සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 8 July 2013

CCNA® 9 - Reset Password

මුරපද සැකසුම් සකසන ආකාරය ගැනයි අපි කතා කලේ කලින් පාඩමේ. ඉතින් විවිධ හේතූන් නිසා අපි එක් එක් Mode එකට දාන මුරපද අමතක වෙන්න පුලුවන්. ඉතින් අපි බලමු කොහොමද මුරපදයක් අමතක උනොත් කොහොමද ඒ මුරපදය නැවත සකසා ගන්නේ හරි මුරපදය මගහැර ලොග් වෙන්න බැරි රවුටරයට ලොග් වෙන්නේ කියලා.

අපි මුලින් පාඩමක කතා කලා රවුටරයේ Mode ගැන. හැම තැනදිම මේ Mode භාවිතා වෙන නිසා වැදගත් පාඩම් කොටසක්. ඉතින් මතක නම් එතනදී අපි කිවුවා රවුටරයේ තියෙනවා කියලා ROM Monitor Mode කියලා එකක්. මේ Mode එක ඉතාමත් වැදගත් වෙනවා රවුටරයට ලොග් වෙන්න බැරි ආකාරයෙන් Password එක අමතක නම් මේ හරහා ලොග් වෙන්න පුලුවන්. රවුටරය බූට් වෙන මුල් අවස්ථාවේම යතුරුපුවරුවේ Ctrl key එකයි Break key එකයි එකට Press කලාම මේ Mode එකට යන්න පුලුවන්.

අපි මුලින්ම දැනගන්න ඕනේ පොඩි සැකසුමක් තියෙනවා. ඒ තමයි Configuration register කියන්නේ. රවුටරයක් සැකසුම් සකසද්දි මේ Configuration register එක ගැන පොඩි අදහසක් තියාගෙන් ඉන්න ඕනේ. අපි බලමු කොහොමද මේක බලන්නේ කියලා. අපිට ඒ වෙනුවෙන් show version කියන විදානය බාවිතා කරන්න පුලුවන්.

Router>show version
Cisco IOS Software, 2800 Software (C2800NM-ADVIPSERVICESK9-M), Version 12.4(15)T1, RELEASE SOFTWARE (fc2)
Technical Support: http://www.cisco.com/techsupport
Copyright (c) 1986-2007 by Cisco Systems, Inc.
Compiled Wed 18-Jul-07 06:21 by pt_rel_team
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory
Processor board ID JAD05190MTZ (4292891495)
M860 processor: part number 0, mask 49
2 FastEthernet/IEEE 802.3 interface(s)
239K bytes of NVRAM.
62720K bytes of processor board System flash (Read/Write)

Configuration register is 0x2102

show version විදානය ලබාදුන්නාම අපිට දැකගන්න ලැබෙනවා අවසානයේ Configuration register  කියන ස්තානයේ තිබෙනවා කිසියම් අගයක්. උදාහරණයේ දැක්වෙන්නේ 0x2102 ලෙසිනුයි. ඉතින් අපි රවුටරයක සැකසුම් සකසාගෙන ඉදිරියට යද්දි අපි දැනගන්න ඕනේ වටිනාම සැකසුමක් තමයි මේ  Configuration register  කියන්නේ. හරි, දැන් මේ අගය බලගෙන අපි ඊලගට බලමු කොහොමද  ROM Monitor Mode  එකෙන් කොහොමද ඉතිරි සැකසුම් සකසා ගන්නේ කියලා.

මං මෙතනදී මුලින්ම කරන්නේ රවුටරය රීස්ටාට් කරලා ROM Monitor Mode  එකට යන එක. ඒකට යන හැටි මතකද? අමතක නම් රවුටරය රීස්ටාට් වෙන මුල් අවස්ථාවේදීම Ctrl key එකයි Break key එකයි එකට එබුවාම අපිට ඒ Mode එකට යන්න පුලුවන්.

Router#reload
Proceed with reload? [confirm]
%SYS-5-RELOAD: Reload requested by console. Reload Reason: Reload Command.
System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
Copyright (c) 2000 by cisco Systems, Inc.
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory

Self decompressing the image :
####################################
monitor: command "boot" aborted due to user interrupt
rommon 1 >



ඉතින් ඔන්න අපි ROM Monitor Mode  එකට ආවා. ඒහෙම ආවා කියලා දැනගන්නේ rommon 1 > ලෙසින් පවතිනවා නම් පමණයි. ඊලගට අපි තවත් විධානයක් බාවිතා කරනවා. ඒ තමයි confreg විදානය. ඒ සමග අපි show version විදානයෙන් බලාගත් Configuration register   අගයත් යොදනවා. උදාහරණයේ හැටියට නම් සම්පූර්ණ විදානය වෙන්නේ confreg 0x2102 කියන එකයි.

rommon 1 > confreg 0x2102
rommon 2 > reset
System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
Copyright (c) 2000 by cisco Systems, Inc.
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory

Self decompressing the image :
################################# [OK]



මෙතනදී confreg 0x2102 විදානය ලබාදුන් පසුව රවුටරයේ සියලුම සැකසුම් නිෂ්පාදිත මට්ටමට පැමිණෙනවා. ඉන්පසුව ROM Monitor Mode එකේ ඉදලා අපි රවුටරය රීස්ටාට් කරන්න ඕනේ.

සාමානයයෙන් නම් රවුටරය රීස්ටාට් කරන්නේ reload විදානයෙන් බව ඔයාලා දැන් දන්නවා. නමුත් මතක තියාගන්න ROM Monitor Mode ඉදලා රවුටරය රීස්ටාට් කරන්නා බාවිතා කරන්නේ reset විදානයයි. 

ඉතින් ඔන්න රවුටරයේ දාල තිබුණ පාස්වර්ඩ් එහෙම අයින් වෙලා අලුත් රවුටරයක් විදියටම හම්බෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ විදාන කීපයක් ගැන අපි කත කලා.

  1. show version
  2. reload
  3. confreg 0x2102
  4. reset

ඉතින් මේ විධාන මතක තියාගන්න ඕනේ. මේවා ඉදිරි පාඩම් වලදිත් යම් යම් වෙනස් කම් සහිතව දැකගන්න ලැබේනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers