සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 31 December 2018

පිටරට දුරකථන අංකවලින් මිස්කෝල් එනවද ? Don't return a missed call you don't recognize

මේ දින වල බොහෝ දෙනෙක් මුහුණ දී තිබෙන ගැටළුවක් තමයි නාදුනන පිටරට අංක වලින් පැමිණෙන missed call. මෙය කියවන ඔබටත්  මැඩගස්කර්, වනුවාටු,බුරුන්ඩි, මලයාවි, නයිජීරියා වැනි රටවල් වලින් missed call ලැබීලා ඇති.
මෙම missed call බොහෝ විට පැමිණෙන්නේ අප්‍රිකා රටවල් වලින්.  මෙය පැහැදිලිවම වංචනික ක්‍රියාවක් වන අතර මෙම missed call වලට කිසිදු අවස්ථාවක නැවත දුරකථන ඇමතුම් ගැනීමෙන් වලකින්න.
මෙම වංචනික ක්‍රමවේදය මුලින්ම ආරම්භ වන්නේ 2000 වසරේදී ජපානයෙන් වන අතර ගෙවුණ සති කීපයේදී මෙය අප්‍රිකා රටවල් හරහා අධික වේගයෙන් වර්ධනය වුණා. 
මුලින්ම මෙම ක්‍රියාවලිය හැදින්වූයේ Wangiri ලෙසිනුයි. එහි තේරුම  One ring and cut යන්නයි. මෙය සිදු කරන්නේ කෙසේද.
මෙම ක්‍රියාවලිය සිදු කිරීමට සූදානම් වන පුද්ගලයන් අදාළ රටවල් වල දුරකථන සමාගම් වලින්  Premium Rate Number එකක් ලබාගන්නවා. පසුව එම අංකය භාවිතයෙන් කූට උපක්‍රම වලින් එකතු කරගත් අංක වලට missed call ලබාදෙනවා.  මේ scam එකට අදාල දුරකතන අංක ලබා ගැනීම පිළිබඳ විවිධ මත පවතිනවා. Dent, Treucaller වැනි app වලින් number database ලබා ගැනීම, මොබිටෙල් ආයතනයේ number database එක හැක් කර දුරකතන අංක ලබා ගැනීම වගේ විවිධ මත පවතිනවා. නමුත් මෙම සිදුවීමේදි බොහෝ දුරට මෙම වංචාකරුවන් random number generator එකක් භාවිතා කළ දුරකතන ඇමතුම් ලබාගත්තා විය යුතුයි.
මෙසේ ලබාදෙන missed call එකක් ලැබෙන්නේ පිටරට අංකයකින් නිසා බොහෝ දෙනෙක් එය වටිනා ඇමතුමකැයි සිතා නැවත එම අංකයට කෝල් කිරීමක් සිදු කරනවා. එයින් සිදු වන්නේ කුමක්ද?
එය තේරුම් ගැනීමට පෙර Premium Rate Number එකක් කියන්නෙ කුමක්දැයි දැන ගත යුතුයි. Premium Rate Number එකක් ලබාදෙන්නේ විශේෂයෙන් ඇමතුම ලබාගන්නාගෙන් මුදල් ලබාගැනීමටයි. අදාළ සේවා සපයන සමාගම විසින් එම කෝල් එක සදහා විශාල මුදලක් ඇමතුම ලබාගන්නාගෙන් අයකර ගනී. පසුව එයින් කොටසක් Premium Rate Number එකක් මිලදීගත් පුද්ගලයාට ලබාදේ.
දැන් ඔබ මෙම අංක වලට නැවත කෝල් කලේ නම් අදාළ මුදල් ඔබගෙන් මේ වන විටත් කැපී අවසන්, එය කැපෙන්නේ අදාළ කෝල් එක ලබාගැනීමට නිසා ඔබට මෙම වංචාවෙන් අහිමිවන මුදල් නැවත ලබාගත නොහැකියි.
ලෝකයේ බොහෝ රටවල් වලින් මෙම ක්‍රියාවලිය අක්‍රීය කර තිබුණත් අප්‍රිකාව වැනි දුප්පත් රටවල් වල මෙම Premium Rate Number ලබාදීමේ ක්‍රියාවලිය සිදුවෙනවා.
මෙම වංචාවෙන් බේරීමට නම් ඔබ,

1. ලැබෙන missed call වලට නැවත ඇමතුම් ගන්න එපා.
2. අංකය ලැබුණ රට තහවුරු කර ගැනීමට ගූගල් සෙවුමක් භාවිතා කිරීම
3.True Caller වැනි ඇප් එකක් භාවිතා කර අදාළ අංක වල නිරවද්‍යතාව සොයා ගැනීම
4. ඇමතුම් අවහිර කරන ඇප් එකක් මගින් මෙවැනි කරදරකාරී අංක අවහිර කිරීම
5. එසේම පහසුවෙන් මුදල් ලබාගත හැකි බව පවසමින් තිබෙන විවිධ ඇප් ඔබගේ ජංගම උපාංගයට ස්ථාපිත කරගැනීමෙන් වැලකීම සහ එවැනි ඇප් වලට දුරකථනයේ සියළු අවසරයන් ලබා නොදීම වැනි දේ  සිදුකළ යුතුයි.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers