මේ මගින් සරලව පැහැදිලි කරන්නයි සූදානම. 



Proxey Server මෘදුකාංගයන් අන්තර්ජාලය තුලුන් බාගත කරගන්න පුලුවන්. විවෘත කේත ආකාරයේ මෘදුකාංගයන් බොහොමයක් නොමිලේම අන්තර්ජාලයෙන් ලබාගන්න පුලුවන්. නමුත් ක්‍රියාකාරීත්වයේ යම් යම් වෙනස්කම් තියෙන්න පුලුවන්. ඉතින් මේ උදාහරණයේ මං බාවිතා කරන්න උත්සාහා කරන්නේ ccproxey  නම් වන මෘදුකාංගයයි. එහි නොමිලේ බාගත කර ගැනීමේ සංස්කරණයක් පහල ලින්කු වලින් ලබ ගන්න පුලුවන්. 

http://www.easy-share.com/1903913449/CCproxy 6.63.rar

http://kewlshare.com/dl/1fa04f075e28/CCproxy_6.63.rar.html

ඉතින් මෙය බාගත කරගත්තාම අපිට ලැබෙනවා ccproxysetup.exe කියලා ගොනුවක්. එය ක්‍රියාත්මක කරවන්න.



ඉතින් මේ සරල පියවර කීපයෙන් පසුව Proxy Server එක ස්තාපිත විම අවසන් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ Proxy Server එකේ සැකසීම් කරන්නේ කොහොමද කියලා.

මුලින්ම බලමු කොහොමද මේ මෘදුකාංගයට IP ලිපිනයක් එකතු කරන ආකාරය.

මුලින්ම පරිගණක ජාලයේ IP ලිපිනයන් සකසා ඇති ආකාරය පිලිබදව හොද අවබෝධයක් ගන්න. ඊලගට මේ  Proxy Server එක වෙනුවෙන් බාවිතා කල හැකි ලිපිනයක් තෝරාගන්න. මං මේ උදාහරණයේදී බාවිත කරන්නේ 192.168.1.3 කියන IP ලිපිනය. විවෘත කරගත් CCProxy ප්‍රධාන මෙනුවේ "Account" වලට යන්න. එතනදී "Account Manager" සංවාද කොටුව විවෘත වෙනවා.



"Permit Category" වල ඇති "Permit Only" කියන කොටස තෝරන්න. පහල රූපය බලන්න. "Auth Type" වලට "IP Address" කියන එක තෝරා "New" වලට යන්න. එතනදී "192.168.1.3" ලෙසින් ලබාදී "Save" කර "OK" කරන්න.


දැන් මූලික සැකසුම වන IP ලිපිනයන් ලබාදීම අවසානයි. ඊලගට අපි මේ CCProxy සර්වරය වින්‍යාශගත කරන්න උත්සාහා කරමු. මේ මගින් මූලික වශයෙන් අන්තර්ජාල පහසුකම කලමණාකරණය කිරීම කරන්න පුලුවන් කියලා අපි මුලින්ම සදහන් කලා.



අන්තර්ජාල කලමණාකරණයට පෙර මෘදුකාංගයේ ඇති මූලික කොටස් ටික අදුනා ගමු.

Start: CCProxy සර්වරය ක්‍රියාත්මක කිරීම.
Stop: CCProxy සර්වරය ක්‍රියා විරහිත කිරීම.
Options: options සංවාද කොටුව විවෘත කර ගැනීමට.
Account: account සංවාද කොටුව විවෘත කර ගැනීමට.
Register: මෘදුකාංගය වෙනුවෙන් ඇති registration code එක ලබාදීමට.
Monitor: online logging monitor පහසුකම ක්‍රියාත්මක කිරීමට.
Hide: interface එක නැත්නම් අතුරු මුහුණත සගවා තැබීම.
Help: උදවු ලබ ගැනීම.

අපි Configuration පිටුවට යමු. එතනදී පහල රූපයේ ආකාරයෙන් සැකසුම් සකස් කල හැකි ආකාරයේ සංවාද කොටුවක් දකින්න ලැබේවි


Mail: ඊමේල් වෙනුවෙන් proxy service එක ආරම්භ කිරීම.
DNS: DNS සේවාව වෙනුවෙන් proxy service එක ආරම්භ කිරීම.
Auto Start up: වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ආරම්භයේදීම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම
Port Map: port map සේවාව ආරම්භ කිරීම "E" බටනය එබීම මගින් port map rules වෙනස් කල් හැකිය.
HTTP/RTSP: HTTP සහ RTSP proxy සේවාවන් වෙනුවෙන් ලබාදෙන port අගය.
Secure: secure එහෙම නැත්නම් HTTPS, SSL ආකාරයේ වෙබ් සැකසුම් වෙනුවෙන් අදාල සේවාවන් ක්‍රියාත්මක කිරීම
FTP (Web): web ftp proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Gopher: gopher proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
SOCKS/MMS: SOCKS සහ MMS proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
FTP: FTP proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Telnet: Telnet proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
News: News සහ NNTP proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Notes: FTP (Web) proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Local IP Address: local IP address එක වෙනුවෙන් "Auto Detect" සලකුණු කලහොත් CCProxy මෘදුකාංගය මගින් පරිගණක ජාලයේ ඇති සියලුම ලිපින ස්වයංක්‍රීයවම combox list එකක් ලෙසින් ඇතුලත් කරගන්නවා.
NT Service: මෙයි සලකුණු කලොත් CCProxy සේවාව Windows service එකක් ලෙසින්ම ක්‍රියාත්මක වෙයි.
Advanced: advanced options සංවාද කොටුව විවෘත කිරීම

ඉන්පසුව අපි බලමු Advanced Options වල ඇති සැකසුම් මොනවාද කියලා.



Dial-up: dial-up සේවාව වින්‍යාශගත කිරීම.
Cache: web-cache සැකසුම් සකස් කිරීම.
Cascading: cascading proxy එහෙම නැත්නම් parent proxy සේවාවන්ට අදාල සැකසුම්.
Log: proxy logging සේවාවන් වලට් අදාල සැකසුම් උදාහරණ log size, log type.
Mail: mail proxy සේවාවන් වලට් අදාල සැකසුම්
Network: proxy network සැකසුම්. උදාහරණ P address binding, socket idle timeout
Others: අනෙකුත් සැකසුම් උදාහරණ interface language, remote admin.

ඉතින් මූලික සැකසුම් සකස් කිරීම අවසන් උනාට පස්සෙ අපිට හැකියාව පවතිනවා මේ Proxy Server එක පරිශීලකයින්ගේ වෙබ් අඩවි බාවිතාව වෙනුවෙන් යොදාගන්න. ඒ වෙනුවෙන් වෙබ් බ්‍රවුසරයන් වල සැකසුම් සාදන ආකාරය බලමු.

Internet Explorer 

Internet Explorer වල  properties වලට යන්න.



"Connections" ටැබ් එකේ  "LAN Settings" වලට යන්න. එතනදී විවෘත වෙනවා "Local Area Network(LAN) Settings" සංවාද කොටුව.



"Use a proxy server for your LAN" කියන ටික් එක දමා එහි ලිපිනය ලෙසින් අපි සැකසුම් සකස් කිරීමේදී ලබාදුන් "192.168.1.3" ලිපිනය ලබාදෙන්න.  ඉහල රූපය බලන්න. එහි පෝට් එක ලෙසින් සැකසුම් වලදී ලබාදුන් "808" ලබාදෙන්න. "OK" කරන්න.


Firefox


Tools වලදී Options වලට යන්න.



Advanced වලදී  General තෝරා Connections Settings වලට යන්න.



 "Manual proxy configuration" තෝරා SOCKS Host: වලට 192.168.1.3 ලෙසත් පෝට් එක 1080 ලෙසත් සකසන්න. පහලින් ඇති "SOCKS v5" තෝරන්න. ඉතුරු සියල්ල හිස්ව තබන්න.

Google Chrome 

"Customize and Control Google Chrome" එහෙම නැත්නම් යතුරක් වගේ තියන තැනින් "Options" තෝරා ගන්න







එහිදී මතුවන "Google Chrome Options"  වලින්  'Under the Hood" ටැබ් එකට යන්න.




එතනදී 'Network' වලින් "Change proxy settings" තෝරාගන්න.




"Internet Properties" තෝරා "Lan settings" තෝරන්න.



"Local Area Network (LAN) Settings" තෝරා Proxy server for your LAN කියන ටික් එක දාන්න. ඊලගට අපි කලින් ලබාදුන් සැකසුම් යොදන්න.



OK කරන්න.

ඉතින් මේ ආකාරයට වෙබ් බ්‍රවුසර වල සැකසුම් සකස් කිරීමෙන් පසුව එක් එක් පරිශීලකයාගේ අන්තර්ජාල බාවිතය පිලිබද ලොග් සටහන් මෘදුකාංගය මගින් බලාගන්න පුලුවන්. සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Friday, 7 December 2012

Online Photoshop

ජායාරූප සංස්කරණය කිරීමට තියන හොදම මෘදුකාංගය මොකද්ද කියලා ඇහුවොත් කවුරුත් කියන්නේ Photoshop කියලයි. ඉතින් Photoshop බාවිතා කරන්න නම් පරිගණකයක එය ස්තාපිත කරලා තියෙන්න ඕනේ. පරිගණකයක ස්තාපිත කරලා නැති වෙලාවක Photoshop ඕනේ උනොත්? මොකද කරන්නේ? ස්තාපිත කරගන්න සෙටප් ගොනුවකුත් නැති නම්?

ඔන්න ඒකට අලුත් විසදුමක් තියනවා. ඒතමයි Photoshop ඔන්ලයින් ආකාරයෙන් බාවිතා කිරීමට හැකි ලෙස  පහසුකමක් ලබාදෙන වෙබ් අඩවියක් නිර්මාණය කර තිබීම. ඉතින් මේ ඔන්ලයින් Photoshop හරහා Photoshop මගින් ලබාදෙන් පහසුකම් වලින් 60% වඩා වැඩි ප්‍රමාණයක් අත්විදීමේ හැකියාව පවතිනවා.

මුලින්ම මේ ලින්කුවට යන්න.

http://pixlr.com/editor/

වෙබ් අඩවියට පිවිසුන පසුව පහල රූපයේ ආකාරයෙන් මෙනුවක් දිස් වේවි. ඒ හරහා,

  • අලුත් ඉමේජයක් සෑදීම 
  • පරිගණකයේ ඇති ඉමේජයක් සංස්කරණය කිරීම 
  • වෙබ් අඩවියක පවතින ඉමේජයක සංස්කරණයට ලබා ගැනීම
  • පරිගණකයේ ලයිබ්‍රරිය හරහා ඉමේජයන් සංස්කරණයට ලබා ගැනිම 
 කරගන්න පුලුවන්.




ඉතින් මේ හරහා ප්‍රදාන වශයෙන්
- image format conversion
- Cropping of the images
- Flip / Rotate
- Plenty of filters
- Clone stamp / blur / Hue – Saturation / Brightness / contrast adjustments.

වගේ වෙනස්කම් කරගන්න පුලුවන්.



ඉතින් සංස්කරණය කිරීම් අවසන් උනාට පස්සෙ Photoshop වලින් ජායාරූපයක් සුරක්ශිත කරන අකාරයටම මේ මගිනුත් අපේ පරිගණකයටම අදාල ජායාරූපය සුරක්ශිත කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න් ඔයාලත්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Thursday, 6 December 2012

Changumi - Online

සුජාත දියණිය මේ දින වල  කවුරුත් ආසාවෙන් නරබන කාතා මාලාවක්. කොරියානු සම්බවයක් පවතින මේ කතා මාලාවේ මේ වෙනකොට කොටස් 32 පමණ විකාශය වෙලා අවසන්. විනාඩියෙන් විනාඩිය කුතුහලයෙන් පිරි ආසාවෙන නරබන්න පුලුවන් කතා මාලාවක් ලෙසින් මෙය ඉදිරියටත් ජනාදරය දිනා ගනීවි.



ඉතින් මෙහි ප්‍රදාන චරිතය වන්නේ චංගුමි. කතා මාලව පුරාම සුන්දර චංගුමී ලෙසින් ඒ චරිතයට පණ පොවන්නේ Lee Young-ae නැමැති සුරූපිණිය. 1991 දී රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් රංගනයට එක් උන ඇය ජර්මානු බාෂාව හා සාහිතය පිලිබද උපධිදාරිණියක් වගේම ජනසංන්නිවේදයන පිලිබද MA උපාධියකුත් තියනව. 

ඉතින් මේ කතාවේ අනිකුත චරිත සියල්ලම පාහේ නිරන්තරයෙන් කැරකෙන්නේ මේ චංගුමී චරිතයත් එක්කමයි. 2003 දී Dae Jang Geum නමිනුයි මෙය කොරියාවේදී විකාශය උනේ. ඇමරිකානු ඩොලර් මිලියන 15 වියදමකින් නිර්මාණය කල මේ වෘර්තාන්තය එලි දක්වපු මුල් වතාවේදීම ඩොලර් මිලියන 40ක අදායමක් උපයලා තියනවා. 

මේ කතා මාලාව පුරාම දුවයන්නේ රජ පවුලට කෑම හදන අරක්කැමියන් අතර ඇතිවෙන ගැටීම්.  ඒ අතර ඔන්න සුන්දර ආදර කතාවකුත් පටන් ගන්න හදන්නේ.

හදන කෑම, දාන ජාති දැක්කාම කටට කෙල උනනවද? අනේ මංද එක් එක් රටවල ආහාර සම්ප්‍රදායන් වෙනස්. 
ඉතින් මේ කතා මාලාව අන්තර්ජාලය හරහා නැරබීමට හැකියාව පවතිනවා. 



ඉතින් IDM හරහා මේ විඩියෝ ගොනු බාගත කරන්නත් පුලුවන්. හැබැයි බාගත කරගත්තට කමක් නෑ CD/DVD ගහල විකුනන්න නම් යන්න එපා. 

ටොරන්ට් ගොනුවක් ලෙසින් බාගත කරගන්න කැමති අයට 





ලස්සන ටෙලි වෘර්තන්තයක් නිසා ආයේ ආයේම බලන්න ආස නම් ඉහල ලින්කු වලින් ඔන්න දැන් අවස්තාව තියනවා.
සම්පූර්ණ කතාවම  ඕනේ නම් මෙන්න ටොරන්ට් ලින්ක් එක. 36.94GB


http://kat.ph/dae-jang-geum-jewel-in-the-palace-perfect-english-subtitle-korean-darma-t4006983.html



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Backup your important data


දත්ත කියන්නේ පරිගණක බාවිතා කරන ලොකු කුඩා කාටත් වැදගත් වෙන දෙයක්. වටිනා දත්ත නැතිවීම කියන්නේ ඉතාමත් කණගටුදායක අවස්තාවක්. ඉතින් මෙතරම් වැදගත් දත්ත සුරක්ශිත කරගන්න අපිට එක් එක් ආකාරයේ ක්‍රියාමාර්ගයින් ගන්න පුලුවන්. 


දත්ත සුරක්ශිත කිරීම CD/DVD වල තැම්පත් කිරීමෙන්, දෘඩ තැටි වල ගබඩා කර තැබීමෙන් කරගන්න පුලුවන්. නමුත් තාක්ශණයේ දියුණුවත් එක්ක නවීණ ක්‍රම මේ වෙනුවෙන් බාවිතයට ගන්නවා. ඒතමයි ඔන්ලයින් ක්‍රමයට දත්ත සුරක්ශිත කිරීම. ඒ කියන්නේ ලෝකයේ වෙනත් කොහෝ හෝ රටක තියන සර්වර් පරිගණකයක අපේ දත්ත නොමිලේ රදවා තැබීමයි. ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණය බාවිතයට ගන්නා මේ ඔන්ලයින් දත්ත සුරක්ශිත කිරීම නොමිලේම කිරීමට අවස්තාව ලබාදෙන වෙබ් අඩවි මෘදුකාංග අන්තර්ජාලයේ ඕනේ තරම් දකින්න පුලුවන්. මේ කියන්න යන්නෙත් එසේ ඔන්ලයින් ක්‍රමයට දත්ත සුරක්ශිත කරන්න පහසුකම් දෙන සේවාවක් ගැනයි. 

මේ පහසුකම ලබාදෙන වෙබ් අඩවිය වන්නේ 


මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න. 


මේ වෙබ් අඩවියේ 5GB ධාරිතාවයක් නොමිලේ ලබා දෙනවා. 


වෙබ් අඩවියේ ඉහලින් ඇති Download වලට යන්න. එහිදී මේ සේවාවaට දාල කුඩා මෘදුකාංගයක් බාගත කරගන්න ඕනේ. ඒ හරහායි ඔන්ලයින් බැකප් කිරීම කරන්න පුලුවන් වන්නේ. ඊමේල් ලිපිනයක් ලබදී මේ මෘදුකාංගය බාගත කරගන්න. 


ඉන්පසුව එය පරිගණකයට ස්තාපිත කරගන්න. එය විවෘත කරගන්න. පහල රූපයේ ආකාරයෙන් එයි විවෘත වෙයි. 



බැකප් කිරීමට ඕනේ කරන පෝල්ඩරයන් පහල රූපයේ ආකාරයෙන් තෝරාගන්න. 



ඒ වගේම මෙහි දත්ත බැකප් වෙන්න් ඕනේ වෙලාවන් පවා සකසන්න හැකියාව පවතිනවා. එවිට අපි ලබාදුන් වෙලාවට දත්ත බැකප් වෙන්න පටන් ගන්නවා.



ඉතින් ඔයාලගේ වැදගත් දත්තයන් පහසුවෙන් මේ කුඩා මෘදුකාංගයි හරහා විශ්වාසනීයව ඔන්ලයින් ආකාරයෙන් බැකප් කරගන්න පුලුවන්. ඒ වගේම ලෝකයේ ඕනේම තැනක සිට ඒ දත්ත ආපසු ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔයාලත් මේ අලුත් තාක්ශණය බාවිතා කරලා බලන්න. සුබ දවසක්...! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday, 4 December 2012

Make Free Calls - viber.com

 ජංගම දුරකතනය හරහා වෙනත් ඕනේම රටක ඉන්න කෙනෙක්ට දුරකතන ඇමතුමක් කෙටි පණිවිඩයක් යැවීමට බාවිතා කරන්න පුලුවන් ඉතාමත් වටිනා සේවාවක් තමයි Viber කියන්නේ. මෙහි විශේෂත්වය වන්නේ සියල්ල නොමිලේ ලබා දීමයි. ඒ වගේම පරිගණකයට මේ මෘදුකාංගය ස්තාපිත කරගෙන ඒ හරහා ලෝකයටම ඇමතීමේ හැකියාවත් පවතිනවා. කිසිම මුරපද පරිශීලක නාම ලබාදීමකින් තොරව පරිහරණය කිරීමට හැකි වීමත් මෙහි පවතින ඉතාමත් හොද විශේෂත්වයක්.


ඒ වගේම ඔබේ ජංගම දුරකතන අංකයම බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ ඔයාලගේම අංකයෙන් ලෝකයටම අමතන්න පුලුවන්. නමුත් ඔයාලාගේ සේවා සපයන ආයතන වලින් අය වීමක් කරන්නේ නෑ. සියල්ල නොමිලේ. 

එසේම ක්ලවුඩ් කොම්පියුටිං තාක්ශණය හේතුවෙන් පේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල පවතින සම්බන්දතාත් මේ හරහා ලබා ගන්න පුලුවන්. මේ සේවාව මගින් බාවිත කරන cutting-edge technology නිසා ලෝකායේ කොහෙට කතා කලත් ඉතාමත් පැහැදිලි හඩක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 

බොහොමයක් මෙවෙනි සේවාවන් වලින් අතරමගදී ඇඩ්වර්ටීස්මන්ට් ඉදිරිපත් කිරීමක් කලත් මේ සේවාව මගින් එවැනි ඇඩ් ලබාදීමක් කරන්නේ නැති නිසා නිදහසේ ඇමතිම් පහසුමක් ලබාගන්න පුලුවන්. 

ඒ වගේම මෙ මෘදුකාංගය මගින් ඔබේ පරිගණකයට හෝ ජංගම් දුරකතනයේ මතකයට බාදාවක් කරන්නේ නෑ. මතක බාවිතය ඉතාමත් අඩුයි. මේ වෙනකොට පහතින් දක්වලා තියන සියලුම ජංගම දුරකතන මෙහෙයුම් පද්දති වෙනුවෙන් සහය දක්වනවා. 

  • ISO
  • Android
  • Windows Mobile
  • Blackberry
  • Nokia
  • Bada







වෙබ් අඩවිය

http://viber.com/




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers