සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 6 October 2015

Facebook to Launch Its Own Satellite to Beam Free Internet

ෆේස්බුක් කියන්නේ අද හැමෝටම නැතුව ඉන්න බැරි තරමට ජීවිතවලට ළංවුණ දෙයක්. ෆේස්බුක් වල හොද නරක දෙකම් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. මේ ළගකදී ෆේස්බුක් නිසා ලංකාවේ මරණයකුත් සිදුවුණා. තමන් යාලුවෙලා ඉන්න කාලේ ගත්ත ෆොටෝ වගයක් ඒ කෙල්ල වෙන කෙනෙක් බැන්දට පස්සේ එයාගේ වෝල් එකේ ෆෝස්ට් කරලා.. ඒකට හිත කළකිරිලා මුහුණදෙන්න බැරිව ඒ කෙල්ල සියදිවි හානි කරගන්නවා.. ඔයවගේ ඒව අහන්න ලැබුණත් හොද දේවලුත් වෙනවා.,. මං මේ ළගදි දැක්කා මුස්ලිම් මනුස්සයෙක් පොලිස් අයියෙක්ට නීතිය කියලා දෙන වීඩියෝ එකක් ෆේස්බුක් එකට දාලා තියෙනවා.. අන්තිමට පොලිස් අයියා සොරි කියල යනවා. ඒ වගේම චාමරගේ සීන් එක. කොල්ලො දෙන්නෙක් පෙරළගෙන කෙල්ලෙක්ට ගහනවා.. ඉතින් මේවගේ දේවල් නිසයි මං කිවුව්වේ ෆේස්බුක් හොදයි නරකයි දෙකම සමාජගත කරනවා කියලා.

ඉතින් මේ කියන්න යන්නේ නම් ෆේස්බුක් වල තවත් හොද වැඩක්. ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් ගේ අදහසක් තිබුණා ලෝකයටම නොමිලේ අන්තර්ජාලය දෙන්න. ඒ කියන්නේ ඩේටා වලට මුදල් අය නොකරන විදියක් හදන්න. ඔන්න දැන් ඒක යථාර්තයක් වෙලා තියෙනවා.

නොමිලේ අන්තර්ජාලය ලබාදීම සදහා ෆේස්බුක් විසින් චන්ද්‍රිකාවක් ගුවන්ගත කළා. ඒක නම් කරලා තිබුණේ Eutelsat කියලයි. ඉතින් මේ චන්ද්‍රිකාවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක්. එහි සම්පූර්ණ දයාකත්වය ෆේස්බුක් නිසා මේ චන්ද්‍රිකාව අයිති වන්නේ ෆේස්බුක් සමාගමටයි.

දැනට මෙයින් සේවාවන් ලබා ගැනීමට හැකිවන්නෙ යුරෝපා රටවල් වලට සහ දකුණු අප්‍රිකානු රටවල් වලට පමණයි. නමුත් ඉදිරියේදී මුළු ලෝකයම ආවරණය වන විදියට චන්ද්‍රිකාවන් ස්ථානගත කරන්නයි ෆේස්බුක් අදහස් කරගෙන ඉන්නේ. 2016 දී ගුවන්ගත කරන චන්ද්‍රිකාවයි මේ තියෙන්නේ. 

ඉතින් ෆේස්බුක් හොදවැඩක් කළ නිසා හොදයි කියන්න ඕනෑ. අපිත් බලාන ඉමු නොමිලේ අන්තර්ජාලය ලැබෙනකන්..




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers