සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 27 December 2017

Security Researchers prove that Windows 10 Facial Recognition can be breached with a Photo

වින්ඩෝස් ගැන කථා  එමටය.හැමදෑම කථා කළත් ඉවර කරගත නොහැකි තරමට කථා තිබේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වඩාත් සුරක්ෂිත කිරීමට යැයි කියා  Facial Recognition තාක්ෂණය ගෙන එන්නේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය හරහායි.
එහිදී පරිගණකය අයිතිකරුගේ  Facial Recognition එකක් සිදුකර නැවත පරිගණකයට ලොග් වන අවස්ථාවේදී කලින් හදුනාගත්  මුහුණට සමාන මුහුණු සටහන් තිබේදැයි පරීක්ෂා කර තිබේනම් පමණක් පරිගණකයට පිවිසීමට අවස්ථාව ලබාදේ.
කෙනෙකුගේ මුහුණේ පිහිටීම් හදුනාගැනීමේ තාක්ෂණය දියුණු වන්නේ 2000 මුල් කාලයේ සිටය. වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේදී එය එළිදැක්වුවද ඊයේ දිනයේදී එහි පවතින මහාපරිමාණ තාක්ෂණික දෝෂයක් සොය ගැනුනා.
Facial Recognition තාක්ෂණය සහිත පරිගණකයකදී මුහුණ වෙනුවට ප්‍රින්ට් කරන ලද ඉමේජයක් ලං කළ විට එය ස්වාභාවික මුහුණක්  ලෙසින් හදුනාගෙන පරිගණකය විවෘත කර දෙයි.
මෙම තාක්ෂණික දෝෂයට සමාන  iPhone X’s Face ID කැමරාවේදීද ස්වාභාවික මුහුණ වෙනුවට චායාරූපයක් ස්වාභාවික ලෙස හදුනාගැනීම හරහා  iPhone X ජංගම දුරකථනයද අසාර්ථක බවට පත්වුණා.
SySS researcher නම් ආයතනයකින් සිදුකළ පරීක්ෂණයකදී මෙම වින්ඩෝස් 10 හි පවතින දුර්වලතාව සනාථ කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් දැනුවත් කර තිබෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive