සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 1 January 2018

Forever 21 Confirms Security Breach Exposed Customer Credit Card Details

මෙතෙක් ගණනය කර නොමැති නමුත් මිලියන ගණනක් වන තම පාරිභෝගිකයන්ගේ ණයකාඩ්පත් තොරතුරු ඇතුළුව දත්ත වාර්ථාවන් විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ලොව පුරා ප්‍රචලිත නිමි ඇදුම් වෙළදසැල් ජාලයක් වන  Forever 21 සදහන් කරනවා.
ඔවුන් 2017 වසරේ අප්‍රේල් මාසයේදී පළමු සයිබර් ප්‍රහාරයට මුහුණ දුන් අතර එයින් ඔවුන්ගේ දත්ත වලට හානියක් නොවූ අතර පරිගණක ජාලයේ දුර්වලතාවන් මකා ගැනීමට ඔවුන් උත්සාහ කළා.
ඔවුන් විසින් හදුනාගෙන ඇති පරිදි ඔවුන්ගේ  Forever 21 වෙළදසැල් ජාලයේ ඇති point of sale (POS) පද්ධතියට මැල්වෙයාර් හෝ වෙනත් වෛරසයක් එක් කොට ඒ හරහා දිනපතාම දත්ත සොරාගෙන තිබෙන බවට අනුමාන කරනවා. ඒ අනුව ගෙවුණ වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා point of sale (POS)  යන්ත්‍ර හරහා ලබාගෙන තිබෙන දත්ත ප්‍රමාණය කෙතෙක්දැයි කිව නොහැකි බවයි ඔවුන් පවසන්නේ.
credit card numbers, expiration dates, verification codes වැනි දත්ත මෙසේ සොරාගෙනීමට ලක්වී තිබෙන අතර Forever 21 විසින් මූළ්‍ය පද්ධති වල දත්ත හුවමාරුව සදහා encryption තාක්ෂණයක් භාවිතා කරන බවට ඔවුන් පවසනවා. නමුත් ඒවා බිද දැමිය හැකි ක්‍රමවේදයන් සොයාගෙන ඇති බවට ඒ අනුව සැක කල හැකියි.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive