සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 3 July 2013

Ubuntu 13.4

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදීගත යුතු බව සැමදෙනාම දන්න කරුණක් වුණත් නොමිලේ දෙන Open Source ඝනයට වැටෙන සාර්ථම මෙහෙයුම් පද්ධති කීපයක්ම වර්තමානයේ දැකගන්න පුලුවන්වෙනවා. එයිනුත් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය විශේෂයි. අද වන විට එහි නවතම සංස්කරණය වන Ubuntu 13.4 සංස්කරණය එලිදක්වලා තිබෙනවා. ඉතින් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති වලට ප්‍රිය කරන ඕනේම කෙනෙකුට වටිනා මෙහෙයුම් පද්දතියක් ලෙසින් Ubuntu මෙහෙයුම් පද්දතිය දක්වන්න පුලුවන් වෙනවා සේම එය ගැන් උනන්දු වන අයට ඒ තම පරිඝනක වලට ස්ථාපිත කරගන්න කලින් ඒ ගැන සොයාබලන්න අවස්ථාවකුත් උබුන්ටු නිර්මාපකයන් ලබාදීලා තිබෙනවා. එහි උබුන්ටු මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කළ පසුව දකින්න ලැබෙන සෑම අංගයක්ම දැකගන්න පුලුවන්.

http://www.ubuntu.com/tour/en/

ඉතින් ඉහතින් තියෙන වෙබ් අඩවියෙන් ඒ ගැනවැඩිදුර සොයාබලන්න පුලුවන්.






එමෙන්ම උබුන්ටු නව සංස්කරණයේ පිටපතක පහල ලිංකුවෙන් බාගත කරගන්න පුලුවන්.

 

එය ubuntu-13.04-desktop-i386.iso ගොනුවක් ලෙසින් 794 MB ප්‍රමාණයකින් ලබාගන්න පුලුවන්. එය ස්ථාපිත කරගන්න එකත් සරලයි. ඔයාලා දන්නවනේ .iso  ගොනුවක් කියන්නේ බුටබල් ආකාරයේ ගොනුවක්. එය DVD එකකට ලියවාගෙන වගේම ඕනේ නම් USB එකකට ලබාගෙන ස්තාපිත කිරීම ආරම්බ කරන්න් පුලුවන්.මේ ක්‍රම දෙකින් ඕනේම ක්‍රමයක් හරහා පරිගණකය බුට් කරගන්න. එවිට පහල රූපයේ ආකාරයෙන් ස්තාපිත කිරීම ආරම්බ වෙනවා.








උබුන්ට නව සංස්කරණය ඕනේ නම් ඩුවෙල් බූට් ආකාරයෙනුත් සකසාගන්න පුලුවන්.



සාමාන්‍ය ස්තාපිත කිරීමට 4.5 GB ඉඩක් ඕනේ කරනවා වගේම වඩා හොදින් වැඩ කිරීමට නම් තවත් ටිකක් වැඩි ඉඩ ප්‍රමාණයක් ඕනේ කරනවා.









මුරපද හා විස්තර ලබාදීම කරන්න ඕනේ.





ස්තාපිත වීම අවසානයේ පරිගණකය රීස්ටාට් වීමෙන් පසුව උබුන්ටු මෙහෙයුම් පද්දතිය භාවිතා කරන්න පුලුවන්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Gayantha said...

machan ubuntu eke games ehema supportda machn?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers