සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 17 December 2017

Pre-Installed Password Manager On Windows 10 Lets Hackers Steal All Your Passwords

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය අදටත් ලෝකයේ වැඩිම භාවිතයක් සහිත මෙහෙයුම් පද්ධතිය බව පෙනී යනවා. එයිනුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල ගණනාවක්ම මයික්‍රොසොෆ්ට් ක්‍රියාත්මක කරනවා.
කෙසේ නමුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ Anniversary Update එක හරහා ලබාදුන් Content Delivery Manager නම් පහසුකමත් සමග uggested apps ආකාරයේ තෙවන පාර්ශවීය මෘදුකාංගයක් සැගවී ස්ථාපනය වන බව සොය ගැනුනා.
මෙම මෘදුකාංගය "Keeper" ලෙසින් නම් කර තිබෙන අතර Google Project Zero ව්‍යාපෘතියේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම මෘදුකාංගය සොයාගැනුනා.
මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධතියට කිසිසේත්ම සම්බන්ධ නොමැති මෙම "Keeper" මෘදුකාංගය හරහා ඔබගේ මුරපද සොරාගැනීමේ හැකියාවක් පවතින බව ද මෙම පර්යේෂකයන් සොයාගත්තා.
"Keeper" ලෙසින් මුරපද කළමණාකරනය කරන මෘදුකාංගයක් පවතින අතර මේ සොයාගත් මෘදුකාංගය "Keeper" හිම කොටසක්ද යන්න සැක සහිතයි.
කෙසේ නමුත් මෙවැනි මෘදුකාංග වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හරහා ස්ඨාපිත වීමට අවස්ථාව දීම යනු වින්ඩෝහි පවතින දුර්වලතාවක් වන බැවින් මේ සදහා හැකි ඉක්මනින් පැච් ලබාදෙන ලෙසින් ගූගල් ඉල්ලීමක් කර තිබෙනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive