සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 May 2013

Share a Workbook

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග අතරින් බොහොමයක් දෙනා ප්‍රයෝජනයට ගන්න ඉතාමත් වැදගත් මෘදුකාංගයක් වන්නේ Excel. ගිණුම් කටයුතු වලින් ඔබ්බට ඉතාමත් සංකිරණ ගණිත ගැටලු විසදා ගැනීමට ඉතාපත් වැදගත් මෘදුකාංගයක් ලෙසින් මෙය සලකන්න පුලුවන්. එක්සෙල් මගින් එක් පරිගණකය වැඩ කරමින් සිටින අවස්ථාවක එම එක්සෙල් වැඩපතම වෙනත් පරිගණකය විවෘත කරගෙන වැඩ කිරීමේ හැකියාව එහෙම නැතිනම් බෙදා ගෙන් වැඩ කිරීමේ හැකියාව පවතිනවා.  මෙය පොදුවේ වර්ක්බුක් ශෙයාරින් ලෙසින් හදුන්වනු ලබනවා.
මේ ආකාරයෙන් වැඩපොතක් බෙදා ගැනීමට නම් ඒ වැඩ පොත එක් පරිගණකයක සුරක්ෂිත කර ශේයා කල යුතුයි මුලින්ම බලමු අපි කොහොමද එක පරිගණකයක වැඩ පොතක් ශේයා කරගන්නා ආකාරය. 
අපිට ශෙයා කරගන්න ඕනේ කරන වැඩපත විවෘත කරගන්න. ඊලගට “Review” වලට යන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Share Workbook වලට යන්න 

එතනදී පහල රූපයේ ආකාරයෙන් Share Workbook  සංවාද කොටුව විවෘත වෙනවා. 



අපිට ඕනේ කරන්නේ වෙනත් අයටත් අපේ වැඩ පත එකවරම් බාවිතා කිරීමට ලබාදීමටයි ඒ නිසා Share Workbook වලදී පහත රූපයේ ආකාරයෙන් සැකසුම්  සකසන්න. 








ඉන්පසුව තවත් වැඩිදුර සැකසුම් සකස් කර ගැනීම සදහා Advanced වලට යන්න. 


















ඉන්පසුව  “OK” බටනය ඔබන්න. ඉන්පසුව මේ වැඩපත සහිත ෆෝල්ඩරයට ෆුල් ඇක්සෙක් ලබාදී අනෙත් පරිගණක වල ශෙයා පාත් එකක් ලෙසින් ලබාදෙන්න. ඉන්පසු ඕනේම පරිගණකයකින් මේ ගොනුව පරිශීලනය කර හැකි අතර ඉන් අනතුරුව සුරක්ශිත (Save) කිරීමේදී ප්‍රධාන ගොනුව යාවත්කාල වීම සිදුවේ. පරිගණක 100 කින් දත්ත එක් කලත් අවසානයේ එක් ගොනුවක සියල්ලම සුරක්ශිත වේ. එක්සෙල් පැරණි සංස්කර්ණ වලදී නම් tool මෙනු වල Share Workbook උප මෙනුවෙන් මේ කාර්යයම කරගන්න පුලුවන්.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers