සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Thursday, 26 November 2015

TOR Project

TOR කියන්නෙ මොකද්ද? ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. ඉතින් TRO ගැන සම්පූර්ණ විස්තරයක් මේ පෝස්ට් එකේ තියෙනවා.












About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 22 November 2015

Interllectural Property

පරිගණක ආශ්‍රිත බුද්ධිමය දේපළ යනු මොනවාද? ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනතේ මේ සම්බන්ධයෙන් කෙසේ අදහස් දක්වයිද? මේ පිළිබදව මෙම පෝස්ට් එකෙන් ඔබව දැනුවත් කෙරේ.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි. 

















About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Thursday, 19 November 2015

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට නම් පළමුව අප අනාරක්ෂිත වන්නේ කුමකින්දැයි අවබෝධයෙන් සිටීම වැදගත් වේ. එසේ හෙයින් ශ්‍රී ලාංකික පරිගණක සහ තොරතුරු ආරක්ෂණ අංශයේ අඩුවක් වශයෙන් පෙනුණ සිංහලෙන් තොරතුරු ආරක්ෂණ පුවත් ලබාදීම මෙතැන් පටන් Cyber Security Sri Lanka බ්ලොග් අඩවිය විසින් ආරම්භ කරන අතර අදාළ සතියේ සිදුවීම් ඔබට සෑම සතියකදීම මෙසේ සවිස්තරව කියවා දැනුම වැඩිකර ගත හැකිය. 

ස්තුතීයි 
ඇඩ්මින්  -  Cyber Security Sri Lanka


Share:

Mark Zuckerberg Just Quits his Job at Facebook - Hacked Facebook

මාර්ක් සකර්බර්ග් කියන්නේ කවුද කියලා හැමෝම දන්නවනේ. ඔහු තමයි ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ. ලෝකයේ බොහෝ හැකර්වරුන් උත්සාහා කරනවා ෆේස්බුක් ජාලය හෝ එහි පවතින ගිණුම් හැක් කිරීමට. යම් යම් උත්සාහයන් සාර්ථක වුණ අවස්ථාවන් අතීතයේ දක්නට ලැබුණත් ගෙවුණ කාලසීමාවේදී ෆේස්බුක් හැකිං සම්බන්ධයෙන් විශේෂ පුවතක් පළ වුණේ නෑ.

නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ගිණුමේ අලුත් පෝස්ට් එකක් පළ වී තිබුණා.


එයින් දැක්වුණේ මාර්ක් ෆේස්බුක් හි සේවයෙන් ඉවත් වූ බවක්. නමුත් ඇත්තටම එය සිදුවී නැහැ. ඒ කියන්නේ මාර්ගේ ගිණුමත් හැක් කරලද? බොහොමයක් තොරතුරු ආරක්ෂණ නිලධාරීන් වගේම පර්යේෂකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් සිටිනවා.

මෙය ඇත්තද බොරුද කියලා මෙ පහළ තියෙන ලින්ක් එකෙන් බලාගන්නත් පුළුවන්.

— Check this Facebook Post by yourself —

ඇත්තටම මේක දෘෂ්ඨි මායාවක් වගේ කියලත් කියන්න

පුළුවන්. ඇත්තටම සෑම සමාජ ජාල අඩවියකම තිබෙන බග් එකක් හරහායි මේදේ කරල තියෙන්නෙ. එයි සරළව පහත මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්.

මාර්ගේ විසින් මීට පෙර එකතු කරන ලද life event එකේ ලින්ක් එකයි පහළින් තියෙන්නේ. එකේ පැහැදිලිව තිබෙනවා ඔහු ෆේස්බුක් හි වැඩ ආරම්භ කළා කියලා. මේ ලින්කුවේ රතු පැහැයෙන් දක්වලා තිබෙන කොටසයි
life event එක කුමක්ද යන්න තීරණය කරන්නේ.
https://www.facebook.com/zuck/timeline/story?ut=32&wstart=-2051193600&wend=2147483647&hash=971179541251&pagefilter=3&ustart=1&__mref=message_bubble
දැන් එම රතු පැහැයෙන් තිබෙන කොටසින් ustart=1 parameter එක අයින් කරපුවම ලින්ක් එක පහළ ආකාරයෙනුයි දැකගන්න පුළුවන් වන්නේ.
https://www.facebook.com/zuck/timeline/story?ut=32&wstart=-2051193600&wend=2147483647&hash=971179541251&pagefilter=3&&__mref=message_bubble

ඉතින් මේක සරළ වැඩක් වුණාට ෆේස්බුක් එකේ ඉන්න කෙනා අයින් වුණා කියලයි දැකගන්න පුළුවන් වෙන්නේ. ඔයාලටත් මේක වෙනස් කරලා life event එකක් දාලා බලන්න පුළුවන්.

ෆේස්බුක් ආරක්ෂක අංශය මෙය වාර්ථා වුණ මුල් අවස්ථාවේදීම එයට විසදුමක් සෙවීමට උත්සාහා කරමින් සිටිනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Disaster Recovery

දත්ත ආරක්ෂා කර ගැනීම කියන්නේ අද විශේෂ අවදානයක් දෙන්න ඕනෑ මාතෘකාවක් වෙලා. ඒකට හේතුව දත්ත සොරාගන්න බලාගෙන ඉන්න පිරිස එන්න එන්නම වැඩිවීමයි. එවැනි දේවල් වලින් දත්ත ආරක්ෂා කරගන්නවා වගේම ස්වාභාවික විපත් අනතුරු වලිනුත් දත්ත හා දත්ත තැම්පත් කර ඇති උපාංග වැනි දේ ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක් වෙනවා. ඉතින් මේ පෝස්ට් එක disaster recovery ගැනයි.












About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Brute Force Attack

කෙනෙකුගේ මුරපදයක් කියන්නේ එයාටම අනන්‍ය වූ දෙයක්. ඒත් අද වන විට මුරපද සොරාගැනීම් වැනි දේ වේගයෙන් සිදුවෙමින් පවතිනවා. මුරපදයක් හැක් කරගන්න එක් විදියක් තමයි මේ Brute Force Attack  කියන්නේ. වැඩිදුර විස්තර පහලින් දක්වලා තිබෙනවා. Brute Force Attack  එකක් කියන්නේ මොකද්ද ඒවගේ දේකින් බේරෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක මේ පෝස්ට් එකෙන් විස්තර කරනවා.. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 6 October 2015

Facebook to Launch Its Own Satellite to Beam Free Internet

ෆේස්බුක් කියන්නේ අද හැමෝටම නැතුව ඉන්න බැරි තරමට ජීවිතවලට ළංවුණ දෙයක්. ෆේස්බුක් වල හොද නරක දෙකම් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. මේ ළගකදී ෆේස්බුක් නිසා ලංකාවේ මරණයකුත් සිදුවුණා. තමන් යාලුවෙලා ඉන්න කාලේ ගත්ත ෆොටෝ වගයක් ඒ කෙල්ල වෙන කෙනෙක් බැන්දට පස්සේ එයාගේ වෝල් එකේ ෆෝස්ට් කරලා.. ඒකට හිත කළකිරිලා මුහුණදෙන්න බැරිව ඒ කෙල්ල සියදිවි හානි කරගන්නවා.. ඔයවගේ ඒව අහන්න ලැබුණත් හොද දේවලුත් වෙනවා.,. මං මේ ළගදි දැක්කා මුස්ලිම් මනුස්සයෙක් පොලිස් අයියෙක්ට නීතිය කියලා දෙන වීඩියෝ එකක් ෆේස්බුක් එකට දාලා තියෙනවා.. අන්තිමට පොලිස් අයියා සොරි කියල යනවා. ඒ වගේම චාමරගේ සීන් එක. කොල්ලො දෙන්නෙක් පෙරළගෙන කෙල්ලෙක්ට ගහනවා.. ඉතින් මේවගේ දේවල් නිසයි මං කිවුව්වේ ෆේස්බුක් හොදයි නරකයි දෙකම සමාජගත කරනවා කියලා.

ඉතින් මේ කියන්න යන්නේ නම් ෆේස්බුක් වල තවත් හොද වැඩක්. ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් ගේ අදහසක් තිබුණා ලෝකයටම නොමිලේ අන්තර්ජාලය දෙන්න. ඒ කියන්නේ ඩේටා වලට මුදල් අය නොකරන විදියක් හදන්න. ඔන්න දැන් ඒක යථාර්තයක් වෙලා තියෙනවා.

නොමිලේ අන්තර්ජාලය ලබාදීම සදහා ෆේස්බුක් විසින් චන්ද්‍රිකාවක් ගුවන්ගත කළා. ඒක නම් කරලා තිබුණේ Eutelsat කියලයි. ඉතින් මේ චන්ද්‍රිකාවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක්. එහි සම්පූර්ණ දයාකත්වය ෆේස්බුක් නිසා මේ චන්ද්‍රිකාව අයිති වන්නේ ෆේස්බුක් සමාගමටයි.

දැනට මෙයින් සේවාවන් ලබා ගැනීමට හැකිවන්නෙ යුරෝපා රටවල් වලට සහ දකුණු අප්‍රිකානු රටවල් වලට පමණයි. නමුත් ඉදිරියේදී මුළු ලෝකයම ආවරණය වන විදියට චන්ද්‍රිකාවන් ස්ථානගත කරන්නයි ෆේස්බුක් අදහස් කරගෙන ඉන්නේ. 2016 දී ගුවන්ගත කරන චන්ද්‍රිකාවයි මේ තියෙන්නේ. 

ඉතින් ෆේස්බුක් හොදවැඩක් කළ නිසා හොදයි කියන්න ඕනෑ. අපිත් බලාන ඉමු නොමිලේ අන්තර්ජාලය ලැබෙනකන්..




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday, 13 September 2015

LockerPin Ransomware Resets PIN and Permanently Locks Your SmartPhones

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?  රෑන්සම්වෙයාර් කියන්නේ වෛරසයක්. අපේ පරිගණක හෝ ඕනෑම උපාංගයකට ඇතුළුවෙලා අපේ දත්ත ඔවුන්ගේ භාරයට ගෙන දත්ත නිදහස් කිරීමට මුදල් ඉල්ලන ආකාරයේ භයානක වෛරසයක්. ඉතින් මේ කියන රෑන්සම්වෙයාර් ආකාරයේ වෛරයක අලුත්ම ටාර්ගට් එක වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන් එකයි!

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ආකාරයේ ස්මාට් ෆෝන් එක වෙත ඔබ නොදැනීම ඇතුළුවන මෙම භයානක රෑන්සම්වෙයාර් වෛරසය ඔබගේ ෆින් අංකය වෙනස් කරනවා. ඔබ ෆෝන් එක භාවිතා කිරීමට සූදානම් වී ඔබගේ හුරුපුරුදු ෆින් අංකය භාවිතා කළත් ඔබගේ ස්මාර්ට් ෆෝන් එක එය වැරදි බව කියනවා. ඔන්න ඒ වෙලාවෙම රෑන්සම්වෙයාර් වෛරසය මගින් පණිවිඩයක් ලබාදෙනවා ඔබේ ස්මාර්ට් ෆෝන් එකට වෛරස් ආසාදනයක් වී ඔබේ ෆින් එක රීසෙට් වී ඇති බැවින් ඔබගේ ෆින් එක ලබාදීමට නම් ඇමෙරිකානු ඩොලර් 500ක් අදාළ ගිණුමකට බැර කරන්න කියා..

දැන් ඔබ මොකද කරන්නේ? ෆෝන් එකේ වටිනා දත්ත තියෙනවා නම් ෆෝන් එක මාස්ටර් රීසෙට් එකක් කරන්නත් බෑ. ඒ වගෙ මේ ඉල්ලන මුදල් දෙන්නත් බෑ. ඔන්න ඕකයි ඔය කියන රෑන්සම්වෙයාර් වල තියෙන භයානක කම. ඉතින් අන්තර්ජාලයට ස්මාර්ට් ෆෝන් එකක් හරහ පිසිවෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ආරක්ෂිත විය යුතුයි. හැකිනම් හොද වෛරස් ගාර්ඩ් එකක් ස්මාර්ට් ෆෝන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉදිරියේදී මේ කියන රෑන්සම්වෙයාර් වෛරස් ඔබගේ ලැප්ටොප් එකට ටැබ් එකට විතරක් නොවේ ඔබගේ පරිගණකයටත් එනවා. ඒක සහතිකයි. අපිට එය නවත්තන්නත් බෑ. හොදම දේ හැකි උපරිම අයුරින් ආරක්ෂා වෙන එක.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 11 August 2015

Kali Linux 2.0 Released — Download Most Powerful Penetration Testing Platform

පරිගණක, පරිගණක දත්ත ආරක්ෂාව සහ හැකින් වගේම වෙබ් අඩවි පරීක්ෂා කරන සර්වර්ස් පරීක්ෂාවන් සිදුකරන ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන අයගේ ප්‍රියතම සහ වඩාත් වැදගත් මෙහෙයුම් පද්ධතිය තමයි මේ කාලි ලිනක්ස් කියන්නේ. විශේෂයෙන් පෙනිට්‍රේෂන් ටෙස්ට් කරන්න අවශ්‍යම වන ටුල්ස් විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වීම නිසා හැකින් කරන් අයට දෙවියෝ දුන්නා තෑග්ගක් වගේ තමයි කාලි මෙහෙයුම් පද්ධතිය.

ඉතින් ඔන්න කාලෙකට පස්සේ මේ කියන කාලි මෙහෙයුම් පද්ධතිය සිය නවතම සංස්කරණය ඊයෙ එළිදැක්වූවා. ඒ කාලි ලිනක්ස් 2.0 එහෙම නැතිනම්  "කාලි සනා". Debian-based Linux  මෙහෙයුම් පද්ධතියක් වන මෙය විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් නිසා කැමති ආකාරයෙන් වෙනස් කරගෙන වුවත් භාවිතා කරන්න පුළුවන්.

බොහොමයක් නව පහසුකම් සහිතව ඉදිරිපත් කරලා තියෙන මේ මෙහෙයුම් පද්ධතියේ පහත දේවල් අලුතින් එකතුවෙලා තියෙන බවයි කියනෙනෙ.


Kali Linux 2.0 Features:

  • Runs on Linux kernel 4.0, 
  • use full Gnome 3 Desktop instead of gnome-fallback, 
  • improved hardware and wireless driver coverage, 
  • support for a variety of Desktop Environments, 
  • updated desktop environment and tools, 
  • Featuring new cutting-edge wireless penetration tools, 
  • Kali Linux now added desktop notifications, so that you do not miss anything, 
  • Support Ruby 2.0, which will make Metasploit will load much faster, 
  • Kali 2.0 added inbuilt screencasting tool so that you can record desktop.

නමුත් පොඩි කණගාටුවකට තියෙන්නේ ඉතමාත් වැදගත් හැකින් ටූල් එකක් වුණ  Metasploit කාලි සනා සංස්කරණයේදී ඉවත් කරල තිබීමයි. නමුත් Metasploit-framework එක ඕනෑම වෙලාවක ස්ථාපිත කරගන්න පුළුවන්. 

කලින් කාලි ලිනක්ස් 1.x බාවිතා කරපු ඕනෑම කෙනෙකුට  Kali 2.0 වලට තමන්ගේ මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් කරගන්න පුළුවන්. ඒකට අදාළ කෝඩ් ටික පහතින් තියෙනවා. 

cat << EOF > /etc/apt/sources.list
deb http://http.kali.org/kali sana main non-free contrib
deb http://security.kali.org/kali-security/ sana/updates main contrib non-free
EOF

apt-get update
apt-get dist-upgrade # get a coffee, or 10.
reboot


ඒ වගේම ඔබට ඕනෑනම් අලුතුන්ම කාලි සනා ඩවුන්ලෝඩ් කරගන්න මේ පහතින් තියන ලින්ක් එකෙන් ඒක් කරගන්න පුලුවන්. 


එහිදී ඔබට පහතින් දක්වා ඇති ආකාරයෙන් කාලි සනා ලබාගන්න පුලුවන්. 


  • Kali Linux 64 bit
  • Kali Linux 32 bit
  • Kali Linux VMWare or VirtualBox images
  • Kali 2.0 for ARM architecture


About the author
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology. 
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers