සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Monday, 16 October 2017

Major Security Breach in India, Data being Sold on Dark Web

ඉන්දියාවේ ව්‍යාපාර 6000කට අධික සංඛ්‍යාවක රහස්‍ය දත්ත ලබාගෙන ඒවා DarkNet එක හරහා ඊයේ රාත්‍රියේ සිට අලෙවි කෙරෙමින් පවතිනවා.
නමගිය ආයතන විශාල ප්‍රමාණයක රහස්‍ය දත්ත විශේෂයෙන් මාසික වැටුප් වාර්ථා මෙන්ම අදාළ ආයතන වල අභ්‍යන්තරව භාවිතා වන විවිධ මෘදුකාංග වල කේත සටහන් මෙන්ම මුරපද පවා මෙසේ අලෙවියට යොදා තිබෙනවා.
ඉන්දියානු රුපියල් ලක්ෂ 42ක් (15 Bitcoins) වශයෙන් මිල දක්වා ඇති මෙය නාදුනන සයිබර් අපරාධකරුවෙක් හෝ කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන Quick Heal සමාගම පවසන්නේ.
රටක් වශයෙන් ගත් කළ මෑතකදි සිදුවූ විශාලතම සයිබර් ප්‍රහාරය මෙය ලෙසින් දැක්විය හැකි අතර මෙයින් වී ඇති හානිය තවම ගණනය කර නැහැ.
NIXI, National Internet Exchange of India පවසන්නේ මෙය පිළිගත නොහැකි දෙයක් බවයි. නමුත් අවාසනාවකට ඔවුන්ගේ පද්ධති වල කේත කොටස් පවා විකිණීමට තිබීම අවමානයකට කරුණක්.
ඔවුන් පවසන්නේ කිසිදු රහස්‍ය තොරතුරක් කිසිදු සමාගමකින් සොරාගෙන නොමැති බවත් මෙම දත්ත නිර්මාණය කළ ව්‍යාජ තොරතුරු බවත් ය.
මේ අනුව බොහෝ දෙනෙක් තමන්ගේ පද්ධතිය ආරක්ෂා කරගැනීමට ඉන්දියාවට ඇති හැකියාව ප්‍රශ්න කෙරෙමින් පවතින බවද පෙනී යනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Latest Facebook Scam: Know How to Keep Your Account Safe

Facebook..
වැඩිම හැකර්වරුන් පිරිසකගේ ඉලක්කය වී ඇති වෙබ් අඩවියක්. විවිධ තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් සාර්ථකව Facebook හැක් කළ හැකි අතර එයින් අදහස් වන්නේ Facebook තුළද රිංගා යා හැකි සිදුරු පවතින බවයි.
Facebook ආරක්ෂක කණ්ඩායම් විසින්ද විවිධ උපක්‍රම භාවිතා කර එසේ රිංගා යා හැකි ස්ථාන වසමින් සිටින අතර ඊයේ දිනයේදී Facebook හැක් කළ හැකි නව ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.
එහිදී භාවිතා වන්නේ “Trusted Contact” නම් Facebook සහයක කොටසයි.   “Trusted Contact” භාවිතා වන්නේ ඔබගේ ගිණුම යම් හෙයකින් අක්‍රීය වුවහොත් හෝ හැකිං ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සිතා Facebook  විසින්ම අක්‍රීය කළහොත් නැවත ලබා ගැනීමටයි.
එහිදී ඔබගේ ආසන්නම හිතවතුන් Trusted Contact ලෙසින් නම් කරන අතර යම් අක්‍රීයවීමකදී Trusted Contact හි ඇති පුද්ගලයන් වෙත අදාළ පුද්ගලයාට ගිණුම නැවත සක්‍රීය කර ගැනීමට උපකාර කරන්නැයි දන්වමින් උපදෙස් යවයි.
කෙසේ නමුත් Trusted Contact හරහා ඔබව හැකි වීමේ අවධානමක් පවතින බව සොයාගත් අතර ඇමෙරිකානු සහ ආසියානු කලාපයේ රටවල් රැසක පුද්ගලයන් වෙත මෙවැනි ව්‍යාජ Trusted Contact සහය ලබාදෙන්නයි දන්වමින් මැසේජ් ලැබී තිබුණා.
යම් හෙයකින් ඔබටත් Trusted Contact සහය ලබාදෙන්න යැයි මැසේජ් ලැබුනහොත් අවධානයෙන් සිටිය යුතු අතර හැකර්වරුන් නිරතුරුවම පියවරක් ඉදිරියෙන් සිටින බවද අමතක නොකළ යුතුයි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Saturday, 14 October 2017

New Ransomware Not Just Encrypts Your Android But Also Changes PIN Lock

රෑන්සම්වෙයාර් වලින් සිදු කරන්නේ ෆයිල් එකක් බ්ලොක් කර හෝ පරිගණකයම අක්‍රීය කර මුදල් ඉල්ලා සිටීමයි. විවිධ වකවානු වලදී විව්ධාකාරයේ රෑන්සම්වෙයාර් වර්ගයන් බිහි වුණා. මින් මසකට පමණ පෙරදී පරිගණකය නැවත යථා තත්වයට පත් කිරීමේ වන්දි වශයෙන් නිරුවත් ජායාරූප පවා ඉල්ලන රෑන්සම්වෙයාර් නිර්මාණය වුණා.
ජංගම දුරකථන වලට අදාළව නිර්මාණය වන රෑන්සම්වෙයාර් වල ක්‍රියාකාරීත්වයත් මීටම සමාන වුණා. බොහොමයක් ඇන්ඩ්‍රොයිඩ් පාදක මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන් ඉල්ලක කර මෙම රෑන්සම්වෙයාර් නිර්මාණය වූ අතර ඊයේ දිනයේදී DoubleLocker නමින් නව රෑන්සම්වෙයාර් කාණ්ඩයක් හදුනාගනු ලැබුවා.
මේ වෛරසය මගින් ජංගම දුරකථනය PIN Lock කීරීමක් සිදු කරන අතර ඒ අතරතුර ඔබගේ ගිනුම් තොරතුර් සොරාගනී.
විශේෂයෙන් ඔබ ජංගම දුරකථනය හරහා PayPal ගිණුමක් භාවිතා කරන්නේ නම් එහි සියළු තොරතුරු ඔබගෙන් සොරාගන්නා අතර දුරකථනයේ PIN ලොක් කර ඒවා විවෘත කරදීම වෙනුවෙන් මුදල් ඉල්ලයි.
Google Play Store වල පවතින ජංගම දුරකථන ක්‍රීඩා කීපයක් හරහ පැතිරෙමින් පවතින මෙම වෛරසය ආසාදනය උවහොත් බේරීම සදහා බිට්කොයින් මුදල් ඒකකයෙන් 0.0130 BTC ආසන්න වශයෙන් ඩොලර් 74.38) ගෙවිය යුතු වෙනවා.
පරීක්ෂකයින්ට අනුව මේ වන තෙක් මෙම වෛරසයට ප්‍රතිවෛරස මෘදුකාංගයක් සොයාගෙන නොමැති බැවින් ප්‍රවේසම් වීම ඉතාමත් වැදගත්.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Thursday, 12 October 2017

Equifax’s Website got Hacked Again

Equifax...
සති දෙක තුනක කාලයක් පුරා විවිධ පුවත් මවමින් සිටින ආයතනයක්. පෞද්ගලික ණය තොරතුරු පිළිබදව බැංකු සහ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සමග සම්බන්ධව සිටි මෙම ආයතනය ට  මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් එල්ල වුණේ මේ මසයේ මුළදීයි.
එයින් ඔවුගේ දත්ත ගබඩාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ අතර  මිලියන 10කට වැඩි පිරිසකගේ දත්ත අහිමි වුණා. මිලියන 143 ක පමණ ප්‍රමාණයකගේ දත්ත සම්පූර්ණයෙන්ම අහිමි වූ අතර මෑතකදී වාර්ථා වූ මහාපරිමාණ හැකිං ප්‍රහාර වලින් සාර්ථකම එකක් බවට මෙය පත් වුණා.
මෙම හැක් වීම ආරම්භ වී තිබුණේ ගෙවුණ අගෝස්තුවේදී පමණ වන අතර සොය ගැනුනේ මේ මස මුලදීය. මින් අනතුරුව එම ආයතනයේ chief security officer වශයෙන් ක්‍රියාකළ Susan Mauldin සහ chief information officer වූ Dave Webb ගෙවුණ සතියේදී සිය රැකියා වලට සමුදුන්නා.
Susan Mauldin මින් පෙර First Data Corporation, Sun Trust Banks සහ HP වැනි ආයතන වල සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ නිළතල දැරූ අයෙක්. කෙසේ නමුත් තත්වය මෙසේ තිබියදී යම් යම් තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් Equifax පරිගණක ජාලය සහ දත්ත ගබඩාව යථා තත්වයට පත් කළ බව මේ සතියේ සදුදා නිවේදනය කළා.
FBI ආයතනයේ සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධ ආයතන ගණනාවක විශාල පිරිසක් මෙහෙ සුළුමුල සොයමින් සිටින අතර තුර මින් මද වේලාවකට පෙර Equifax වෙබ් අඩවියට නැවතත් හැකිං ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ජාත්‍යන්තර වේලාවෙන් උදෑසන 10.30ට පමණ එල්ල වූ මෙම හැකිං ප්‍රහාරයෙන් නැවතත් Equifax බිදවැටී ඇති අතර ඒහිදී භාවිතා කර ඇත්තේ ඇඩෝබි Flash මෘදුකාංගයේ පවතින දුර්වලතාවක්.
නැවතත් ඒ අනුව ඇඩෝබි Flash කරලියට පැමිණෙන අතර මෙම දුර්වලතාව හැකර්වරුන් විසින් හදුනාගෙන තිබෙන බැවින් අද හෝ හෙට වෙනත් මහාපරිමාණ හැකිං ප්‍රහරයන් බලාපොරොත්තු විය හැකියි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

MS Office Built-in Feature Allows Malware Execution Without Macros Enabled

විවිධ හැකිං ක්‍රමවේදයන් සොයා යාමේදී ඉපැරණි සම්ප්‍රදායික ක්‍රම වලින් මිදී නව ක්‍රමෝපායන් සොයා යාමට හැකර්වරුන් වැඩි උනන්දුවක් දක්වන බව් පෙනී යයි. විශේෂයෙන් මෙතෙක් අවධානය යොමු නොවූ හැක් කළ හැකි වේයැයි සිතිය නොහැකි විවිධ මෘදුකාංග සහ සේවාවන් වල පවතින දුර්වලතා හරහා සාර්ථක හැකිං ප්‍රහාරයන් එල්ල වීමේ අවධානම වැඩි වෙමින් පවතිනවා.
ඊයේ දිනයේදී Microsoft Word වල පවතින උප සේවාවක් හරහා සයිබර් ප්‍රහාරයන් එල්ල විය හැකි බවට අනතුරු ඇගවුණා. Microsoft Word වල පවතින Dynamic Data Exchange (DDE) නම් සේවාව හරහා එසේ හැකිං ප්‍රහාරයන් එල්ල විය හැකි බවයි පෙනී යන්නේ.
Dynamic Data Exchange (DDE) භාවිතා වන්නේ එක්වර Microsoft මෘදුකාංග දෙකක් හරහා දත්ත කොපි කිරීම වැනි කාර්‍යයන් වලටයි. එහිදී විශේෂත්වය වන්නේ මින් පෙර Microsoft එක්සෙල් වැනි මෘදුකාංග වල පවතින මැක්‍රෝ හරහා හැක් කිරීම සිදු උවත් මෙහිදී මැක්‍රෝ තාක්ෂණයක් භාවිතයට නොගැනීමයි. 
දහස් ගණනක් වූ Microsoft යෙදවුම් වල Dynamic Data Exchange (DDE) සේවාව ක්‍රියාත්මක වීම හරහා නුදුරු දිනකදී මහාපරිමාණ හැකිං ප්‍රහාරයක් එල්ල විය හැකි අවධානමක් පවතිනවා.
එසේම Dynamic Data Exchange (DDE) යනු අත්‍යවශ්‍ය සේවාවක් නිසාවෙන්ම ද මෙහි දුර්වලතාවන් නොමැති නිසාවෙන්ද කළ යුත්තේ කුමක්දැයි යන්න තවමත් සිතාගත නොහැකියි.
මින් පෙර මෙවැනි Microsoft සේවාවක් භාවිතා කරමින් DNSMessenger නමින් සාර්ථක හැකිං ප්‍රහාරයක් එල්ල වුණා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday, 11 October 2017

OnePlus Secretly Collects Way More Data Than It Should — Here’s How to Disable It

OnePlus lovers....
ඔබත් OnePlus ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙක්ද? ලෝකයේ ජංගම දුරකථන බාවිතා කරන්නන්ගෙන් සමස්ථයක් වශයෙන් ගත් කළ වැඩි පිරිසක් OnePlus ජංගම දුරකථනය භාවිතවට පෙළබෙන්නේ එහි ඇති හුරුබුහුටි ආකර්ෂණීය පෙනුම සහ නවීන පහසුකම් නිසායි.
OnePlus වල භාවිතා වන්නේ OxygenOS නම් වූ සංස්කරණය කරන ලද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකුයි. එහිදී OxygenOS වලින් පරිශීලකයාගේ දත්ත අනවශ්‍ය ආකාරයෙන් එකතු කරගන්නා බවට ඊයේ චෝදනා එල්ල වුණා.
එසේම එම දත්ත චීනයේ හැකර්වරුන් කණ්ඩායමකට ලබාදෙන බවටද සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ සයිබර් ආරක්ෂම විශේෂඥයෙකු වන Christopher Moore විසින් මෙම තොරතුරු හෙළි කරගෙන අදාළ වාර්ථාව ඊයේ නිකුත් කළ අතර එහිදී භාවිතා කරන්නාගේ දත්ත වලින් 90% වැඩි ප්‍රමාණයක් OnePlus විසින් සොරාගැනෙන බව හෙළිවුණා.
ඒ අනුව පහත දත්ත අනිවාර්‍යයෙන්ම OnePlus විසින් ලබාගෙන තිබෙනවා.
User’ phone number
MAC addresses
IMEI and IMSI code
Mobile network(s) names
Wireless network ESSID and BSSID
Device serial number
Timestamp when a user locks or unlocks the device
Timestamp when a user opens and closes an application on his phone
Timestamp when a user turns his phone screen on or off

කෙසේ නමුත් අනෙකුත් ජංගම උපාංග විශේෂයෙන් ඇපල් උපාංග වලින් පෞද්ගලික දත්ත ඇපල් ආයතන සොරා නොගන්නේ යැයි කිව හැකිද? ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා දත්ත සොරා නොගන්නේ යැයි කාට කිව හැකිද?



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Microsoft Issues Patches For Severe Flaws, Including Office Zero-Day & DNS Attack


මෙහෙයුම් පද්ධතියක දුර්වලතාවන් පැවතීම කෙසේ නම් පිළිගත හැකි දෙයක්ද? නමුත් යථාර්තය නම් අපි භාවිතා කරන සෑම මෙහෙයුම් පද්ධතියකම දිනපතා දුර්වලතා සොයා ගැනෙන බවයි. ඒ සොයාගන්නා වූ දුර්වලතා වලට මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළ සමාගම විසින් Patch ලබාදීමත්  සිදුවෙනවා.
ගෙවුණ මාස ගණනාව තුළම සෑම බ්‍රහස්පතින්දා දිනකදීම මයික්‍රෝස්ෆ්ට් සමාගම විසින් සිය මෙහෙයුම් පද්ධති සදහා Patch ලබා දුන්නා. අද දිනයේදීද හදුනාගත් vulnerabilities එසේ නැතිනම් දුර්වලතා 62කට Patch ලබාදී තිබෙනවා.
මෙම දුර්වලතාවන් පවතින්නේ පහත මෘදුකාංග වලයි.
Windows operating systems
Internet Explorer
Microsoft Edge
Skype
Microsoft Lync
Microsoft SharePoint Server

එසේම මින් මාසයකට කලින් පමණ සිදුවූ සයිබර් ප්‍රහාරයකට අදාළ වූ  Windows DNS vulnerability වෙනුවෙන්ද අද දිනයේදී Patch ලබාදෙනු ඇති.
ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් අනිවාර්‍යයෙන්ම අදාළ යාවත්කාල වීම් ලබාගැනීම සිදුකල යුතුම දෙයක් බවට පත් වෙමින් තිබෙනවා. ඔබ එවැනි යාවත්කලා වීමක් සිදු නොකරනවා යනු ඔබ හිතාමතාම ඔබගේ පරිගණකය හැකර්වරුන්ට විවෘත කරදීමකට සමානයි.

එරන්ද කීර්ති දයාවංශ
Information Security Researcher and Technical Writer



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Israel Hacked Kaspersky, Caught Russian Spies Hacking American Spies, But...

සීතල සයිබර් යුද්ධය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. විවිධ රාජ්‍යයින් විසින් වෙනත් රාජ්‍යයන් වල දත්ත සොරාගැනීම සහ පරිගණක ජාල අඩාල කොට සාමාන්‍ය ජන ජීවිතයට මහත් හානි සිදු කිරීම මීළග ලොක යුද්ධයේ මූලික උපක්‍රමයක් වන අතර එය පෘතුවි තලයේදී සිදුවන් පළමු සයිබර් යුද්ධය විය හැකිය.
මේ වන විට අන්තර්ජාලය හරහා විශාල වශයෙන් හැකිං ප්‍රහාරයන් එල්ලවීම හේතුවෙන් රුසියාව වැනි රටවල් අන්තර්ජාලයෙන් නික්මී තම රටටම ආවේනික පරිගණක ජාලයන් නිර්මාණයේ යෙදෙමින් සිටින්නේ ඉතාමත් නුදුරේදී ඇවිලීමට නියමිත මෙම සීතල සයිබර් යුද්ධයට මුහුණ දීමටය.
2015 වසරේ සිට ඉතාමත් රහසිගතව ඊශ්‍රයිලය විසින් රුසියානු පරිගණක ජලායන් විශ්ලේෂණය කර දත්ත ලබාගෙන තිබෙන බවත් එම දත්ත ඇමෙරිකාව විසින් සූක්ෂමව ලබාගෙන තිබෙන බවත් ඊයේ දිනයෙදී හෙළි වුණා. රුසියානු සම්බවයක් සහිත Kaspersky ප්‍රතිවෛරස් මෘදුකාංගය හරහා තම රටේ රාජ්‍ය රහස් සොරාගෙන තිබෙන බවට ඇමෙරිකාව පෙරේදා Kaspersky ආයතනයට සහ රුසියානු රජයට කෙලිනම් චෝදනා කළා.
නමුත් Kaspersky පැවසුවේ තමන් ස්වාධීන ආයතනයක් පමණක් බවයි.
කෙසේ නමුත් රට රටවල් වෙනත් රටවල් වලින් සොරාගන්නා දත්ත තවත් රටවල් විසින් සොරාගැනීම කෙතරම් ඛේදනීයද?
රටක් වශයෙන් ශ්‍රී ලංකාවද දැන් දැන් ජාත්‍යන්තර වශයෙන් කථාබහට ලක්වන රට වෙමින් පවතින්නේ මහා පරිමාණ හැකිං ප්‍රහාරයන් වල මහමොළකරුවන් ශ්‍රී ලාංකිකයන් වීම නිසාය. එවැනි පුද්ගලයන්ගේ දැනුම ඉදිරියේදී එන සයිබර් යුද්ධයකට මුහුණ දීම සදහා වන සැලස්මකට යොදා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදයකන් වග බලාගත යුතුය.
ඇමෙරිකාව විසින් මයික්‍රොසොෆ්ට් හරහා වෙන කිසිදු ප්‍රතිවෛරස් මෘදුකාංගයක් භාවිතා කිරීමට නොහැකි වන ලෙස ඉදිරියේදී මෙහෙයුම් පද්ධති නිර්මාණය කරනු ඇත. රුසියාව,චීනය, උතුරු කොරියාව මෙන්ම ඉන්දියාවද මේ වන විට ජාත්‍යන්තර අන්තර්ජාලයෙන් වෙන් වී තමන්ගේ ජාලයන් නිර්මාණය කරගෙන ඇත. පිංලන්තය වැනි රටවල් අන්තර්ජාලයෙන් ස්වාධීන වී ඇත.
සියලුම දොරටු විවෘත කර අපි බලා සිටින්නෙමු. මේ වන විට රාජ්‍ය වෙබ් අඩවි 40කට ආසන්න ගණනක් හැක් කර ඇත. පෞද්ගලික ආයතන වල හැකි වීම් වාර්ථා වන්නේද අල්ප වශයෙනි.
අපි මේ යන්නේ කොහේටද? අනාගතය කෙබදු වේද?



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday, 10 October 2017

Warning: Millions Of P0rnHub Users Hit With Malvertising Attack

2015 වසරේදී ක්‍රියාත්මක වූ විනාශකාරී මැල්වෙයාර් වෛරසයක් නැවතත් ඊයේ දිනයේදී ලොව පුරා පැතිරීම ආරම්භ වුණා. Kovter ad fraud malware ලෙසින් නම් කර තිබූ මෙම මැල්වෙයාර් වෛරසය 2015 දී P0rnHub නම් ප්‍රසිද්ධ අසභ්‍ය වෙබ් අඩවිය හරහා පැතිරුණ අතර එය නිර්මාණය කරන ලද්දේ KovCoreG නම් වූ හැකර්වරුන් කණ්ඩායම විසිනුයි.
එහිදී එම වෙබ් අඩවියට පිවිසි සෑම දෙනාගෙම පරිඝණක වලට ඇතුළු වී ඒවායේ මුරපද, පිවිසී ඇති වෙබ් අඩවි වැනි තොරතුරු වැනි දේ සූක්ෂමව සොරාගෙන තිබෙන අතර 2015 දී මෙම වෛරසය මාසයකට ආසන්න කාලයක් පුරා ලෝකය පුරාම වේගයෙන් පැතිරෙමින් මහත් විනාශයක් කළා.
ඊයේ දිනයේදී සොයාගෙන ඇති පරිදි මෙම මැල්වෙයාර් වෛරසයේ නව සංස්කරණයක් ලෙසින් KovCoreG හැකර්වරුන් විසින්ම නිර්මාණය කරන ලද්දක් බව පෙනී යනවා.
මෙම මැල්වෙයාර් වෛරසයේ විශේෂත්වය වන්නේ පරිගණකය බුට් වන සෑම අවස්ථාවකදීම එහි ස්වභාවය වෙනස් වී ක්‍රියාත්මක වීමයි.
මෙම වෛරසය ආසාදනය වූ පසුව වෙබ් අඩවියකට පිවිසීමේදී Traffic Junky advertising network නම්  advertising වෙබ් අඩවියකට හරවා යැවෙන අතර අවසානයේදී පරිගණකය රීබූට් වෙයි.
එසේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක ආයතනයක් ප්‍රකාශකයෙක් පැවසූවේ මෙම වෛරසය sandbox තාක්ෂණයද භාවිතා කරමින් ක්‍රියාත්මක වන බවයි. JavaScript විශාල වශයෙන් භාවිතා කර ඇති බවත් එකිනෙකට වෙනස් payload විශාල ප්‍රමාණයක් එක වර ක්‍රියාත්මක වීම නිසා ප්‍රතිවෛරස් මෘදුකාංග වලටද මෙහි හැසිරීම හදුනාගැනීමේ ගැටළුවක් පවතින බවත් ඔහු පැවසුවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

LITRO Gas chairman Shalila Moonesinghe arrested over hacked funds of Taiwan bank

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් උපක්‍රමයකින් පිවිස ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් වංචා කිරීමේ සිද්ධියේ මහමොළකරු ලෙස සැකකරන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති
ශලීල මුණසිංහ  ඊයේ පස්වරුවේ රහස් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.
මින් ඉහත මෙම සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජාලිය නම්මුනිගේ පුත්‍රයා වන එම්.සී. නම්මුනි  අත්අඩංගුවේ පසුවන අතර ඔහුගෙන් ලැබුන තොරතුරු අනුව ශලීල මුණසිංහ සොයමින් පොලිසිය
විමර්ශනයක් සිදු කරමින් පැවතිණි.
මෙම මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් මුලින්ම කරුණු අනාවරණය වූයේ ඇමරිකාවේ සිටි බැංකුව ලංකා බැංකුව වෙත එවූ පණිවිඩයකිනි. තායිවාන බැංකුවෙන්ද මේ ගැන ලංකාවට ඊමේල් පණිවිඩ එවා තිබුණි.
මුදල් ලංකා බැංකුවට බැරවූ පසු නම්මුනි නමැත්තා දෙවරක් බැංකුව වෙත පැමිණ ඒවා රැගෙන යන්නට ආ අතර කොහෙන් ලැබුණ ඒවාදැයි විමසීමේදී ඔහු මුලින් කියා ඇත්තේ ව්‍යාපාර වැඩකට ලැබුණ බැංකු අණකර බවයි.
දෙවැනි අවස්ථාව වනවිට මෙම මුදල් වංචාවකින් ලැබුණ ඒවා බවට බැංකුවට කරුණු සැලවීම නිසා නම්මුනි අත්අඩංගුවට පත් විය.
වීඩියෝ සාක්ෂි අනුව කිසියම් පුද්ගලයකු ලංකා බැංකුවෙන් මුදල් විශාල ප්‍රමාණයක් ගෝනිවල බහාගෙන රැගෙන ගිය බවත් ඒවා මොහුට ලබාදෙන්නට ගෙනගිය බවත් හෙළිව ඇත.
ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් තායිවානයේ පෞද්ගලික බැංකුවට ස්ලිප් ට්‍රාන්ස්ෆර් ක්‍රමයෙන් ලබාගෙන ඒවා ශ්‍රී ලංකාවේ ‘ලංකා බැංකුව‘ වෙත යොමු කරන සයිබර් අපරාධය සිදුකර ඇත්තේ ඉන්දියානු හැකර් වරුන් පිරිසකි.
ශලිලත් නම්මුනිත් එම කාර්යය සැලසුම් කර මුදල් නැවත ලබාගැනීමේ කටයුත්තට සම්බන්ධවී ඇති අය බව පරීක්ෂණ වලින් හෙළිව තිබේ.
ඒ අනුව හැකරුන්ට සියයට 50 ක්ද නම්මුනිට සියයට 30 ක්ද ශලිලට සියයට 20 ක් ද ලෙස වංචාසහගත මුදල් බෙදාගැනීමට තීන්දු කර තිබෙන අතර වංචා කරන ලද මුදල් මින් දින කිහිපයකට පෙර කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ
හෝටලයකදී බෙදා ගෙන ඇති බවද පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.
 ඒ වෙනුවෙන් ඉන්දියන් ජාතිකයින්ද මෙරටට පැමිණ ඇත. තායිවාන බැංකුව වෙත සිදුකළ මෙම හැකර් ප්‍රහාරය මගින් වංචා කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 60 පමණ වන බවත් ඒවා ලංකාවේ පමණක් නොව තවත් රටවල්
කිහිපයක විවිධ පුද්ගලයින් වෙත ලැබෙන ආකාරයට සැලසුම් කර තිබුණ බවත් කරුණු අනාවරණයවී තිබේ.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers