සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 30 September 2014

Windows 10 - New Features

වින්ඩෝස් 8.1 වලින් පසුව එළිදක්වන නව මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය මේ මේ ආකාර වන්නේ යැයි විවිධ වූ පරිගණක වෘතිකයන් මෙන්ම පරිගණක තාක්ෂණවේදීන් මෑත කාලයේ අදහස් පළකරමින් සිටියා. ඒ කෙසේ නමුත් පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා සැන් ෆැන්සිස්කෝ නුවරදී ඉදිර්යේදී එළිදැක්වන නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක්  ගැන මයික්‍රොසොෆ්ට් අනාවරණය කළා. ඒ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියයි.


වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේදී අහිමිකල ආරම්භක මෙනුව (Start Menu) වින්ඩෝස් 8.1 වලදී නැවත ලබාදීම හරහා මයික්‍රොසොෆ්ට් සිය අනන්‍යතාවය නැවත වරක් ඇති කර ගනිමින් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේදී වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියෙ මෙන් සම්පූර්ණ ආරම්භක මෙනුවක් ලබාදෙන බව ප්‍රකාශ කලා. එම මෙනුව වින්ඩෝස් 8 ඌරුව සහිත එනම් විශාල අයිකනයන් සහිත මෙනුවක් (tile-based Metro interface) මෙන්ම වින්ඩෝස් XP සහ 7 වල දැකගැනීමට හැකි වූ ආකාරයේ මෙනුවක එකතුවක් බව සදහන් කළ මයික්‍රොසොෆ්ට් නිර්මාණකරුවන් එහි ක්‍රියාකාරීත්වයද පෙන්නුම් කරනු ලැබුවා.



 මෙම නව මෙහෙයුම් පද්ධතිය 2015 දී එළිදැක්වෙන බවට අනාවැකි පළවී තිබෙනවා. ටච් ආකාරයේ අතුරුමුහුණත් වලට කෙලින්ම සහයෝගය දක්වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම මෙහෙයුම් පද්ධතිය මවුසයෙන් සහ කීබෝඩය හරහා වුණත් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.  මෙහි ආරම්භක මෙනුව භාවිත කළ හැකි ආකාරය පහත වීඩියෝවෙන් දැකගන්න පුළුවන්..




වැඩසටහන් අතර හුවමාරු වීමේදී වඩාත් ආකාර්ශණීය ආකාරයෙන් සිදුකිරීමට මෙම මෙහෙයුම් පද්ධතිය හරහා අවස්ථාව ලබාදෙනු ලබන අතර ඊට අමතර වශයෙන් පහතින් දැක්වෙන අලුත් පහසුකම්ද වින්ඩෝස් 10 සදහා ඇතුළත් කොට තිබෙනවා.

Expanded Start menu. පැරණි ආරම්භක මෙනුව නැවත ලබාදීමක් සිදුකර තිබෙන අතර වේගවත් one-click access ආකාරයෙන් එය ක්‍රියාත්මක වෙනවා. එහිදී කලින් දකින්නට නොලැබුණ  favorite apps, programs, people සහ websites මෙම ආරම්භක මෙනුවට එක් කරගැනීමෙ හැකියාව පවතිනවා.

Apps that run in a window  වින්ඩෝස් ඇප් නවීකරණය කිරීමක් සිදුකර තිබෙනවා වාගේම එම සියලුම ඇප් desktop programs එකක් ලෙසින් භාවිතා කිරීමේ හැකියාව ලබාදීම තුලින් එම ඇප් maximize කිරීම , minimize කිරීම සහ close කිරීම මවුසය එක් වරක් ක්ලික් කිරීමෙන් කරගැනීමේ හැකියාව පවතිනවා.



Snap enhancements. ස්නැපින් පහසුකම වැඩිදියුණු කිරීම තුළින් එකවරකදී බාවිතා කළ හැකි ඇප් ගණන වැඩි කර තිබෙනවා වගේම භාවිතා කල හැකි screen space එක පවා වැඩිකර තිබෙනවා.

New Task view button. ටාක්ස් බාරයේ ඇති මෙම නව අයිකනය ක්ලික් කිරීමෙන් දැනට විවෘතව සහ බාවිතයේ ඇති සියලුම මෘදුකාංගයන් සහ ඇප් එක පෙළට දැකගැනීමේ හැකියාව ලැබෙනවා මෙන්ම ඒවා අතර වේගයෙන් මාරුවීමේ හැකියාවද වැඩිකර තිබෙනවා.

Multiple desktops. විශාල වශයෙන් ඇප් සහ මෘදුකාංග බාවිතා කරන්නෙකු නම් ඔහුට ඒවා තවත් වින්ඩෝවකදී එහෙම නැතිනම් සමාන ස්ක්‍රීන් එකකදී කරගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා. ඒ කියන්නේ එකම පරිගණකය තුළ ඇති ඩෙස්ක්ටයට සමාන ආකාරයෙන් තවත් ඩෙස්ක්ටොප් එකක් ලබාදෙමින් ඩෙස්ක්ටොප් දෙක අතර හුවමාරු වෙමින් වැඩ කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

මෙම් නව් මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපිත කරගන්න නම් පහත සදහන් දේවල් වලින් පරිගණකය සම්පූර්ණ වෙන්න ඕනෑ.

  • Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2 
  • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
  • Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
එසේම මෙය 64බිට් සහ 32බිට් ආකාර දෙකෙන්ම ලබාගැනීමේ හැකියාව පවතිනවා.
මෙහි පරීක්ෂණ පිටපතක් පහත ලිංකුවෙන් භාගත කරගන්න පුලුවන්.

http://go.microsoft.com/fwlink/?linkid=510225

ඒ වගේම වැඩිදුර තොරතුරු සහ 64බිට් සහ 32බිට් ආකාර දෙකෙන්ම ලබාගැනීමට පහත ලිංකුවෙන් පුලුවන්. මෙහිදී භාගත කරගන්නා වින්ඩෝස් 10 සදහා කී එකක් මයික්‍රොසොෆ්ට් විසින්ම ලබාදී තිබෙනවා,

NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR


http://windows.microsoft.com/en-us/windows/preview-download?ocid=tp_site_downloadpage


Special Thanks
Terry Myerson / Executive Vice President, Operating Systems /  Microsoft
Images From 
http://www.gizmag.com/windows-10-details/34043/


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers