සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday, 10 July 2013

CCNA® 10 - Main Router Command

දැන් ඔයාලට රවුටරයේ CLI එක හරහා විදාන ලබාදෙමින් එක් එක් වෙනස්කම් කරන්න පුලුවන් ඇති කියලා හිතනවා. ඉතින් ඉදිරි වැඩ සදහා ඕනේ කරන තවත් විදාන කීපයක් ගැන ඉගෙන ගෙනම ඊලග පාඩම් වලට ගියොත් හොදයි කියලා හිතුන නිසයි අතරමගදී මේ ආකාරයෙන් ආයෙමත් විදාන ගැනම ලියන්න හිතුනේ. මොකද මේ හැම විදානයක්ම අපිට රවුටරයක් වින්‍යාසගත කිරීමේදී අතරගමදී බාවිතා කරන්න විදු වෙන නිසා දැන් දැන්ම දැනගෙන ඉන්න එක තමයි හොද.



show version 

කලින් පාඩමකදී අපි කතා කලා show version කියන විදානය ගැන. ඒ හරහා දැනට රවුටරයේ බාවිතා වන Configuration Register value, IOS image එකේ තොරතුරු රවුටරයේ දෘඩාංග වල විස්තර වැනි දේ දීර්ඝව බලාගන්න පුලුවන්. 

Router>show version
Cisco IOS Software, 2800 Software (C2800NM-ADVIPSERVICESK9-M), Version 12.4(15)T1, RELEASE SOFTWARE (fc2)
Technical Support: http://www.cisco.com/techsupport
Copyright (c) 1986-2007 by Cisco Systems, Inc.
Compiled Wed 18-Jul-07 06:21 by pt_rel_team
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory
Processor board ID JAD05190MTZ (4292891495)
M860 processor: part number 0, mask 49
2 FastEthernet/IEEE 802.3 interface(s)
239K bytes of NVRAM.
62720K bytes of processor board System flash (Read/Write)

Configuration register is 0x2102


show history

මේ විදානය හරහා කලින් අපි රවුටරය එක්ක් ගණුදෙනු කරන්න භාවිත කළ විදාන සියල්ලම බලාගන්න පුලුවන්. ඒ කියන්නේ විදාන වල ඉතිහාසය. හදිසියේවත් රවුටරයේ වෙනස්කමක් වෙලා හරි වෙනත් කෙනෙක් ලොග් වෙලා වෙනස් කමක් කරලා හරි තියෙනවා කියලා හිතෙනවා නම් මේ විදානය හරහා ඒ සියලුම විදාන බලාගන්න පුලුවන්.

Router#show history
show history
show clock
copy running-config startup-config
erase write
erase startup-config
show history
Router#

show run

මේ විදානය බාවිතා කිරීමෙන් අපිට පුලුවන් Running Configuration එක ගැන විස්තර බලාගන්න. 

Router#show run
Building configuration...

Current configuration : 450 bytes
!
version 12.4
no service timestamps log datetime msec
no service timestamps debug datetime msec
no service password-encryption
!
hostname Router


hostname

පරිගණක් ජාලයක රවුටර් බොහෝ ගණනක් පවතින අවස්ථාවකදී ඒ එක් එක් රවුටරය අදුනාගන්න නම් එක් එක් නමින් රවුටර් නම් කරන්න ඕනේ. කොහොමද අපි ඒ වැඩේ කරගන්නෙ? ඒ වෙනුවෙනුත් විදානයක් තියෙනවා. මේ විදනය බාවිතා කරන්න ඕනේ Gable Configuration Mode එකේ ඉදගෙනයි.hostname විදානයට පස්සේ රවුටරයට ලබාදෙන්න ඕනේ නම ටයිප් කරන්න. 

Router#configure terminal
Enter configuration commands, one per line.  End with CNTL/Z.
Router(config)#hostname helpitlanka
helpitlanka(config)#


banner motd #

රවුටරයට ලොග් වන අවසථාවලදී දකින්න ලැබෙන ආකාරයෙන් බැනර් එකක් දාගන්න ඕනේ නම් මෙ විදානය හරහා ඒ දේ කරගන්න පුලුවන්. මේ විදනය බාවිතා කරන්න ඕනේ Gable Configuration Mode එකේ ඉදගෙනයි.

helpitlanka>enable
helpitlanka#configure terminal
Enter configuration commands, one per line.  End with CNTL/Z.
helpitlanka(config)#banner motd # HelpITLanka Eranda Keerthi Dayawansa #
helpitlanka(config)#^Z
helpitlanka#
%SYS-5-CONFIG_I: Configured from console by console
helpitlanka#copy run start
Destination filename [startup-config]? 
Building configuration...
[OK]
helpitlanka#reload
Proceed with reload? [confirm]


මේ විදානය බාවිතා කරන්නේ Gable Configuration Mode එකේ ඉදාලා නිසා අපි ඒ සැකසුම NVRAM වල සුරක්ෂිත කරන්න ඕනේ. ඒ සදහා copy run start විදානය හෝ එහෙම නැතිනම් write විදානය බාවිතා කර රවුටරය රීලෝඩ් වීම සදහා reload විදානයත් බාවිතා කරන්න ඕනේ. විදානය අවසානයේ රීලෝඩ් උනාට පස්සේ පහල රූපයේ ආකාරයෙන් අපි දාපු බැනර් එක බලාගන්න පුලුවන් 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday, 8 July 2013

CCNA® 9 - Reset Password

මුරපද සැකසුම් සකසන ආකාරය ගැනයි අපි කතා කලේ කලින් පාඩමේ. ඉතින් විවිධ හේතූන් නිසා අපි එක් එක් Mode එකට දාන මුරපද අමතක වෙන්න පුලුවන්. ඉතින් අපි බලමු කොහොමද මුරපදයක් අමතක උනොත් කොහොමද ඒ මුරපදය නැවත සකසා ගන්නේ හරි මුරපදය මගහැර ලොග් වෙන්න බැරි රවුටරයට ලොග් වෙන්නේ කියලා.

අපි මුලින් පාඩමක කතා කලා රවුටරයේ Mode ගැන. හැම තැනදිම මේ Mode භාවිතා වෙන නිසා වැදගත් පාඩම් කොටසක්. ඉතින් මතක නම් එතනදී අපි කිවුවා රවුටරයේ තියෙනවා කියලා ROM Monitor Mode කියලා එකක්. මේ Mode එක ඉතාමත් වැදගත් වෙනවා රවුටරයට ලොග් වෙන්න බැරි ආකාරයෙන් Password එක අමතක නම් මේ හරහා ලොග් වෙන්න පුලුවන්. රවුටරය බූට් වෙන මුල් අවස්ථාවේම යතුරුපුවරුවේ Ctrl key එකයි Break key එකයි එකට Press කලාම මේ Mode එකට යන්න පුලුවන්.

අපි මුලින්ම දැනගන්න ඕනේ පොඩි සැකසුමක් තියෙනවා. ඒ තමයි Configuration register කියන්නේ. රවුටරයක් සැකසුම් සකසද්දි මේ Configuration register එක ගැන පොඩි අදහසක් තියාගෙන් ඉන්න ඕනේ. අපි බලමු කොහොමද මේක බලන්නේ කියලා. අපිට ඒ වෙනුවෙන් show version කියන විදානය බාවිතා කරන්න පුලුවන්.

Router>show version
Cisco IOS Software, 2800 Software (C2800NM-ADVIPSERVICESK9-M), Version 12.4(15)T1, RELEASE SOFTWARE (fc2)
Technical Support: http://www.cisco.com/techsupport
Copyright (c) 1986-2007 by Cisco Systems, Inc.
Compiled Wed 18-Jul-07 06:21 by pt_rel_team
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory
Processor board ID JAD05190MTZ (4292891495)
M860 processor: part number 0, mask 49
2 FastEthernet/IEEE 802.3 interface(s)
239K bytes of NVRAM.
62720K bytes of processor board System flash (Read/Write)

Configuration register is 0x2102

show version විදානය ලබාදුන්නාම අපිට දැකගන්න ලැබෙනවා අවසානයේ Configuration register  කියන ස්තානයේ තිබෙනවා කිසියම් අගයක්. උදාහරණයේ දැක්වෙන්නේ 0x2102 ලෙසිනුයි. ඉතින් අපි රවුටරයක සැකසුම් සකසාගෙන ඉදිරියට යද්දි අපි දැනගන්න ඕනේ වටිනාම සැකසුමක් තමයි මේ  Configuration register  කියන්නේ. හරි, දැන් මේ අගය බලගෙන අපි ඊලගට බලමු කොහොමද  ROM Monitor Mode  එකෙන් කොහොමද ඉතිරි සැකසුම් සකසා ගන්නේ කියලා.

මං මෙතනදී මුලින්ම කරන්නේ රවුටරය රීස්ටාට් කරලා ROM Monitor Mode  එකට යන එක. ඒකට යන හැටි මතකද? අමතක නම් රවුටරය රීස්ටාට් වෙන මුල් අවස්ථාවේදීම Ctrl key එකයි Break key එකයි එකට එබුවාම අපිට ඒ Mode එකට යන්න පුලුවන්.

Router#reload
Proceed with reload? [confirm]
%SYS-5-RELOAD: Reload requested by console. Reload Reason: Reload Command.
System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
Copyright (c) 2000 by cisco Systems, Inc.
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory

Self decompressing the image :
####################################
monitor: command "boot" aborted due to user interrupt
rommon 1 >



ඉතින් ඔන්න අපි ROM Monitor Mode  එකට ආවා. ඒහෙම ආවා කියලා දැනගන්නේ rommon 1 > ලෙසින් පවතිනවා නම් පමණයි. ඊලගට අපි තවත් විධානයක් බාවිතා කරනවා. ඒ තමයි confreg විදානය. ඒ සමග අපි show version විදානයෙන් බලාගත් Configuration register   අගයත් යොදනවා. උදාහරණයේ හැටියට නම් සම්පූර්ණ විදානය වෙන්නේ confreg 0x2102 කියන එකයි.

rommon 1 > confreg 0x2102
rommon 2 > reset
System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
Copyright (c) 2000 by cisco Systems, Inc.
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory

Self decompressing the image :
################################# [OK]



මෙතනදී confreg 0x2102 විදානය ලබාදුන් පසුව රවුටරයේ සියලුම සැකසුම් නිෂ්පාදිත මට්ටමට පැමිණෙනවා. ඉන්පසුව ROM Monitor Mode එකේ ඉදලා අපි රවුටරය රීස්ටාට් කරන්න ඕනේ.

සාමානයයෙන් නම් රවුටරය රීස්ටාට් කරන්නේ reload විදානයෙන් බව ඔයාලා දැන් දන්නවා. නමුත් මතක තියාගන්න ROM Monitor Mode ඉදලා රවුටරය රීස්ටාට් කරන්නා බාවිතා කරන්නේ reset විදානයයි. 

ඉතින් ඔන්න රවුටරයේ දාල තිබුණ පාස්වර්ඩ් එහෙම අයින් වෙලා අලුත් රවුටරයක් විදියටම හම්බෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ විදාන කීපයක් ගැන අපි කත කලා.

  1. show version
  2. reload
  3. confreg 0x2102
  4. reset

ඉතින් මේ විධාන මතක තියාගන්න ඕනේ. මේවා ඉදිරි පාඩම් වලදිත් යම් යම් වෙනස් කම් සහිතව දැකගන්න ලැබේනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Friday, 5 July 2013

CCNA® 8 - Set Password

කලින් පාඩමේදී අපි කතා කලේ කොහොමද රවුටරයි වේලාව සකසන්නේ කියලා ඉතින් විධාන කීපයක් භාවිතා කරලත් එක් විධානයක් භාවිතා කරලත් ඒ දේ කරගන්න හැටි රූප රාමුත් එක්ක පැහැදිලි වෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් ඉදිරියටත් මේ ආකාරයෙන් සියලුම විධාන අපිට බාවිතා කරන්න වෙන්නේ Cisco Packet Tracer මෘදුකාංගය හරහායි.

ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ රවුටරයේ මුරපද සකසන්නේ කියලා. ඔයාලා දන්නවා රවුටරයක් කියන්නේ පරිගණක ජාලයක මුලින්ම ඉන්න දෘඩාංගයක්. එය බිද වැටුනොත් සම්පූර්ණ් පරිගණක ජාලයම බිද වැටෙනවා. ඉතින් අපි ප්‍රායෝගිකව රවුටර් භාවිතා කරද්දි එක් එක් ලෙවල් සදහා එක් එක් මුරපද භාවිතා කරනවා. මේ කියන කතාව තව ටිකකින් හොදටම පැහැදිලි වේවි.

රවුටරයක් ගත්තාම එහි මුරපද යොදන ස්ථාන කීපයක්ම දැකගන්න පුලුවන්. ඒවා තමයි

  1. Console Password
  2. Telnet Password
  3. Enable Normal Password
  4. Enable Secret Password

ඉතින් මේ එක් එක් මුරපද සකසන ස්ථාන හා සකසන හේතු එකිනෙකට වෙනස් වෙනවා. අපි බලමු එක් එක් මුරපද කොහොමද සකසන්නේ කියලා. 

Console Password 

අපි මුල් පාඩම් වලදී කතා කලා විවිධ ආකාරයෙන් රවුටරයට ලොග් වෙන්න එහෙම නැතිනම් සම්බන්ධ වෙලා එක් එක් සැකසුම් සකසන්න ක්‍රම කීපයක් භාවිතා කරනවා කියලා. ඉන් එක් ක්‍රමයක් තමයි Console කේබල් එකක් හරහා සම්බන්ධ වීම. ඉතින් මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා නම් ඒ වෙනුවෙන් භාවිතා කරන්න පුලුවන් ආකාරයෙන් නිර්මාණය වුණු මුරාපදයකටයි Console Password  එකක් කියන්නේ. ඉතින් ඔයාලා දැන් දන්නවා එක් එක් වෙනස්කම් කරන්න නම් අපි ඉන්න් ඕනේ Mode තියනවා කියලා. Mode ගැන අමතක නම් මෙතනින් ආයේ කියවලා එන්න. නැත්නම් මේ පාඩම පැටලෙනවා. හරි, එහෙනම් අපි Console Password එකක් දාන්න නම් රවුරටයේ Global Configuration Mode එකට යන්න ඕනේ. අපි Cisco Packet Tracer මෘදුකාංගය හරහා හදාගත්ත රවුටරයකින් ප්‍රායෝගිකව මේ මුරපද ලබාදීම කරන ගමන්ම පාඩම ඉදිරියට කරගෙන යමු.

වැදගත් - දැන් අමතක නම් කොහොමද Global Configuration Mode  එකට යන්නේ කියලා රවුටරය බූට් උනාම ඒ කියන්නේ Router> වල ඉදලා enable විදානයෙන්  Router# පැමිණ එතනදී config විදානයෙන් යන්න පුලුවන්. 


ඉතින් මේ ඉහල රූපයේ ආකාරයෙන් විදාන සියල්ල ලබාදුන් පසුව අපිට හැකියාව තියෙනවා අපේ රවුටරයට Console Password  එකක් සකසා ගන්න. අපි මෙහි එක් එක් විදානයන් පැහැදිලි කරගනිමු.

config
මේ ගැන අපි කලින් කතාකලා.
line console 0 
අපි ලොග් වෙන්න බලාපොරොත්තු වන Console  එක අදුන්වා දීමට බාවිතා වන විදානය.
login 
අදාල Console  එකට ලොග් වෙන්න බාවිතා වන විදානය.
password 123
මුරපද ලබාදීමට බාවිතා වන විදානය වන්නේ password. ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වන මුරපදය ලබාදෙන්න ඕනේ.
#^Z
Global Configuration Mode එකෙන් අයින් වෙන්න අපි බාවිතා කරන්නේ ctrl+z විදානයයි. එය රවුටරයේ CLI එකේදි දකින්න ලැබෙන්නේ ඉහත ආකාරයෙන්
write
ඊලගට අපි ලබාදුන්නා මුරපදය සුරක්ෂිත කරන්න ඕනේ. ඒ කියන්නේ රවුටරයේ මතකය තුළ තැන්පත් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ විදානය බාවිතා වෙනවා. 


ඉතින් පැහැදිලි වෙන්න ඇති මේ විදාන ටික. මෙතනදී අපි දීර්ඝව පැහැදිලි කලාට ඉදිරියේදී නම් එහෙම එක් එක් විදානයන් පැහැදිලි කරන්න යන්නේ නෑ. විශේෂ විදානයක් පමණක් මෙහෙම පැහැදිලි කරන්නම්. හොදයි අපි ඊලගට බලමු මේ ලබාදුන් මුරපදය හරියට වැඩ කරනවද කියලා.

මෙතනදී අපිට තව විදානයක් බාවිතා කරන්න වෙනවා. අපි මේ ලබාදුන් මුරපද හරියට ක්‍රියාත්මක වෙන්න නම් එක් වරක් රවුටරය රීස්ටාට් කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට බාවිතා කරන්න පුලුවන් reload විදානය.

ඒ විදානයෙන් රීස්ටාර් වෙන රවුටරය ඊලග ලොග් වීමේදී අපි ලබාදුන්න මුරපදය ඉල්ලනවා.


Telnet Password

ඉහත ආකාරයට අමතරව අපිට තවත් ආකාරයකට මුරපද ලබාදෙන්න පුලුවන්. ඒ තමයි Telnet සේවාව හරහා ලොග් වීමේදී මුරපදයක් ලබාදීම. මුලින්ම Packet Tracer හරහා රවුටරයක් හා පරිගණකයක් ලබාගන්න. ඉන්පසුව පරිගණකයට කුමන හෝ IP ලිපිනයක් ලබාදෙන්න. මං උදාහරණයේදී බාවිත කරන්නේ 10.1.1.1 කියන ලිපිනය. රවුටරයටත් ඒ Range එකෙම IP එකක් දාගන්න ඕනේ


ඊලගට රවුටරයකට IP සැකසුම් සකසාගන්නා ආකාරය අපි බලමු. ඒ වෙනුවෙන් බාවිතා වන විදානයන් ටික පහලින් දක්වලා තිබෙනවා. මුලින්ම අපි ඉන්න් ඕනේ Global Configuration Mode එකේ. ඊලගට interface fastethernet 0/0 විදානය බාවිතා කරන්න ඕනේ. එතනදී වෙන්නේ IP සැකසුම් සකසන්න අදාල කොටසට විධානය යොමුවීම. හොදින් බැලුවොත් පෙනේවි Global Configuration Mode එකේ විදානය අවසානයේ දකින්න ලැබෙන්නේ  Router(config-if) ලෙසිනුයි. ඊලගට ip address විදානය බාවිතා කර අපිට ලබාදෙන්න ඕනේ කරන IP ලිපිනය සහ Subnet එක ලබාදෙන්න. උදාහරණයේ ලෙසින් මං බාවිතා කලේ 10.1.1.10 255.0.0.0 කියන IP රේන්ජ් එකයි. ඉන් අනතුරුව අවසානයේ no shutdown විදානය ලබාදෙන්න. මෙ ගැන අපි ඉදිරියේදී වැඩිදුර කතා කරන නිසා මේ විදානයන් ගැන වැඩිය කලබල වෙන්න එපා.

Router>enable
Router#config
Configuring from terminal, memory, or network [terminal]?
Enter configuration commands, one per line.  End with CNTL/Z.
Router(config)#interface fastethernet 0/0
Router(config-if)#ip address 10.1.1.10 255.0.0.0
Router(config-if)#no shutdown


ඉතින් දැන් පරිගනකයට හා රවුටරටර IP සැකසුම් සකසා අවසන්. ඊලගට අපි බලමු කොහොමද Telnet  මුරපදයක් සකසන්නේ කොහොමද කියලා.

Router(config)#line vty 0 4
Router(config-line)#password helpitlanka
Router(config-line)#^Z
Router#
%SYS-5-CONFIG_I: Configured from console by console

Router#write

අපි ඒ සදහාත් ඉන්න ඕනේ Global Configuration Mode එකේ. ඉතින් Global Configuration Mode එකට යන හැටි මුල ඉදලම දැන් කියන්න ඕනේ නෑ කියලයි මං හිතන්නේ. ඉතින් Global Configuration Mode එකේ ඉදගෙන ඊලගට line vty 0 4 කියන විදානය ලබාදෙන්න. එතනදී Router(config-line) කියන තැනට යනවා. ඊලගට password වලට පස්සේ ඔබට ලබාදෙන්න ඕනේ මුරපදය ලබාදෙන්න. මං උදාහරණයේ ගත්තේ helpitlanka කියන මුරපදයයි.


ඊලගට අපි මේ කරගත්ත සැකසුම් රවුටරයේ සුරක්ෂිත කරන්න ඕනේ. ඒ වෙනුවෙත් අපි write විදානය ලබාදෙන්නේ Privilege mode එකේ ඉදගෙනයි. ඉතින් මේ Privilege mode  එකටත් අපිට මුරපද සකසන්න පුලුවන්. ඒවා ප්‍රධාන කොටස් 2 වෙනවා. ඒවා තමයි,

Normal Password
Secret Password


මේවායෙත් මුරපද සැකසුම් සකස් කිරීම එකිනෙකට වෙනස්. අපි බලමු කොහොමද මුලින්ම Privilege mode  එකට Normal Password එකක් සකසන්නේ කියලා.

Router>enable
Router#config
Configuring from terminal, memory, or network [terminal]?
Enter configuration commands, one per line.  End with CNTL/Z.
Router(config)#enable password helpitlanka
Router(config)#^Z
Router#
%SYS-5-CONFIG_I: Configured from console by console

Router#write
Building configuration...
[OK]
Router#


මෙතනදී enable password වලට පසුව යෙදිය යුතු පාස්වර්ඩ් එක ලබාදෙන්න.  ඊලගට අපි බලමු Privilege mode  එකට Secret Password එකක් සකසන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී අපි දැනගන්න් ඕනේ දෙයක් තියනවා. ඒ තමයි අනෙක් මුරපද මෙන් නොව Secret Password එක encrypt ආකාරයෙන් පවතින බව. මුරපදයක් encrypt වෙනවා කියන්නේ එහි ආරක්ෂාව අධික වෙනවා කියන එක. අපි බලමු කොහොමද රවුටරයේ සැකසුම් සකසන්නේ කියලා.

Router(config)#enable secret helpitlanka
Router(config)#^Z
Router#
%SYS-5-CONFIG_I: Configured from console by console

Router#write
Building configuration...
[OK]
Router#


ඉතින් enable secret කියන්නේ මේ වෙනුවෙන් භාවිතා වන විධානය. එයින් පසුව අදාල මුරපදය ලබාදෙන්න. මන් උදාහරණ ලෙස ගන්නේ එකම මුරපදය වුනත් ආරක්ෂාව උපරිම වෙන්න නම් එක් එක් Mode එක වෙනුවෙන් එකිනෙකට වෙනස් මුරපද ලබාදීම කියන්නේ රවුටරයේ ආරක්ෂාව වැඩි වීමක්. තවත් වැදගත් දෙයක් තියනවා. ඒ තමයි මෙතනදී අපි ලොග් වෙන්නේ  Privilege mode එකට.  Privilege mode එකට ලොග් වෙන්න මුරපද 2ක් දැන් අපිට තියෙනවා. ඔයාලා ගැටලුවක් ඇති  Privilege mode එක වෙනුවෙන් කොයි මුරපදයද බාවිතා කරන්නේ කියලා. ඉතින් මතක් තියාගන්න අපි මුරපද දෙකම සැකසුම් කලොත්  Privilege mode එකට ලොග් වෙන්න බාවිතා කරන්න ඕනේ Secret Password එක කියලා.

ඉතින් මේ කියන Secret Password එක තියෙන්නේ  encrypt  ආකාරයෙන් කියලා අපි මුලින් කිවුවා. අපි බලමු කොහොමද ඒ  encrypt  ආකාරයෙන් මුරපදය පවතින්නේ කියලා.  ඒ වෙනුවෙන් අපිට පුලුවන් show run විදානය බාවිතා කරලා රවුටරයේ දැනට පාවිච්චි කරන තොරතුරු එහෙම නැතිනම් Running Configuration වල තොරතුරු බලාගන්න.

Router#show run
Building configuration...

enable secret 5 $1$mERr$I2boQ15RpWjUT4e8ozkqg/
enable password helpitlanka

විදානය ලබාදුන්නාම ඉහල තියෙන ආකාරයෙන් අපිට අපි ලබාදුන්න මුරපද දෙක පෙන්නනවා. බලන්න Secret ආකාරයේ මුරපදයට අපි ලබාදුන්නේ helpitlanka කියන මුරපදය උනත් මෙහි දක්වන්නේ $1$mERr$I2boQ15RpWjUT4e8ozkqg/ කියන අකුරු ටික. ඉතින් encrypt  වෙනවා කියන එක ගැන ඔයාලට දැන් පොඩි අදහසක් ලැබෙන්න ඇති.

ඉතින් මේ ආකාරයෙන් මුරපද සකසන්න නම් දැනගෙනම ඉන්න ඕනේ. ඒක විභාගයට ඇහුවත් නැතත් ප්‍රායෝගිකව රවුටරයක් සැකසුම් සකසනවා නම් මුරපද යෙදීම කරන්නම වෙනවා. එහෙම මුරපද නොයොදා බාවිතා කිරීම නම් ඒ තරම් හොද දෙයක් නොවෙන බවයි මගේ අදහස. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 3 July 2013

Ubuntu 13.4

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදීගත යුතු බව සැමදෙනාම දන්න කරුණක් වුණත් නොමිලේ දෙන Open Source ඝනයට වැටෙන සාර්ථම මෙහෙයුම් පද්ධති කීපයක්ම වර්තමානයේ දැකගන්න පුලුවන්වෙනවා. එයිනුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය විශේෂයි. අද වන විට එහි නවතම සංස්කරණය වන Ubuntu 13.4 සංස්කරණය එලිදක්වලා තිබෙනවා. ඉතින් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති වලට ප්‍රිය කරන ඕනේම කෙනෙකුට වටිනා මෙහෙයුම් පද්දතියක් ලෙසින් Ubuntu මෙහෙයුම් පද්දතිය දක්වන්න පුලුවන් වෙනවා සේම එය ගැන් උනන්දු වන අයට ඒ තම පරිඝනක වලට ස්ථාපිත කරගන්න කලින් ඒ ගැන සොයාබලන්න අවස්ථාවකුත් උබුන්ටු නිර්මාපකයන් ලබාදීලා තිබෙනවා. එහි උබුන්ටු මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කළ පසුව දකින්න ලැබෙන සෑම අංගයක්ම දැකගන්න පුලුවන්.

http://www.ubuntu.com/tour/en/

ඉතින් ඉහතින් තියෙන වෙබ් අඩවියෙන් ඒ ගැනවැඩිදුර සොයාබලන්න පුලුවන්.






එමෙන්ම උබුන්ටු නව සංස්කරණයේ පිටපතක පහල ලිංකුවෙන් බාගත කරගන්න පුලුවන්.

 

එය ubuntu-13.04-desktop-i386.iso ගොනුවක් ලෙසින් 794 MB ප්‍රමාණයකින් ලබාගන්න පුලුවන්. එය ස්ථාපිත කරගන්න එකත් සරලයි. ඔයාලා දන්නවනේ .iso  ගොනුවක් කියන්නේ බුටබල් ආකාරයේ ගොනුවක්. එය DVD එකකට ලියවාගෙන වගේම ඕනේ නම් USB එකකට ලබාගෙන ස්තාපිත කිරීම ආරම්බ කරන්න් පුලුවන්.මේ ක්‍රම දෙකින් ඕනේම ක්‍රමයක් හරහා පරිගණකය බුට් කරගන්න. එවිට පහල රූපයේ ආකාරයෙන් ස්තාපිත කිරීම ආරම්බ වෙනවා.








උබුන්ට නව සංස්කරණය ඕනේ නම් ඩුවෙල් බූට් ආකාරයෙනුත් සකසාගන්න පුලුවන්.



සාමාන්‍ය ස්තාපිත කිරීමට 4.5 GB ඉඩක් ඕනේ කරනවා වගේම වඩා හොදින් වැඩ කිරීමට නම් තවත් ටිකක් වැඩි ඉඩ ප්‍රමාණයක් ඕනේ කරනවා.









මුරපද හා විස්තර ලබාදීම කරන්න ඕනේ.





ස්තාපිත වීම අවසානයේ පරිගණකය රීස්ටාට් වීමෙන් පසුව උබුන්ටු මෙහෙයුම් පද්දතිය භාවිතා කරන්න පුලුවන්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Windows 8.1

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීමේදී එයට එකතු වුණු නවතම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 8 බව සැමදෙනාම දෙනාම දන්න කරුණක්. සාමාන්‍ය මෙහෙයුම් පද්ධති වල ගමන් මගින් වෙනස් ගමනක් පටන්ගත් වින්ඩෝස් 8 මේ වන විට එහි නව යාවත්කාල කිරීමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තමයි Windows 8.1. එය මේ වන විට බාගත කරගන්න පුලුවන් ආකාරයෙන් වින්ඩෝස් ප්‍රිවීව් එකක් ලෙසත් දැනට වින්ඩෝස් 8 බාවිත කරන්නන් හට Update එකක් ලෙසත් ලබාගන්න පුලුවන්.  නමුත් මේ යාවත්කාල කිරීමේ යම් යම් දුර්වලතා පවතින බව පෙනෙන්නට තිබෙනවා. ඉන් එකක් තමයි සමහර පරිගණක ටැබ් උපාංග වලට මෙය සහය නොදැක්වීම

ඒ ආකාරයෙන් සහය නොදක්වන්නේ පහතින් දැක්වෙන පරිගණක හා ටැබ් උපාංගයි


  • Lenovo ThinkPad Tablet 2
  • ASUS VivoTab TF810C
  • Samsung ATIV Smart PC
  • HP ElitePad 900
  • HP ENVY x2
  • Fujitsu ARROWS Tab
මීට අමතරව 32-bit Atom processors බාවිතා වන පරිගණක වලටත් මේ අලුත් Update එක ලාබගන්න හැකියාවක් නැහැ Enterprise සහ volume license භාවිතා කරන අයට භාගත කර ගැනීම සදහා වන සංස්කරණයක් පහළ ලිංකුවෙන් ලබාගන්න පුලුවන්.




එමෙන්ම ස්ථාපිත කිරීමේදී භාවිතා කළ හැකි කී එකකුත් හදුන්වලා දීලා තිබෙනවා.

NTTX3-RV7VB-T7X7F-WQYYY-9Y92F

ඒ වගේම නැතිවුණු වින්ඩෝස් ස්ටාර්ට් මෙනු එකත් මේ සංස්කරණයේදී නැවත ලබාදීලා තිබෙනවා. වින්ඩෝස් 8 වල නව සංස්කරණය සම්බන්ධයෙන් වුණු වීඩියෝවක් පහලින් බලන්න. 





About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday, 30 June 2013

CCNA® - CCNA Syllabus

CCNA පාඩම් මාලාව ආරම්භ කරන්න කලින් හොදම දේ තමයි CCNA වලට අඩංගුවන අධ්‍යයන සීමාව මොකද්ද කියන් එක අදුනගෙන ඉන්න එක. CCNA වලදී ආවරණය වන සීමාව පහලින් දක්වලා තියෙනවා.







Lession 1 :- Operation of IP Data Networks

  • Topic 1A -Recognize the purpose and functions of various network devices such as Routers, Switches, Bridges and Hubs.
  • Topic 1B -Select the components required to meet a given network specification.
  • Topic 1C -Identify common applications and their impact on the network
  • Topic 1D -Describe the purpose and basic operation of the protocols in the OSI and TCP/IP models.
  • Topic 1E -Predict the data flow between two hosts across a network.
  • Topic 1F -Identify the appropriate media, cables, ports, and connectors to connect network devices to other devices and hosts in a LAN

Lession 2 :-LAN Switching Technologies

  • Topic 2A - Determine the technology andMAC method for Ethernet networks Identify basic switching concepts and the operation.
  • Topic 2B - Collision Domains
  • Topic 2C - Broadcast Domains
  • Topic 2D - Types of switching
  • Topic 2E - CAM Table -Configure and verify initial switch configuration including remote access management.
  • Topic 2F - Cisco IOS commands to perform basic switch setup
  • Topic 2G - Verify network status and switch operation using basic utilities such as ping, telnet and ssh.
  • Topic 2H - Describe how VLANs create logically separate networks and the need for routing between them.
  • Topic 2I - Explain network segmentation and basic traffic management concepts
  • Topic 2J - Configure and verify VLANs
  • Topic 2K - Configure and verify trunking on Cisco switches
  • Topic 2L - DTP
  • Topic 2M - Auto negotiation

Lession 3 :-IP addressing (IPv4 / IPv6)

  • Topic 3A - Describe the operation and necessity of using private and public IP addresses for IPv4 addressing
  • Topic 3B - Identify the appropriate IPv6 addressing scheme to satisfy addressing requirements in a LAN/WAN environment.
  • Topic 3C - Identify the appropriate IPv4 addressing scheme using VLSM and summarization to satisfy addressing requirements in a LAN/WAN environment.
  • Topic 3D - Describe the technological requirements for running IPv6 in conjunction with IPv4 such as dual stack Describe IPv6 addresses
    • Global unicast
    • Multicast
    • Link local
    • Unique local
    • eui 64
    • Auto configuration

Lession 4 - IP Routing Technologies

  • Topic 4A - Describe basic routing concepts
    • CEF
    • Packet forwarding
    • Router lookup process
  • Topic 4B - Configure and verify utilizing the CLI to set basic Router configuration
    • Cisco IOS commands to perform basic router setup
    • Configure and verify operation status of an ethernet interface
  • Topic 4C- Verify router configuration and network connectivity
    • Cisco IOS commands to review basic router information and network connectivity
    • Configure and verify routing configuration for a static or default route given specific routing requirements
  • Topic 4D - Differentiate methods of routing and routing protocols
    • Static vs. Dynamic
    • Link state vs. Distance Vector
    • Next hop
    • IP routing table
    • Passive interfaces
  • Topic 4E- Configure and verify OSPF (single area)
    • Benefit of single area
    • Configure OSPF v2
    • Configure OSPF v3
    • Router ID
    • Passive interface
  • Topic 4F- Configure and verify InterVLAN routing (Router on a stick)
    • Sub interfaces
    • Upstream routing
    • Encapsulation
    • Configure SVI interfaces

Lession 5 - IP Services

  • Topic 5A - Configure and verify DHCP (IOS Router)
  • Topic 5B -Configuring router interfaces to use DHCP
  • Topic 5C -DHCP options
  • Topic 5D -Excluded addresses
  • Topic 5E -Lease time
  • Topic 5F -Describe the types, features, and applications of ACLs
  • Topic 5G -Standard
  • Topic 5H -Sequence numbers
  • Topic 5I -Editing
  • Topic 5J -Extended
  • Topic 5K -Named
  • Topic 5L -Numbered
  • Topic 5M -Log option
  • Topic 5N -Configure and verify ACLs in a network environment
  • Topic 5O -Named
  • Topic 5P -Numbered
  • Topic 5Q -Log option
  • Topic 5R -Identify the basic operation of NAT
  • Topic 5S -Purpose
  • Topic 5T -Pool
  • Topic 5U -Static
  • Topic 5V -1 to 1
  • Topic 5W -Overloading
  • Topic 5X -Source addressing
  • Topic 5Y -One way NAT
  • Topic 5Z -Configure and verify NAT for given network requirements
  • Topic 5AA -Configure and verify NTP as a client

Lession 6 - Network Device Security

  • Topic 6A - Configure and verify network device security features such as:
  • Topic 6B -Device password security
  • Topic 6C -Enable secret vs enable
  • Topic 6D -Transport
  • Topic 6E -Disable telnet
  • Topic 6F -SSH
  • Topic 6G -VTYs
  • Topic 6H -Physical security
  • Topic 6I -Service password
  • Topic 6J -Describe external authentication methods
  • Topic 6K -Configure and verify Switch Port Security features such as
  • Topic 6L -Sticky MAC
  • Topic 6M -MAC address limitation
  • Topic 6N -Static / dynamic
  • Topic 6O -Violation modes
  • Topic 6P -Err disable
  • Topic 6Q -Shutdown
  • Topic 6R -Protect restrict
  • Topic 6S -Shutdown unused ports
  • Topic 6T -Err disable recovery
  • Topic 6U -Assign unused ports to an unused VLAN
  • Topic 6V -Setting native VLAN to other than VLAN 1
  • Topic 6W -Configure and verify ACLs to filter network traffic
  • Topic 6X -Configure and verify an ACLs to limit telnet and SSH access to the router

Lession 7 - Troubleshooting

  • Topic 7A -Troubleshoot and correct common problems associated with IP addressing and host configurations.
  • Topic 7B -Troubleshoot and Resolve VLAN problems
  • Topic 7C -Identify that VLANs are configured
  • Topic 7D -Port membership correct
  • Topic 7E -IP address configured
  • Topic 7F -Troubleshoot and Resolve trunking problems on Cisco switches
  • Topic 7G -Correct trunk states
  • Topic 7H -Correct encapsulation configured
  • Topic 7I -Correct vlans allowed
  • Topic 7J-Troubleshoot and Resolve ACL issues
  • Topic 7K -Statistics
  • Topic 7L -Permitted networks
  • Topic 7M -Direction
  • Topic 7N -Interface
  • Topic 7O -Troubleshoot and Resolve Layer 1 problems
  • Topic 7P -Framing
  • Topic 7Q -CRC
  • Topic 7R -Runts
  • Topic 7S -Giants
  • Topic 7T -Dropped packets
  • Topic 7U -Late collision
  • Topic 7V -Input / Output errors
Lession 8 - LAN Switching Technologies

  • Topic 8A - Identify enhanced switching technologies
  • Topic 8B -RSTP
  • Topic 8C -PVSTP
  • Topic 8D -Etherchannels
  • Topic 8E -Configure and verify PVSTP operation
  • Topic 8F -Describe root bridge election
  • Topic 8G -Spanning tree mode

Lession 9 - IP Routing Technologies

  • Topic 9A - Describe the boot process of Cisco IOS routers
  • Topic 9B -POST
  • Topic 9C -Router bootup process
  • Topic 9D -Configure and verify operation status of a Serial interface
  • Topic 9E -Manage Cisco IOS Files
  • Topic 9F -Boot preferences
  • Topic 9G -Cisco IOS image(s)
  • Topic 9H -Licensing
  • Topic 9I -Show license
  • Topic 9J -Change license
  • Topic 9K -Differentiate methods of routing and routing protocols
  • Topic 9L -Administrative distance
  • Topic 9M -Split horizon
  • Topic 9N -Metric
  • Topic 9O -Next hop
  • Topic 9P -Configure and verify OSPF (single area)
  • Topic 9Q -Neighbor adjacencies
  • Topic 9R -OSPF states
  • Topic 9S -Discuss Multi area
  • Topic 9T -Configure OSPF v2
  • Topic 9U -Configure OSPF v3
  • Topic 9V -Router ID
  • Topic 9W -LSA types
  • Topic 9X -Configure and verify EIGRP (single AS)
  • Topic 9Y -Feasible Distance / Feasible Successors /Administrative distance
  • Topic 9Z -Feasibility condition
  • Topic 9AA -Metric composition
  • Topic 9AB-Auto summary
  • Topic 9AC -Path selection
  • Topic 9AD -Load balancing
  • Topic 9AE -Equal
  • Topic 9AF -Unequal
  • Topic 9AG-Passive interface


Lession 10 - IP Services

  • Recognize High availability (FHRP)
  • VRRP
  • HSRP
  • GLBP
  • Configure and verify Syslog
  • Utilize Syslog Output
  • Describe SNMP v2 & v3

Lession 11 - Troubleshooting


  • Topic 11A - Identify and correct common network problems
  • Topic 11B -Utilize netflow data
  • Topic 11C -Troubleshoot and Resolve Spanning Tree operation issues
  • Topic 11D -Root switch
  • Topic 11E -Priority
  • Topic 11F -Mode is correct
  • Topic 11G -Port states
  • Topic 11H -Troubleshoot and Resolve routing issues
  • Topic 11I -Routing is enabled
  • Topic 11J -Routing table is correct
  • Topic 11K -Correct path selection
  • Topic 11L -Troubleshoot and Resolve OSPF problems
  • Topic 11M -Neighbor Adjacencies
  • Topic 11N -Hello and Dead timers
  • Topic 11O -OSPF area
  • Topic 11P -Interface MTU
  • Topic 11Q -Network types
  • Topic 11R -Neighbor states
  • Topic 11S -OSPF topology database
  • Topic 11T -Troubleshoot and Resolve EIGRP problems
  • Topic 11U -Neighbor adjancies
  • Topic 11V -AS number
  • Topic 11W -Load balancing
  • Topic 11X -Split horizon


Lession 12 - Troubleshoot and Resolve interVLAN routing problems

  • Topic 12A - Connectivity
  • Topic 12B -Encapsulation
  • Topic 12C -Subnet
  • Topic 12D -Native VLAN
  • Topic 12E -Port mode trunk status
  • Topic 12F -Troubleshoot and Resolve WAN implementation issues
  • Topic 12G -Serial interfaces
  • Topic 12H -PPP
  • Topic 12I -Frame relay
  • Topic 12J -Monitor NetFlow statistics
  • Topic 12K -Troubleshoot etherchannel problems


Lession 13 - WAN Technologies

  • Topic 13A - Identify different WAN Technologies
    • Metro Ethernet
    • VSAT
    • Cellular 3G / 4G
    • MPLS
    • T1 / E1
    • ISDN
    • DSL
    • Frame relay
    • Cable
    • VPN
  • Topic 13B - Configure and verify a basic WAN serial connection
  • Topic 13C - Configure and verify a PPP connection between Cisco routers
  • Topic 13D - Configure and verify Frame Relay on Cisco routers
  • Topic 13E - Implement and troubleshoot PPPoE
ඉතින් මේ කොටස් සියල්ලම syllabus එකක් ලෙසින් මෙලෙස දැක්වුවත් සමහර කොටස් නම් කතාකරන්නේ නෑ. නමුත් මේ සියලුම කොටස් ගැන මනා අවබෝධයකින් ඉන්න එක නම් ගොඩක් වටිනවා. මෙහි තිබෙන syllabus එකේ ඇති කොටස් වලින් මගහැරෙන කොටස් වේ නම් ඒවා Exam කරන්න කලින් google කරලා හොයලා බලන්න. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday, 23 June 2013

CCNA® 7 - Simple Router Command 1

ප්‍රධාන Router Modes ගැනයි අපි කතා කරමින් උන්නේ. එතනදී Router Modes 3 ගැන අපි කතා කලා. ඒ එක් එක් ආකාරයන් ගැන තවදුරටත් ප්‍රායෝගික ක්‍රියාකාරම් එක්කම ඉදිරියේදී පැහැදිලි කරනවා. ඉතින් මේ Router Modes 3 ට අමතරව තවත් එක් Router Modes එකක් තිබෙනවා. ඒ තමයි ROM Monitor Mode කියන එක.




ROM Monitor Mode

මේ Mode එක ඉතාමත් වැදගත් වෙනවා රවුටරයට ලොග් වෙන්න බැරි ආකාරයෙන් Password එක අමතක නම් මේ හරහා ලොග් වෙන්න පුලුවන්. රවුටරය බූට් වෙන මුල් අවස්ථාවේම යතුරුපුවරුවේ Ctrl key එකයි Break key එකයි එකට Press කලාම මේ Mode එකට යන්න පුලුවන්.


ඉතින් මේ විදියට කී Press කරපුවාම පහල රූපයේ ආකාරයෙන් රවුටරය සැකසෙනවා. පසු පාඩමකදී මේ හරහා කොහොමද අමතක වුණ මුරපදයක් නැවත recovery කරගන්නේ කියලා බලමු.


මේ ආකාරයෙන් ප්‍රධාන වටුටර් Mode 4 අදුනාගැනීමත් සමග අපිට හැකිවෙනවා මේ එක් එක් Mode එක හරහා කරන සැකසුම් වලට පිවිසෙන්න. ඉතින් අලුත්ම රවුටරයක් බාවිතා කරන මුල්ම අවස්ථාවේදී එහි කරන්න ඕනේ වෙනස්කම් කීපයක්ම තිබෙනවා. ඉන් මූලික වන්නේ එහි වේලාව වෙනස් කිරීම.  ඔන්න දැන් මතක තියාගන්න ඕනේ අපිට වෙනස් කමක් කරන්න ඕනෙ නම් මොන Mode එකේද ඉන්න ඕනේ කියලා. ඉතින් සැකසුම් සකසන්න නම් අපි යන්න ඕනේ Privilege mode එකටයි. එහෙනම් කැමති රවුටරයක් හරහා Privilege mode එකට යන්න. මේ Mode එකේ ඉදගෙන අපි පහල විධාන භාවිතා කරමු.

clock 

මේ විධානය අවසානයේ "?" ලෙසින් සටහන් කල සැනින් අපිට පුලුවන් වෙනවා වේලාව සැකසුම් සකසන කොටසට යන්න.


set 

ඉන් පසුව ඉහල විදානය ? සමග ලබාදෙන්න


clock set වලට පස්සේ hh:mm:ss ආකාරයෙන් අදාල වෙලාව ලබාදෙන්න.


ඊලගට අදාල මාසය සලකුණු කරළා ? ඔබන්න. ඊලගට දිනය ලබාදී ? එබීමෙන් පසු අදාල වර්ෂය ලබාදී ? ඔබන්න. අවසානයේ <cr> ලෙසින් සටහන් වෙන තැනට ආවාම අපි ආරම්භ කළ clock විධානය අවසන් වෙන බව ඉන් හැගවෙනවා. 


ඊලගට ආයෙමත් Enter කී එක එබීමෙන් පසු අපි මුලින පිවිසුන  Privilege mode එකට එන්න පුලුවන්. මේ විධානයන් ටික දිග වැඩි වගේ නම් කෙලින්ම එක් විධානයක් භාවිතා කරලත් මේ දේම කරගන්නත් පුලුවන්.

clock set 3:27:10 june 21 2013 

මේ ආකාරයෙන් විදානය ලබාදීලත් ඉහතින් පියවරින් පියවර කල දේ එක් වරම කරගන්නත් පුලුවන්.


ඉතින් මේ ආකාරයෙන් සැකසුම් සකසාගත්ත රවුටරයේ වෙලාව ආයෙමත් පහල විදානයෙන් හරිද කියලා බලාගන්න පුලුවන්.

show clock 


ඉතින් පැහැදිලියි නේද එක් එක් දේ කරගන්න ඊටම අදාළ විදානයක් තියෙනවා වගේම ඒ දේ කරගන්නත් අපි යන්න් ඕනේ අදාල තැනක් තියෙනවා කියලා?


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers