සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday, 28 October 2014

Compare All Apple

ලෝකයේ තිබෙන වෙළද නාම අතරින් වඩාත්ම වටිනාකමින් වැඩි වෙළද නාමය ඇපල් බව හැමෝම දන්න කරුණක්. ඇපල් සමාගමේ නිෂ්පාදන වල පවතින ගුණාත්මකභාවය මේ නාමයේ වටිනාකම වැඩිකරන්න ඉවහල්වෙලා තිබෙනවා. ඉතින් මේ ඇපල් නිර්මාණ අතරින් කීපයක් එකිනෙකට සන්සන්දනාත්මකව බැලීමකුයි මෙහිදී සිදුකර ඇත්තේ.



මේ සදහා පහත හැක්වෙන iPads පහ යොදාගෙන තිබෙනවා.
iPad Air 2
iPad Air
iPad mini 3
iPad mini 2
iPad mini


දැන් මේ එකිනෙක වෙන් වෙන් වශයෙන් වෙනස්කම් බලමු.


නිකුත් කළ දිනය









iPad Air 2 සහ iPad mini 3 කියන මොඩලයන් දෙක 2014 වසරේ නිර්මාණය වූවන්. iPad Air සම්පූර්ණයෙන්ම අලුත් නිර්මාණයක් වගේම iPad mini 3 සහ iPad mini 2 උපාංග දෙකම Touch ID සෙන්සරයන් සහිතව නිර්මාණය වී තිබෙනවා.

ප්‍රමාණය









ප්‍රමාණ දෙකකින් මේවා දැකගන්න පුළුවන්.

බර









iPad mini ආකාරයේ උපාංග බරින් අඩු වෙනවා සේම iPad Air ප්‍රමාණයෙන් බර වැඩි වෙනවා.

සැදීමේ මාධ්‍යය









සියල්ලටම භාවිතා කර තිබෙන්නේ ඇලුමිනියම් ලෝහයයි.

පැහැයන්









2014 වර්ෂයේ ඉදිරිපත් වූ මොඩයන් දෙකක් gold පැහැයෙන් පැමිණියා.

ඩිස්ප්ලේ ප්‍රමාණය











විභේදනය (resolution)











Anti-reflective තාක්ෂණික යෙදුම සහිත











Touch ID පහසුකම











Cellular model ආකාරයෙන් යුතු අයිකන් සැකසුම











Apple සිම් භාවිතා කිරීමේ හැකියාව











බැටරිය සහ එහි ආයු කාලය











ඉදිරිපස සහ පසුපස කැමරාවන්








Slow-motion ආකාරයේ වීඩියෝ වලට සහය දැක්වීම











Panorama ආකාරයේ පොටෝස් ගැනීමේ හැකියාව











ධාරිතාවය









2014 දී ඉදිරිපත් වුණ නව මොඩලයන් දෙකක 128 GB වලට වඩා වැඩි ධාරිතාවයක් ලබාදුන්නා.


RAM මතකය








පරිපථය සහ ප්‍රධාන චිපය











Side switch හැකියාව











මෘදුකාංගය













මිල









මෙම මිල ගණන් රටින් රටට වෙනස් වෙනවා. ඒ වගේම ධාරිතාවය වැඩි වෙනවාත් සමගම මිලත් වෙනස් වෙනවා.



Images from http://www.gizmag.com/



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday, 13 October 2014

Install Windows 10 Preview in VirtualBox

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ තාක්ෂණික පූර්වාදර්ශයක් එහෙම නැතිනම් Technical Preview එකක් පසුගියදා එළිදක්වපු බව අපි හැමදෙනාම දන්න දෙයක්. එම සංස්කරණය පරිගණකයේ ස්ථාපිත කරගැනීමට ආකාර ගණනාවක් පවතිනවා. සාමාන්‍ය ස්ථාපනයක් සිදුකීරීමේ දී යම් බයානක තත්ත්වයක් පවතින්නේ මෙම සංස්කරණය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින සංස්කරණයක් වෙන නිසා. ඉතින් එම අපහසුතාවයෙන් අත් මිදීමට ඇති විකල්පයක් වෙන්නේ මෙම සංස්කරණය වර්වුවල් ආකාරයෙන් virtualization එහෙම නැතිනම් පරිගණකයක් මත පරිගණකයක් ආකාරයෙන් ස්ථාපිත කර ගැනීම. වර්චුවල් ආකාරයේදී මෙහෙයුම් පද්ධතිය යම් මෘදුකාංගයකින් සහය ලබාගෙන පරිගණකයේ ස්ථාපිත උවත් දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන මෙහෙයුම් පද්ධතියට ඉන් බලපෑමක් සිදුවන්නේ නෑ. ඉතින් මේ ආකාරයේ වර්චුවල් මෘදුකාංග විශාල ප්‍රමාණයක් අදවන විට පවතින නමුත් ඒවායින් VM VirtualBox මෘදුකාංගය සරළව මෙම ක්‍රියාව කර ගැනීමට පහසුකම් සපයනවා. 
වින්ඩෝස් 10 වල ISO ආකාරයේ ගොනුවක් මුලින්ම මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් බාගත කරන්න පුලුවන්. ඒ සදහා http://windows.microsoft.com/en-us/windows/preview වෙබ් අඩවියට පිවිසෙන්න. .



අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමේදී එය සම්පූර්ණ කරගැනීම අදියර කීපයකින් සිදු කරනවා. සාර්ථක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වීමට එම ක්‍රියාවලිය අතිශයින්ම බලපාන කරුණක්. ඒ  නිසයි මේ ආකාරයෙන් Technical Preview එකක් ලබාදී එය පරිශීලනය කිරීම තුළින් මතුවන ගැටලු හදුනාගෙන ඒවා නිවැරදි කිරීමෙන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරගන්නේ. ඉතින් මේ කියන්න යන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පවතින දෝෂ සොයාදීමට ඔබටත් හැකියාවක් පවතිනවා. එම වැඩසටහන හදුන්වන්නේ Windows Insider ලෙසිනුයි. ඉහත ලිංකුවෙන් එයට පිවිසීමෙන් ඔබටත් වින්ඩෝස් 10 බාගත කිරීමට පළමුව එය සාර්ථක මෙහෙයුම් පද්ධතියක් කිරීමට උපකාර කිරීමේ හැකියාව පවතිනවා.
ඉන් පසුව VM VirtualBox මෘදුකාංගය බාගත කරගෙන පරිගණකයේ ස්ථාපිත කරගන්න. එම බාගත කරගැනීම සදහා https://www.virtualbox.org/wiki/Downloads වෙබ් අඩවියට පිවිසෙන්න. සරළ පියවර කීපයකින් ඔබට එම මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරගත හැකියි 



ඉන් පසුව මෙම මෘදුකාංගය මත වින්ඩෝස් 10 භාගත කරගත් ISO ගොනුව හරහා ස්ථාපිත කරන ආකාරය ලබමු. මුලින්ම VirtualBox මෘදුකාංගය විවෘත කරගන්න. New ලෙසින් සටහන් වන ස්ථානයෙන් අපට අලුත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා පිවිසෙන්න පුලුවන්. එහිදී ලැබෙන උප මෙනුවෙන් Name ලෙසින්  Windows 10 Technical Preview ලෙසත් Type ලෙසMicrosoft Windows යන්නත් Version එක ලෙසින් Windows 8.1 (64-bit)  යන්නත් තෝරන්න. වින්ඩොස් 8.1 තෝරන්නේ අප තෝරාගත් VirtualBox මෘදුකාංගයේ මෙනුව තුළ තවමත් වින්ඩෝස් 10 යන්න දැකගැනීමට නොහැකි නිසා. නමුත් එය වින්ඩොස් 10 ස්ථාපිත කිරීමට කිසිදු බාධාවක් නොවේ. ඒ වගේම වින්ඩෝස් 10 වින්ඩෝස් 8.1 වලට තරමක් සමාන නිසාත් ගැටලුවක් මතුවන්නේ නෑ.




වින්ඩෝස් 10 ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය මතක ප්‍රමාණය ලෙස 2 GB ප්‍රමණයේ මතකයකුත් වින්ඩෝස් 10 ස්ථාපිත කිරීම සදහා 20 GB හෝ ඊට වැඩි ප්‍රමාණයේ වන දෘඩ තැටියෙ ඉඩ ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. ඊළග පියවරේදී එම සැකසුම් පහත ආකාරයෙන් සකසාගන්න. 





ඉන් පසුව Create බටන් එක එබීමෙන් අලුත් වර්චුවල් පරිගණකය නිර්මාණය වෙනවා. එවිට පහත රූපයේ ආකාරයෙන් එය දැකගන්න පුලුවන් වේවි.



ඉන් පසුව වර්චුවල් පරිගණකය සාමාන්‍ය ආකාරයෙන් බූට් කිරීම කළ යුතුයි. බූට් කරන්න නම් බූටබල් මූඩියා එකක් තිබිය යුතුයි. මෙහිදී බුටබල් මීඩියා  එකවන්නේ අපි මුලින් බාගත කරගත් වින්ඩෝස් 10 ISO ගොනුවයි. එය බූටබල් ආකාරයෙන් DVD එකකට ලියවාගත යුතුයි. එහෙම නැතිනම් පවතින ISO ආකාරයෙන්ම භාවිතා කරන්නත් පුලුවන්. දැන් මේ ආකාර දෙකින් එක් විදියකට මෙම බූටබල් ගොනුව  මෘදුකාංගය හරහා ලබාදිය යුතුයි. ඒ සදහා Settings මත ක්ලික් කරන්න. ඉන් පසුව පහත රූපයේ ආකාරයෙන් ලැබෙන උප මෙනුවෙන් Storage යන්න තෝරාගන්න. ඉන් පසුව  IDE controller යන්න තෝරා එහි කෙලවර ඇති + සලකුණ ක්ලික් කරන්න. ඉන් පසුව CD/DVD  තේරීමක් සිදුකිරීමට මෙනුවක් ලැබේ. එයින් Choose disk බටන් එක ක්ලික් කරන්න.




බූටබල් ගොනුව ලබාදීමෙන් අනතුරුව පරිගණකය බූට්වීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ වින්ඩෝස් 10 ස්ථාපිත වීම ආරම්භ වෙනවා



ස්ථාපිත වීම ආරම්භයේදී  Install now ක්ලික් කරන්න.




ඉන් පසුව Custom: ආකරයේ වන ස්ථාපිත කිරීමේ මාර්ගය තෝරාගෙන අප වර්චුවල් පරිගණකය සදහා වෙන් කළ 25GB ධාරිතාව සහිත පාර්ටිෂන් එක නිවැරදිව තෝරාදෙන්න. ඉන් පසුව අදාළ ගොනු පරිගණකයට ස්ථාපිත විම ඇරබෙනවා.




අතරමගදී පහත රූපයේ ආකාරයෙන් දක්නට ලැබෙන අවස්ථාවේදී  Express Settings යන්න තෝරාගන්න.




Microsoft Account එකක් හරහා පරිගණකය රෙජිස්ටර් කළ් යුතුයි. කලින් මයික්‍රොසොෆ්ට් ගිණුමක් භාවිතා කරමින් වින්ඩෝස් 8 හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක රෙජිස්ටර් වී සිටියා නම් එම ගිණුමම මෙහිදී බාවිතා කිරීමෙන් පෙර මෙහෙයුම් පද්ධතිවලදී බාවිතා කළ Windows Store apps  වැනි දේ නැවත ලබාගන්න පුලුවන්. මෙයත් වින්ඩෝස් 10 වල අලුත් භාවිතයක්.




ඒ වගේම ඔබගේ පරිගණකයේ සියලුම සැකසුම් OneDrive එහෙම නැතිනම් ක්ලවුඩ් ආකාරයෙන් පවත්වාගෙන යා යුතුද යන්න විමසීමක් කරනවා.




මෙම මූලික සැකසුම් වලින් අනතුරුව ඉතාමත් සුලු වේලාවකදී පරිගණකය බූට් වීමක් සිදුවෙනවා වගේම ඉතිරි සියලුම සැකසුම් මෙහෙයුම් පද්ධතිය මගින්ම ඉබේම යාවත්කාල කරගන්නවා.



ස්ථාපිත වීම අවසන් වූ පසුව පහත රූපයේ ආකාරයෙන් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය විවෘත වෙනවා.




මෙහිදී ඔබට දෙමුහුණ් ආකාරයේ එහෙම නැතිනම්  hybrid Start Menu/Start Screen දැකගන්න පුලුවන්. වින්ඩෝස් 10 වලදී 8 වලදී ඉවත් කළ ස්ටාර්ට් මෙනුව දෙමුහුණ් ආකාරයෙන් දැකගන්න පුලුවන්. 

ජායාරූප උපුටා ගැනීම  
http://tr1.cbsistatic.com


About the author
Eranda Dayawansa

Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 8 October 2014

Intel® Core™ M vPro™ processor

පරිගණකයක ක්‍රියාකාරිත්වයට කෙලින්ම දායකත්වය සපයන උපාංගයක් වන්නේ කුමක්දැයි ඇසූවිට ඕනෑම කෙනෙක් ඒ එහි ප්‍රොසෙසරය යැයි කියයි. ප්‍රොසෙසර් තාක්ෂණය අද ඊයේ දියුණු වෙමින් පවතින්නක් නොවේ. වසර 20ක පමණ සිට වේගයෙන් දියුනු වෙමින් පවතින තාක්ෂණයකට උරුමකම් කියන ප්‍රොසෙසරය අද වන විට තාක්ෂණික උපකරණ අතර පෙරමුණේ සිටියි. ප්‍රෙසෙසර් විප්ලවයේ ආරම්භකයන් වන ඉන්ටෙල් සමාගම සිය නවතම ප්‍රොසෙසරය පසුගියදා හදුන්වා දුන්නේය.




Intel® Core™ M vPro™ ප්‍රොසෙසරයයි. කාරණා කීපයක් හේතුවෙන් මෙය විශේෂ වන්නේය.


මෙම නව ප්‍රොසෙසරය බාවිතා කිරීමට සූදනම්ව ඇත්තේ ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක සදහාය. පැරණි ප්‍රොසෙසර් තාක්ෂණය හා මෙම නව තාක්ෂණය අතර වෙනස් කම් බොහොමයක් අදුනාගත හැකි අතර ඒවා පහත ආකාරයෙන් දැක්විය හැකිය.

• Intel® Virtualization Technology (Intel® VT)

• Intel® Active Management Technology 10.0 (Intel® AMT 10)

• Intel® Trusted Execution Technology (Intel® TXT)

• Intel® Streaming SIMD Extensions 4.2 (Intel® SSE4.2)

• Intel® Hyper-Threading Technology (Intel® HT Technology)

• Intel® 64 Architecture

• Execute Disable Bit

• Intel® Turbo Boost Technology 2.0

• Intel® Advanced Vector Extensions 2.0 (Intel® AVX2)

• Intel® Device Protection Technology with Intel® Advanced Encryption Standard

New Instructions (Intel® AES-NI)

• PCLMULQDQ Instruction

• Intel® Device Protection Technology with Intel® Secure Key

• PAIR – Power Aware Interrupt Routing

• SMEP – Supervisor Mode Execution Protection

• SMAP – Supervisor Mode Access Protection

• Intel® Device Protection Technology with Boot Guard

• DRAM Bit-Error Recovery (DBER)


ඉහත සියල්ලම බරපතල තාක්ෂණික දියුණුකිරීම් වේ. නමුත් අපට තේරෙන ආකාරයෙන් මේ නව සොයාගැනීම තුළ පහත කරුණු අපට වාසිදායක වන්නේය.

thermal design point (TDP) එකක් සහිත බැවින් විදුලි පාරිභෝජනය සියයට 60කින් අඩු කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ කියන්නාවූ නව ප්‍රොසෙසරයේ රත්වීමේ ප්‍රවනතාවන ඉතාමත් අඩුය. 

පැරණි ප්‍රොසෙසරය මෙන් සියටට 50 ගුණයකින් මෙහි ගණකම අඩු කර ඇත. එයද ඉහතින් දැක්වූ අඩු විදුලි පාරිභෝජනය සහල් වේගවත් සිසිලනයට හේතු වී ඇත. 
එසේම 3D ආකාරයේ වන සේවාවන් සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම නව ප්‍රොසෙසරයෙන් මහත් දායකත්වයක් ලබාදෙන බව මෙහි නිර්මාතෘන් පවසයි. එමෙන්ම වීඩියෝ සම්බන්ධ තාක්ෂණික ක්‍රියාකාරකම් උදාහරණයක් ලෙස වීඩියෝ කොම්පරන්ස් වැනි කාර්යයන් වෙනුවෙන් මෙම වේගවත් ප්‍රොසෙසරය ඉතාමත් යෝග්‍ය වන බව පැවසේ. 

එමෙන්ම පැරණි මවුපුවරු වලට මෙය සම්බන්ධ කිරිමේ හැකියාවක් නොමැති අතර ඒ වෙනුවෙන් සහය දක්වන මවුපුවරුවක් තෝරාගත යුතු වෙනවා සේම වේගවත් රැම් මතයක් පවා මීට අවශ්‍ය වේ. 4MB කෑෂ් මතයක් සහිතව එන මෙහි කාර්යක්ෂමතාව නිසි ආකාරයෙන් ලබාගෙනීමට නම් DDR3 ආකාරයේ රැම් කාඩ් පත් සවිකළ මවුපුවරු අවශ්‍ය වේ.  



දිනපතාම වෙනස් වෙන තාක්ෂණික ලෝකයේ නව සොයා ගැනීම් සහ නව නිෂ්පාදන හදුනාගැනීම සහ ඒවා සමග ගැවසීමට තුන්වැනි ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන අපට ඇති හැකියාව අනෙක් රටවල පුරවැසියන්ට ඇති හැකියාවට වඩා යම් අඩු මට්ටමක පවතින බව පැහැදිලි කරුණක්.  ඒ වගේම නව තාක්ෂණය ලෝකයේ අද ඇති වුණද ඒවා අපට ලැබෙන්නට කාලයක් යන්නේය. කෙසේ නමුත් මේ පරතරය එන්න එන්නම අඩුවෙමින් පෑවතීම සතුටට කරුණක් වනවා සේම මෙවන් තාක්ෂණයන් හදුනාගෙන ඒවාට අනුගත වීම අනාගත පරිගණක ලෝකය ජයගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් වන්නේය.

තොරතුරු
http://www.intel.com/content/www/us/en/processors/core/core-m-processors.html



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers