වින්ඩෝස් 10 වල ISO ආකාරයේ ගොනුවක් මුලින්ම මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් බාගත කරන්න පුලුවන්. ඒ සදහා http://windows.microsoft.com/en-us/windows/preview වෙබ් අඩවියට පිවිසෙන්න. .
අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමේදී එය සම්පූර්ණ කරගැනීම අදියර කීපයකින් සිදු කරනවා. සාර්ථක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වීමට එම ක්‍රියාවලිය අතිශයින්ම බලපාන කරුණක්. ඒ නිසයි මේ ආකාරයෙන් Technical Preview එකක් ලබාදී එය පරිශීලනය කිරීම තුළින් මතුවන ගැටලු හදුනාගෙන ඒවා නිවැරදි කිරීමෙන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරගන්නේ. ඉතින් මේ කියන්න යන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පවතින දෝෂ සොයාදීමට ඔබටත් හැකියාවක් පවතිනවා. එම වැඩසටහන හදුන්වන්නේ Windows Insider ලෙසිනුයි. ඉහත ලිංකුවෙන් එයට පිවිසීමෙන් ඔබටත් වින්ඩෝස් 10 බාගත කිරීමට පළමුව එය සාර්ථක මෙහෙයුම් පද්ධතියක් කිරීමට උපකාර කිරීමේ හැකියාව පවතිනවා.
අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමේදී එය සම්පූර්ණ කරගැනීම අදියර කීපයකින් සිදු කරනවා. සාර්ථක මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය වීමට එම ක්‍රියාවලිය අතිශයින්ම බලපාන කරුණක්. ඒ නිසයි මේ ආකාරයෙන් Technical Preview එකක් ලබාදී එය පරිශීලනය කිරීම තුළින් මතුවන ගැටලු හදුනාගෙන ඒවා නිවැරදි කිරීමෙන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරගන්නේ. ඉතින් මේ කියන්න යන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පවතින දෝෂ සොයාදීමට ඔබටත් හැකියාවක් පවතිනවා. එම වැඩසටහන හදුන්වන්නේ Windows Insider ලෙසිනුයි. ඉහත ලිංකුවෙන් එයට පිවිසීමෙන් ඔබටත් වින්ඩෝස් 10 බාගත කිරීමට පළමුව එය සාර්ථක මෙහෙයුම් පද්ධතියක් කිරීමට උපකාර කිරීමේ හැකියාව පවතිනවා.
ඉන් පසුව VM VirtualBox මෘදුකාංගය බාගත කරගෙන පරිගණකයේ ස්ථාපිත කරගන්න. එම බාගත කරගැනීම සදහා https://www.virtualbox.org/wiki/Downloads වෙබ් අඩවියට පිවිසෙන්න. සරළ පියවර කීපයකින් ඔබට එම මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරගත හැකියි
ඉන් පසුව මෙම මෘදුකාංගය මත වින්ඩෝස් 10 භාගත කරගත් ISO ගොනුව හරහා ස්ථාපිත කරන ආකාරය ලබමු. මුලින්ම VirtualBox මෘදුකාංගය විවෘත කරගන්න. New ලෙසින් සටහන් වන ස්ථානයෙන් අපට අලුත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා පිවිසෙන්න පුලුවන්. එහිදී ලැබෙන උප මෙනුවෙන් Name ලෙසින් Windows 10 Technical Preview ලෙසත් Type ලෙසMicrosoft Windows යන්නත් Version එක ලෙසින් Windows 8.1 (64-bit) යන්නත් තෝරන්න. වින්ඩොස් 8.1 තෝරන්නේ අප තෝරාගත් VirtualBox මෘදුකාංගයේ මෙනුව තුළ තවමත් වින්ඩෝස් 10 යන්න දැකගැනීමට නොහැකි නිසා. නමුත් එය වින්ඩොස් 10 ස්ථාපිත කිරීමට කිසිදු බාධාවක් නොවේ. ඒ වගේම වින්ඩෝස් 10 වින්ඩෝස් 8.1 වලට තරමක් සමාන නිසාත් ගැටලුවක් මතුවන්නේ නෑ.
වින්ඩෝස් 10 ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය මතක ප්‍රමාණය ලෙස 2 GB ප්‍රමණයේ මතකයකුත් වින්ඩෝස් 10 ස්ථාපිත කිරීම සදහා 20 GB හෝ ඊට වැඩි ප්‍රමාණයේ වන දෘඩ තැටියෙ ඉඩ ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. ඊළග පියවරේදී එම සැකසුම් පහත ආකාරයෙන් සකසාගන්න.
ඉන් පසුව Create බටන් එක එබීමෙන් අලුත් වර්චුවල් පරිගණකය නිර්මාණය වෙනවා. එවිට පහත රූපයේ ආකාරයෙන් එය දැකගන්න පුලුවන් වේවි.
ඉන් පසුව වර්චුවල් පරිගණකය සාමාන්‍ය ආකාරයෙන් බූට් කිරීම කළ යුතුයි. බූට් කරන්න නම් බූටබල් මූඩියා එකක් තිබිය යුතුයි. මෙහිදී බුටබල් මීඩියා එකවන්නේ අපි මුලින් බාගත කරගත් වින්ඩෝස් 10 ISO ගොනුවයි. එය බූටබල් ආකාරයෙන් DVD එකකට ලියවාගත යුතුයි. එහෙම නැතිනම් පවතින ISO ආකාරයෙන්ම භාවිතා කරන්නත් පුලුවන්. දැන් මේ ආකාර දෙකින් එක් විදියකට මෙම බූටබල් ගොනුව මෘදුකාංගය හරහා ලබාදිය යුතුයි. ඒ සදහා Settings මත ක්ලික් කරන්න. ඉන් පසුව පහත රූපයේ ආකාරයෙන් ලැබෙන උප මෙනුවෙන් Storage යන්න තෝරාගන්න. ඉන් පසුව IDE controller යන්න තෝරා එහි කෙලවර ඇති
බූටබල් ගොනුව ලබාදීමෙන් අනතුරුව පරිගණකය බූට්වීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ වින්ඩෝස් 10 ස්ථාපිත වීම ආරම්භ වෙනවා
ස්ථාපිත වීම ආරම්භයේදී Install now ක්ලික් කරන්න.
ඉන් පසුව Custom: ආකරයේ වන ස්ථාපිත කිරීමේ මාර්ගය තෝරාගෙන අප වර්චුවල් පරිගණකය සදහා වෙන් කළ 25GB ධාරිතාව සහිත පාර්ටිෂන් එක නිවැරදිව තෝරාදෙන්න. ඉන් පසුව අදාළ ගොනු පරිගණකයට ස්ථාපිත විම ඇරබෙනවා.
අතරමගදී පහත රූපයේ ආකාරයෙන් දක්නට ලැබෙන අවස්ථාවේදී Express Settings යන්න තෝරාගන්න.
Microsoft Account එකක් හරහා පරිගණකය රෙජිස්ටර් කළ් යුතුයි. කලින් මයික්‍රොසොෆ්ට් ගිණුමක් භාවිතා කරමින් වින්ඩෝස් 8 හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක රෙජිස්ටර් වී සිටියා නම් එම ගිණුමම මෙහිදී බාවිතා කිරීමෙන් පෙර මෙහෙයුම් පද්ධතිවලදී බාවිතා කළ Windows Store apps වැනි දේ නැවත ලබාගන්න පුලුවන්. මෙයත් වින්ඩෝස් 10 වල අලුත් භාවිතයක්.
ඒ වගේම ඔබගේ පරිගණකයේ සියලුම සැකසුම් OneDrive එහෙම නැතිනම් ක්ලවුඩ් ආකාරයෙන් පවත්වාගෙන යා යුතුද යන්න විමසීමක් කරනවා.
මෙම මූලික සැකසුම් වලින් අනතුරුව ඉතාමත් සුලු වේලාවකදී පරිගණකය බූට් වීමක් සිදුවෙනවා වගේම ඉතිරි සියලුම සැකසුම් මෙහෙයුම් පද්ධතිය මගින්ම ඉබේම යාවත්කාල කරගන්නවා.
ස්ථාපිත වීම අවසන් වූ පසුව පහත රූපයේ ආකාරයෙන් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය විවෘත වෙනවා.
මෙහිදී ඔබට දෙමුහුණ් ආකාරයේ එහෙම නැතිනම් hybrid Start Menu/Start Screen දැකගන්න පුලුවන්. වින්ඩෝස් 10 වලදී 8 වලදී ඉවත් කළ ස්ටාර්ට් මෙනුව දෙමුහුණ් ආකාරයෙන් දැකගන්න පුලුවන්.
ජායාරූප උපුටා ගැනීම
http://tr1.cbsistatic.com
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
0 comments:
Post a Comment