සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday, 4 December 2012

Find the IP Address From Email

හැකින් වලදී ඉතාමත් වැදගත් වන දෙයක් තමයි වෙනත් පරිගණකයක IP ලිපිනය. ඉතින් IP ලිපිනයන් විවිදාකාර ක්‍රම වලින් සොයා ගන්න පුලුවන්. විවිද මෘදුකාංග බාවිතා කිරීමෙන් මෙන්ම විවිද ඩොස් විදානයන් හරහාත් IP ලිපින සොයාගන්න පුලුවන්. ඉතින් මේ කියන්න යන්නේ අපිට ලැබෙන් ඊමේල් ලිපියකින් එවන්නගේ IP ලිපිනය ලබාගන්නා ආකාරයයි.



දැනට ලෝකයේ බහුලව බාවිතා වන ඊමේල් සේවාවන් වන්නේ Gmail, Yahoo mail, Hotmail, AOL, Outlook Express වැනි සේවාවන්. ඉතින් මේ හැම එකකින්ම ලැබෙන් ඊමෙල් වලින් එවන්නගේ IP ලිපිනය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අපිට ලැබෙන හැම ඊමේල් ලිපිනයකම headers එකක් තියනවා. ඒ තුලා ඉතාමත් වැදගත් තොර්තුරු රාශියක්ම අඩංගු වෙනවා. නමුත් බොහොමයක් ඊමේල් සේවාවන් වලින් මේ header එක සගවලයි අපිට ඊමේල් එක එවන්නේ. ඉතින් අපි උත්සාහා කරමු මේ header එක විවර කරගෙන  ඒ හරහා IP ලිපිනය ලබා ගන්න. 

(කාරුණික දැනුම් දීමයි. ඊමේල් එවන්නා කිසියම් Proxy සේවාවක් හරහා ඊමේල් එවනවා නම් මේ ක්‍රියාකාරකමෙන් නිසි ප්‍රතිඵලයක් නෙලැබේවි) 

Gmail 

මුලින්ම ගිණුමට ලොග් වෙන්න. ඊලගට ලැබුන ඊලේම් එකට Reply කරන්න. එතනදී ඉහලින් දක්වන Show Original කියන එක තෝරන්න. එතනදී පහල ආකාරයෙන් IP  ලිපිනය දකින්න ලැබේවි. 
  1. Received: from [69.138.30.1] by web31804.mail.mud.yahoo.com
Yahoo! Mail

යාහූ ගිණුමට ලොග් වෙන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Subject කියන ස්තානයේ right-click කලාම ලැබෙන මෙනුවෙන් View Full Headers තෝරන්න. 


















ඉන්පසුව ඊමේල් එකේ Header එක හරහා IP ලිපිනය බලාගන්න පුලුවන්. 

Hotmail

ගිණුමට ලොග් උන පසුව Inbox එක මත රයිට් ක්ලික් කර View message source තෝරාගන්න. 














About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Speed Firefox

අන්තර්ජාල පිවිසුමට බාවිතා කරන මෘදුකාංගය පොදුවේ බ්‍රවුසරයක් ලෙසින් හදුන්වනවා. ඉතින් ජනප්‍රිය බ්‍රවුසර් ගනානාවක් මේ කාලයේ බාවිතා වෙනවා. ඒවායේ පවතින් පහසුකම් එකිනෙකට වෙනස්. Firefox කියන්නෙත් ඒ ආකාරයේ ජනප්‍රිය වෙබ් බ්‍රවුසරයක්. ඉතින් මේ බ්‍රවුසරය හරහා අන්තර්ජාලය පරිශීලනය කිරීමේදී ටිකක් හරි වේගවත් බාවය වැඩි කරගන්න මොනවද කරන්න පුලුවන් කියලා අපි බලමු.
Firefox කියන්නේ cross-platform ආකාරයේ බ්‍රවුසරයක්. එය ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකට වගේම මැක්, ලිනක්ස් වැනි විවෘත කේත මෙහෙයුම් පද්දති වලටත් ඉතාමත් හොදින් සහය දක්වනවා. ඒ වගේම එතරම් ජනප්‍රිය නැතත් FreeBSD,OS/2, Solaris, SkyOS, BeOS වැනි මෙහෙයුම් පද්දති වලටත් සහය දක්වනව. ඉතින් පහල පියවර කීපයෙන් අපිට හැකියාව තියනවා අපගේ අඩු වේගවත් අන්තර්ජාල පහසුකම් බාවිතා කරලා උපරිම වේගවත් අන්තර්ජාල පිවිසුමක් ලබාගන්න. 

Firefox විවෘත කරගන්න. පහල රූපයේ ආකාරයෙන් පිටුව විවෘත උනේ නැතිනම් සෙවුම් තීරයේ about:config ලෙසින් සටහන් කර එන්ටර් කී එක එබීමෙන් මේ සැකසුම් පිටුවට පිවිසෙන්න පුලුවන්.



මේ සැකසුම් පිටුවේ සිටයි අපි සියලු වෙනස්කම් කරන්නේ. ඔයාලට පේනවා ඉහල රූපයේ "Filter" ලෙසින් සටහන්ව ඇති කොටසක්. පහලින් දක්වලා තියන කේත කොටසක් නිවැරදිව එම ස්තානයේ සටහන් කර එන්ටර් කී එක ඔබන්න. 

1. network.http.pipelining




මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ. 



2. network.http.pipelining.maxrequests



4 ලෙසින් දක්වා ඇති අගය 8 ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ. 




3 network.http.proxy.pipelining



මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ. 




4. network.dns.disableIPv6




මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ.



5. plugin.expose_full_path




මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ.



6. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර  New > Integer වලට යන්න. 



එහිදී පහල රූපයේ ආකාරයෙන් අලුත් සංවාද කොටුවක් විවෘත වේවි



එතැනට නිවැරදිව nglayout.initialpaint.delay ලෙසින් ටයිප් කර ok කරන්න.



එහි value එක ලෙසින් 0 දමා ok කරන්න.



ඒ සැකසුම් අවසන් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි.



7. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර  New > Integer වලට යන්න. 




එහිදී පහල රූපයේ ආකාරයෙන් අලුත් සංවාද කොටුවක් විවෘත වේවි



එතැනට නිවැරදිව content.notify.backoffcount ලෙසින් ටයිප් කර ok කරන්න. 



එහි value එක ලෙසින් 5 දමා ok කරන්න.



ඒ සැකසුම් අවසන් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි. 



8. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර  New > Integer වලට යන්න. 



එහිදී පහල රූපයේ ආකාරයෙන් අලුත් සංවාද කොටුවක් විවෘත වේවි 



එතැනට නිවැරදිව ui.submenuDelay ලෙසින් ටයිප් කර ok කරන්න. 



එහි value එක ලෙසින් 0 දමා ok කරන්න.



ඒ සැකසුම් අවසන් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි. 



ඉතින් මේ සැකසුම් වලින් පසුව අපිට හැකි වෙනවා වෙනදාටත් වඩා වේගවත්ව අන්තර්ජාලයේ සැරිසරන්න. එසේම වෙබ් බ්‍රවුසරය වෙනුවෙන් වෙන් කරලා තියන කෑෂ් මතකයත් පොඩ්ඩක් වැඩි කරගන්න විදියත් කියලා දෙන්නම්. මුලින්ම "about:config" ලෙසින් සටහන් කර සැකසුම් පිටුවට යන්න. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර New > Integer වලට යන්න. එතනදී මතුවන සංවාද කොටුවට පහලින් තියන කේතය නිවැරදිව සටහන් කරන්න. 

browser.cache.memory.capacity

දැන් OK කරන්න. ඉතින් බ්‍රවුසරය වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් කෑෂ් මතක ප්‍රමාණය තීරණය වන්නේ ඔබේ පරිගණකයේ තාවකාලික මතක ප්‍රමාණය මතයි. සාමානයෙන්  8MB මතකයක් මේ වෙනුවෙන් වෙන් වෙනවා. ඉතින් මේ ප්‍රමාණය දෙගුණ කරන්න පුලුවන්ද බලමු. ඉතින් ඉහල කේතයෙන් පසු මතුවන් සංවාද කොටුවට 16384 ලෙසින් සටහන් කර ඕකේ කරන්න. ඇයි මේ 16384 කියලා දාන්නේ? ඔයාලා දන්නවා පරිගණකය බාවිතා කරන්නේ බයිට්ස් ප්‍රමාණ වලින් කියලා. 16 megabytes කියන්නේ  16384 bytes කියන එක. එහෙම නැත්නම් 1024 x 16 = 16384 පැහැදිලි නේද? ඉතින් ඔයාලට 32MB බ්‍රවුසරයට ලබාදෙන්න ඕනේ නම් 32768 ලෙසින් සටහන් කරන්න. (1024 x 32 = 32768)

ඉන්පසුව ඕකේ කරන්න. දැන් ඔයාලා ලබාදුන්න මතක ප්‍රමාණයෙන් වෙබ් බ්‍රවුසරය ක්‍රියාත්මක වෙයි. මේ සැකසුම් වලින් පසුව වෙබ් බ්‍රවුසරය ක්ලෝස් කර නැවත විවෘත කරන්න. වේගවත් බව අත්විදින්න ලැබේවි. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්....! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday, 3 December 2012

uTorrent Remote

බොහොමයක් දෙනා අන්තර්ජාලය හරහා බාගත කිරීම් කරනවා නම් යොමු වන්නේ ටොරන්ට් අඩවි වලට. ටොරන්ට් අඩවි කියන්නේ ලෝකයේ පවතින දත්ත ගබඩාවන් කිවුවොත් නිවැරදියි. ඉතින් මේ ටොරන්ට් හරහා බාගත කිරීම පරිගණකය හරහා කරන අතරතුර බාගත කිරීම දුරස්තව පාලනය කිරීමට හැකියාවක් පවතිනවා නම් එය වැදගත් නේද?


අපි හිතමු අපිට පවතින සීමිත අන්තර්ජාල පහසුකම බාවිතා කරමින් ටොරන්ට් ගොනුවක් බාගත කරනවා කියලා.හදිසි අවශ්‍යතාවයකට අපිට නිවසින් පිටට යන්න වෙනවා. ටොරන්ට් ගොනුව බාගත වෙලා අවසන් උනාට පස්සේ මොකද පරිගණකයට වෙන්න ඕනේ අන්තර්ජාල සබදතාවයට මොකද වෙන්න ඕනේ කියන ඒවා අපට දුරස්තව පාලනය  කිරීමට හැකියාව පවතිනවා නම් ඒ වගේ අවස්තාවකදී වටිනවා නේද? 

ඒ වගේම වෙනත් පරිගණකයක සිට ඔබේ පරිගණකයේ ඇති ටොරන්ට් මෘදුකාංගය බාවිත කරමින් බාගත කිරීම් කරන්න පුලුවන් නම්? 

අපි බලමු එහෙනම් කොහොමද ටොරන්ට දුරස්තව පාලනය කරන්නේ කියලා ටොරන්ට බාගත කරන්න බාවිතා කරන්නේ Utorrent හා BitTorrent කියන මෘදුකාංගයන්. මේ දෙකින් එකක් ඔබේ පරිගණකයට ස්තාපිත කර ඇත්නම් ටොරන්ට්  ගොනු ඒ හරහ බාගත කරන්න පුලුවන්. මුලින්ම් මේ මෘදුකාංග දෙකින් එකක්   විවෘත කරගන්න.  මං උදාහරණයට ගන්නේ utorrent මෘදුකාංගයයි. 

මෘදුකාංගයේ preferences->remote වලට යන්න. එතන තියනවා UTorrent remote access  කියන එක. ඒ ටික් එක දාන්න



computer name කියන තැනට ඔයාලට කැමති නමක් වගේම password වලදි කැමති මුරපදයක් ලබාදෙන්න. ඊලගට security question එක වෙනුවෙන් කැමති එකක් ලබා දීල ඒ වෙනුවෙන් අදාල උත්තරයත් ලබාදෙන්න. එහෙම security question  ලබා දෙන්න ඕනේ කමක් නැත්නම් No Thanks ක්ලික් කරන්න.



ඉන්පසුව මෙ සැකසුම් සකස් කල පරිගණකය අන්තර්ජාල පහසුකම් සහිතව switched on තත්වයෙන් තබන්න. ඊලගට් අපි හිතමු අපි ඉන්නෙ වෙනත් තැනක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ එකක කියල. දැන් මේ වෙබ් අඩවියට යන්න. 




ඊලගට අපි කලින් මෘදුකාංගයට ලබාදුන් username සහ passwords ලබා දී මේ වෙබ් අඩවියට පිවිසෙන්න.එතනදී අපේ පරිගණකයේ ටොරන්ට් ගොනුවක් බාගත වෙමින් පවතිනවා නම් ඒ ගැන විස්තර අපි ලොග් උන වෙබ් අඩවියෙන් පහල රූපයේ ආකාරයට පෙන්නනවා. ඒ වගේම වෙබ් අඩවිය හරහා යම් ටොරන්ට් ගොනුවක් බාගත වෙන්න කියල ලබා දුන්නොත් එය අපේ පරිගණකයෙන් බාගත වීම ඇරබෙනවා.



ඉතින් ඉහල රූපයේ ආකාරයෙන් මේ දුරස්ත පාලන කටයුතු සිදු කරනවා වගේම ටොරන්ට් ගොනු බාගත වී අවසන් උන පසු පරිගණකය shutdown වෙන්න හදන්නත් පුලුවන්.


Preferences-> Run Program වලට යන්න. එතනදී shutdown -p විදානය ලබා දෙන්න. ඉතින් මෙයින් පසුව ටොරන්ට බාගත වී අවසන් උනම ඔබ පරිගනකය ලග උන්නත් නැතත් පරිගණකය shutdown වෙනවා. උත්සාහා කරලා බලන්න. සුභ දවසක්....! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Convert video Using VLC Player

විඩියෝ නොබලන කෙනෙක් හොයාගන්න නැ නේද? නමුත් එක එක ආකාරයේ විඩියෝ පෝමැට් නිසා විඩියෝ බලන අවස්ත වලදී අපහසුතාවයට පත්වෙන වෙලවලුත් තියනව නේද? මොකද එක් එක් ආකාරයේ විඩියෝ ප්ලේයරයන් සහය දක්වන විඩියෝ පෝමැට් එකිනෙකට වෙනස් නිසා. ඉතින් අපි බලමු ජනප්‍රිය VLC ප්ලේයරය හරහා කොහොමද එක් විඩියෝ පෝමැට් එකකින් වෙනත් විඩියෝ පෝමැට් එකකට විඩියෝ එකක් හරවා ගන්නේ කියලා.

ඉතින් මේ වෙනුවෙන් මුලින්ම VLC ප්ලේයරය පරිගණකයේ ස්තාපිත කරලා තියෙන්න ඔන්නේ. ස්තාපිත කරලා නැත්නම්  ලින්කුවෙන් එහි නවතම සංස්කරණයේ පිටපතක් බාගත කරගන්න පුලුවන්.

ඉතින් ඊලගට VLC ප්ලේයරය විවෘත කරගන්න. එහි media මෙනුවේ ඇති Convert / Save කියන ස්තානයට යන්න.



පහල රූපයේ ආකාරයෙන් Add බටන් එක ක්ලික් කර අපිට පෝමැට් එක වෙනස් කරගන්න ඕනේ කරන විඩියෝ එක තෝරාගන්න. ඊලගට Convert / Save ක්ලික් කරන්න



ඊලගට Browse කියන ස්තානයෙන් අපි තෝරාගත් විඩියෝව නැවත් සුරක්ශිත කල යුතු ස්තානයක් ලබා දෙන්න ඊලගට Profile හරහා ඕනේ කරන විඩියෝ ආකාරය තෝරාගන්න. Start ක්ලික් කරන්න.



අවසානයේ අපි තෝරපු පෝමැට් එකට විඩියෝ එක මාරු වෙලා සුරක්ශිත වෙනවා. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න සරලව ඉක්මනින් විඩියෝ එකක් කන්වර්ට් කරගන්න පුලුවන්. සුභ දවසක්...!

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday, 2 December 2012

Driver Genius 12

පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාල වන බාහිර කොටස්  පොදුවේ දෘඩාංග ලෙසින් හදුන්වන්න පුලුවන්. මේ දෘඩාංග වල බාවිතා වන භාෂාව හා පරිගණක භාෂාව අතර පවතින අසමානතා දුරු කිරීම වෙනුවෙන් සහය දක්වන භාෂා පරිවර්තකයා වන්නේ ඩ්‍රයිවර්ස් ලෙසින් හදුන්වන කුඩා මෘදුකාංගයි. ඉතින් පරිගණක දෘඩාංග සම්බන්දයෙක් කටයුතු කරන අයට ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ ඩ්‍රයිවර්ස් කියන්නේ. නමුත් මේ ඩ්‍රයිවර්ස් සොයා ගැනීම හා නියම ඩ්‍රයිවර්ස් ගලපා ගැනීම ගැන නම් ගැටලු රාශියක් පවතිනවා.
ඩ්‍රයිවර්ස් සොයා ගැනීම එක ගැටලුවක්. දෘඩාංග නිර්මාණය කරන සමාගම් තම දෘඩාංගයට අදාල ඩ්‍රයිවර්ස් සිඩී එකක් රදවා අදාල දෘඩාංගය සමගම ලබා දෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහාත් අදාල නිශ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් මේ ඩ්‍රයිවර්ස් බාගත කරගන්න පුලුවන්. ඉතින් පරිගණකයක පවතින ඩ්‍රයිවර්ස් සොයාගෙන ඒවා යාවත්කාල කරදෙන හොදම මෘදුකාංගයක් තමයි Driver Genius කියන්නේ. මේ මෘදුකාංගය මගින් පහත දේවල් කරගන්න පුලුවන් 

Scan - මෘදුකාංගය ස්තාපිත කල සැනින් අදාල ඩ්‍රයිවර්ස්  ගොනු සොයගෙන යාවත්කාල කිරීම් ඇත්නම් ඒ බව දක්වනවා.
Download - බාගත කල යුතු ඩ්‍රයිවර්ස්  වල නිල වෙබ් අඩවි වල ලින්කු දක්වමින් සහය දක්වනවා. 
Install - බාගත කරගත් ඩ්‍රයිවර්ස්  මෘදුකාංගයි හරහාම නිසි ආකාරයෙන් ස්තාපිත කර දීම. 

ඉතින් මේ මෘදුකාංගය දැනට බාවිතයේ පවතින ඩ්‍රයිවර්ස් 60,000 වඩා වැඩි ප්‍රමාණයකට සහය දක්වනවා ඒ වගේම Digital Cameras, MP3 Players, Motherboards, VOIP Phones, Video Cameras, Modem Cards, Printers, CD/DVD Drives, Video & Sound cards, Network Cards, Keyboard & Mouse, Hard Drives වැනී ඕනේම දෘඩාංගයකට සහය දක්වනවා. 

එසේම මේ මෘදුකාංගයි හරහා ඩ්‍රයිවර්ස්  Backup කිරීම, ඒ ඩ්‍රයිවර්ස් Restore කිරීම හා නොගැලපෙන ඩ්‍රයිවර්ස් Remove කිරීම කරගන්න පුලුවන්. 




ඉතින් මේ මෘදුකාංගය පහල ලින්කු මගින් බාගත කරගන්න පුලුවන්. 






ටොරන්ට් වලින් බාගත කරන්න කැමති අයට ක්‍රැක් එකක් සමගම,


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers