සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 4 December 2017

PayPal Subsidiary Data Breach Hits Up to 1.6 Million Customers

PayPal කියන්නේ හැමෝටම වගේ වැදගත් වන සේවාවක්. මුදල් ගණුදෙනු සිදු කිරීම ණයපත් හරහා අන්තර්ජාතික ගණුදෙනු සිදු කිරීමේදී අතරමැදියෙක් ලෙසින් PayPal ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා.
ඔවුන් හරහා සේවාවන් ලබා ගැනීමේදී ඔබගේ ණයකාඩ්පත් වල තොරතුරු සියල්ලම ලබාගන්නා අතර අතිශ්‍ය රහසිගත තොරතුරු ආරක්ෂා කිරීමට PayPal බැදී සිටිනවා.
කෙසේ නමුත් අද දිනයේදී PayPal මහාපරිමාණ සයිබර් ප්‍රහාරයකට මුහුණ දුන්නා. මිලියන 1.6ක් පමණ වන පරිශීලකයන්ගේ ණයකාඩ්පත් දත්ත ඇතුළත් දත්ත ගබඩාවකට මෙසේ සයිබර් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
මේම ප්‍රහාරයට ඉලක්ක වී ඇත්තේ 2017 ජනවාරියේදී PayPal විසින් ඩොලර් මිලියන 233 ක් ගෙවා මිලදීගත් TIO Networks නම් ආයතනයයි. TIO Networks යනු මුදල් විශුද්ධිකරණ සමාගමක්.
PayPal විසින් මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළත් මෙය සිදු කර ඇත්තේ කවුදැයි යන්න තවම සොයාගෙන නැහැ. ඔබ අන්තර්ජාලය හරහා ebay වැනි වෙබ් අඩවි වලදී PayPal භාවිතා කරන්නේ නම් ඒවායේ මුරපද හැකි ඉක්මණින් මාරු කරගන්නා ලෙසත් ණයකාඩ්පත් වල ශේෂය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් මෙලෙස ඔබව දැනුවත් කරනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive