සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Sunday, 9 June 2013

Firewall


බාහිරින් පැමිණෙන අවසර නොලත් ප්‍රවේශවීම් වැලැක්වීම වෙනුවෙන් භාවිතා කරන මෘදුකාංගමය හෝ දෘඩාංගමය වශයෙන් හෝ මේ දෙකේම එකතුවක් ලෙසින් හෝ පවතින කොටසක් ෆයර්වෝලයක් යනුවෙන් පොදුවේ හැදින්විය හැකිය. මේ තුළ අන්තර්ගත වන්නේ විදානයින් සමූහයක් වන අතර ඒවා කරන්න හා කරන්න එපා ලෙස සරලව වෙන් කර දක්වනු ලබනවා.

1. ෆයර්වෝලයක් යනු කුමද්ද?

පරිගණක පද්දතියට පිසිවෙන අනවසර පිවිසුම් පාලනය කරන, පද්දතිය හරහා හුවමරු වන දත්ත කළමණාකරනය කරන, මෘදුකාංගයක් හෝ දෘඩාංගයක් පොදුවේ ෆයර්වෝලයක් ලෙසින් හදුන්වනවා.  ෆයර්වෝලයක් පරිගණක ජාල දෙකක් අතර junction point ලෙසින් හෝ gateway එකක් ලෙසින් භාවිතා වෙනවා. ෆයර්වෝල් ආකාර දෙකක් පවතිනවා. ඒ Hardware Firewall සහ ෆයර්වෝල් මෘදුකාංගයක් ස්ථාපිත කළ පරිගණකයක් (Computer with Firewall Software.) ලෙසින් හදුන්වනවා.


2. ෆයර්වෝලයක් මගින් සිදුකරන්නෙ කුමද්ද?

ෆයර්වෝලයක් මගින් පරිගණක ජාල දෙකක් අතර පවතින සියලුම ගමනාගමනයන් (traffic) පිළිබද සොයාබැලීමක් සිදුකරනවා. ඒවා මගින් පරිඝනක ජාලයේ inbound සහ outbound යන සියලුම ගමනාගමනයන් පරීක්ෂා කරනවා. එහෙම නැතිනම් පරිඝණක ජාලයට පැමිණෙන හා පරිගණක ජාලයෙන් පිටවන සියලුම දත්ත ලබාගැනීම හෝ පිටකිරීම කරන්නේ ෆයර්වෝලය හරහ පරීක්ෂ කිරීමකින් අනතුරුවයි.

3. ෆයර්වෝලයක් උවමනා කරන්නා කාටද?

පෞද්ගලික පරිඝනක ජාලයක් බලාකියා ගන්නා ඕනේම කෙනෙකුට තම ජාලය වෙනුවෙන් ෆයර්වෝල් භාවිතා කිරීමට සිදුවෙනවා. අනාරක්ෂිත පැමිණීම් සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන් අවහිර කිරීමට නම් මේ ආකාරයේ ෆයර්වෝලයන් භාවිතා කළ යුතුමයි.

4. ෆයර්වෝලයක් ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙය මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ access denial methodologies එසේ නැතිනම් පිවිසීම් අවහිර කිරීමේ ක්‍රියාමර්ගයන් හරහායි. නිරන්තරයෙන්ම අවහිර කිරීම යන්න ප්‍රමුඛ කොටගෙන ක්‍රියාත්මක වන් ෆයර්වෝලයන් නිෂ්පාදිත මට්ටමේදීද පවතින්නේ අවහිර කිරීම මූලික කරගෙනයි. නිසි ආකරයෙන් වින්‍යාශගත කරගත් පසුව අපට ඕනේ කරන දත්ත වලට පිවිසීම ලබාදීමටත් අනවශ්‍ය දත්ත අවහිර කිරීමටත් මේ මගින් හැකියාව පවතිනවා. rule bases එහෙම නැතිනම් අණකිරීම් වලට අනුගත වන ෆයර්වෝලයක් ඊට උගන්වනා ආකාරයට ක්‍රියාත්මක වෙනවා.


දැනට භාවිතාවේ පවතින ෆයර්වෝල් ආකාරයන් කීපයක් දැකගන්න පුලුවන්.
  1. Application-level proxy
  2. Transparent proxy
  3. Packet filter
  4. Stateful packet filtering
  5. SOCKS
  6. Network address translation
මේ එකිනෙක සරළව හදුනා ගනිමු. 

1). Application-Level Proxy Firewall
මේ ආකාරයේ වන ෆයර්වෝලයක් හරහා පරිගණක ජාලය පරිහරණයි කරන හා ජාලයෙන් පිට සිට ජාලය වෙත ඒමට උත්සාහා කරන්නවූ සියලුම  traffic (උදාහරණ HTTP, හෝ web, traffic), එසේම පරිශීලකයන් වෙසින් ඉල්ලුම් කරන සියලුම requests වල වලංගු භාවය පරීක්ෂා කිරීම සිදු කරනවා. එසේ වලංගු භාවය තහවුරු කිරීමෙන් පසුව ෆයර්වෝලයට ලබාදී ඇති උපදෙස් මත අදාල දත්ත පැකට් පරිගණක ජාලයට ඇතුළත් කරගැනීම හෝ ඇතුළත් වීම අවහිර කිරීම සිදු වෙනවා.

2). Transparent Proxy Firewall
මේ ආකාරයේ ෆයර්වෝලයන් භාවිතා කරන්නේ වීඩියෝ ආකාරයේ streaming ලෙසින් පරිගණක ජාලය වෙත ඇතුලුවීමට උත්සාහා දරන දත්ත පරීක්ෂා කිරීමයි

3). Packet Filter Firewall
යම් දත්ත පැකට්ටුවක් තුළ ඇති තොරතුරු දීර්ඝව පරීක්ෂ කිරීම මේ ආකාරයේ ෆයර්වෝලයන් මගින් සිදු කරනවා. බොහොමයක් අධි ආරක්ෂිත පරිගණක ජාල වලදී මෙ ආකාරයේ ෆයර්වෝලයන් දැකගන්න පුලුවන් වෙනවා.

4). Stateful Packet Filtering Firewall
මෙහිදී පරිගණකය භාවිතා කරන්නා හා අන්තර්ජාලය අතර දත්ත හුවමාරුව සිදුවන අතර හුවමාරුවන දත්ත එසේ නොමැතිනම් inbound packets සියල්ල පැකට් වශයෙන් ගෙන එකිනෙක පරීක්ෂ කිරීම සිදුවෙනවා. මෙයත්  Packet Filter Firewall එකකට සමානයි.

5). Network Address Translation Firewall
මේ ආකරයේ ෆයර්වෝලයන් මගින් පරිගණක පරිශීලකයාගේ පරිශීලක ලිපිනය (IP) වෙනත් ලිපිනයකට පරිවර්ථනය කර ඒ හරහා අන්තරජාල පහසුකම් හෝ දත්ත සම්ප්‍රේශණ පහසුකම් සලසා දෙනවා. එහිදි පරිශීලක (IP) ලිපිනය අන්තරජාල සැපයුම් සකසන් විශේෂ වූ Helix Universal Server වෙත යොමු කිරීමට ප්‍රථම මේ වෙනස් කම් සිදු කරනවා. මෙය ෆයර්වෝලයක් ලෙසත් packet filtering firewalls හෝ  stateful packet filtering firewalls වල අමතර සේවාවක් ලෙසින් ක්‍රියාත්මක වන අවස්ථාද දැකගන්න පුලුවන්.

6). SOCKS Firewall
පරිඝනක පද්ධතිය ආශ්‍රිත Winsock.dll ගොනුව හරහා ජාලය ආරක්ෂ කරමින් මෘදුකාංගමය ෆයර්වෝලයක් ලෙසින් මේවා ක්‍රියාත්මක වෙනවා.

ඉතින් මේ ආකාරයෙන් ෆයර්වෝලයන් ආකාර ගණනාවක් දැකගන්න පුලුවන් වෙනවා වගේම අපි පොදුවේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති හරහාත් ෆයර්වෝලයන් ලබාදීමක් සිදුවෙනවා. විශේෂයෙන් Windows 8, Windows 7, Vista, සහ  XP වලදී මේ ආකාරයේ නොමිලේ දෙන මෘදුකාංගමය ෆයර්වෝලයන් දැකගන්න පුලුවන්.Mac OS X 10.2 වලත් මේ ආකාරයේ ෆයර්වෝලයක් දැකගන්න පුලුවන්. පොදුවේ ෆයර්වෝලයකින් කරන්න එක් එක් සේවාවන් වෙනුවෙන් සපයා ඇති පෝට් (Ports) වසා දැමීම හෝ අවශ්‍යතාවය අනුව විවෘත කිරීමයි. නිෂ්පාදන මට්ටමේදී සියලුම පෝට් වසා දැමීමක් සිදුවෙනවා. මිලදීගත් පසුව තමන්ට, තම ආයතනය අනුරූපව එහි වෙනස්කම් කරගැනීමට හැකියාව පවතිනවා.


එමෙන්ම තෙවන පාර්ශවීය ෆයර්වෝල් ආකාරයන් ගනනාවක් අදවනවිට දැකගන්න පුලුවන්. ඒවා අතර Zone Alarm, Norton Personal Firewall, Tiny, Black Ice Protection, වගේම  McAfee Personal Firewall දැකගන්න පුලුවන්. මේවායේ නොමිලේ ලබාදෙන සංස්කරණ මෙන්ම වැඩි පහසුකම් වලින් යුත් මිලදී ගත යුතු සංස්කරණයන් පවතිනවා.

එමෙන්ම නිවෙස් වල හා කුඩා කාර්යාල වල භාවිතා කරන broadband routers වලත් සාමාන්‍ය ආකාරයේ ෆයර්වෝල් පහසුකමක් ඇතුලත් කර තිබෙනවා.

ක්‍රියාත්මක මට්ටමේ ෆයර්වෝලයක් බිදවැටීම සිදුවන්නේ කලාතුරකිනි. එහිද භාවිතා කළ හැකි මෙහෙයුම් පද්දතියක් පවතින අතර එය නැවත නැවත ප්‍රතිස්ථාපනය (Restore) කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම එහි වින්‍යාශගත කළ රූල් සියල්ල උපස්ත (Backup) ලෙසින් ලබාගැනීමේ පවතින නිසා බිදවැටීමකදී හෝ අලුත් ෆයර්වෝලයක් ස්ථාපිත කිරීමේදී පැරණි රූල් සියල්ල ඒ ආකාරයෙන්ම අලුත් ෆයර්වෝලයට ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.

ෆයර්වෝලයක් බිද දැමීම එහෙම් නැතිනම් හැක් කිරීම පහසු දෙයක් නොවෙයි. එහි පවතින් ආරක්ෂිත උපක්‍රම සියල්ල පිළිබද හොද අවබෝධයකින් පසු විය යුතු වනවා සේම එහි ක්‍රියාකාරීත්වය පිලිබදවද වනා වැටහීමකින් යුක්ත විය යුතුයි. නමුත් එක් එක් ෆයර්වෝල් නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට එහි සැකසුම් හා භාවිතා කරන උපක්‍රම තාක්ෂණික වශයෙන් වෙනස් වන නිසා ෆයර්වෝලයක් බිද දැමීම තරමක් අපහසු වෙනවා. 


 
 About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday, 7 May 2013

Hacking internet Web Cam

මීට පෙර අවස්ථාවකදීත් මේ සම්බන්ධයෙන් පෝස්ටුවක් ලිවුවා මට මතකයි. අන්තර්ජාලය හරහා අනාරක්ෂිත වෙබ් කැමරා වලට පිවිසීමේ හැකියාව පවතිනවා කියලා එදා මං කිවුවා. ඒ ආකාරයෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා අනාරක්ෂිත වෙබ් කැම් වලට පිවිසීමේ හැකියාව අලුත් මුහුණුවරකින් දැකගන්න පුලුවන්. ඉතින් කලින් පෝස්ටුව කියවපු නැති අයට මෙතනින් ඒක බලන්න පුලුවන් 

එතනදී ගූගල් වෙනුවෙන් එක් සෙවුමක් පමණයි ලබාදීමේ හැකියාව පැවතිනේ. නමුත් හැකින් පිළිබද උනන්දු වන අය මේ ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසු වෙනවා. ඒ සෙවිල්ලේ ප්‍රතිඵලයක් ලෙසින් ගූගල් සෙවුම් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට සොයාගෙන තිබෙනවා 

මේ පහලින් දක්වා තිබෙන ඕනේම වැකියක් කොපි කර ගූගල් වක සෙවුමක් දැමූ විට අපිට ලෝකයේ අනාරක්ෂිත වෙබ් කැමරා දහස් ගණනක තොරතුරු බලාගන්න පුලුවන් වගේම ඒ කැමරා ඔයාලගේ පරිගණකයේ සිට හැරිරවීමේ අවස්ථාවත් ලැබෙනවා. උත්සාහා කරලා බලන්න. 

inurl:/view.shtml
intitle:”Live View / – AXIS” | inurl:view/view.shtml^
inurl:ViewerFrame?Mode=
inurl:ViewerFrame?Mode=Refresh
inurl:axis-cgi/jpg
inurl:axis-cgi/mjpg (motion-JPEG)
inurl:view/indexFrame.shtml
inurl:view/index.shtml
inurl:view/view.shtml
liveapplet
intitle:”live view” intitle:axis
intitle:liveapplet
allintitle:”Network Camera NetworkCamera”
intitle:axis intitle:”video server”
intitle:liveapplet inurl:LvAppl
intitle:”EvoCam” inurl:”webcam.html”
intitle:”Live NetSnap Cam-Server feed”
intitle:”Live View / – AXIS”
intitle:”Live View / – AXIS 206M”
intitle:”Live View / – AXIS 206W”
intitle:”Live View / – AXIS 210?
inurl:indexFrame.shtml Axis
inurl:”MultiCameraFrame?Mode=Motion”
intitle:start inurl:cgistart
intitle:”WJ-NT104 Main Page”
intext:”MOBOTIX M1? intext:”Open Menu”
intext:”MOBOTIX M10? intext:”Open Menu”
intext:”MOBOTIX D10? intext:”Open Menu”
intitle:snc-z20 inurl:home/
intitle:snc-cs3 inurl:home/
intitle:snc-rz30 inurl:home/
intitle:”sony network camera snc-p1?
intitle:”sony network camera snc-m1?
site:.viewnetcam.com -www.viewnetcam.com
intitle:”Toshiba Network Camera” user login
intitle:”netcam live image”
intitle:”i-Catcher Console – Web Monitor”


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday, 6 May 2013

Share a Workbook

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග අතරින් බොහොමයක් දෙනා ප්‍රයෝජනයට ගන්න ඉතාමත් වැදගත් මෘදුකාංගයක් වන්නේ Excel. ගිණුම් කටයුතු වලින් ඔබ්බට ඉතාමත් සංකිරණ ගණිත ගැටලු විසදා ගැනීමට ඉතාපත් වැදගත් මෘදුකාංගයක් ලෙසින් මෙය සලකන්න පුලුවන්. එක්සෙල් මගින් එක් පරිගණකය වැඩ කරමින් සිටින අවස්ථාවක එම එක්සෙල් වැඩපතම වෙනත් පරිගණකය විවෘත කරගෙන වැඩ කිරීමේ හැකියාව එහෙම නැතිනම් බෙදා ගෙන් වැඩ කිරීමේ හැකියාව පවතිනවා.  මෙය පොදුවේ වර්ක්බුක් ශෙයාරින් ලෙසින් හදුන්වනු ලබනවා.
මේ ආකාරයෙන් වැඩපොතක් බෙදා ගැනීමට නම් ඒ වැඩ පොත එක් පරිගණකයක සුරක්ෂිත කර ශේයා කල යුතුයි මුලින්ම බලමු අපි කොහොමද එක පරිගණකයක වැඩ පොතක් ශේයා කරගන්නා ආකාරය. 
අපිට ශෙයා කරගන්න ඕනේ කරන වැඩපත විවෘත කරගන්න. ඊලගට “Review” වලට යන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Share Workbook වලට යන්න 

එතනදී පහල රූපයේ ආකාරයෙන් Share Workbook  සංවාද කොටුව විවෘත වෙනවා. 



අපිට ඕනේ කරන්නේ වෙනත් අයටත් අපේ වැඩ පත එකවරම් බාවිතා කිරීමට ලබාදීමටයි ඒ නිසා Share Workbook වලදී පහත රූපයේ ආකාරයෙන් සැකසුම්  සකසන්න. 








ඉන්පසුව තවත් වැඩිදුර සැකසුම් සකස් කර ගැනීම සදහා Advanced වලට යන්න. 


















ඉන්පසුව  “OK” බටනය ඔබන්න. ඉන්පසුව මේ වැඩපත සහිත ෆෝල්ඩරයට ෆුල් ඇක්සෙක් ලබාදී අනෙත් පරිගණක වල ශෙයා පාත් එකක් ලෙසින් ලබාදෙන්න. ඉන්පසු ඕනේම පරිගණකයකින් මේ ගොනුව පරිශීලනය කර හැකි අතර ඉන් අනතුරුව සුරක්ශිත (Save) කිරීමේදී ප්‍රධාන ගොනුව යාවත්කාල වීම සිදුවේ. පරිගණක 100 කින් දත්ත එක් කලත් අවසානයේ එක් ගොනුවක සියල්ලම සුරක්ශිත වේ. එක්සෙල් පැරණි සංස්කර්ණ වලදී නම් tool මෙනු වල Share Workbook උප මෙනුවෙන් මේ කාර්යයම කරගන්න පුලුවන්.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday, 24 April 2013

Web Browser As Text Editor

වෙබ් බ්‍රව්සරයක් බාවිතා කරලා ටෙස්ට් එකක් ටයිප් කරගන්න එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසරයක් MS ඔෆිස් වර්ඩ් ඩොකියුමන්ට් එකක් විදියට බාවිතා කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද? හදිසියකදී වර්ඩ් නැති පරිගණකයක තිබෙන ඕනේම වෙබ් බ්‍රවුසරයක් බාවිතා කරලා මේක කරගන්න පුලුවන්,

මුලින්ම වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගන්න. ඊලගට පහල කේතය එහි ඇඩ්‍රස් බාර් එකේ සටහන් කරන්න
data:text/html, <html contenteditable>

ඊලගට යතුරු පුවරුවේ එන්ටර් කී එක ඔබන්න දැන් බලන්න පහල රූපයේ ආකාරයෙන් අකුරු ටයිප් කරන්න පුලුවන් ආකාරයෙන් වෙබ් බ්‍රවුසරය හැඩගැස්සෙන හැටි

හදිස්සිකදී මේකත් හොදටම ඇති. ඔයාලත් උත්සාහා කරලා බලන්න


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers