සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 13 September 2015

LockerPin Ransomware Resets PIN and Permanently Locks Your SmartPhones

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?  රෑන්සම්වෙයාර් කියන්නේ වෛරසයක්. අපේ පරිගණක හෝ ඕනෑම උපාංගයකට ඇතුළුවෙලා අපේ දත්ත ඔවුන්ගේ භාරයට ගෙන දත්ත නිදහස් කිරීමට මුදල් ඉල්ලන ආකාරයේ භයානක වෛරසයක්. ඉතින් මේ කියන රෑන්සම්වෙයාර් ආකාරයේ වෛරයක අලුත්ම ටාර්ගට් එක වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන් එකයි!

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ආකාරයේ ස්මාට් ෆෝන් එක වෙත ඔබ නොදැනීම ඇතුළුවන මෙම භයානක රෑන්සම්වෙයාර් වෛරසය ඔබගේ ෆින් අංකය වෙනස් කරනවා. ඔබ ෆෝන් එක භාවිතා කිරීමට සූදානම් වී ඔබගේ හුරුපුරුදු ෆින් අංකය භාවිතා කළත් ඔබගේ ස්මාර්ට් ෆෝන් එක එය වැරදි බව කියනවා. ඔන්න ඒ වෙලාවෙම රෑන්සම්වෙයාර් වෛරසය මගින් පණිවිඩයක් ලබාදෙනවා ඔබේ ස්මාර්ට් ෆෝන් එකට වෛරස් ආසාදනයක් වී ඔබේ ෆින් එක රීසෙට් වී ඇති බැවින් ඔබගේ ෆින් එක ලබාදීමට නම් ඇමෙරිකානු ඩොලර් 500ක් අදාළ ගිණුමකට බැර කරන්න කියා..

දැන් ඔබ මොකද කරන්නේ? ෆෝන් එකේ වටිනා දත්ත තියෙනවා නම් ෆෝන් එක මාස්ටර් රීසෙට් එකක් කරන්නත් බෑ. ඒ වගෙ මේ ඉල්ලන මුදල් දෙන්නත් බෑ. ඔන්න ඕකයි ඔය කියන රෑන්සම්වෙයාර් වල තියෙන භයානක කම. ඉතින් අන්තර්ජාලයට ස්මාර්ට් ෆෝන් එකක් හරහ පිසිවෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ආරක්ෂිත විය යුතුයි. හැකිනම් හොද වෛරස් ගාර්ඩ් එකක් ස්මාර්ට් ෆෝන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉදිරියේදී මේ කියන රෑන්සම්වෙයාර් වෛරස් ඔබගේ ලැප්ටොප් එකට ටැබ් එකට විතරක් නොවේ ඔබගේ පරිගණකයටත් එනවා. ඒක සහතිකයි. අපිට එය නවත්තන්නත් බෑ. හොදම දේ හැකි උපරිම අයුරින් ආරක්ෂා වෙන එක.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

2 comments:

Nimal Siripaala said...

යකෝ දැන් අපේ ඩේට ගන්නත් අපි සල්ලි දෙන්න ඕනැද? මේකද යහපාලනේ?

Anonymous said...

Owa wei kiyala api nam kiuwa

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers