සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 8 October 2014

Intel® Core™ M vPro™ processor

පරිගණකයක ක්‍රියාකාරිත්වයට කෙලින්ම දායකත්වය සපයන උපාංගයක් වන්නේ කුමක්දැයි ඇසූවිට ඕනෑම කෙනෙක් ඒ එහි ප්‍රොසෙසරය යැයි කියයි. ප්‍රොසෙසර් තාක්ෂණය අද ඊයේ දියුණු වෙමින් පවතින්නක් නොවේ. වසර 20ක පමණ සිට වේගයෙන් දියුනු වෙමින් පවතින තාක්ෂණයකට උරුමකම් කියන ප්‍රොසෙසරය අද වන විට තාක්ෂණික උපකරණ අතර පෙරමුණේ සිටියි. ප්‍රෙසෙසර් විප්ලවයේ ආරම්භකයන් වන ඉන්ටෙල් සමාගම සිය නවතම ප්‍රොසෙසරය පසුගියදා හදුන්වා දුන්නේය.




Intel® Core™ M vPro™ ප්‍රොසෙසරයයි. කාරණා කීපයක් හේතුවෙන් මෙය විශේෂ වන්නේය.


මෙම නව ප්‍රොසෙසරය බාවිතා කිරීමට සූදනම්ව ඇත්තේ ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක සදහාය. පැරණි ප්‍රොසෙසර් තාක්ෂණය හා මෙම නව තාක්ෂණය අතර වෙනස් කම් බොහොමයක් අදුනාගත හැකි අතර ඒවා පහත ආකාරයෙන් දැක්විය හැකිය.

• Intel® Virtualization Technology (Intel® VT)

• Intel® Active Management Technology 10.0 (Intel® AMT 10)

• Intel® Trusted Execution Technology (Intel® TXT)

• Intel® Streaming SIMD Extensions 4.2 (Intel® SSE4.2)

• Intel® Hyper-Threading Technology (Intel® HT Technology)

• Intel® 64 Architecture

• Execute Disable Bit

• Intel® Turbo Boost Technology 2.0

• Intel® Advanced Vector Extensions 2.0 (Intel® AVX2)

• Intel® Device Protection Technology with Intel® Advanced Encryption Standard

New Instructions (Intel® AES-NI)

• PCLMULQDQ Instruction

• Intel® Device Protection Technology with Intel® Secure Key

• PAIR – Power Aware Interrupt Routing

• SMEP – Supervisor Mode Execution Protection

• SMAP – Supervisor Mode Access Protection

• Intel® Device Protection Technology with Boot Guard

• DRAM Bit-Error Recovery (DBER)


ඉහත සියල්ලම බරපතල තාක්ෂණික දියුණුකිරීම් වේ. නමුත් අපට තේරෙන ආකාරයෙන් මේ නව සොයාගැනීම තුළ පහත කරුණු අපට වාසිදායක වන්නේය.

thermal design point (TDP) එකක් සහිත බැවින් විදුලි පාරිභෝජනය සියයට 60කින් අඩු කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ කියන්නාවූ නව ප්‍රොසෙසරයේ රත්වීමේ ප්‍රවනතාවන ඉතාමත් අඩුය. 

පැරණි ප්‍රොසෙසරය මෙන් සියටට 50 ගුණයකින් මෙහි ගණකම අඩු කර ඇත. එයද ඉහතින් දැක්වූ අඩු විදුලි පාරිභෝජනය සහල් වේගවත් සිසිලනයට හේතු වී ඇත. 
එසේම 3D ආකාරයේ වන සේවාවන් සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම නව ප්‍රොසෙසරයෙන් මහත් දායකත්වයක් ලබාදෙන බව මෙහි නිර්මාතෘන් පවසයි. එමෙන්ම වීඩියෝ සම්බන්ධ තාක්ෂණික ක්‍රියාකාරකම් උදාහරණයක් ලෙස වීඩියෝ කොම්පරන්ස් වැනි කාර්යයන් වෙනුවෙන් මෙම වේගවත් ප්‍රොසෙසරය ඉතාමත් යෝග්‍ය වන බව පැවසේ. 

එමෙන්ම පැරණි මවුපුවරු වලට මෙය සම්බන්ධ කිරිමේ හැකියාවක් නොමැති අතර ඒ වෙනුවෙන් සහය දක්වන මවුපුවරුවක් තෝරාගත යුතු වෙනවා සේම වේගවත් රැම් මතයක් පවා මීට අවශ්‍ය වේ. 4MB කෑෂ් මතයක් සහිතව එන මෙහි කාර්යක්ෂමතාව නිසි ආකාරයෙන් ලබාගෙනීමට නම් DDR3 ආකාරයේ රැම් කාඩ් පත් සවිකළ මවුපුවරු අවශ්‍ය වේ.  



දිනපතාම වෙනස් වෙන තාක්ෂණික ලෝකයේ නව සොයා ගැනීම් සහ නව නිෂ්පාදන හදුනාගැනීම සහ ඒවා සමග ගැවසීමට තුන්වැනි ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන අපට ඇති හැකියාව අනෙක් රටවල පුරවැසියන්ට ඇති හැකියාවට වඩා යම් අඩු මට්ටමක පවතින බව පැහැදිලි කරුණක්.  ඒ වගේම නව තාක්ෂණය ලෝකයේ අද ඇති වුණද ඒවා අපට ලැබෙන්නට කාලයක් යන්නේය. කෙසේ නමුත් මේ පරතරය එන්න එන්නම අඩුවෙමින් පෑවතීම සතුටට කරුණක් වනවා සේම මෙවන් තාක්ෂණයන් හදුනාගෙන ඒවාට අනුගත වීම අනාගත පරිගණක ලෝකය ජයගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් වන්නේය.

තොරතුරු
http://www.intel.com/content/www/us/en/processors/core/core-m-processors.html



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Unknown said...

කොම්පරන්ස් හෙහ් හෙහ්...... lol

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers