OnePlus යනු ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක්. විවිධ නාමයන් යටතේ ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් ඔවුන් මෑතකාලයේදී ලෝකයට ලබාදුන්නා.
මෙම OnePlus ජංගම දුරකථනයක් ණයකාඩ්පතක් හරහා මිලදීගත් පාරිභෝගිකයන් විශාල පිරිසක් ඊයේ දිනයේදී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දුන්නා.
ඒ ඔවුන්ගේ ණයකාඩ්පත් වලින් ඔවුන් සිදු නොකළ ගණුදෙනු සදහා මුදල් ගෙවා තිබීමයි. එසේ නැතිනම් ඔවුන්ගේ දත්ත සොරාගෙන ණයකාඩ්පත් හරහා වෙනත් ගණුදෙනු සිදු කර තිබෙන බව පෙනී යනවා.
මේ අනුව ලෝකයේ OnePlus ජංගම දුරකථන ණයකාඩ්පත් හරහා මිලදීගත් ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම අත්දැකීම ට මුහුණ දෙන්න සිදුවී ඇති බවයි වාර්ථා වෙන්නේ.
OnePlus හි වෙබ් අඩවියේ ඇති මුදල්ගෙවීමේ ක්‍රමවේදය පිළිබදව ඊයේ දිනයේදීම පර්යේෂණ ආරම්භ කළ අතර ණයකාඩ්පත් දත්ත ආයතනය තුළම තබාගන්නා බවත් මුදල් හුවමාරු වන බැංකු වලට ලබාදෙන්නේ අදාළ තොරතුරු පමණක් බවත් OnePlus හෙළි කළා.
එයින් අදහස් වන්නේ OnePlus හිම සේවකයෙක් හෝ කණ්ඩායමක් මෙම තොරතුරු පිටතට ලබාදී ඇති බවක්.
ඒ සමබ්න්ධයෙන් පර්යේෂණ සිදුකිරීම සදහා OnePlus විසින් මෙම දත්ත සොරාගෙනීම සම්බන්ධ තොරතුරු සයිබර් ආරක්ෂාව සම්බන්ධ ආයතනයකට භාරදී තිබෙනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
මෙම OnePlus ජංගම දුරකථනයක් ණයකාඩ්පතක් හරහා මිලදීගත් පාරිභෝගිකයන් විශාල පිරිසක් ඊයේ දිනයේදී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දුන්නා.
ඒ ඔවුන්ගේ ණයකාඩ්පත් වලින් ඔවුන් සිදු නොකළ ගණුදෙනු සදහා මුදල් ගෙවා තිබීමයි. එසේ නැතිනම් ඔවුන්ගේ දත්ත සොරාගෙන ණයකාඩ්පත් හරහා වෙනත් ගණුදෙනු සිදු කර තිබෙන බව පෙනී යනවා.
මේ අනුව ලෝකයේ OnePlus ජංගම දුරකථන ණයකාඩ්පත් හරහා මිලදීගත් ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම අත්දැකීම ට මුහුණ දෙන්න සිදුවී ඇති බවයි වාර්ථා වෙන්නේ.
OnePlus හි වෙබ් අඩවියේ ඇති මුදල්ගෙවීමේ ක්‍රමවේදය පිළිබදව ඊයේ දිනයේදීම පර්යේෂණ ආරම්භ කළ අතර ණයකාඩ්පත් දත්ත ආයතනය තුළම තබාගන්නා බවත් මුදල් හුවමාරු වන බැංකු වලට ලබාදෙන්නේ අදාළ තොරතුරු පමණක් බවත් OnePlus හෙළි කළා.
එයින් අදහස් වන්නේ OnePlus හිම සේවකයෙක් හෝ කණ්ඩායමක් මෙම තොරතුරු පිටතට ලබාදී ඇති බවක්.
ඒ සමබ්න්ධයෙන් පර්යේෂණ සිදුකිරීම සදහා OnePlus විසින් මෙම දත්ත සොරාගෙනීම සම්බන්ධ තොරතුරු සයිබර් ආරක්ෂාව සම්බන්ධ ආයතනයකට භාරදී තිබෙනවා.

About the author
Eranda Dayawansa
0 comments:
Post a Comment