සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 23 August 2018

16-Year-Old Teen Hacked Apple Servers, Stole 90GB of Secure Files

Apple යැයි කිවූ සැනින් අපට සිහියට එන්නේ මිළ අධික තාක්ෂණික උපාංගයි. ලෝකයේ බොහෝ දෙනෙක් මිළ අධික වුවත් මෙම Apple උපාංග සිය එදිනෙදා ජීවිතයේ කටයුතු වෙනුවෙන් භාවිතා කරන්නේ ඒවායේ ඇති විශිෂ්ඨ ක්‍රියාකාරීත්වය හේතුවෙනුයි. Apple උපාංග ඉතාමත් ආරක්ෂිත උපාංග ලෙසින් සැලකූ කාලයක් ගෙවුණ වසර කීපය තුළ පැවති අතර Apple ඉලක්ක කොට සයිබර් ප්‍රහාරයන් එල්ල වීම හා එහි දුර්වලතාවන් පවතින බවට ක්‍රමයෙන් හෙළිවීමෙන් අනතුරුව Apple කෙරෙහි තැබූ විශ්වාසය බිදෙන් බිද ගිලිහී යන බවක් පෙනී ගියා.
ගෙවුණ සතියේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ආශ්‍රිතව ජීවත් වන වයස අවුරුදු 16ක පාසැල් ශිෂ්‍යයෙක් අධි ආරක්ෂිත Apple සර්වර් පරිගණක වලට රිංගා දත්ත විශාල ප්‍රමාණයක් සොරා ගනු ලබනවා.
එහිදී 90GB පමණ දත්ත ප්‍රමාණයක් සොරාගෙන තිබෙන අතර මෙම දත්ත අතර Apple කේත සටහන් පවා පවතින බවයි පැවසෙන්නේ.
මෙම සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව Apple සමාගම විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර අදාළ සැකකරුගේ පරිගණකය භාවිතා කළ IP ලිපිනයන් හරහා සිදු කළ විමර්ශන වලදී සැකකරු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් බවට හදුනාගෙන තිබෙන අතර ඒ අනුව ඉදිරි පරීක්ෂණ Australian Federal Police (AFP)වෙත පැවරූ අතර ඒ අනුව අදාළ සැකකරු අත් අඩංගුවට ගනු ලැබුවා,
ලෝකයේ සිටින අධි තාක්ෂණික ප්‍රමුඛයා වන්නේ Apple සමාගමයි. එය හැක් කර දත්ත ලබාගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිනම් ක්‍රියාමාර්ගයක් ගනීද යන්න පිළිබදව සැක සහිත අතර මෙම හැකිං ප්‍රහාරය සාර්ථක වීමට Apple සමාගමේ සර්වර් පරිගණක වල පැවති දෝෂ මොනවාද යන්න පිළිබදව ඉදිරියේදී හෙළි කළ යුතු උවත් එසේ නොවනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers